මේ කඩදහිත් හරි අරුම පුදුම දෙයක්. පුවත්පත්, ලිපි, පෙම්හසුන්… මේ ඔක්කොම කඩදහි… හැමදාම ඕනෙ වෙන කඩදහි… මහ වැස්සේ ඔරුවක් වී පාවෙන කඩදහියක්… ගැහෙන සීතලේ ගිනිගෙන දැවෙන කඩදහියක්… අහසේ පාවෙන සරුංගලයේ ඇලවුනු කඩදහියක්… මුලු ලොවම යුද වැදුනු කඩදහියක්… රාජකාරි ලිපි ලියන්නෙත් කඩදහියක… රට රටවල කොඩි හදන්නෙත් කඩදහි…

මේ කඩදහිත් හරි අරුම පුදුම දෙයක්.
පුවත්පත්, ලිපි, පෙම්හසුන්…
මේ ඔක්කොම කඩදහි…
හැමදාම ඕනෙ වෙන කඩදහි…
මහ වැස්සේ ඔරුවක් වී පාවෙන කඩදහියක්…
ගැහෙන සීතලේ ගිනිගෙන දැවෙන කඩදහියක්…
අහසේ පාවෙන සරුංගලයේ ඇලවුනු කඩදහියක්…
මුලු ලොවම යුද වැදුනු කඩදහියක්…
රාජකාරි ලිපි ලියන්නෙත් කඩදහියක…
රට රටවල කොඩි හදන්නෙත් කඩදහි වලින්…
සම්බන්දකම් වල සාක්ශියත් කඩදහියක්…
මගුල තීන්දු වෙන්නෙත් කඩදහියකින්…
දික්කසාද වෙන්නෙත් කඩදහියකින්…
බැඳෙන්නෙත් වෙන් වෙන්නෙත් කඩදහියකින්…
තමන්ට අයිති භූමිය වෙන කෙනෙක් උදුරගත්තෙත් කඩදහියකින්…
ඇස් වල මතුවන කඳුලු පිහලන්නෙත් කඩදහියක්…
හැම තැනම හැමෝටම ඕනෙ වෙන කඩදහි…
හරියට ගෙදර මනුස්සය වගේ කඩදහිය…
එහි කිසිවක් නැතත්, හැම දෙයක්ම එහි අන්තර්ගත වෙනවා.
ඒකම තමයි මේ කඩදහියෙ තියෙන විශේශත්වෙ.

ඒ වගේම,
ජිවිතය මරනය තීරනය කරන්නෙත් ඒ කඩදහියම තමයි.

මේත් ඒ විදිහට කඩදහියකින් මැරුනු මිනිහෙක් ගැන හැදුනු සත්‍ය කතාවක්.

රාවන මරන එක රාම දෙවියන්ට ලේසි වුනා. එයාට ඔලු 10ක් තිබුනා. ඒත්ඒ ඔක්කොම පේන්න තිබුනා. ඒත් අපේ රටේ සිස්ටම් එකේ රාවනට ඔලු කීයක්, ඇස් කන් නාස් කීයක් තියෙනවද කියල දන්නෙ නෑ. එයින් එක කටක් ඇරෙනකොට දුප්පතෙකුට කෙල වෙනවා. කොහොමද මේ සිස්ටම් එකත් එක්ක සටන් කරන්නෙ?

එක දුප්පත් මනුස්සයෙක් මෙ සිස්ටම් එකත් එක්ක සටන් කරනවා. ඔහු මැරිලයි කියල සහතික කරල ඔහුගෙම නැන්දා ඔහුගෙ ඉඩම ඇයගෙ දරුවන්ට ලියල දෙනවා. ඒ වෙනුවෙන් සටන් කරන්න යන ඔහුට තමන්ට කියල තිබුනු හැම දෙයක්ම නැති වෙනවා. ඔහුගෙ බිරිද දරුවොත් එක්ක ගමට යන්න යනවා. කර කර හිටපු රස්සාව නැති වෙනවා. මැරිච්චි මනුස්සයෙකුට කවුද සුබ වැඩක් පවරන්නෙ? ඒත් ඔහු සටන අතාරින්නෙ නෑ. ළමයෙක්ව පැහැර ගන්නවා. පාර්ලිමේන්තුවට පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි ඡන්දෙත් ඉල්ලනවා. අවුරුදු ගානක් තිස්සෙ ඇදී යන ඒ සටන ගැන තමයි මේ කතාව පුරාවට තියෙන්නෙ.

ජනවාරි 7 වෙනිදා සී5 නාලිකාව ඔස්සේ විකාශයි කෙරුනු චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Tere Naam, Kyon Ki, Hum Aapke Dil Mein Rehte Hain, Hamara Dil Aapke Paas Hai, Mujhe Kucch Kehna Hai චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Satish Kaushik. නිශ්පාදනය Salman Khan Films.

ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,400 downloadsDownload කාගස්-2021.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

5,400 downloadsDownload Subtitles56 KB

29 comments

  1. gihan perera

    ස්තුතියි සහෝදරී... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා....

  2. මයුර

    නියමයි අක්කේ. කාලෙකින් හින්දි එකක්. ජයවේවා

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. DD

    Thanks ️
    Serious Men (2020) එකටත් සබ් දෙන්න ප්ලීස්..

  5. wadiya

    thanks.

  6. sohitha

    thanks...thanks....

    the flight attendant... one......Eka niyamai...

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට දහරා

  8. Anonymous

    The white tiger ( 2021) මේකටත් සබ් ඕනේ

  9. yohan

    jayawewa! meka bagena thibunath sub nethuwa beluwe ne. thanks mekata sub dunnata. the white tiger mekatath one

  10. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  12. Jude

    Tribhanga
    Tandav
    Bang baang
    මේ හින්දි ෆිලිම් වලත් සින්හල සබ් ඉක්ම්නටම දෙන්නකො පුලුවන්නම්

    1. Anonymous

      වඳින්නම් Bang Baang නම් දෙන්න එපා

    2. Anonymous

      Bang baang sub denna pls

    3. yohan

      ekata denna kauda epa kiyanne

    4. Anonymous

      wadinnam ekatath sub denna

  13. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස් ...

    Yamla Pagla Deewana: Phir Se - 2018 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Shihan

    Thank you

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  17. jagath55

    Thanks

  18. mindika

    Thanks !!!

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Anonymous

    Tandav tv serious eke sub one...

  23. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  24. Dan

    Thank You ...

  25. sahangayantha

    thanks a lot sis sub ekata