Transformers One (2024) Sinhala Subtitles චිත්‍රපටි රසිකයෝ හැමෝවම ආයුබෝවෙන්ඩ කියලා පිළිගන්නවා! මේ අරගෙන ආවේ ඊයේ (22) ඩිජිටල් රිලීස් වුණු Transformers: One චිත්‍රපටියේ සිංහල උපසිරසි. ඉතින් 2017 වසරේ නිකුත් වුණු මයිකල් බේ ගේ Transformers: The Last Knight සහ 2023 වසරේ නිකුත් වුන Transformers: Rise Of…

චිත්‍රපටි රසිකයෝ හැමෝවම ආයුබෝවෙන්ඩ කියලා පිළිගන්නවා! මේ අරගෙන ආවේ ඊයේ (22) ඩිජිටල් රිලීස් වුණු Transformers: One චිත්‍රපටියේ සිංහල උපසිරසි. ඉතින් 2017 වසරේ නිකුත් වුණු මයිකල් බේ ගේ Transformers: The Last Knight සහ 2023 වසරේ නිකුත් වුන Transformers: Rise Of the Beasts ෆිල්ම් දෙකෙන් පස්සේ 2024 වසරෙදී තමයි අලුත් Transformers චිත්‍රපටියක් සිනමාහල්වලට එන්නේ. මයිකල් බේගේ චිත්‍රපටිවලට ස්ටෝරිය හරි නැතිවුණාට CGI සහ ඇක්ෂන් නම් උපරිමයි. මේ චිත්‍රපටියෙන් නම් ඔයාලට සුපිරි ස්ටෝරියකුත්, හොඳ ඇනිමේෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි.
Transformers One (2024) Sinhala Subtitlesඉතින් චිත්‍රපටියට මේ වෙනකොට IMDb දර්ශකයේ 7.8ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 89%ක අගයකුත් ලැබී තිබෙනවා. ඉතින් ෆිල්ම් එක හොඳ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Cooley විසින්. Chris Hemsworth (ඔරායන් පැක්ස්), Brian Tyree Henry (ඩී-16), Scarlett Johansson (එලීටා-1), Keegan-Michael Key (B-127), Jon Hamm (සෙන්ටිනල් ප්‍රයිම්) ආදී බොහොමයක් ප්‍රසිද්ධ නළු නිළියන් හඬකැවීමෙන් දායක වෙනවා. සාමාන්‍යයෙන් ෆිල්ම් එකකට අවධානෙ ගන්න celebrity voice actors ලා පාවිච්චි කරන එකට මං වැඩිය කැමති නැති වුණාට, මේ සෙට් එකේ voice acting නම් ඇත්තටම හොඳ මට්ටමක තියෙන බව කියන්න ඕනේ.
Transformers One (2024) Sinhala Subtitlesඉතින් ස්පොයිල් නොවෙන විදියට කතාව ගැනත් පොඩ්ඩක් කියලා හිටින්නම්කෝ. ට්‍රාන්ස්ෆෝමර්ස් බලපු හැමකෙනෙක්ම දන්න දෙයක් තමයි කතාවේ ප්‍රධානම වීරයා ඔටෝබොට්ලගේ නායකයා වන ඔප්ටිමස් ප්‍රයිම් බවත්, එයාගේ පරම හතුරා ඩිසෙප්ටිකොන්ලගේ නායකයා වන මෙගට්‍රෝන් බවත්. මෙයාලා සයිබට්‍රෝන් කියන විනාශයට පත්වුණු ග්‍රහලෝකයේ ඉඳන් පෘථිවියට ආව පිටසක්වළයින්. මෙයාලට පුළුවන් තමන් කැමති ඕනම වාහනයක් බවට පරිවර්තනය වෙන්න හෙවත් ට්‍රාන්ස්ෆෝම් වෙන්න.
Transformers One (2024) Sinhala Subtitlesකොහොමහරි, දැන් මෙගට්‍රෝන් සහ ඔප්ටිමස් ප්‍රයිම් පරම හතුරෝ වුණාට, ඉස්සර එයාලා ගජ යාළුවෝ. ඉස්සර කියලා අදහස් කරන්නේ සයිබට්‍රෝන් විනාශ වෙන්න කලින්. ඉතින් මේ කතාවෙන් ඔයාලට එයාගේ යාළුකම, කෙමෙන් කෙමෙන් එදිරිවාදීකමක් වෙන හැටි බලාගන්න පුළුවන්. ෆිල්ම් එකේ emotional moments කීපයකුත් තියෙනවා. ඒවගේම අනිත් Transformers ෆිල්ම් වලට සාපේක්ෂව මේකේ තියෙන විශේෂ දෙයක් තමයි මනුස්ස චරිත කවුරුවත් නැති වීම සහ කතාව සම්පූර්ණයෙන්ම සයිබට්‍රෝන්වල සිදුවන කතාවක් වීම.
Transformers One (2024) Sinhala Subtitlesඒවගේම Transformers: One ගැන කතා කරනකොට @TFHypeGuy ව නම් අමතක කරන්න බෑ. මොකද ඇනිමේටඩ් ෆිල්ම් එකක් නිසා මිනිස්සුන්ගේ අවධානයට වැඩිය ලක් වුණේ නැති මේ ෆිල්ම් එක ප්‍රමෝට් කරන්න මිනිහා X හෙවත් Twitter හරහා සෑහෙන්න මහන්සියක් වුණා. ඇත්තටම මගේත් මතය මේක බොක්ස් ඔෆිස් හිට් වෙන්න තිබුණ ෆිල්ම් එකක් bad marketing සහ ඇනිමේටඩ් චිත්‍රපටියක් වීම නිසා වැඩිය ආදායමක් උපයන්න අසමත් වුණා කියන එකයි. Bad marketing එක නම් තනිකර Paramount ලගේ වැරැද්ද. ෆිල්ම් එකට ආව මුල්ම trailers වලින් පෙන්නුවේ film එකේ තියෙන cringe, හිනායන moments ටික මිසක් emotional ස්ටෝරිය නෙමෙයි.
Transformers One (2024) Sinhala Subtitlesඒත්, ෆිල්ම් එක හොඳද නැද්ද කියලා තීරණය කරන එක ඔයාලට භාරයි. සබ් එක ගෙනැල්ලා මං මගේ රාජකාරිය අහවරක් කළා. ෆිල්ම් එක ගැනයි සබ් එක ගැනයි ඔයාලගේ අදහස් පහළින් කොටාගෙන යන්නකෝ. එහෙනම්, පස්සේ දවසක අලුත් උපසිරසියකින් මුණගැහෙමු. පීස් ✌️.
Transformers One, Transformers One (2024) Sinhala Subtitles, Transformers One (2024), Transformers One Sinhala Sub
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
17,964 downloadsDownload Transformers-One-2024-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Transformers One
- #Transformers One (2024)
- #Transformers One (2024) Sinhala Subtitles
- #Transformers One Sinhala Sub
- #You Decide
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Kavindu Nethmina
යුරාන් ධනුක (දනුවා)
පට්ට ඉක්මනටම සබ දුන්නට බොහෝම ස්තූතියි මල්ලි
දිගටම අලුත් ඒවට සබ ගේමු
ජයවේවා!Nimsara
Tnx bro
Agatha all along ekta subtitles dendooNimsara
Agatha all along ekta subtitles dendko
kaveen
thank you.
Roshan
Thnx bro.Great job.Good luck.
Buddhika laKMal
තැන්ක්යූ සනූප මල්ලි සබට...
ඔයාගේ අධ්‍යාපන වැඩකටයුතු සාර්තකම වෙන්න ඕනේ...baiscopelkISHU
Sub ekata THX machn
kavinda gamage
බොහොම ස්තුතියි සහෝ
Bimsara Yashan (ඔලිව)
ගින්දර වගේ සබ් එක ගෙනාවට බොහොම ස්තූතියි සනුප මල්ලි. චිත්‍රපටයේ ප්‍රතිචාර නම් සෑහෙන්න හොඳයි, ඒ නිසාම බලන්න කියලා හැදුවේ. ජයවේවා එහෙනම්!
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Hashan
Thanx for the sub...❤️
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
MSS
Thanks Brother, sub eka hodai
Nuwan Vidarshana Perera
Thanks brother
Imalka Perera
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub Ekata Thanks Bro