The Wild Robot (2024) Sinhala Subtitles ආයුබෝවේවා යාළුවෝ හැමෝටම… ඔන්න එහෙනම් මේ වසරේ දැනට නිකුත් උන විශිෂ්ටම ඇනිමේෂන් ෆිල්ම් එක අරගෙන තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඒ මොකක්ද කියලා ඔයාලා දැනටම දන්නවනේ. කාලෙකින් ඔයාලා සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක් බලලා නැත්තම් The Wild Robot චිත්‍රපටය නිසැකවම ඒ අඩුව පුරවන…

The Wild Robot (2024) Sinhala Subtitles ආයුබෝවේවා යාළුවෝ හැමෝටම… ඔන්න එහෙනම් මේ වසරේ දැනට නිකුත් උන විශිෂ්ටම ඇනිමේෂන් ෆිල්ම් එක අරගෙන තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඒ මොකක්ද කියලා ඔයාලා දැනටම දන්නවනේ. කාලෙකින් ඔයාලා සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක් බලලා නැත්තම් The Wild Robot චිත්‍රපටය නිසැකවම ඒ අඩුව පුරවන බවට අපි සහතික වෙනවා. මේ ෆිල්ම් එක ගැන කියද්දි එහි අධ්‍යක්ෂකතුමාවනම් අමතක කරන්නම බෑ. The Croods, How to Train Your Dragon, The Call of the Wild වගේ සුපිරි නිර්මාණ බිහි කල ක්‍රිස් සැන්ඩර්ස් මහත්මයා තමයි මේ සලරුවේ අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Shrek, Kung-Fu Panda, Boss Baby, Puss in Boots, Trolls වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ දායාද කල DreamWorks ආයතනය විසින් බවත් කියන්න ඕන. The Wild Robot චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නේ 2016දී පීටර් බ්‍රවුන් විසින් එනමින්ම රචනා කල නවකතාවක් පාදක කරගෙනයි. මේ නවකතාවට සම්බන්ධ තවත් ග්‍රන්ථ දෙකක් The Wild Robot Escapes නමින් 2019දී සහ The Wild Robot Protects නමින් 2023දී නිකුත් වෙලා තියෙනවා. The Wild Robot චිත්‍රපටය නිකුත් වී ජනප්‍රියවූ වහාම බොහෝ දෙනෙක් ක්‍රිස් සැන්ඩර්ස්ගෙන් ඇසූ පැනය වූයේ අනිත් නවකතා ත්‍රිත්වය ආභාෂයෙන් තවත් චිත්‍රපට මාලාවක් නිපදවනවාද යන්නයි. පසුගිය 12දා එයට පිළිතුරු සපයමින් මේ චිත්‍රපටයේ තවත් දිගුවක් ගොඩනැගෙන බවට සැන්ඩර්ස් මහතා විසින් සනාත කර තිබෙන බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා. එහෙනම් ඒ සුබ ආරංචියත් එක්ක වැඩි කතා නැතුව අපි මේ චිත්‍රපටයේ තොරතුරු පොඩ්ඩක් බලමු. The Wild Robot (2024) චිත්‍රපටය මේ වෙද්දි 8.4ක දැවැන්ත IMDb අගයක් ලබාගන්නත්, 98% ඉහළ කුණු තක්කාලි අගයක් ලබාගන්නත් එමෙන්ම 96%ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Animation/ Sci-fi/ Survival යන කාණ්ඩයන්ට තමයි මෙම චිත්‍රපටය වර්ගීකරණයට ලක් කරලා තියෙන්නේ. Lupita Nyong’o, Pedro Pascal, Bill Nighy, Mark Hamill, Ving Rhames වැනි සුපිරි නළු කැළක් මෙහි තම හඬ දායකත්වය ලබාදීලා තියෙනවා. ඩොලර් මිලියන 156ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබන්න හැකිවුන මේ චිත්‍රපටය ලොවපුරා බෙදා හරින්නේ යුනිවර්සල් ආයතනය මගිනුයි. පටන්ගැනීමේ ඉඳන්ම ඔයාලට එක පිම්මට ලස්සන චිත්‍රපටයක් රස විඳින්න ඉඩ දෙන්න ඕන නිසා චිත්‍රපටයේ කතාව ගැන නොකිය හිටියනම් හොඳයි කියලා හිතනවා. එහෙනම් ඔයාලා මේ විශිෂ්ට සිනමාපටය නරඹලා අදහස් දක්වලා යන්න කියලා ඉල්ලනවා. The Wild Robot (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB/BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

25,467 downloadsDownload The.Wild_.Robot-2024-update.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles

25,467 downloadsDownload Subtitles74 KB

23 comments

  1. Pavith Wijesooriya

    උපසිරසිය වෙනුවෙන් අයියලා දෙන්නටම ගොඩක් ස්තූතියි! මාත් ගත්තා එහෙනම්...

  2. lakmal

    sub ekta thanks bro

  3. kaveen

    thank you saho.

  4. Anonymous

    ස්තූතියි බිම්සර යෂාන්ටයි යුරාන් දනුකටයි වැඩේට........

  5. Buddhika laKMal

    සබ ගෙනාවට යුරාන් දනුක සහෝටයි බිම්සර යශාන් සහෝටයි තෑන්ක්ස් හොදේ..............

  6. baiscopelkISHU

    sub ekta thx dennatama

  7. Akash Perera

    Please reupload rab ne bana di jodi film subtitile file. It doesn't extract.

  8. Hashan

    Thanx for the sub bro...❤️

  9. Anonymous

    Thank you

  10. Kavindu Nethmina

    Sub ekata thanks bro

  11. Harshana

    Penguin series ekatath sinhala sub one

  12. Viraj

    Thanks

  13. Sahan Gayantha

    thanks a lot sahola sub ekata

  14. Sumindu Maduranga

    බොහොම ස්තූතියි උපසිරැසියට.❤️

  15. Akila Dilhara

    Thanks for Sub...

  16. Tharindu

    Thank you.. jaya wewa

  17. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  18. tharindu prabath

    මේ චැනල් එක හොදයි අප්ඩේට් චැනල් එකට වඩා ඒ නිසා දිගටම මේක තියන යන්නකො

  19. indika 75

    thanks..

  20. Dilshan buddika

    සුපිරි

  21. ශ්‍රිරන්ත

    මල්ලි මම ඔයාගෙ චිත්‍රපට ලිස්ට් එකට ගිහින් නැවත සබ් දෙකතුනක් අරගත්තා..
    ඔයගෙ තේරිම් සහ සබ් සුපිරි .. ඔයගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල පතනව
    ❤️‍❤️‍

  22. tharindu dilshan singgamkutti athukorala

    godak thanks...:)

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.