ඔන්න ඉතින් මේ කොරෝනා කාලේ කරන්න දෙයක් නැති තැන ඔලුවට ආපු අයිඩියා එකක් හින්දා මාත් ඉතින් හිතුවා ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න.සුබ මංගලම් කියලා මමත් දැම්මා උපසිරැසියක්. පටන් ගනිද්දී ලේසි කියලා හිතුවට මාර කට්ටක් තමා කෑවේ. කොහොමහරි ඉතින් ඉවර කරද්දී රටක් රාජ්ජයක් ජය ගත්තා වගේ තමා. Disney ලගේ 1997 ඉඳන් ත…

ඔන්න ඉතින් මේ කොරෝනා කාලේ කරන්න දෙයක් නැති තැන ඔලුවට ආපු අයිඩියා එකක් හින්දා මාත් ඉතින් හිතුවා ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න.සුබ මංගලම් කියලා මමත් දැම්මා උපසිරැසියක්. පටන් ගනිද්දී ලේසි කියලා හිතුවට මාර කට්ටක් තමා කෑවේ. කොහොමහරි ඉතින් ඉවර කරද්දී රටක් රාජ්ජයක් ජය ගත්තා වගේ තමා. Disney ලගේ 1997 ඉඳන් තිරගත වෙච්ච Buddies චිත්‍රපටි පෙලෙන් එකක් තමයි මේ Treasure Buddies කියන්නේ.හැබැයි මේකේ ඉන්න චරිතයි මේ type එකේ කතාවකුයි මුලින්ම release වෙන්නේ 2006 වර්ෂයේ. ඒ තමයි Air Buddies.අපේ ෆිල්ම් එක නම් release වෙන්නේ 2012. මේකෙත් ඉන්නේ අනිත් කතා වල ඉන්න සෙට් එකම තමා. දන්න අය නම් දැනටමත් දන්නවා ඇති. නොදන්නා අය පස්සේ බලමු ඒ කවුද කියලා. ඉතින් අනිත් චිත්‍රපටි වගේම Robert Vince තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. හඬ කවන්නෙත් 2006 ඉඳන් හඬ කවපු සෙට් එකමයි. IMDb rate එක 4.5 වගේ අගයක් ගත්තු මේ ෆිල්ම් එක ඕන කෙනෙක්ට හොඳට රස විඳින්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්..
මේකේ කතාව කියනවා නම් අපි හැමෝම දන්නා ක්ලියෝපැට්රගේ පූසා වන ක්ලියෝකැට්රාට දෙවියන්ගෙන් හම්බෙනවා බලවත් මාලයක්. ඒක ගන්නේ නම් ක්ලියෝපැට්රා තමයි හැබැයි. ඉතින් හොරකම පුරුද්දක් කරගත්තු පූස් වර්ගෙන් එකෙක් වෙච්ච ක්ලියෝකැට්රා යනවා මේ මාලෙ උස්සන්න. හැමදාමත් මිනිස්සුන්ගේ ආරක්ෂකයා වෙච්ච බල්ලෝ ඒ පාරත් ක්ලියෝකැට්රට මාලෙ උස්සන්න දෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි පූසන්ව ක්ලියෝපැට්රා විසින් පිටුවහල් කරනු ලබනවා. ඒ අතීත කතාවනේ. ඔන්න ඔය මාලේ හොයන්න තෝමස් කියන පුරාවිද්‍යාඥයයි එයාගේ සුරතලා වෙච්ච ඩිගර් කියන බලු පැටියයි යනවා. ඒ වුනාට එයාට හම්බෙන්නේ නම් ක්ලියෝකැට්රගේ සොහොනේ යතුරෙන් කොටසක් තමයි. ඊට අවුරුදු ගානකට පස්සේ තව මනුස්සයෙක් ඒ යතුරේ අනිත් බාගෙත් අරන් ඇවිල්ලා කොහොමහරි තෝමස් එක්ක අර මාලෙ හොයන්න යනවා. තෝමස් එක්ක කිව්වට තෝමස්ගේ මුනුබුරයි තව සෙට් එකක් හොරෙනුයි තමා ගමන යන්නේ. ඒ හොරෙන් යන සෙට් එක තමා බඩීලා. ඩිගර් ගේ මුණුබුරු මිනිබිරියෝ. B-dowg, Mud Bud, Buddha, Budderball සහ එයාලගේ සහෝදරී Rosebud. හැම කතාවකම වගේ මේකෙත් ඉන්නවා දුෂ්ඨයෙක්.දුෂ්ඨයෙක් කිව්වට දෙන්නෙක්ම ඉන්නවා.ඉතින් මේකේ අර බලවත් මාලෙ අරන් ලෝකේ පාලනය කරන්න ගේම් ගහන පූසව නවත්තන්න තමා අපේ වීර බලු කුක්කෝ ටික යන්නේ.කතාවම කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නෑනේ. ඉතින් පූසෙක් ලෝකෙ පාලනය කරයිද, නැත්තම් බලු කුක්කෝ දිනයිද කියලා කතාව බලලම දැනගන්නකෝ. ආ ….තව එකක් …බලු කුක්කන්ට ආස අයට නම් කියාපු කතාව..
පලවෙනි උපසිරැසිය හින්දා පොඩ්ඩක් අඩුපාඩු ඇති. ඒවාට සමාවෙන්න ඕනේ. හැබැයි ඕන වයසක එක්කෙනෙක්ට අමාරු නැතුව කතාව තේරුම් ගන්න තමා උපසිරැසිය හැදුවේ. එහෙනම් මේ කාලේ විශේෂයෙන්ම නීරෝගීව ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත සඳහා අදාළ වේ.
1,649 downloadsDownload Treasure-Buddies-2012.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
11 comments
Hashan M. Priyadarshana
උදයංග සම්පත් හතරසිංහ
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මල්ලි..! දිගටම උපසිරැසි දෙන්න.. ජය වේවා..! ✌️✌️✌️
Anonymous
Thanks bro
Ishara
Knight rider පරන tv series එකට සබ් දෙන්න බැයිද පුළුවන්නම් thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Ishara
දිගටම සබ් කරගෙන යන්න සුබ පැතුම් මල්ලි
එල්.සී. දමැල්
පළවෙනි උත්සහයට උණුසුම් සුභ පැතුම් මල්ලි.
සාදරයෙන් පිළිගන්නවා අඩවියට.
පළවෙනි උපසිරස සඳහා තෝරගෙන තියෙන නිර්මාණයත් අපූරුයි.
එහෙමනම් ඉස්සරහටත් හොඳ උපසිරස නිර්මාණ අරගෙන එමු නේද?
ජය! ✌Kushan Charuka
ගීත් මල්ලිගෙ පළවෙනි උපසිරැසියට සුබ පනනවා. දිගටම වැඩේ කරං යන්න මල්ලි ජය වේවා. ස්තූතියි සබ් ඒකට..
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සුබ පතනවා පලවෙනි සබ් එකට :) :) දිගටම කරන් යන්න..
ජය වේවා.!