Watch Trailer

Tumhari Sulu (2017) with Sinhala Subtitles | රෑ මැදියමේ රාගය අවුස්සන ආදරණීය රේඩියෝ නෝනා [සිංහල උපසිරැසි සමග]

අතපය හතර දිග ඇරගන්න විතරක් ඉඩ තිබ්බ බෝඩිම් කාමරේ හැමදාම වගේ මට දැනුනේ මාරම පාළුවක්. මුම්බායි කියන්නේ කලබල ටවුමක් උනාට කොනකට වෙන්න තිබුණු මුඩුක්කුවේ තට්ටු ගේක හරි හතරැස් කාමරේ හිටපු මට නම් දැනුනේ මහ මූසලකමක්. වෙනදට පාළුව මකාගන්න කතා කරන කෑල්ලත් තාවකාලිකව බ්‍රේකප් වෙලා. කතා කරන්නත් තිබ්බා ඉතින්, ඒත්…

අතපය හතර දිග ඇරගන්න විතරක් ඉඩ තිබ්බ බෝඩිම් කාමරේ හැමදාම වගේ මට දැනුනේ මාරම පාළුවක්. මුම්බායි කියන්නේ කලබල ටවුමක් උනාට කොනකට වෙන්න තිබුණු මුඩුක්කුවේ තට්ටු ගේක හරි හතරැස් කාමරේ හිටපු මට නම් දැනුනේ මහ මූසලකමක්. වෙනදට පාළුව මකාගන්න කතා කරන කෑල්ලත් තාවකාලිකව බ්‍රේකප් වෙලා. කතා කරන්නත් තිබ්බා ඉතින්, ඒත් මේ වෙලේ එයාට සෙකන්ඩ් වෙලා දෝස්මුරයක් අහගන්නවත් ඇඟට ෆිට් එකක් නෑ. ඔහේ ඇඳේ පෙරලි පෙරලි ඉද්දි මගේ ඇහැට අහුවුණේ කෙළවරේ තිබ්බ රේඩියෝව. ඒරියල් කූර හරිගස්සලා මම මීටර් කරකවන්න ගත්තේ මේකෙත් අහන්න මුකුත් තියෙයිදෝ හිත හිත. ඔන්න මොකක්දෝ එක මීටරයක් අහුවුණා. පසුබිමින් රොමෑන්ටික් තනුවක් වාදනය වෙන ගමන් රේඩියෝ එකේ කොල්ලා කවුදෝ එවපු මැසේජ් එකක් කියෝනවා. මැසේජ් එකක් කිව්වට ඒක විලාපයක්. ඒ විලාපෙත් එක්කම රේඩියෝ එකේ හාදයත් අඬනවද කොහේදෝ, ඒත් එක්කම ශෝකජනක සිංදුවක් ප්ලේ වෙන්න ගත්තා. අම්මපා, තවත් මේක ඇහුවොත් මටත් දිවි නහගන්න හිතෙයි. අදාළ සියලු පාර්ශවයන්ට ස්තුතී කරන ගමන් මම තව මීටරයක් අල්ලන්න තැටමුවා. “මුක්කාලා… මුකාපලා.. ලයිලා…” බෑ බෑ මේ වෙලේ නම් මේවත් හරියන් නෑ. මම තවත් මීටරයක් අල්ලන්න හදන ගමන්. වෙලාව 9යි.

“හෙලෝව්…” (අම්මෝ ඒක!) රේඩියෝ එකෙන් ගෑනු කෙනෙක් කතා කරනවා. කතා කරනවා කියන්නේ නිකම් කතා කිරිල්ලක් නෙමේ. මම අහපු රාගිකම වොයිස් එක ඒක. කොච්චර රාගිකද කියනවා නම් මගේ ඇඟේ හිරිගඩු පිපුනා. තව මෙතන ලියන්න බැරි දේවලුත් උනා. ” ඔයාගේ රාත්‍රිය අවදි කරන්න, ඔයාගේ හීන හැබෑ කරන්න ඔන්න මම ආවා… මම, ඔයාගේ.. සුලූ..” රේඩියෝ අක්කා කියාගෙන යනවා. ” එන්න, හදවතේ බොත්තම් වලින් ඇමතුමක් අරන්, මට කතා කරන්න… කරනවා නේද..ආ…??” ඊට පස්සේ කෝල් පෝලිමයි. ඔක්කොම කෝල් ගන්නෙත් පිරිමි පාර්ශවේ. අහන ප්‍රශ්නත් අම්මපා. මේකි දෙන උත්තරත් ඊට දෙවනි නෑ. අම්මපා කෑල්ල හිටියා නම් පොලේ ගහනවා රේඩියෝ එක. ඒවයින් දැන් වැඩක් නෑ. මම ක්ෂණික තීරණයකට ආවා, ලයිට් ඕෆ් කරන්න සහ දැන්මම නිදා නොගන්න. (ඉවරයි)

ඒ තමා ඉන්දියාවේ සුවහසක් පිරිමි ජනයා උමතුවට පත් කරපු රේඩියෝ වැඩසටහන සහ රේඩියෝ කටහඬ. සුලූ නැත්තම් සුලෝචනා අක්කා. රෑ 9 උනාම තනිකඩ තරුණ පිරිමි ළමයි වේවා, ඉස්කෝලේ යන පොඩි ගැටයෝ වේවා, කොටින්ම කිව්වොත් බැඳපු මිනිස්සු, හෙට වලකජ්ජ ගහන්න ඉන්න ඈයෝ පවා ගෙදර ඇත්තන්ට හොරෙන් ලොකු ගේමක් ගහලා රේඩියෝව අරන් පැත්තකට වෙන්නේ සුලූගේ රජ කතන්දර අහන්නමයි. කොල්ලන් තමන් සමඟ මල් කඩන කාලය අඩු වීමත්, සැමියා ගෙදර ආ විගස මුල්ලක් අල්ලන් රේඩියෝ එක කනේ ගසා ගැනීම හේතු කොටගෙන කාන්තා පාර්ශවය අතර නම් මේ අපේ සුලූ, පොදු හැතිරියක් වුණා. මේ අපේ සුලූ ගැන අපි දන්නා ටික. හැබැයි අපි නොදන්නා ටික තමා වැඩියෙන්ම රස, වැඩියෙන්ම ආදරණීය.

2017දී බොලිවුඩ්පුරය කාන්තාරයකට සම කරන්න පුලුවන් නම් ඒ කාන්තාරෙට වැටුණු එක දිය බිඳුවක් විදිහට Tumhari Sulu හඳුන්වන්න පුළුවන්. බහුතරයක් චිත්‍රපටි වලට තමන්ගේ වියදමවත් කවර් කරගන්න බැරුව ලත වෙනකොට අපේ සුලූ නැවතුනේ කෝටි 32ත් පහු කරලා Hit ලේබල් එකත් තමන්ගේ කරේ එල්ලගෙන. ඒකත් එක්කම විද්‍යා බාලන් අරන් ආපු එකපිට එක Flop රෙකෝඩ් එක කැඩිලා බිඳිලා යනවා. ප්‍රේක්ෂක විතරක් නෙමේ විචාරක ප්‍රසාදයත් නොඅඩුව ලබපු සුලූ IMDb අගය 7ක් ලෙසට සටහන් කරගෙන ඉන්නවා. පහුගිය ෆිල්ම්ෆෙයා උළලේ හොඳම නිළියට හිමි සම්මානය විද්‍යා බාලන් හරිම පහසුවෙන් හිමිකරගත්තේ සුලූ වෙනුවෙන් දක්වපු අසමසම රංගන හැකියාව හින්දමයි. ඒත් එක්කම හොඳම සහය නළුවා, හොඳම කතාව ඇතුළු සම්මාන කිහිපයකටම “ඔයාගේ සුලූ” නිර්දේශ උනා. ඔක්කොම එක්ක බලද්දී Tumhari Sulu කියන්නේ 2017 ආපු සාර්ථකම චිත්‍රපටි අතලොස්සෙන් එකක්. එහෙනම් යන්න කලින් කියන්නම්, මේක 18+ එකක් නෙමේ. හරිම ආදරණීය, හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම චිත්‍රපටියක්. ඒ හින්දා අනිවාර්යෙන් රස විඳින්න. කවුරුහරි මගෙන් ඇහුවොත් 2017 බලපු හොඳම බොලිවුඩ් සිනමාපටය මොකක්ද කියලා, මගේ කටින් Tumhari Sulu කියලා පිටවෙන්නත් පුළුවන්. ගිහින් එන්නම්. ජය !!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

10,243 downloadsDownload Tumhari-Sulu-2017.zip107 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,243 downloadsDownload Subtitles107 KB

70 comments

  1. Subhash13

    1 st

  2. Unimesh

    එලම එල

  3. කෞශල්‍ය දුෂ්‍යාන්

    හෆ්ෆට....ලිපිය කියෙව්වාම නොබලා කෝමද?? සබට බොහොම තුති මයුර අයියේ...සදා ජය.තව එකකින් ඉක්මනට හම්බෙමු.

  4. mitunsriyantha

    Thank

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Gknipun

    ෆට්ට පෝස්ට් එක බ්‍රෝ

  7. Hpcm1991

    thank you .

  8. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
    ජයෙන් ජය.

  9. TharakaWAS

    thanks

  10. siyath dasanayaka

    thank you very much

  11. Gandhaka Indrajith

    Thanks for the subtitle

  12. Chami.S

    Thanks..
    Good Luck..

  13. yohan

    ty sub ekata bro maxxa wadak

  14. Thilina_Madushan

    Thanxxxx sub ekata.......... filme eka maru aaaaaaa

  15. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි මයූ උපසිරැසියට...
    මේක නම් ඉතින් අනිවා බැලිල්ලක්.
    කංගනාගෙත් ෆ්ලොප් රෙකෝඩ් එක
    ඊලඟ ෆිලුමෙන්වත් කැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  16. Mokshan

    Sub ekata thanx
    Tiger zinda hai Eke HD Rip ekak awa...eke sub eka denne kawadada

  17. anurock40

    best of luck.......

  18. Charitha65

    ස්තුතියි

  19. ඩොක් අයියා

    ඔන්න “මයුර සුරාජ්” මල්ලියෝ බාගත්තා එහෙනම් උපරැසිය

    බොහොත් ස්තුති වේවා කිව්වා ඔන්න

  20. praveen123321

    මයුර ලොක්ක සුපිරි ඈ
    සුපිරියට කරලා තියනවා සබ එක

  21. Naveen1433

    Godak sthuthi baiscope.lk , jaya wewa...!!! Mama asama movie ekak

  22. akila13

    උපසිරසියට තුති සහෝ ජය වේවා

  23. Harsha Waidyajeewaka

    Thanks..
    Good Luck.......

  24. chathura1985

    suba ta thankas bro. vidya baalan kiwoth ithin pattama film thamai ithin

  25. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……..

  26. kumaradasa

    sub ekata bohoma sttutie

  27. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  28. Aruna Disanayaka

    මේක චෝදනාවක්නම් නෙවේ යෝජනාවක් , ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා. මම අරුණ, ජපානයේ සිට, දැන වසර ගණනාවක්ම මම මේ අඩවියේ එන සෑම පිලුමක්ම බාගන්නවා. නමුත් දැන් ටික කාලෙක ඉදන් ටොරන්ට් ලින්ක් දෙන්නෙ නෑනේ.
    ඒ නිසා සබ් එකට ගැලපෙන පිලුම හොයාගන්න ගොඩක් අමාරුයි.ඩවුන්ලෝඩ් කරගෙන බලද්දි සබ් එක මැච් වෙන්නෙ නෑ සමහර විට කැමරා කොපියක්,
    උදාහරනයක් විදියට මේ පිලුම ගන්නකෝ, මේක HDRIP කොපියට ගැලපෙනව කියල තියෙන්නේ, ඒත් වෙබ් එක පුරාම Hdrip කොපියක් හොයාගන්න බැරි උනා. ඉතින් මේ පිටපත ඇරෙන්න වෙන මොනම කොපියකටවත් මේ සබ් එක ගැලපෙන්නේ නැද්ද, මොකද සමහරවිට ඒ කොපිය හොයාගන්න නැහැ. ඉතින් මේ පිලුමත් දෙවතාවක් ඩවුන්ලෝඩ් කලා, දෙකම හරියන්නෙ නෑ.අතැරල දාල නිකන් හිටියා. Tiger-zinda පිලුමත් එහෙමයි.
    ඔබ හැමදෙනා කරන්නේ මහගු මෙහෙවරක්. සබ් එකක් හදන්න වෙන මහන්සිය නොදන්නවා නෙවේ. ඒ වගේම ටොරන්ට් ලින්ක් දෙන වෙබ් අඩවියකුත් තියෙනවා, ඒ විදියට ඔබට කිරීමට අපහසු හේතුවක් හෝ තාක්ෂණික ගැටලුවක් ඇතිද් යන්න මම දන්නේ නැහැ. නමුත් බොහෝ ප්‍රේක්ෂකයන් ට ඉතාමත් වැදගත්වේවි අදාල පිලුමට ටොරන්ට් ලින්ක් එකක් කලින් විදියටම දෙන්න පුලුවන්නම්

    1. සිසිල ප්‍රසාද්

      ටොරන්ට් ලින්ක් නොදෙන්නේ නම් ටොරන්ට් කියන්නේ නීති විරෝධී දෙයක් නිසා, ඒ සම්බන්ධව වෙබ් අඩවියට නීතිමය ප්‍රශ්නයක් ඇතිවෙච්ච නිසා. ටොරන්ට් ලින්ක් මේ සයිට් එක ඇතුලේ නොදෙන එකට විකල්පයක් විදියට තමයි බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක පටන්ගත්තේ. ඒ සම්බන්ධව බැනර් එකක් හැම පෝස්ට් එකකම වගේ වැටෙනවා. ඉතිං, සබ් එකට ගැලපෙන පිටපත හොයාගන්න එක ඔච්චරම අමාරු දෙයක් කියලා මට නම් හිතෙන්න නැහැ සහෝ. සමහරවිට මේ සයිට් එකේ සබ් එක වැටෙනකොටම ඩවුන්ලෝඩ් සයිට් එකේ ලින්ක් එක අප්ලෝඩ් නොවෙන්න පුළුවන්. නමුත්, අනිවාර්‍යයෙන්ම අදාළ ගැලපෙන පිටපත් ඒ සයිට් එකේ වැටෙනවා. ඒ නිසා, මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම විකල්පය තමයි, ඩවුන්ලෝඩ් සයිට් එකට ගියා, ගැලපෙන පිටපත් වලින් ඕන එකක් තෝරාගත්තා. හරි සරලයි.

    2. Wijith666

      Mulinma Sub Eka download karaganna .ita passe sub eke thiyena name eka google eke search kalahama oni tharam torrent link hambenawa.

  29. subodha

    Thank you

  30. Helili Hemamali

    දැන්නෙ දැක්කෙ මයුර. සුපිරි ලිවිල්ලක් ලියලා තියනවා. බොහොම ස්තූතියි.

  31. roshanmax64

    maru maru

  32. Achinthasewwandi

    thank yo. meke sub 1 hoya hoya hitiye

  33. niwanthaka

    බොහොම ස්තූතියි

  34. avasanka

    AWOSAME

  35. avasanka

    THAWA DENNA BRO

  36. D.Chamara

    bohoma sthuthi sahooo

  37. Dew visanka

    balanna aasawen hitiya filumak.thankz

  38. Haritha245

    thanks bro

  39. Theodore Raz

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
    good luck

  40. UK_Fernando

    Thanks Mayura

  41. gayanveranga

    Tnx for sub

  42. baiscope2017

    sthuthiy obata

  43. lionnation

    thanx saho sub ekata ...................jayawewa!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. wajira

    THANKS FOR SUB.....

  46. IsharaSampath1995

    Ela

  47. IsharaSampath1995

    Ela mchn.. thanx

  48. sublove

    sthuthi me wage chithrapata apita balanna aragena enawata

  49. Kaushan Herath

    Tumhari Sulu (2017) 720p WEB-DL x264 AAC Hindi 1.25GB [CraZzyBoY] කොපියට සබ සෙට් වෙන්නෙ නැති වෙයිද බං

  50. Lalani Maduwanthi

    Wow ,,,,hello,,lassanama lassana film 1k,,,,godaaak thanks,,,,,

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.