කලී. මව පියා දික්කසාද වූ වයස අවුරුදු 10ක මුරණ්ඩු දියණියක්. තමන්ගෙ තාත්තාට තරම් කිසිම කෙනෙක්ට ඇය ආදරේ නෑ. හැම සෙනසුරාදම තාත්තා එක්ක කොහේ හෝ ඇවිදින්න යන්න කලීට අවස්ථාව ලැබිලා තියෙනවා. එවැනි සෙනසුරාදා දවසක කලීව යම් කෙනෙක් විසින් පැහැර ගැනීමට ලක් වෙනවා. චිත්‍රපටය පුරාම දිව යන්නේ කලීගේ පැහැරගැනීමේ සිද්ද…

කලී. මව පියා දික්කසාද වූ වයස අවුරුදු 10ක මුරණ්ඩු දියණියක්. තමන්ගෙ තාත්තාට තරම් කිසිම කෙනෙක්ට ඇය ආදරේ නෑ. හැම සෙනසුරාදම තාත්තා එක්ක කොහේ හෝ ඇවිදින්න යන්න කලීට අවස්ථාව ලැබිලා තියෙනවා. එවැනි සෙනසුරාදා දවසක කලීව යම් කෙනෙක් විසින් පැහැර ගැනීමට ලක් වෙනවා. චිත්‍රපටය පුරාම දිව යන්නේ කලීගේ පැහැරගැනීමේ සිද්දිය. චිත්‍රපටය මොනතරම් සුපිරිද කියනවා නම් Imdb 8.1 ක ඉතාම ඉහල අගයක් ලැබී තියෙනවා. ඒ වගේම සම්මාන රැසක්ම හිමිකරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. අනුරාග් කාශ්‍යප් ගේ අධ්‍යක්ෂ්‍යනයක් වන මේ චිත්‍රපටය ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. චිත්‍රපටයේ ආදායම ඉන්දියානු රුපියල් මිලියන 138ක්.
කලීගේ සුළු පියා පොලිස් නිළධාරී ශෞමික් බොස්. කවුරුත් දන්නවා ඇති Ronit Roy. පසුගියදා තිරගත වූ Kaabil චිත්‍රපටයේ දුෂ්ටයා.මෙම චිත්‍රපටයේ ඔහුගේ රංගනය නම් අද්විතීයයි. නැති වූ කලී තමන්ගේ දියණිය සේ සලකා ඔහු ඇයව සොයාගැනීමට ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම මෙහි චරිත කිහිපයක් ඉන්නවා. කලීගේ තාත්තා රාහුල්. අම්මා ශාලිනී. මේ අයගෙ පවුලේ මිතුරා චේතන්‍ය. කලීගෙ මාමා සිද්ධාන්ත්. රාහුල්ගෙ දැන් පෙම්වතිය රාඛී(Survin Chawla). මේ අය කලීගෙ අතුරුදහන් වීම තමන්ගේ වාසියට හරවාගන්න උත්සාහ කරනවා. චිත්‍රපටය පුරාම දිවෙන්නේ මේ අය පොලීසිය නොමග යවමින් තමන්ගේ වාසියට කලීගේ පැහැර ගැනීම යොදාගන්න ආකාරය.
ඔයාලා පැහැරගැනීම් සම්බන්ධ චිත්‍රපට ඕනෑ තරම් බලලා ඇති. ඒත් මේක සත්‍ය කතාවක්. මේ අයට පොලීසිය නොමග යවන්න පුළුවන් වෙයිද? කලීව ඇත්තටම පැහැරගත්තේ කවුද? පැහැරගත් කෙනා අල්ලාගන්න පුළුවන් වෙයිද? කලීට මොකද වුනේ? කලී ජීවතුන් අතරද? විනාඩි 128 ක් පුරාම කිසිම කම්මැලිකමක් නැතිව කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්. ඒ වගේම මේකේ අවසානය ගැන නම් ඔයාලට හිතාගන්න වත් බැරි වෙයි. දුක හිතෙන අවසානයක් තියෙන මේ චිත්‍රපටය ඔයාලා ආසාවෙන් බලයි කියලා විශ්වාස කරනවා. මේ වගේ දේවල් මේ ලෝකේ අපි අතර වෙනවද කියලත් මට හිතාගන්න බෑ. චිත්‍රපටය අවසානයේ ඔයාලම තීරණය කරයි ඇයි මේකට Ugly කියලා නම දැම්මේ කියලා. උපසිරැසියේ වැරදි ඇති. මොකද මේ මගෙ දෙවෙනි නිරිමාණය. බලලා ඔයාලගේ අදහස් කියන්න. එච්චරයි අපිට ඉතිරි වෙන්නේ. හැමෝටම ජය වේවා.
සෑම පැයකදීම ඉන්දියාවේ කුඩා දරුවන් 11ක් පැහැරගැනීමට ලක් වේ. 2008 – 2010 අවුරුදු වල පමණක් කුඩා ළමයින් 117480 (එක්ලක්ෂ දාහත්දහස් හාරසිය අසූවක්) ක් පමණ අතුරුදහන් වී ඇති අතර ඔවුන්ගෙන් 41546 (හතලිස් එක් දහස් පන්සිය හතලිස් හයක්) තවමත් සොයාගෙන නැත.
Due to copyright issues, we do not provide any torrent links.
Ugly 2013 720p BluRay x264 Hindi AAC – Ozlem
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,136 downloadsDownload Ugly-2013.Baiscopelk.com_.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
31 comments
Kantha_DLA
janithanarasinghe
thanks brother..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudesh Gayan
Thanks.. :) :)
Chalana Rukshan
thnx bro...
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Ranga Prasanna
අවුලක් නෑ බන් එල
hashan
Sub එකට thanks... Story බලනවා අඩුයි බන්... හිංදිනම් කොහෙත්ම නෑ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ranga Prasanna
Thanks ලොක්කා
Lushan Kuruppu
ස්තූතියි සහෝ! එළ කතාවක් වගේ
Ranga Prasanna
අනිවා සුපිරි කතාවක්
හසිත මධුෂාන්
සබ් කට බොහොම ස්තූතියි...
Ranga Prasanna
Elaz
Menu
Thank you
අසිත
elama saho thanks
Mithun
Thx bro
Chami.S
Thanks..
Good Luck..madda
thanx broo...
kent
thanx
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
malith
Ela ela
akila13
thanx for sub
good lucknalin.kumara0510
Thanks bro good luck
chathurabro2018
supiri kathawa
Saranga J. Liyanagama
Thanks
Shaggy
බොහොම ස්තූතියි
Shaggy
Thank you very much
Harshana
Bro meke sub eka download wenne bit walin...harinam kb walin ne download wwenna ona..meka ehema na..puluwannam eka hadala denna..plz
Ravindu Heshan - Admin
Dan wada Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.