Watch Trailer

Lethal Weapon 4 (1998) with Sinhala subtitles | මාරක ආයුධය 4 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි හතර වෙනි ෆිල්ම් එකත් අමාරුවෙන් ඉවර කරන්න පුලුවන් වුනා, අමාරුවෙන් කළා කිවුවෙ මේකයි, Lethel Weapon ෆිල්ම් හතරෙම ඉංග්‍රීසි සබ් වල යම් යම් අවුල් තිබුනා, ෆිල්ම් දහයක් විතර හදන කාලය නැති වුනා කියල හිතනව, ඉතින් ඒකයි අමාරු වුනේ, මේ මාරක ආයුධය 4වෙනි ෆිල්ම…

Lethal Weapon 4 (1998)

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි හතර වෙනි ෆිල්ම් එකත් අමාරුවෙන් ඉවර කරන්න පුලුවන් වුනා, අමාරුවෙන් කළා කිවුවෙ මේකයි, Lethel Weapon ෆිල්ම් හතරෙම ඉංග්‍රීසි සබ් වල යම් යම් අවුල් තිබුනා, ෆිල්ම් දහයක් විතර හදන කාලය නැති වුනා කියල හිතනව, ඉතින් ඒකයි අමාරු වුනේ, මේ මාරක ආයුධය 4වෙනි ෆිල්ම් එකේ යම් විශේෂ දෙයක් තියෙනව, මොකද ඉස්සර ඔයාලට උදේ හවස හම්බ වුනු චරිතයක් තමයි දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ, කලින් බලපු අය දන්නව සිද්ධිය කොහොමද කියල, ඒ තමයි ජෙට් ලී, දැන් මෙයාගෙ ෆිල්ම් එනව අඩුයි නෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 ජූලි 10වෙනිද, Richard Donner, අධ්‍යක්ෂණය එයාම තමයි, IMDB අගය 6.6ක් ලැබිල තියෙනව.

කතාව මෙහෙමයි, රිග්ස්, රොජර්, ලියෝ, තුන් දෙනාව මතකයි නෙ, එයාල සුපුරුදු විදිහට රාජකාරි කරගෙන ඉන්නව, එයාල වෙරළ ආරක්ෂකයො විදිහට යම් දෙයක් හොයන්න මුහුදු සංචාරයක් දානව, එයාල යන්නෙ ටිකක් විතර පුංචි බෝට්ටුවකින්, ඒ වෙලාවෙ එයාල ඉන්න බෝට්ටුව හප්පගෙන චීන නැවක් යාත්‍රා කරනව, කොහොම හරි එයාල ඒ නැව අල්ල ගන්නව, ඒක ජෙට් ලී ට අයිති නැවක්, ඒ නැවේ චීන ජාතිකයින් පිරිසක් වහල්ලු විදිහට අරගෙන යන අතරතුරයි මේ තුන්දෙනාට හම්බ වෙන්නෙ, ඊට පස්සෙ එයාල ඒ නැව ගැන පරීක්ෂණ කරනව, තවත් පැත්තකින් ජෙට් ලී හොර සල්ලි අච්චු ගැසීමේ සිද්ධියක් කරගෙන යනව, එයාට ඕන වෙලා තියෙන්නෙ සිරකරුවන් හතර දෙනෙක්ව බේර ගන්න, එයාල ජෙට් ලී ගෙ ළඟම හිතවතුන් පිරිසක්, එයාලව රඳවල තියෙන බන්ධනාගාරයේ ජනරාල්වරයෙකුට ගෙවීමක් කරන්න තමයි ජෙට් ලී එහෙම කරන්නෙ, එයාලව බේර ගන්න ජෙට් ලී සෑහෙන දෙනෙක් ඝාතනය කරනව, රිග්ස්, රොජර් දෙන්න නැව ගැන පරීක්ෂණ කරගෙන යද්දි දැන ගන්නව ජෙට් ලී තමයි හැම දේකටම සම්බන්ධ කියල, ඊට පස්සෙ තමයි එයාලගෙ සිද්ධිය පටන් ගන්නෙ, ඊට වඩා විස්තර කරන්න ඕනෙ නෑ කියල මං හිතන්ව. ෆිල්ම් එක අවුලක් නෑ සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලනව, නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Lethal Weapon 4 (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lethal.Weapon.4.1998.720p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

211 downloadsDownload Lethal-Weapon-4-1998.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

211 downloadsDownload Subtitles70 KB

6 comments

  1. Udara Damith B/K

    ගොඩාක් ස්තූතියි.....
    .
    .
    .
    .

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි.නියම වැඩක්
    Crows Zero (2007) BluRay 1080p 5.1CH x264 Ganool
    Crows Explode (2014) BluRay 1080p 5.1CH x264 Ganool
    සහෝ මේ දෙකටත් සබ් දෙන්න බලන්න.මේකේ දෙවනි ෆිල්ම්
    එකට සිංහල සබ් තියනවා.මේ දෙකටත් සබ් දුන්නොත් trilogy ම
    සම්පුර්ණ වෙනවා.ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ....

  6. අසිත

    elama saho thanks