Watch Trailer

Underworld Rise of the Lycans (2009) | ගැටුම් හා නැඟිටීම (18+) [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමු උපසිරසි නිර්මාණය. මේ දවස්වල කැම්පස්වල ස්ට්‍රයික් නිසා ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකනෙ කරන්නෙ. ඉතිං ෆිල්ම් එකකට සබ් දාන්න කල්පනා කළා. හැබැයි මට කිසිම පළපුරුද්දක් නම් තිබුණෙ නෑ. ඒ වගේම මම සබ් දාන්න පටන් ගත්තෙ වෙබ්සයිට් එකකින් ප්‍රචාරය කරගන්න හිතාගෙන නම් නෙමෙයි. යාළුවන්ගේ නිකං ආතල් එකට…

Underworld Rise of the Lycans (2009)

මේක මගේ පළමු උපසිරසි නිර්මාණය. මේ දවස්වල කැම්පස්වල ස්ට්‍රයික් නිසා ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකනෙ කරන්නෙ. ඉතිං ෆිල්ම් එකකට සබ් දාන්න කල්පනා කළා. හැබැයි මට කිසිම පළපුරුද්දක් නම් තිබුණෙ නෑ. ඒ වගේම මම සබ් දාන්න පටන් ගත්තෙ වෙබ්සයිට් එකකින් ප්‍රචාරය කරගන්න හිතාගෙන නම් නෙමෙයි. යාළුවන්ගේ නිකං ආතල් එකට වගේ. කොහොම වුණත් මේකට සබ් දාන්න මට සතියක් විතර ගියා. අන්තිමේදි මට හිතුණා නිකං තියාගෙන ඉන්නෙ නැතුව හැමෝටම බලන්න පුළුවන් වෙන්න බයිස්කෝප් එකට දෙන්න ඕනෙ කියලා. කතාව ඇති නේද? මම එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්.

සුප්‍රසිද්ධ Underworld චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටිය විදිහට තමයි මේක එළි දකින්නෙ. දැනට මෙහි චිත්‍රපට හතරක් ඇවිල්ලා තියෙනවා. මෙහි හතරවන චිත්‍රපටයවන Underword Awakening එළිදැක්වුණේ මේ අවුරුද්දෙදී. ඒකත් සිංහල උපසිරසි ලඟදීම ලබාදෙන්නම්.

Underworld Rise of the Lycans චිත්‍රපටය IMDB රේටිංග්ස්වල 6.5/10 ක් අරගෙන තියෙනවා. ඒ වගේම මේක හොරර්, ඓතිහාසික, ක්‍රියාදාම, යුද්ධ යන ආකාරවලින් වර්ග කරන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ලුසියන් හා සොන්ජා යන දෙදෙනා. ලුසියන්ට Michael Sheen රංගනයෙන් දායකවන අතර සොන්ජාගේ චරිතයට Rhona Mitra පණ පොවනවා. මොවුන් දෙදෙනාගේ අසම්මත ආදර කතාවකුත් චිත්‍රපටය පුරාවටම දිවයනවා. මෙහි තිබෙන ඇතැම් දර්ශන නිසා මේක වැඩිහිටියන්ට සුදුසු ෆිල්ම් එකක් කියලත් තියන්න පුළුවන්.

වෘක මිනිස්සු(ලයිකන්) හා පිසාචයන් අතර ඇතිවන ගැටුමක් තමයි මෙහි කතා තේමාව වන්නෙ. බලවත් පිසාචයන් යටතේ ලයිකන්ලා වහල්ලු විදියට සේවය කරනවා. ලුසියන් කියන්නෙත් මේ විදියට ඉන්න ලයිකන් කෙනෙක්. සොන්ජා කියන්නෙ පිසාචයොන්ගෙ ප්‍රධානියාගෙ දියණිය. ලුසියන් හා සොන්ජා අතර ඇතිවන අසම්මත ප්‍රේමය නිසා ලයිකන් හා පිසාචයන් අතර ගැටුමක් ඇතිවෙනවා. එහිදී ලයිකන්ලාගේ නැගීසිටීම බලන්න පුළුවන්. මෙහිදී ලුසියන්ගේ හා සොන්ජාගේ අසම්මත ප්‍රේමයට සිදුවන්නේ කුමක්ද? සොන්ජා මියගියාද? ලුසියන්ට මොකද වෙන්නේ?

මේ ආකාරයට චිත්‍රපටය පුරා දිවයන රසවත් කතාවක් ඔබට Underworld Rise of the Lycans චිත්‍රපටයෙන් රසවිදින්න පුළුවන්. සමහරවිට ඇතැම් අය මේ චිත්‍රපටය බලලා ඇති. එහෙම උණත් සිංහල සබ් එක දාගෙන ආයෙත් බලන්න. බලලා නැත්නම් චිත්‍රපටය සබ් එකත් එක්ක බාගෙන බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ. අලුත් අත්දකීමක් මේ ෆිල්ම් එකෙන් ඔබට ගන්න පුළුවන් වෙයි.

එහෙනම් ආයෙත් හොද නිර්මාණයකින් හම්බ වෙමු. කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා!

Underworld: Rise of the Lycans (2009) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න

a3862c74d231a264b41c660caf06ca55055caade

650 MB කොපිය මෙතනින් බාගන්න

7a6002dc9616ab24732f8008b77e90534ca35557

1.3 GB කොපිය මෙතනින් බාගන්න

0e433f68a3da59ef9c6718c898b1949d8de96bdf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,576 downloadsDownload Underworld-Rise-of-the-Lycans-2009.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දුලාන් තනුශංක

Subtitles

5,576 downloadsDownload Subtitles102 KB

48 comments

  1. wow

    Wow.maru

  2. asiri

    Palamu sub akaa thxxxx digatana demu

  3. බුද්ධිල යසස්

    නියම කථාව සහෝ.
    දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.
    කැම්පස් එකේ වැඩයි සබ් වල වැඩයි දෙකම බැලන්ස් එකේ කරගෙන ඉන්න.
    ජය වේවා!

  4. iss

    Thanks

  5. naleen

    Elakiri sahooo

  6. Tharindu

    Super bro

  7. #ChalinduDeshan (කිනා)

    එල එල.
    නියමයි.
    පළවෙනි වැඩේට සුභ පැතුම්.
    තව ඉස්සරහට දෙමු නියම ඒවා.
    ජයවේවා!

  8. yasas

    palamu sub akata jaya!

  9. tharanga

    බොහොම තුති!!!

  10. bandula

    supiri machn

  11. Download Manager

    Thanx machan

  12. කැලුම් රණවක

    පළමු උපසිරැසියට මගෙනුත් උණුසුම් සුභපැතුම් සහෝ..

  13. sudeera

    සුබ පැතුම් සහො ආයෙත් බලන්න ඔනා මෙක

  14. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    මේ කතා සෙට් එකම ආයේ බලන්න ඕනා දැන් ඉතින් ;)
    සාදරයෙන් පිලිගන්නවා එහෙනම් ඔන්න
    තව උපසිරසි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා !

  15. “චූටී මල්ලි”

    එල එල
    තව කරමු
    සබට තුති
    ඔබට ජය..........

  16. රොයිලි

    බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. 2012 එක මුලින් එව්වා වුණාට ලිපිය පොඩ්ඩක් එඩිට් කරලා පිළිවෙලට දුන්න එකට මුකුත් කියන එකක් නෑ මගෙ හිතේ. ජය෴෴ :P :P

  17. herry

    thank you

  18. sohan

    ස්තුතියි සබ් එකට

  19. indika

    thnq

  20. නලින්

    ස්තුතියි දුලාන් සහෝ

    පළමු එකට සුභ පැතුම්

    ජය වේවා!

  21. Thisara NEO

    පළවෙනි වැඩේට සුභ පැතුම්.
    තව ඉස්සරහට දෙමු නියම ඒවා.
    ජයවේවා!

  22. #ChalinduDeshan (කිනා)

    නියම චිත්‍රපටියක් වගේ.
    එල එල. තව සබක් දාමු.
    ජයවේවා!

  23. nalaka

    පළවෙනි වැඩේට සුභ පැතුම් සහෝ.ස්තුතියි සබ් එකට ජය වේවා!

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P
    ෆිල්ම් එකනම් තියනවා සබ් එක ගත්තා

  25. දුලාන් සිල්වා

    ලිපිය එඩිට් කරලා දැම්මට කිසි අවුලක් නෑ රොයිලි සහෝ...:) ඒක කැමති විදියට දාන්න. මං තවත් ඉස්සරහට බයිස්කෝප් එකට සබ් දෙන්නම්. ලිපිය මම දාලා ගොඩක් කල් වෙන නිසා මේකෙ පොඩි වෙනස් කිරීමක් කරන්න තියෙනවා. මේ දවස්වල කැම්පස්වල ස්ට්‍රයික් නම් නෑ.... :D...:P

    එහෙනම් ලගදීම දවසක ආයෙත් හමුවෙමු...:)

  26. Sanjaya

    Thanks Saho.....

  27. mudiya / මුදියා

    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් දුලාන්.
    නියම එකක් තමයි පළවෙනියටම දීල තියෙන්නෙ.
    කැම්පස් එකේ සට්‍රයික් තියෙන,නැති හැමදාම අපිට සබ් අරන් වරෙන් කොල්ලො.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,තව ගොඩක් ෆිල්ම් තියෙනවා මූවි කලෙක්සන් එකේ සම්පුර්ණ නොකළ, කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කණ්ඩායමෙන් කවුරුවත් කරන්න බාරගෙන නැද්ද කියා අසා කල හැකිනම් බොහෝ වටිනවා,ජයවේවා.

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. samith dileka

    niyama film 1ka

  31. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  32. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා

  33. saga

    ela macho

  34. වරුණ නිරෝෂණ

    thanks machan

  35. Chamila

    Thanks for the subtitles. Good luck. Keep it up. Jaya wewa

  36. rush

    tnx bro

  37. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.

  38. Udara Damith B/K

    ela

  39. Dilip Asiri

    pttti thnxxxxxc ..bs

  40. wajira

    thanks for sub

  41. AsithaDilruwan

    elama saho thanks

  42. Mevandhanushka

    Thanks

  43. Vijitha428

    Thanks For the sub

  44. Little gihan

    elama

  45. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  46. Dewadithya

    Thanks for sub!

  47. Anonymous

    THANKS

  48. සාරංග J ලියනගම

    Thanks