Watch Trailer

Underworld (2003) | මළවුන්ගෙ ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ?ඔන්න ඉතින් තවත් චිත්‍රපටියක් අරගෙන මම අදත් ඔයාලා හමුවෙන්න ආවා. මේ පාර මම තෝරගත්තෙ ටිකක් පැරණි ඒත් ඉතාම ජනප්‍රියත්වයට පත්වුන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය.ඔයාලට මතක ඇති ගොඩක් අය බලලත් ඇති Underworld චිත්‍රපටිය.මේක නිකුත් වුනේ 2003 සැප්තැම්බර් 19 වැනිදා. IMDb අගය 6.9/10 ලබාගන්නත් මේ ච…

Underworld (2003)

කොහොමද යාළුවනේ?ඔන්න ඉතින් තවත් චිත්‍රපටියක් අරගෙන මම අදත් ඔයාලා හමුවෙන්න ආවා. මේ පාර මම තෝරගත්තෙ ටිකක් පැරණි ඒත් ඉතාම ජනප්‍රියත්වයට පත්වුන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය.ඔයාලට මතක ඇති ගොඩක් අය බලලත් ඇති Underworld චිත්‍රපටිය.මේක නිකුත් වුනේ 2003 සැප්තැම්බර් 19 වැනිදා. IMDb අගය 6.9/10 ලබාගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. Len Wiseman අධ්‍යක්ෂණයෙන් හැඩවුන මෙම සිතුවමට Kate Beckinsale,Scott Speedman, Michael Sheen,Shane Brolly,Erwin Leder,Bill Nighy වැනි හොලිවුඩයෙ ජනප්‍රිය නළු නිළියන් දායක වෙලා තියෙනවා වගේම $22,000,000 ක වියදමක් දර නිමැවුණ මෙම චිත්‍රපටියෙ Box office ආදායම
$95,708,457ක්.Underworld කියන්නෙ චිත්‍රපට 4 කින් සමන්විත චිත්‍රපට මාලාවක පළමුවැන්න. Underworld (2003),Underworld: Evolution (2006),Underworld: Rise of the Lycans (2009), Underworld: Awakening (2012) විදිහට මේ චිත්‍රපට හතර පෙළගැහිලා තියෙනවා.ඒ වගේම ආරංචියක් පවතිනවා 2014 හෝ 2015 මෙහි පස්වැනි චිත්‍රපටයත් නිකුත් කරන බවට.ඉතින් අපේ අඩවියෙ මේ අඩුපාඩුව පුරවන්නයි මම සූඳානම් වෙන්නෙ.එකින් එක චිත්‍රපට හතරම ඔයාලට ලබාදෙන්න තමා මගෙ උත්සහය.හැමදාමත් වගේ ඔයාලගෙ අදහසත් මට කියන්න.ඒක විශේෂ ශක්තියක් වෙනවා අපට උපසිරැසි නිර්මාණයෙදි.ඉතින් එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

ශතවර්ෂ ගණනාවක් තිස්සෙ වැම්පයර්වරු සහ ලයිකන්වරු අතර පැවතීගෙන එන යුද්ධය තමයි මේ කතාවට මූලික වෙන්නෙ.ඒ කියන්නෙ ඩ්‍රැක්‍යුලා සහ නරවෘකයො අතර පවතින ගැටුම.සෙලීන් කියන්නෙ වැම්පයර්වරියක්.මෙයාගෙ රාජකාරිය තමා ලයිකානුවන් සොයාගොස් දඩයම්කිරීම.ඉතින් එක දවසක් මෙයා දකිනවා ලයිකානුවන් පිරිසක් මනුස්සයෙක්ව ලුහුබඳිනවා.එතැන ඇතිවන දරුණු සටනකින් පස්සෙ සෙලීන් දැනගනනවා ලයිකානුවන් යමකට එක්රැස් වෙන බව. ඒ වගේම ඔවුන් දියුණු වෙමින් පවතින බව.සෙලීන් මේ ගැන වැම්පයර් පාලකයා වන ක්‍රේවන්ට දැන්වුවත් ඔහු පිලිගන්නෙවත් ඒ ගැන සැලකීමක් කරන්නෙවත් නෑ.ඒ අතරෙ සෙලින් අර මනුස්සයා ගැන හොයන්න ඔහුගෙ නිවසට යනවා.එතනදි ලයිකානුවන් සමඟ තවත් සටනක්.ඒත් මිනිසා,ඔහුගෙ නම මයිකල්.ලයිකන් සපාකෑමට ලක්වෙනවා.ඒ වගේම ඔහු සෙලීන්වත් බේරගන්නවා එක් අවස්ථාවක.ලයිකන් හෝ වැම්පයර් හපා කෑ කෙනෙක් මියයනවා නැත්නම් එම වර්ගයෙ කෙනෙක් බවට පත්වෙනවා.කොහොමනමුත් සෙලින් වැදගත් රහසකුත් අනාවරණය කරගන්නවා.ඒ නිසා ඇය කරන්නෙ උදව් බලාපොරොත්තුවෙන් ශිශිර නිද්‍රාවෙ පසුවෙන වැඩිහිටි වැම්පයරයෙක් වන වික්ටර් නැමති ඔවුන්ගෙ නායකයාව අවදි කිරීමේ න්‍යායපත්‍රයට පිටින් ශත වර්ෂයකට කලින් අවදි කරවීම.
ඉතින් එතනින් එහාට මම ඔයාලට කතාව ඉතිරි කරන්නම්.ත්‍රාසය භීතිය,කුතුහලය,සටන් පිරි සුපිරිතම චිත්‍රපටයක් විදිහට Underworld චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්.එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඉතින් ඔයාලාත් රස විඳලම බලන්නකො.ඉක්මණින්ම දෙවන චිත්‍රපටය Underworld: Evolution (2006) එක්ක ඉක්මණින්ම හමුවෙන්නම්.ඔබට ජය හා සතුට..!

Underworld (2003) on IMDb

 

 

900 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න A5FE73C97FC2F3EDC7150D440D0D4BA4D74D5287 1.75 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න D4D9DFB8F9747FFCC3B65562A3D10CEA4809D7AD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,279 downloadsDownload Underworld-2003-www.baiscopelk.com-.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කැලුම් රණවක

Subtitles

4,279 downloadsDownload Subtitles56 KB

54 comments

  1. tharanga

    ela mama1 2 kath demu

  2. ccnp

    Thanks

  3. Dharshana...

    Thanks..

  4. isuru samarasinghe

    maxxa films set akak anith awath denna saho

  5. vee

    maxxa film akak

  6. jana

    anith set akath demu

  7. zumo man

    elazz thnxzzz

  8. DANUKA!

    mmath kamathima type meywa thama anith tikath demu :D

  9. eranga

    txzz machan

  10. was

    බොහෝම ස්‍තුතියි

  11. hh

    supiri macho

  12. asiri

    loweth na macho

  13. kalana

    anith awath demi legen of s s2 denne kawadada macho?????

  14. f_live

    තෑන්ක්ස් මචන්

  15. සමීර චතුරංග

    නියමයි සෙට් එකම දෙමු...

  16. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  17. Nisal Lakshan

    oya dena sub nam nobala inne ne.. suppa..

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කැලුම් සහො
    මේක කාලෙකට ඉස්සල්ලා බලපු පට්ටම ෆිල්ම් එකක් :D

  19. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  20. Ishara

    එල මචං තැන්ක්ස්....sinhala sub එක්ක අයෙ බලන්න පුළුවන්...

  21. නලින්

    නියමයි කැළුම් අයියා.
    ජය වේවා!

  22. shalana

    Thanks saho....

  23. ශාන් විමුක්ති [ විමා]

    අහා රණා ආයේ වැඩට බැහැලා
    දෙක තුනක් එක පිට ආයේ සුවර් ෂොට්

  24. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. mudiya / මුදියා

    අපේ සීකර් කොල්‍ල අළුත් වැඩකට බැහැල වගේ.
    නියමයි මචං කැලුමො.
    මාත් මේකෙ ‍ඒව එහෙන් මේහෙන් තමයි බලල තියෙන්නෙ.
    උඹ දෙන නිසා ෆිල්ම් සෙට් එකම බලන්න පුළුවන්.
    ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!

  26. “චූටී මල්ලි”

    කලින් බැලුවා බන්
    හැබැයි දැන්නම් මතකත් නෑ මොනා වෙනවද කියලා
    සින්හල දාන එක නම් නියමයි
    මේ මූවී සෙට් එකට
    සබට තුති
    ඔබට ජය....

  27. me

    Thanks

  28. #ChalinduDeshan (කිනා)

    Ai danne ne< a unata mata nimeta hithenawa ubama meke anith tikai dei kiyala :D :P
    jayawewa machaaaaaaan!

  29. ARA

    niyamai..subapathum..

  30. indika

    thnq

  31. eranga

    එල මම මේ film 4 බැලුව පට්ට ආයි බලනවා ගොඩක් ස්තුතියි

  32. Milinda

    very nice movie series. waiting long time... thanks bro...

  33. Download Manager

    Thanx bro

  34. Samana Prasad ( Black Cobra )

    ela ela. mekata sub danakm balagena hitiye... ela ela...

  35. දිල්ෂාන් කාලිංග

    ඔන්න කැළුම් සහෝ ඔබතුමා අත ගහල තියෙන්නේ මගේ හිතෙත් තිබුණ වැඩකට තමයි.කොහේද ඉතින් ඒක හිතේ තිබුනට ඒකට වෙලාවක් තියෙන්නත් එපැයි.
    එළ එළ සහෝ..
    ඔහොම යන්.

  36. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    සුපිරි චිත්‍රපට මාලාවක පළමුවැන්න, නියමයි සහෝ සියල්ලම දෙමු,ජයවේවා.

  37. root-user

    patta

  38. thishula

    thanks dr........
    ehenam api 4ta yanakama sub damu neda?

  39. chathuranga

    me site dana films down kara ganna idm eken barida

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. dev

    bohoma stuti saho... .

  42. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  43. Arrow

    ponna hujanna arapan mata uba kari wesa ponna hutthigeputha ammata hukapan kari ponnaya

  44. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  45. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.

  46. Udara Damith B/K

    ela

  47. mayura inomal

    Sub download button eka click karahama page not found kiyala watenawane

  48. wajira

    thanks for sub

  49. Mevandhanushka

    Thanks

  50. Little gihan

    Elama

Load more comments