Watch Trailer

United 93 (2006) Sinhala Subtitles | මරණය පෙනි පෙනී ජීවත් වීම… [සිංහල උපසිරැසි සමඟ]

2001 සැප්තැම්බර් 11 දවස ඔබට මතකද ? සමහර අයට නම් අමතක ඇති. ඒත් ඇමරිකාවේ ජනතාවට නම් ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ. විශේෂයෙන්ම නිව්යෝක් වැසියන්ට නම්. ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානේ නිවුන් කුළුනු දෙකම බිමටම සමතලා වෙනවා ඒ දවසේ. 3000කට ආසන්න පිරිසක් මියයනවා මේ ප්‍රහාරයෙන්. 6000ක්…

2001 සැප්තැම්බර් 11 දවස ඔබට මතකද ? සමහර අයට නම් අමතක ඇති. ඒත් ඇමරිකාවේ ජනතාවට නම් ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ. විශේෂයෙන්ම නිව්යෝක් වැසියන්ට නම්. ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානේ නිවුන් කුළුනු දෙකම බිමටම සමතලා වෙනවා ඒ දවසේ. 3000කට ආසන්න පිරිසක් මියයනවා මේ ප්‍රහාරයෙන්. 6000ක් පිරිසක් තුවාල ලැබුවා යැයි සඳහන් වෙනවා. ඇමරිකානු ආරක්ෂක මූලස්ථානයට පවා යානාවක් කඩාවැටීමට සලස්වනවා මෙම සිදුවීම සම්බන්ධයෙන් චිත්‍රපට ගණනාවක් නිපදවී තිබෙනවා.

ඒ අතරින් මේ චිත්‍රපටය වෙනස් එකක් වන්නේ ප්‍රහාරය දිනයේ පැහැරගැනීමට ලක්වූ ගුවන්යානාවක් තුල සිදුවූ සිදුවීම් අලලා මෙය නිපදවා ඇති නිසාවෙන්. ඇමරිකාව කෙතරම් තාක්ශණය අතින් දියුණු උවත් හමුදා බලයෙන් ප්‍රබල උවත් මෙම ප්‍රහාරය අවසන් වනතුරුත් එයට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. එකම දිනයක් තුල ආසන්න වෙලාවන්හිදී මගී ගුවන් යානා 4ක් පැහැරගනිමින් එල්ල කල මෙම ප්‍රහාරය ඇමරිකානු ආරක්ශක අංශ වලට එල්ල වූ මරු පහරක් යැයි කිව හැකියි. ඔසාමා බින් ලාඩන් සමඟ අල් කයිඩා සංවිධානය මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ වර්ශ 1992 සිට කීවොත් ඔබ පිළිගන්නවාද ? මෙම යානා පැහැරගත් ත්‍රස්තවාදීන් නීති්‍යානුකූලව වීසා ලබාගෙන ඇමරිකාවේම ගුවන් යානා පුහුණු පාසල් වලට අැතුලත් වී ඊට වසරකට පෙර සිට පුහුණු වී තිබේ.

ඒ තමයි මේ සිද්ධියේ ඉතිහාසය. දැන් චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්.

මේ කතාවේ හැටියට ඔවුන් පැහැරගත් යානා අතරින් 3ක්ම හරි ඉලක්කයට කඩා වැටෙන්නට ත්‍රස්තවාදීන් සමත් වනවා. ඉතිරි වන්නේ මෙම චිත්‍රපටයේ නමින් දැක්වෙන යුනයිටඩ් 93 යානාව පමණයි. එය තමයි අවසානයට පැහැරගන්නා යානාව. සාමාන්‍ය මගීන් ලෙස යානයට ගොඩවන ත්‍රස්තවාදීන් විසින් රහසේම යානය පැහැරගන්නට සමත් වනවා. නමුත් එහි සිටින මගීන්ට යානාව පැහැරගෙන යැයි දැනගන්නට හැකිවනවා. ඉන්පසු ඔවුන් කුමක් කරයිද ? ත්‍රස්තවාදීන්ට ඉලක්කය විනාශ කරන්න සමත් වෙයිද ? යානය නැවත ගොඩබාන්න හැකි වෙයිද ? ත්‍රාසය කුතුහලය පිරුණ මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න. මෙය IMDB වෙබ්අඩවියේ ලකුණු 7.6 ක් ලබාගෙන තිබෙනවා.

චිත්‍රපටය ගැන කරුණු කිහිපයක් :

  • මෙය නිශ්පාදනය කර ඇත්තේ Paul Greengrass විසින්, ඔහු චිත්‍රපටය නිශ්පාදනය ඇරඹීමට ප්‍රථම යුනයිටඩ් 93 යානාවේ ගමන් කල මගීන්ගේ පවුල් වල අය අමතා එම යානාවේ එදින ගමන්ගත් මගීන්ට අයිතිව තිබූ ඇදුම්, කියවමින් සිටි සඟරා ආදිය සපයාගෙන සැබෑ ලෙසම චිත්‍රපටයට යොදාගෙන ඇත.
  • මෙහි රංගනයෙන් දායක වන යානාවේ කාර්‍යය මණ්ඩලය සැබැවින්ම ගුවන් නියමුවන් හා ගුවන් සේවිකාවන් වේ, ඇතැමුන් සැබැවින්ම යුනයිටඩ් ගුවන් සමාගමේම රැකියාව කරයි.
  • චිත්‍රපටය රූගත කරන අතරතුර යානාවේ මගීන් හා පැහැරගන්නන් නවතා ඇත්තේ වෙන වෙනම හෝටල් කාමර වලයි. ඒ ඔවුන් අතර විශ්මය, බිය ඇතිකරවීම පහසු වීමටයි.
  • තවද සැබවින්ම මෙම ප්‍රහාරය දින එයට මුහුණදුන් නිලධාරීන් කිහිපදෙනෙක්ද මෙහි රංගනයෙන් දායක වනවා.

මේ මගේ 2වනි උපසිරසි නිර්මාණයයි. තාම L බෝඩ් නිසා වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්ඩ. හොදයි නම්ක මෙන්ට් එකක් දාගෙන යන්ඩ. ලස්සනට ලිපි ලියන්ඩ නම් මම දන්නෙ නෑ. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ස්තූතියි !ජය වේවා ! තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ashen-e1521951415821.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ashen” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Ashen

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

55 comments

  1. tharidu sagara

    තෑන්ක්ස් සහෝ සබ් එකට පලවෙනි කමෙන්ට් එක ජය වේවා

    1. AshenTM

      2ni eka bro. haha kamak na. Thanks a lot ! ☺

  2. gihan perera

    Thank you bro...your 1st subtitle....Well done...god bless you and keep continue with us....

    1. AshenTM

      ela ela bro !

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. AshenTM

      බුදු සරණයි – දෙවි පිහිටයි..! ☺

  4. MAALnath

    Thanks ...........good luck ...............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

    1. AshenTM

      ela ela bro ☺

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. AshenTM

      ela ela bro !

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. AshenTM

      try karanawa bro. ela

  7. dhanuha vk

    thanks mchn sub ekata. thawa sub karamu..

    1. AshenTM

      Elah. thanks macho

  8. Nirosh C

    ස්තුතියි සහෝ.ජයවේවා!

    1. AshenTM

      jaya wewa bro

  9. Udara Damith Dissanayaka

    ස්තුතියි ස්තුතියි

    1. AshenTM

      welcome bro

  10. kavishka_malitha

    parana unath lassana film ekkta sub dunnata thanx

    1. AshenTM

      ela macho

  11. හසිත මධුෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ......
    පුලුවන්නම් දිගටම මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලට දෙන්න....
    ඔබට ජය......

    1. AshenTM

      ehema tamai karanna hitagena inne bro

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම ව්වේවා..!!

    1. AshenTM

      elama

  13. tharindu gunarathna

    thanks Ashen

    1. AshenTM

      mama kalin dapu film ekatat comment karala tibba oya
      thank saho. godak motivate wenawa etakota aththtama

  14. jstar

    nice work thanks mabrooo bs

    1. AshenTM

      bs bro

  15. tharindu gunarathna

    sub dunna filam 2 ma baluwa filam 2 ma supiri .

    1. AshenTM

      ela ela macho. ahannat satutui. ☺

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. AshenTM

      welcome mchn

  17. pasanshanaka

    Ela macho... ජය

    1. AshenTM

      jayawewa bro

  18. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. AshenTM

      BS bro

  19. Priyantha Dayakeerthi

    ඉතාම ලෙහෙසියෙන් උප සිරැසි බාගත් කාලයක් තිබුණා. කියන්න කනගාටුයි පුදුම අමාරුවක් තිබෙන්නේ දැන් එය සිදු කරගන්න, මේ වෙබ් එකට එන එකත් එපා වෙලා තිබෙන්නේ. මේ උපසිරැසිය බාගන්න දහපාරක් ට්‍රයි කරලා බැරිම තැන මෙහෙම අදහසක් පළකළේ.

  20. D.Chamara

    bohoma sthuthi sahooo jaya .... aniwa balanna oni ekka thanks

  21. chinthaka_priyadrshana

    Thank U very much bro.......Go ahead....!

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    1. AshenTM

      mama kalin dapu film ekatat comment karala tibba oya
      thank saho. godak motivate wenawa etakota aththtama

  23. Pasan_Madusankha

    Bohoma Sthuthiy Saho.. Digatama Karagena Yamu. Jaya Wewaa..!

  24. nimal dissanayake

    Ashen,

    දෙක වුණාට
    කිසිම කෝඩුකාර ගතියක් පෙනෙන්නෙ නැහැ.
    හොඳටම, තිතටම
    සබ්ස් ටික තියෙන්නේ, බැබලි-බැබලී!
    දිගු කලක් අඩවියේ රැඳෙන්නට
    වාසනාව, ශක්තිය, කාල-වෙලාව ලැබී
    කැපවීම ඇති වේවා!

    1. AshenTM

      හම්මේ මේ කමෙන්ට් එකට නම් ඇඩෙන්නත් ආව බ්‍රෝ.
      ගොඩක් ස්තූතියි සහෝ

  25. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. AshenTM

      elakiri Royli bro ☺

  27. jagath55

    Thanks

  28. AsithaDilruwan

    ela ela saho thanks

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. KH2130

    sub ekata thanks !

  31. Rumesh Asanka

    thank you

  32. RoboBoy

    හොඳ ෆිල්ම් එකක්. ස්තුතියි සහෝ.

  33. Kasun

    Download is not allowed for this file type. කියලා වැටෙනවා

  34. Chamara

    Download is not allowed for this file type. කියලා වැටෙනවා