Watch Trailer

Savarakathi (2018) Sinhala Subtitles | මාළුවා නහින්නෙත් කට හින්දලු…. [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ අරගෙන ආවෙ පට්ටම Jokes තියෙන සුපිරි ඝනයේ කොමඩියක්, ඒ වුනාට ලස්සන කතාවකුත් තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න කියලා සිසිල සහෝ මට භාරදෙනකොටත් මං මේක බලලා තිබුණේ නෑ. හොදයි කියල කිව්ව හින්දම වැඩේ කරන්න භාරගත්තා. 2018 පෙබරවාරි 09 ඉදන් ප්‍රේක්ෂකයන්ට විවෘත වුන මේ චිත්‍රපටය තිර රචනය සහ න…

මේ වතාවෙ අරගෙන ආවෙ පට්ටම Jokes තියෙන සුපිරි ඝනයේ කොමඩියක්, ඒ වුනාට ලස්සන කතාවකුත් තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න කියලා සිසිල සහෝ මට භාරදෙනකොටත් මං මේක බලලා තිබුණේ නෑ. හොදයි කියල කිව්ව හින්දම වැඩේ කරන්න භාරගත්තා.

2018 පෙබරවාරි 09 ඉදන් ප්‍රේක්ෂකයන්ට විවෘත වුන මේ චිත්‍රපටය තිර රචනය සහ නිෂ්පාදනය කරල තියෙන්නේ Myshkin, ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ඨයගේ චරිතයට රගපාන්නෙත් එයාම තමයි. G.R. Adithya තමයි අධ්‍යක්ෂකවරයා, සංගිත අධ්‍යක්ෂණය Arrol Corelli ගෙන්, විශාල්ගේ Thupparivalan (2017) බලන්න ඇතිනේ අන්න එයාම තමයි. ප්‍රධාන චරිතය වන බාබර්ගේ චරිතයට දායකත්වය දක්වන්නේ Ram විසින්. IMDb දර්ශකයේ දැනටත් 7.1 ක් වැනි ඉහළ අගයක් ගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොහොමට ඇතිද කියලා.

ෆිලුමෙ තියෙන්නේ එක දවසක කතාවක්, ඒ වුනාට සෑහෙන සිද්ධි ගොඩක් මේ දවසෙදි සිද්ධ වෙනවා. ප්‍රධාන චරිතය පිචයි මිනිහ බාබර් කෙනෙක්, හෙනම කයිවාරුකාරයා. මිනිහගේ වයිෆ් ඊටත් එහා මැන්ටලයක්. එයාට පොඩි අවුලකුත් තියෙනවා ඒක මොකද්ද කියල ඔයාලම බලාගන්න. පිචයිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා තව ලමයෙක් හම්බෙන්නත් ඉන්නවා. කොහොමහරි මෙයා සැලුන් එකේ වැඩ කරගෙන ඉන්නකොට බිරිදයි, දුවයි, පුතයි තුන්දෙනාම සැලුන් එකට එනවා. ඇවිල්ලා පුතා කියනවා මාමා කෙල්ලෙක් එක්ක පැනල ගිහින් කසාද බදින්න යනව කියලා..කොහොමහරි සුභත්‍රා (පිචයිගෙ බිරිද) පිචයිව බලෙන් වගේ එක්කගෙන යනව මල්ලිගෙ කසාදෙට මස්සිනාගෙ අතින් තැල්ලක් අරන් දෙන්න ඕන කියල. හතරදෙනාම බයික් එකේ යන අතරමගදි මංගා කියල පළාතේ මැරයෙක් එක්ක පිචයි අවුලක් දාගන්නවා. එතනින් කොහොමහරි මිනිහ බේරිල ගියාට ඊට පස්සේ මිනිහට කරදර වලටම තමයි මුහුණ දෙන්න වෙන්නේ. මංගා පිචයිව නොමරා අතාරින්නේ නෑ කියල පිචයි පස්සේ පන්නනවා. මාළුවා නහින්නෙත් කට හින්දා කියල කතාවකුත් තියෙනවනේ, අන්න ඒ කතාව පිචයිට නම් නියමෙටම ගැළපෙනවා. මංගට, පිචයිව මරන්න පුළුවන් වෙයිද, මස්සිනාගෙ කසාදෙට මොනව වෙයිද, ලැබෙන්න ඉන්න දරුවට මොනව වෙයිද කියන දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න…එහෙනං තවත් සබකින් හම්බෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

4,756 downloadsDownload Savarakathi-2018.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,756 downloadsDownload Subtitles47 KB

23 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Kaushan Herath

    සබට ස්තුතියි සහෝ.

  3. Raveenakash

    Mata sub download wenne nane..

  4. Kanchaka

    Thanks bro........

  5. gihan perera

    Thanks bro...good job and well done...keep continue it...god bless you.....

  6. @abey

    tnx සහෝ..

  7. malshika

    සබ් එකට ගොඩක් ස්තූතියි බ්‍රෝ@@@@දිගටම කරගෙන යං@@@@ජයෙන් ජය!!!!!!!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
    ජය

  10. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. Nuwan-milinda

    sub ekata thanks

  13. RK

    thnkzzzz mchnnnnnnnn............

  14. ඩොක් අයියා

    තැන්කු වේවා “ධනුෂ්ක ආරියරත්න” මල්ලියෝ

  15. njanadara

    thknz 4 sin sub

  16. N_R

    Thanks.

  17. Thilina Chamara

    Thank you for the sub

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
    ජයෙන් ජය.

  19. Kushan_sandaru

    Hodai...

  20. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  21. sasala

    thanks

  22. Madusankasupun

    Sub ekta thnkz mchn.....

  23. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.