ඔන්න තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද ඔයාලට අරගෙන එන්නෙ. 2017 වසරේ තිරගතවුණු Action | Thriller යන සිනමා වර්ගීකරණයට අයත් වන මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 24 ඉතාලියේදී. ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතව තියෙන්නෙ 2017 සැප්තැම්බර් පළවෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael Apted…

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද ඔයාලට අරගෙන එන්නෙ. 2017 වසරේ තිරගතවුණු Action | Thriller යන සිනමා වර්ගීකරණයට අයත් වන මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 24 ඉතාලියේදී. ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතව තියෙන්නෙ 2017 සැප්තැම්බර් පළවෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael Apted අධ්‍යක්ෂකවරයා විසින්. තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Peter O’Brien විසින්. නිෂ්පාදකවරුන් විදිහට කටයුතු කරල තියෙන්නෙ Lorenzo di Bonaventura, Georgina Townsley, Erik Howsam සහ Claudia Bluemhuber කියන කට්ටිය. Sherlock Holmes: A Game of Shadows(2011) චිත්‍රපටයේ ”Madam Simza Heron”ගේ චරිතයට සහ Prometheus (2012) චිත්‍රපටයේ ”Elizabeth Shaw”ගේ චරිතයට රංගනයෙන් දායක වූ Noomi Rapace සමඟින් Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ ”Will Turner”ගේ චරිතයට වගෙම The Lord of the Rings හා The Hobbit චිත්‍රපට මාලාවන් ද්විත්වයේ ”Legolas”ගේ චරිතයට රංගනයෙන් දායක වූ Orlando Bloom මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වන අතර සෙසු රංගන ශිල්පීන් වශයෙන් Michael Douglas, John Malkovich, Toni Collett, Jessica Boone, Adelayo Adedayo සහ Makram Khoury රංගන දායකත්වය ලබාදී තිබෙනවා. චෙක් ජනරජයේ සහ එංගලන්තයේදී රූගතකිරීම් සිදුකරපු මේ සලරුව නිෂ්පාදනය කරල තියෙන්නෙ Bloom, Di Bonaventura Pictures, Lipsync Productions, SRA Productions සහ Silver Reel යන නිෂ්පාදන සමාගම් වල දායකත්වයෙන්. IMDb දර්ශකයේ 6.1/10ක අගයක් සහ Rotten Tomatoes හි 23%ක ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්වූ මේ චිත්‍රපටය බෙදාහැරීම සිදුකරල තියෙන්නෙ Lionsgate සමාගම මඟින්.
ඉතින් කතාව ගැන කියන්න කලින් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා, ඒ තමයි හසන්ත වික්‍රමරත්ත අයියා. හසා අයියා මේ උපසිරසිය කරන් යද්දි ගොඩක් දේවල් කියල දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් හසා අයියට ස්තුතියක් ලැබෙන්නම ඕනි.
හරි එහෙනම් කතාව පැත්තට ගියොත් අද මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද මේ චිත්‍රපටිය බලලම ඕනි කතාව තේරුම්ගන්න. ඉතින් බ්‍රිතාන්‍යයේ පිහිටුවල තියන CIA මූලස්ථානයේ නිළදාරීන් ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුව පුදගලයෙක්ව අත්අඩංගුවට ගන්නවා. වැඩිදුර තොරතුරු ලැබුණම CIA නිළදාරීන් විශ්වාස කරනවා මේ පුද්ගලයා ඉමාම් යසීඩ් කලීල් කියන ත්‍රස්තවාදී නායකයාගෙන් ජිහාඩ් අරමුදල් භාරකාරයෙක් විදිහට කටයුතු කරන ඩේවිඩ් මර්සර් කියන තැනැත්තාට පණිවිඩයක් අරන් යන පණිවිඩකාරයෙක් කියල. ඒ වගෙම ඒ පණිවිඩයෙන් බ්‍රිතාන්‍යයේ ඇමෙරිකානු ඉලක්කයකට එල්ලකෙරෙන ප්‍රහාරයකට නියෝග ලබාදීල තියනවා කියල වගෙම ඒ ප්‍රහාරය ජීව අවි ප්‍රහාරයක් විය හැකි බවටත් ඔවුන් සැක කරනවා. මේ අතරෙ කලින් දක්ෂ CIA ප්‍රශ්නකිරීමේ නිළදාරිනියක් විදිහට සේවයේ නිරත වුණු, වෘත්තීය ජීවිතේදි මුහුණ දෙන්න සිදුවුණු කණගාටුදායක සිදුවීමක් නිසා CIA ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වෙලා සමාජ සේවා මධ්‍යස්ථානයක සේවය කරන ඇලෙක්ස් රෙසීන් කියන නිළදාරිනියට ලන්ඩන් CIA මධ්‍යස්ථානයේ ප්‍රධානියෙක් කියල හඳුන්වන ෆ්රෑන්ක් සටර් කියන නිළදාරියා ඇවිත් ඔවුන් අල්ලගත්තු පුද්ගලයාගෙන් ප්‍රශ්නකිරීමක් කරන්න කියල කියනවා. මේ සිද්දිය රතු ප්‍රමුඛතාවයක් කියලත් කියන නිසා ඇලෙක්ස් ප්‍රශ්නකිරීමක් කරන්න කැමතිවෙනවා. ඇලෙක්ස් මේ රැඳවියාගෙන් ප්‍රශ්නකිරීම් කරන අතරෙ CIA මූලස්ථානයේ ඇලෙක්ස්ගේ සේවා භාර නිළදාරියා විදිහට කටයුතු කරපු එඩ් රොම්ලිගෙන් ඇලෙක්ස්ට ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමෙන් ඇලෙක්ස්ට කියන්නෙත් CIA බාරයේ ඉන්න රැද,වියාගෙන් ප්‍රශ්නකිරීමක් සිදුකරන්න කියලයි. ඉතින් ඇලෙක්ස් කියනවා ඇය ලන්ඩන් මධ්‍යස්ථානයේ නිළදාරීන් එක්ක දැනටමත් ප්‍රශ්නකිරීම් කරනවා කියල. ඒත් එඩ් රොම්ලි කියන්නෙ මූලස්ථානයෙන් ලන්ඩන් වලට ඒ ගැන දැනුම්දීමක් කළේ නැහැ කියලයි. ඉතින් ඇලෙක්ස්ට තේරුම් යනවා ෆ්රෑන්ක් සටර් කියල තමන්ව හඳුන්වපු කෙනා ඇත්තටම CIA නිළදාරියෙක් නෙවෙයි කියල. ඔන්න ඔය විදිහට තමයි කතාව පටන් ගන්නෙ. විස්තරේ අපැහැදිලි වගේ වුණාට චිත්‍රපටිය බලනකොට හැමදෙයක්ම පැහැදිලි කරගන්න පුළුවන් වෙයි…
”ගෝලීය වයිරස තමයි මිනිස් සංහතියට තියන විශාලතම තර්ජනය.”
එරික් ලෑශ්.
.
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent link.
Unlocked.2017.BDRip.X264-AMIABLE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
37 comments
Udara Damith B/K
Udara Damith B/K
`````````හිස් පුද්ගලයට බුද්දිය නොපෙනේ ~~~~~~~~~~
ආතර් ෂෝපෙන්ගර්Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Buddi
Thanks......
AWNCK
Thanks bro.....
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraMuditha
good job brother
obata jayaSulakshana Thilakarathna
උපසිරැසියට බෙහෙවින් ස්තුතියි!! සවිස්තරාත්මක ලිපියක්. ඔබට ජයෙන් ජයම වේවා!!
Silent$
Thnxxxxxxxxxxxxx
Lakmal
Elama. Shaho thanks
downloadmkv.ml. Me site eken br rip eka ganna puluwanඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fernando
බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!
Mithun
Sab eka gatta obata jaya .... niyamai saho
prabash
thanks sub ekata puluwannam (The Hitmans Bodyguard 2017) me fillm ekata sub dennako
Elama saho thanks
Downloadmkv.ml
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!අසිත
elama saho thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~hasith
tnx bro supiriyak wage
Pushpa Keerthi
ThanK MachO WelL DonE............!!!!!!!!!!!!!!!!!!!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Thushan Madusanka
කාලයක් බලාගෙන හිටියා මේකට මේකට සබ් එකක් එනකන්. දැන් එකක් ආවනේ.බොහොම ස්තූතියි සහෝ.බුදුසරණයි
tharangani
thanx
රවින්
සබට ස්තුතියි
chinthaka
thank you very much bro.............
Dulanga
Thanks
Ravindu Rukshan
thx
thusitha Premarathna
thanks bro
sami@456
thanks
othgamuwa
සබ් එකට බොහොම ස්තුතියි ඉසුරු
Juanluis
Thnq sahoo
sadheep
thx bro.....
wcr
Thank you!
Ranga_chandimal
Thnx mhooo
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna ගත්තා
ස්තුතියි