Watch Trailer

Ninnu Kori (2017) With Sinhala Subtitles | ඔබට සුභපතමි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේක තෙලිගු ෆිලුමක්.මම හිතන්නේ මේකත් තෙලිගු රසිකයන් බලාගෙන හිටපු ෆිලුමක්.ඒත් හැමෝටම දැනගන්න ෆිලුම ගැන පොඩි විස්තරයක් කරන්නම්.මේක අයත්වෙන්නේ Comedy, Romance ප්‍රභේදයන්ට.Nenu Local (2017),Gentleman (2016) වගේ මෑත කාලීනව ජනප්‍රිය වුනු චිත්‍රපටවලට රංගනය…

ඔන්න තවත් අලුත්ම ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේක තෙලිගු ෆිලුමක්.මම හිතන්නේ මේකත් තෙලිගු රසිකයන් බලාගෙන හිටපු ෆිලුමක්.ඒත් හැමෝටම දැනගන්න ෆිලුම ගැන පොඩි විස්තරයක් කරන්නම්.මේක අයත්වෙන්නේ Comedy, Romance ප්‍රභේදයන්ට.Nenu Local (2017),Gentleman (2016) වගේ මෑත කාලීනව ජනප්‍රිය වුනු චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු Nani මෙහි සුපිරි තරුව ලෙස රඟපානවා.ඒ වගේම Nivetha Thomas තමයි ප්‍රධාන නිළිය.එයත් Gentleman(2016) ෆිලුමට රංගනයෙන් දායක වුනා.ඒ වගේම තෙලිගු,දමිළ චිත්‍රපටි කිහිපයකම ප්‍රතිවීර චරිතයට පණ පොවපු Aadhi Pinisetty මෙහි වෙනස් චරිතයකට පණ පොවනවා.ජූලි 7වෙනිදා තිරගතවීම් අරඹපු මේ ෆිලුමට සෑහෙන ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බවක් තමයි ගොඩක් චිත්‍රපටි සම්බන්ධ මුලාශ්‍ර වලින් කියවෙන්නේ.ඒ වගේම ෆිලුමේ රූගත කිරීම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ සහ ඉන්දියාවේදී.

ෆිලුම පටන්ගන්නේ පල්ලවී උදේ අවදිවෙලා තමන්ගේ සැමියා-අරුන් සොයන සිද්දියත් එක්ක.මේ කියන දවසේ තමයි මේ දෙන්නගේ විවාහයේ පළවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ.ඒ වෙනුවෙන් අරුන් පල්ලවීට පුදුමකිරීමක් ලැහැස්ති කරලා තියෙනවා.ඒ වගේම පල්ලවීට අරුන්ගෙන් ලස්සන තෑග්ගකුත් ලැබෙනවා.මේ දේවල් එක්ක මේ දෙන්නා බොහොම ආදරයෙන් ඉන්න යුවලක් කියලා තමයි අපිට හිතෙන්නේ.මේ අතර අරුන් එයාගේ රැකියාවට යන්න ලැහැස්ති වෙද්දී පල්ලවී කියනවා විවාහ සංවත්සරයේ සාදයේ වැඩ හින්දා පල්ලවී එදා එයාගේ රැකියාවට යන්නේ නැති බව.ඒත් අරුන් ගෙදරින් පිටවෙලා ගිය ගමන් පල්ලවී බොහොම කලබලයෙන් ලැහැස්තිවෙලා ගෙදරින් එලියට බහිනවා.එයා මේ විදියට එලියට ගිහින් හමුවෙන්නේ උමා කියන තවත් තරුනයෙක්ව.මෙයාගේ පැමිණීමෙන් උමා ගොඩක් සතුටු වෙනවා.ඔය විදියට තමයි ෆිලුම පටන්ගන්නේ.

තෙලිගු ආදර කතා බලන්න කැමති අයට අනිවාර්යෙන්ම ෆිලුම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා! ෆිලුමේ ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා.මේකේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ මෑත කාලීනව ජනප්‍රිය වුනු විශාල මලයාලම් චිත්‍රපට සංඛ්‍යාවකට සහ තවත් දමිළ,තෙලිගු චිත්‍රපටවලට සංගීතය සැපයූ Gopi Sundar.මේකේ හොඳ පිටපතක් අන්තර්ජාලයට මීට සති කිහිපයකට කලින් නිකුත් වුනත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙන්නේ නම් මීට දින කිහිපයකට කලින්.ඒක දැකපු ගමන් තමයි ෆිලුම භාර අරගෙන කරන්න ගත්තේ.මේ ෆිලුම මම උපසිරැසිකරණය කරපු ෆිලුම් විසි හතෙන් පළවෙනි තෙලිගු උපසිරැසි ගැන්වීම.ඒ නිසා ෆිලුම බලලා උපසිරැසිය ගැන යම් අදහසකුත් දාලා යන්න අමතක කරන්න එපා කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු! එතෙක් ඔබට ජය!

 

 

Ninnu Kori (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ninnu Kori (2017) Telugu HDRip

Ninnu Kori (2017) Telugu WebRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

35 comments

  1. Kaushan_P_Herath

    පහරක් වගේ.සබට තෑන්ක්ස් බොක්ක

  2. saliya bandara

    උපසිරසියට ස්තුතියි

  3. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  4. Naveen Lakshan

    CIA Dulqar Salman ගේ ෆිලුමේ හෝද කොපියක් ඇවිත් සහෝ එකටත් ඉක්මනින් සබ් ඔනි සුබ පතනවා

  5. SPD

    අම්මට සිරි..
    කොල්ලා තෙලුඟු වලටත් බැහැලා.
    එල එල නියමයි.
    ෆිලුම බාගන බලාගන හිටියේ ඉක්මනට සබ එනකං.
    අද ඒක කොහොමහරි බලන්න ඕන.
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    Comrade in America (2017) ෆිලුමත් බාගන මේ බලාගන ඉන්නේ තරිඳු සහෝ ඉක්මනට සබ දෙනකං.
    ඉක්මනට ලැබෙයි කියල හිතනවා.
    දිගටම සිංහල උපසිරසි කරන්න ශක්තිය ලැබෙන්න ඕන.
    ජයෙන් ජයම වේවා...!!!

  6. දමිත්

    සබට ස්තුතියි සහෝ...
    ජයෙන් ජය..

  7. Kulanjana Maduranga

    niayamai…bamak thama..ela..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    මේක සුපිරියක් කියලා ආරංචියි.
    බලන්න ඕන ලිස්ට් එකට දාගන්න ඕන. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  9. sam

    Bohoma isthuthii..machan..film 1 nm bawa..sub 1 danakn htye..
    Fidaa..telugu movie 1tath sub 1 demu saho..
    Again thanks machan

  10. Shiran Udara

    thanx

  11. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  12. Silent$

    Thnxxxxxxxxxxxxx

  13. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ....

  14. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ජය වේවා!!

  15. Pradharaka Maheeshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ගොඩක් ආස නලුවෙක් Nani...

  16. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  19. sachith silva

    saho mata me sub eka downloard kranna bne

  20. දිල්ශාන් සචින්ත

    අම්මෝ කියන්න වචන නෑ සහෝ. පට්ට ලස්සන ෆිල්ම් එකක්. සබ් එකත් සුපිරියටම තිබුනා. බොහොම ඉස්තූතියී. ඉස්සරහටත් මේ වගේ ලස්සන ෆිල්ම් වලට සබ් දෙමු. ජය.

  21. Mithun

    බලලාම කියන්නම් සුපිරි වැඩක් ලොක්ක ඔන්න මෙක ගන්නව
    කලින් ගෙනාව ටැමිල එකත් නියමයි

    1. Mithun

      Meka supiri film ekak kiyala ආරංචි una oyaa karana wadata godak stuthi command ekak danna danna watin hindai digatama hod ewa tikak dmu dunna wage aniwa fatta asawan ganna

  22. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  23. Chami.S

    Thanks...

  24. Pasindu88

    Sub ekata thanks. Eth sub eka download karanna ba, 403 error eka enawa.

  25. aruna

    Fidaa 2017 සබ් පුලුවන්නම් දාන්න මචෝ

  26. -T.L-

    Thankz bro

  27. Thara

    thanks machan sub ekata.. good luck!

  28. rusiru

    weekend love thelugu eketh sub දාන්නකෝ....

  29. kasun sudangama

    patta film ekata patta sub eka thanks brother

  30. malith

    Ela ela

  31. avishka360

    sub ekta thanks

  32. Chathu_dhana

    onna gththa. thnkz

  33. SATHSARA

    THAAAAANKX

  34. Anonymous

    Sub eka page eken ayin karalada?mata sub eka denna puluvanda me film eke

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.