Valatty (2023) Sinhala Subtitles නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රප…

Valatty (2023) Sinhala Subtitles
නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, POOVAN එසේ අමතක නොවන නිර්මාණ කීපයක්. මේ චිත්‍රපට සත්ත්ව ක්‍රියාකාරකම් සහිත මිනිස් කතා උනත් මේ කතාව මිනිස් ක්‍රියා කාරකම් සහිත බලු කතාවක්. මෙය ඇත්තම සත්තු රඟපාන VFX රහිත ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බව කියැවෙනවා.
මිනිසුන්ගේ ක්‍රියාකාර කම් නිසා අපහසුතාවන්ට ලක්වෙන සුනඛ ලෝකය තමයි කතාවට පාදක වෙන්නෙ. ටොමී සහ අමලු අසල්වාසී බලු පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ ආදරයට බලු ප්‍රශ්ණ නැතත්, වර්ගය පමණක් නෙමෙයි, ආගම, කුලය පවා ඔවුන්ගේ හාම්පුතුන්ට ගැටළුවක්.ඔවුන්ගේ ආදරය හාම්පුතුන් අතර ගැටුම් ඇති කරද්දී දෙන්නා අතින් සුළු වැරදීමක් වෙනවා.මොකද ඉතිං බල්ලන්ට උපත් පාලනය ක්‍රමවේද තියනවායැ. එයින් ඇතිවන ගැටළු මැද පලා යන මේ ජෝඩුවට අත්විඳින්නට සිදුවන සිදුවීම් පෙළක් තමයි මෙහි තියෙන්නෙ.
Valatty (2023) Sinhala Subtitles
මේක සිරා කතාවක් නෙමෙයි. අන්තිම සරල නිර්මාණයක්. කොහොම උනත් ඉංදියානු රසිකයො මේ උත්සාහය සාදරයෙන් වැළඳ ගෙන තියෙනවා. මේ නත්තල් සමයේ දරුවොත් එක්ක සැහැල්ලුවෙන් බලන්න ආරාධනා කරනවා. ඔබ මලයාලි රසිකයෙක් නම් මේකෙ බල්ලොන්ගෙ කටහඬවල් ලේසියෙන්ම හඳුනා ගනීවි. ඒ මේකට හඬ කවල තියෙන්නෙ ජනප්‍රියම නළු නිළියො කිහිප දෙනෙක් නිසා.
Valatty (2023) Sinhala Subtitles
දේවන් ජයකුමාර්ගෙ අධ්‍යක්ෂනයක් වන මෙහි මිනිස් චරිත DEW MOHAN, MAHIMA NAMBIAR, VIJAY BABU, SRIKANTH MURALI රඟපාන අතර ROSHAN MATHEW, RAVEENA RAVI, SOUBIN SHAHIR, SUNNY WAYNE සහ INDRANS හඬ කැවීම් වලින් දායක වෙනවා.
එහෙනම් නත්තලට පෙර තව එකක් ගෙන එන්නම්. ඔබ සැමට සුභ නත්තලක් වේවා!
Valatty (2023) Sinhala Subtitles
ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
4,061 downloadsDownload Valatty-2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Valatty (2023) Sinhala Subtitles

Subtitles by
BANDULA K
Subtitles
6 comments
Buddhika Lakmal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Naveen Mbr
බොහොම ස්තූතියි සහෝදරයා! තව තවත් හොඳ නිර්මාණ වලට උපසිරැසි අරගෙන එන්න. ජයෙන් ජය!
Harshana Dissanayaka
Thank You Sub ekata.....
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie


ට්‍රේලර් එක බැලුව බං.... හම්මෝ පට්ට ආතල්මූවි එකක් වගේ....
මේ වගේ ෆිල්ම් හොයාගෙන ඒවාට සබ් කරලා අපිටත් රසවිදින්න දෙනවට බොහෝම ස්තූතියි මචෝ.....