අද දවස, මේ උපසිරැසිය මට බොහොම විශේෂයි. මොකද උපසිරසි ජීවිතයේ තවත් එක් කඩයිමක් අද සනිටුහන් වෙනවා. හැමදාමත් වගේ මගේ උපසිරසි ජීවිතයේ කඩයිම් සනිටුහන් වුන දින වකවානු සදහන් කොරලම පටන් ගන්නම්. පළමු උපසිරැසිය 2015.04.19 50වන උපසිරැසිය 2015.10.23 100වැනි උපසිරැසිය 2016.03.10 150වැනි උපසිරැසිය 2016.09.13 200ව…

අද දවස, මේ උපසිරැසිය මට බොහොම විශේෂයි. මොකද උපසිරසි ජීවිතයේ තවත් එක් කඩයිමක් අද සනිටුහන් වෙනවා. හැමදාමත් වගේ මගේ උපසිරසි ජීවිතයේ කඩයිම් සනිටුහන් වුන දින වකවානු සදහන් කොරලම පටන් ගන්නම්.
- පළමු උපසිරැසිය 2015.04.19
- 50වන උපසිරැසිය 2015.10.23
- 100වැනි උපසිරැසිය 2016.03.10
- 150වැනි උපසිරැසිය 2016.09.13
- 200වැනි උපසිරැසිය 2017.02.23
- 250වැනි උපසිරැසිය 2017.09.11
- 300වැනි උපසිරැසිය 2018.04.23
- 350වැනි උපසිරැසිය 2018.11.11
- 400වැනි උපසිරැසිය 2019.07.10
- 450වැනි උපසිරැසිය 2019.11.12
යන දිනයන්වල සනිටුහන් වෙලා තියෙනවා.
මේ අවස්ථාවේ දීර්ඝ වශයෙන් ලිපියක් ලියන්නෙ නැතුව ඉතාම කෙටියෙන් සදහන් කරන්න ඕන වසර 5කට අධික කාලයක් බයිස්කෝප් අඩවිය සමග ආපු මේ දීර්ඝ ගමනෙදි බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ල මෙන්ම සමස්ත උපසිරසිකරුවන් සියලු දෙනාවම ඉතාම ආදරයෙන් යුතුව මතක් කරනවා. කාවවත් නම් වශයෙන් සදහන් කරන්න යන්නෙ නෑ, මොකද ඉන්න පිරිසෙ හැටියට නම් වශයෙන් සදහන් කරන්න ගියොත් ඒ සදහා වෙනමම පිටුවක් වෙන් කරන්නට වෙනවා වගේම කාගේ හරි නමක් අමතක උනොත් ඒකත් හොද මදි නොවෑ.. ඉතින් බයිස්කෝප් අඩවිය නිසාම පෞද්ගලිකවම ඉතාම හොද මිතුරු මිතුරියන් පවා හදුනා ගන්නට ලැබුනා. ඒ වගේම හැමදාමත් අපෙන් උපසිරසි ලබා ගෙන සිය අදහස් උදහස් පළ කරලා යන ප්‍රේක්‍ෂක පිරිසගෙ දිරිමත් කිරීම නොවෙන්නට මේ තරම් දිගු ගමනක් බයිස්කෝප් අඩවිය සමග මා නොඑන්නට තිබුනා. ඉතින් ඒ නිසාම ඔවුන්ටත් විශේෂයෙන් ස්තුති කරන්නට ඕන. එහෙමනම් අපි දැන් චිත්‍රපටිය ගැන පොඩ්ඩක් බලමු.

2020 වසරේ ජැකී චෑන් රංගනයෙන් දායක වෙන වැන්ගාර්ඩ් සිනමාපටය මුලින්ම තිරගත නියමිත වෙලා තිබ්බේ ජනවාරි මාසයේ. හැබැයි ලෝක කොරෝනා වසංගතය නිසා මේ චිත්‍රපටිය දින නියමයක් නොමැතිව කල් යාම නිසා සැප්තැම්බර් වගේ වෙනකම් බලා ඉන්න වෙනවා තිරගත කරන්න. එහෙම බලා ඉදලා තිරගත වෙච්ච වැන්ගාර්ඩ් චිත්‍රපටයට IMDB අගය 4.4ක් වැනි අගයක් තමා ලැබිලා තියෙන්නෙ. ඒ වගේම කොරෝනා වසංගතයට හසු වුන අනෙක් චිත්‍රපටි වගේම මේ සිනමාපටයත් අපේක්ෂිත ආදායම් වෙත ළගා වී නැහැ.
Stanley Tongගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන චිත්‍රපටයේ ජැකී චෑන් සමග miya muqi, Yang yang, Zhu zhenzing, Jackson lou, Brahim Achabbakhe, Eyad Hourani යන නළුනිලියන් රංගනයෙන් දායක වෙනවා.
වැන්ගාර්ඩ් කියන්නෙ ජාත්‍යන්තර ආරක්‍ෂක සමාගමක්. චීන අළුත් අවුරුදු උත්සවයක් අතරතුර වැන්ගාර්ඩ් සමාගමේ සේවය ලබා ගන්නා VIP යුවළක් ලන්ඩනයෙදි පැහැර ගැනීමකට ලක් වෙනවත් එක්කම ඔවුන්ව මුදාගැනීමේ කාර්‍යයට වැන්ගාර්ඩ් ආයතනය මැදිහත් වෙනවා. මේ යුවළ පැහැරගැනීමේ කාර්‍යය තවත් ජාත්‍යන්තර කුලී හමුදා සංවිධානයක් විසින් සිද්ධ කරන අතර ඔවුන්ට ඒ සදහා අණ ලබා දෙන්නෙ ත්‍රස්ත සංවිධානයක නායකයෙක්.
ඔහු විසින් දිගින් දිගටම කරන ප්‍රයත්නයන්වලදි වැන්ගාර්ඩ් ආයතනයේ ආරක්‍ෂකයෙකු සහ පෙර පැහැරගැනීමට ලක් වූ යුවළගෙ දියණිය මේ කල්ලිය විසින් අල්ලා ගැනීමත් සමගම ඔවුන් මුදාගැනීමේ කාර්‍යයට වැන්ගාර්ඩ් ආයතනයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා වගේම, එයින් ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වීමට යන විනාශයක් ගැනත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා.
හොදයි, එහෙමනම් මොන වගේ විනාශයක් වෙයිද? ඒක වැන්ගාර්ඩ් වළක්වා ගන්නෙ කොහොමද යන දේවල් ඔයාලා බලලම දැනගන්න. ඉතින් රේටින් පොඩ්ඩක් අඩු වුනත් වෙනදා වගේම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ක්‍රියාදාම පිරුණු සිනමාපටයක් තමයි ජැකී චෑන් මෙවරත් ගෙනල්ලා තියෙන්නෙ. එසේනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB හා Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
18,541 downloadsDownload Vanguard-2020-WEB-Blu-Ray.zip117 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
92 comments
Kaviru madushanka
R_deshan
කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝ...ගුණාත්මක බවින් ඉතා ඉහල සබ් දෙන සයිට් එකේ කිහිපදෙනා අතරින් එක්කෙනෙක් තමා ඉතින්.දිගටම වැඩේ කරගෙන යමු.his dark materials S02E02 එකටත් ඉක්මනට සබ් එක දෙන්න.
මයුර
හදවතින්ම සුබපතනවා මධුක.
තවත් 500ක් ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!Kavindu12345desilva
500 suba pathum ayye
thwath upasiriasi genna shakthiya labewa kiyla pathnawa
thwath suba gennaNavodani Thilini
සිංහල උපසිරසි 500ක් සිනමාවේදීන්ට දායාද කිරීම වෙනුවෙන් ස්තූති කරන්න ඕනෙ මුලින්ම. 600ටත් මේ විදියටම යන්න හදවතින්ම සුභ පතනවා...!!!
Bobby
Supiri, Thank you very much
Udara Damith Dissanayaka
5000 hak sub karanda waasanaawa lebeewa
budu amoo
tv karanne nene den man tharahayiPrabodha
Congratulations brother. What a great achievement..
MKanishka
it's a great achievement. මෙතුවක් කල් sub ලබා දීම පිළිබදව ඔබට බොහොම ස්තුති!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
500 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයහසන්ත වික්‍රමරත්ත
සුබපැතුම් නිලුපුල් මල්ලි! 500ත් කොහොමහරි බෑ කියා කියා කෙරුවා එහෙනම්. මෙහෙම පුළුවන් වෙලේට වෙබ් අඩවිය එක්ක එකතු වෙලා සුපුරුදු විදිහට උපසිරසි ලබාදෙන්න වෙලාව ලැබෙන්න කියල පතනවා !!
Chaminda Lakruwan
අම්මෝ ජැකියගේ ෆිල්ම් එකක්නම් කොහොම නොබලා ඉන්නද
ගොඩක් ස්තූති සබ් එකටඑල්.සී. දමැල්
500වෙනි උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම්!
කොච්චර කැපකිරීමක් කරන්න ඇත්ද කියලා හිතාගන්න පුලුවන් මේ 500 ඇතුළත. ඒ කැප කරපු කාලය වෙනුවෙන් ස්තුතියි. දැන් මධුකප්‍රිය කියන්නේත් බයිස්කෝප් එකේ අමතක නොවන නමක් වෙලා අවසන් :D
ඊළඟ කඩයිම් වෙතත් ඉක්මනින් ළඟා වෙන්න හැකි වේවා කියලා වගේම ජීවිතේ වැඩත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය :)Pramod
Thanks saho. Congratulations 500 sub ekatath. Digatama yamu bro. Jaya weva.
samith
Ammoh!!! sub 500k ghnwai kiyanne lesi wadakye
Great job bro!!!
Ape rasawindanayata me wage kapawena ekta hadawathinma sthuthiyi saho...
Keep it up!!!තාරක නුවන් දිල්හාර
500ට සුභ පැතුම් මගේ සහෝදරයා..
එදා ඉඳන්ම ඉතින් අපිට ඉන්න වටිනාම සම්පතක් තමයි නිලුපුල් කියන්නේ..
වැඩිව දෙයක් නැහැ, එකෙන්ම හිත හොඳ සහෝදරයෙක්.
හදවතින්ම සුභ පැතුම් එක් කරනවා...!
පුළුවන් විදිහට ඉදිරියටත් ගේමේ ඉම්මු..
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්නත් කියල පතනවා..!
ජයෙන් ජය..!!!සචින් කෙවින්
500ට සුභ පැතුම් මචං... ආදරෙයි <3
PRANEETH
500 Suba Pathum. Patta Machan.
අචින්ත
අනේ අනේ පන් සීයටත් ඇවිල්ල....ටියුබ් ලයිට් එකක් ගිය දුරක්..හෙ හේ..උණුසුම් සුබ පැතුම් බන්...සෑහෙන කාලෙකින් උඹේ කඩයිමකට මේ සුභ පතන්නෙ........... ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලන්නව... ඔන්න ආයෙ නම් කියන්නේ නෑ...තව එක වතාවයි කියන්නේ...සමාවෙයන්...
කඩයිම් ගණනාවකට පස්සේ කොමෙන්ට් කරන කොට කියන්න දේ නම් බොහොමයි ..*ඒ වුණත් කෙටියෙන් කියන්නම්...ඉස්සල්ලම.. ස්තූතියි බන්... හැමෝම වෙනුවෙන් සයිට් එක වෙනුවෙන් මේ කරන සේවයට ස්තුතියි..මේ වෙනකල් අපි වෙනුවෙන් වැය කරපු හැම මිලි තත්පරේකටම කොටපු හැම වචනෙකටම උඹට පින්...
අවුරුදු 5ක් තිස්සේ කියන්නේ... ඒකත් මං වගේම යාවජීව සම්පත්දායකයෙක් විදිහට... අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඇත්තටම ලේසි පහසු නෑ වැඩේ.... අපි දෙන්නගෙ බැඳීමක් තියෙනවා එතනම (හික්ස්)....කොහොමවුණත් ස්තුතියි පිලුමකින් පටන් අරන් සීරිස් වලට ඇවිල්ල මේ අවුරුදු 5ට කොයිතරම් එපි ප්‍රමානෙකට උපසිරැසි දීල ඇතිද ...කොයිතරම් මඟ නතර වුණ සීරිස් ඇදල ඇතිද..අනේ ඒ සේරටම තුති.. කී ගමනක් විශ්‍රාම ගිහිල්ලල ඇතිද මේ වෙනකොට ඇත්තටම..අනේ ඉතින් පව්...අන්තිමේදී රොයිලි අයියගේ වාර්තාවත් කඩන්නයි යන්නේ...සුභ පතනවා ඒකටත් මේ ගමන්ම.....හරි එහෙනම් හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..ඇති වගේ නේද...ගිය කඩයිම් සේරමටත් එක්කල ලීවේ ඔන්න(100 එකේ කමෙන්ටුවටත් හරියන්නම)...ඇරියස් නෑ 1000දි හමුවෙමු...උඹලත් එක්ක බෑ කොරන්න නැත්තම්....ජය..!!!යුරාන් ධනුක (දනුවා)
500* වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් මධුකප්‍රිය සහෝ
ෆිල්ම්ද, ටීවී සීරීස්ද ඕන එකක් ඉක්මනටම දෙන වැඩ්ඩෙක් තමයි.
ඉක්මනටම 600*ටත් යමු.
බෝහොම ස්තූතියි උපසිරැසියට !!!PramothC
නියමයි අයියේ සුභපැතුම්! වැඩ්ඩෙක් තමයි.. සුපිරි සීරිස් එකකට සබ් ඕනී...!
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
මුලින්ම පන්සීය වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්.! බයිස්කෝප් සිංහලෙන් පවුලේ ඉන්න තවත් හොඳ සහෝදරයෙක් විදියට අඳුන්වන්නට පුලුවන්,ඒ වගේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙ ඉන්න වේගවත්ම සහ කාර්‍යශූර්ය උපසිරැසිකරුවකු විදියට ප්‍රසිද්ධ කෙනෙක් අනුන්ගෙ සිනමා රසවින්දනය උදෙසා තමන්ගේ වටිනා කාලය කැප කරන ඔබගේ අනාගතය සහ පෞද්ගලික වැඩකටයුතු සාර්ථකම වේවා.!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
500 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
නියමයි සහෝ....
500 වෙනි උපසිරසියට සුබ පැතුම්....tharidu16
500 suba pathum. lesi na seen1. maru. jayawewa
kevin D
500 වෙනි උපසිරසියට උනුසුම් සුභ පැතුම්....
Thanks....Pasindu Madumal
පන්සියයට උණුසුම් සුබපැතුම් මධුකප්‍රිය අයියේ, පෞද්ගලික ජීවිතේ ඉදිරි වැඩකටයුතු හොදින් කරගන්න කියල ප්‍රාර්ථනා කරනවා..!
ඊළග කඩයිමටත් යමු ඔහොම්ම.
සබට තුති අහ් ! ❤️Supun Kaushalya
තෑන්ක්ස් සහෝ සබ් එකට ඒ වගේම 500වෙනි සබ් එකටත් සුබ පැතුම්.!!
හේමන්ත
ස්තුතියි මධක උපසිරැසියට.....
500ට සුභ පැතුම්...
ඒ වගේම කෘතඥවෙනවා 500 ක් කරන්න කරපු කැපකිරීමට... වෙන් කරපු කාලයට..... වැය කරපු වියදම ට...ශසිත් සඳරුවන්
පන්සීය වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් නිලූ... ආය ඉතින් සබ් ගැන කියන්න දෙයක් නෑනේ. කලින් කඩඉම් වලදි ඕන තරම් කියලා තියෙනවා. වේගවත්ම උපසිරැසිකරුවන්ගෙන් කෙනෙක්. සයිට් එකේම ඉන්න දෙවෙනි පන්සීයා. :P ඉතින් පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක කරගන්න ගමන් ඉදිරි කඩඉම් වලටත් යන්න හැකියාව කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ් එකටත් බොහොම තුති කිව්වා. දිගටම සබ් දෙමු ආ... ජය!
මිලින්ද ප්‍රියලාල්
⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ⬛
➖මධුකප්‍රිය පෙරේරා ➖සුභාෂිණි මල්ලව ආරච්චි
500 වෙනි උපසිරැසියට සුභ පැතුම්.
Sohan Jayasooriya
අඩේ ටියුබ් ලයිට් අයියා 500 ගහලනේ... පලමු කඩඉම වගේ දහ ගුණයක් ඈ.. ලේසි පහසු ගමනක් නෙමේ.. මෙච්චර කල් ඒ කරපු කැපවීම මාර වටිනවා.. අයියගෙ සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් සුපිරිම තමා.. ඔයාගෙ සබ් මට මුලින්ම සෙට් උනේ Zoo සීරීස් එකෙන්... හොඳටම සබ් හදන අයගෙන් කෙනෙක් තමා අයියා.. 500 වෙනකම් දිග ගමනක් ආවා වගේ තවත් ගොඩාක් දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයවේවා අයියේ
Chalindu Deshan
congradulations machan <3
සනිඳු ලක්ඛිත
500 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ.. බයිස්කෝප් එකේ කීපදෙනෙක් විතරක් පහු කරපු දිනුම් කණුවක් තමා මේ.. උපසිරස 500ක් කරන්න වෙච්ච මහන්සිය දන්නේ ඒක කරපු මනුස්සයාම විතරයි... ඉදිරියටත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම ජීවිතේ හැම කටයුත්තක්ම සිතූ පැතූ විදියට ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.. බුදුසරණයි...!
Kavi Sadev
කියන්න වචන නෑ අයියේ, උඹලා මහන්සි වෙලා හදන මේ සබ් එක දාල අපි ෆිලුමේ තියන උපරිම ආතල් එක ගන්නවා. සබ් එක නැත්නම් අපට ෆිලුම නිකම් ලුණු නැති හොද්ද වගේ. කියන්න වචන නෑ. සදා ජයෙන් ජය..! සුභ පැතුම් !
asanka
congrats bro for 500th sub
keep it upsuranuwan
thanks bro...
Anonymous
Supiri filumak wage
Jaya wewadamith
Thank
;)TPK
Love 020 drama eke sinhala sub dennako......
TPK
Idiriyatath me wagema sub genna
Himal Sandaruwan
Congrats for 500
Rakitha Poornima Ranathunga
සුභපැතුම් අයියෙ..තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
Yohan
Congrats for 500th
Thanks broහෙළිලි
උණුසුම් සුබ පැතුම් මල්ලි. උපසිරැසිකරුවෙක්ට ලේසියෙන් ළඟා වෙන්න බැරි තැනකටයි මේ ඔයා ඇවිත් ඉන්නේ. ඒ කැපවීමට අනේකවාරයක් ස්තූතියි!
ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!නලින් පෙරේරා
ස්තුතියි සබට කොල්ලා, 500ක් ගහනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා අපි හොදටම දන්නවා නොවැ! සබ් කෙරුවාවත් එක්ක ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක කොර ගන්නට හැකියාව ලැබේවා කියලා මුහුණට නොකීවත් හදවතින් පතනවා එක සිතින්ම... ඔව්.
1000න් නැවත හමුවෙමු!
ජය වේවා!
Kevin
Supiri saho
Digatama sub demuKevin
Niyamai bro
Digatama sub demu-චානක ඉඳුනිල්-
500 වෙනි කඩයිම පසු කරීම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්,
500ක් කියන්නේ ලේසිපාසු දෙයක් නෙවෙයි, කැප කරපු කාලයට බොහොම ස්තූතියී!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුභ පතනවා යාලූ..500 වෙනි උපසිරැසියට..උපසිරැසි 500ක් කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි.. මදුකප්‍රිය කියන්නේ ඉතින් බයිස්කෝප් එකේ ලෙජන්ඩ් කෙනෙක් තමයි...දීර්ඝ ගමනකට ජය...