Watch Trailer

Dead Reckoning (2020) Sinhala Subtitles | වෛරයෙන් වෛරය නොසන්සිදේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ළමායි, ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට තවත් ෆිලුමක් අරන් ආවා. වැසි දෙවියගේ කරදර නොතිබුනානම් මීට කලින් මේක දෙනවා. 2020 නොවැම්බර් 13 තමයි මේක ප්‍රථම වරට වීඩීයෝ ඔන් ඩිමාන්ඩ් ක්‍රමය හරහා නිකුත් වෙන්නේ. මේ වෙනකොට 4.3 ක IMDb අගයක් ලබා ගැනීමටත් 72% ගූගල් පරිශීලක මනාප ලබාගැනීමටත් මෙය සමත් වෙලා තිබෙනවා වග…

කොහොමද ළමායි, ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට තවත් ෆිලුමක් අරන් ආවා. වැසි දෙවියගේ කරදර නොතිබුනානම් මීට කලින් මේක දෙනවා. 2020 නොවැම්බර් 13 තමයි මේක ප්‍රථම වරට වීඩීයෝ ඔන් ඩිමාන්ඩ් ක්‍රමය හරහා නිකුත් වෙන්නේ. මේ වෙනකොට 4.3 ක IMDb අගයක් ලබා ගැනීමටත් 72% ගූගල් පරිශීලක මනාප ලබාගැනීමටත් මෙය සමත් වෙලා තිබෙනවා වගේම Action\Thriller යන කාණ්ඩ යටතේ වර්ගකරණය වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය Kristin Alexandre සහ A. Wayne Carter අතින් සිදු වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Andrzej Bartkowiak විසින්. ඒ වගේම රංගනයෙන් දායකවෙන්නේ Riverdale රූපවාහීනි කතා මාලාවේ “ආචී” ලෙස අතිශය ජන්ප්‍රිය වූ K.J. Apa, අතිදක්ෂ සටන් ශිල්පියෙකු සහ ක්‍රියාදාම නළුවෙකු වන Scott Adkins, සුරූපි නිළි India Eisley සහ James Remar යන රංගන ශිලිපීන් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

ටිලී කියන්නේ ඇමරිකාවේ නැන්ටකට් දූපතේ ජීවත් වෙන ගෑණු ළමයෙක්, එයාගේ දෙමව්පියන් හදිසි අනතුරකින් නැතිවෙලා නිසා ටිලී එයාගේ නැන්දා ළග තමයි ජීවත් වෙන්නේ. එහෙම ඉද්දි ටිලීට මුණගැහෙනවා නීකෝ කියලා නැගෙනහිර යුරෝපයෙන් ඇමරිකාවට සංක්‍රමණය වෙලා මහන්සිවෙලා හම්බකරන ගමන් ඉගෙනගන්න කෙනෙක්. නීකෝටත්, ටිලීට වගේම දෙමව්පියන් නෑ. ඒක දැනගන්න මේ දෙන්නා බොහෝම ඉක්මනටම ආදරයෙන් බැඳෙනවා. මේ අතර ටිලීගේ පියාගේ යාළුවෙක් නැන්ටකට්වලට ඇවිත් එයාලට කියනවා ටිලීගේ දෙමව්පියන්ගේ මරණය හදිසි අනතුරක් නෙමෙයි මිනීමැරීමක් කියලා. ඒ වගේ මිනීමරුවා ටිලීව හොයාගෙන නැන්ටකට් වලට එයි කියලා එයා අනතුරු අගවනවා. ඒ අතරතුර නීකෝගේ අයියත් නැන්ටකට් වලට එනවා. ටිලීගේ දෙමව්පියන්ව කවුද මැරුවේ ? මොකක්ද ඒකට හේතුව ? නීකෝගේ අයියා නැන්ටකට්වලට ආවේ අහම්බෙන්ද ? තම දෙමව්පියන්ගේ මිනීමරුවගෙන් ටිලීට බේරෙන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම උත්තර මේක බලලම දැනගන්නකෝ.

ඉතිං අන්තිමට කියන්න තියෙන්නේ නේ ඔයාලගේ ප්‍රතිචාර සහ ඉල්ලීම් පහළ කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා තමයි. ඒ වගේම ගොඩක් අය උපසිරැසි හරියට වැඩ නෑ කියලා මැසේජ් කරලා තිබුනා ඒකට කරන්න තියෙන්නේ ඔයාලා බලන ප්ලේයර් එක වෙනස් කරන එක තමයි. මම පෞද්ගලිකව නිර්දේශ කරන්නේ Media Player Classic සහ POT Player තමයි. මොකද KM Player එක අපි උපසිරසිවලට පාවිච්චි කරන සමහර කලර් කෝඩ් වලට සහය දක්වන්නේ නෑ. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ කොරෝනා ආපදා කාලයේ ඔයාලා හැමෝම පරිස්සම් වෙලා ඉන්න. මේ වගේම දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා.

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,251 downloadsDownload Dead-Reckoning-2020.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

7,251 downloadsDownload Subtitles37 KB

30 comments

  1. Pasindu Madumal

    තව ඇක්ශන් එකක්..!
    සබට තුති යුරාන් අයියා ❤️

  2. Bobby

    Thank you bro

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Udaya Fdo

    Thank you

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Babyteeth (2019)
    His House (2020)
    Holidate (2020)
    Jungleland (2019)
    Kajillionaire (2020)
    (PSArips)

  6. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  7. jagath55

    Thanks

  8. Ashen

    Thank Very much ayye....

    1. Praveen Karunarathna

      අන්තිමට ඇඩෙනවා thanx for sub

  9. Anonymous

    ela ela

  10. Mando

    Thanks dhanuka bro
    Good luck baiscopelk

  11. Anonymous

    බොහොම ස්තූතියි මහත්තයෝ

  12. Sohan Jayasooriya

    ස්තූතියි අයියේ

  13. suranuwan

    thanks...

  14. Anonymous

    Thank u so much

  15. indika75

    thanks..

  16. Npm

    Phone wltnm iithin mx player thamai

  17. Anonymous

    Thank You...

  18. Prasad

    Thank You

  19. Muditha Dissanayaka

    niyami saho
    mama web eke yanakota scoot adkins dakka.
    awa gathha.
    jaya
    thawa sub digtama demu aaa

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  22. Nelson Rodrigo

    Good work friend, thanks for the sub

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Pramukmili

    Thanx bro...............

  25. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  26. Anonymous

    Thanks bro

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. mindika

    Thanks!!!

  29. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.