සුපිරි තරු රඟපෑවොත් විතරයි හොඳ ෆිලුම් නිර්මාණය වෙන්නේ කියලා හිතන අයට හොඳ පිළිතුරක් මම අද රැගෙන ආවා. ෆිලුම බාරගද්දි මමවත් හිතුවේ නෑ මේ ෆිලුම මෙච්චර හොඳ ඇති කියලා නමුත් උපසිරැසිය කරගෙන මැදක් යද්දී මෙය එක්තරා හොඳ නිර්මාණයක් කියලා තේරුම් ගියා. ඒ නිසා ටිකක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඉක්මණට ඉවරයක් කළා ඔයා…

සුපිරි තරු රඟපෑවොත් විතරයි හොඳ ෆිලුම් නිර්මාණය වෙන්නේ කියලා හිතන අයට හොඳ පිළිතුරක් මම අද රැගෙන ආවා. ෆිලුම බාරගද්දි මමවත් හිතුවේ නෑ මේ ෆිලුම මෙච්චර හොඳ ඇති කියලා නමුත් උපසිරැසිය කරගෙන මැදක් යද්දී මෙය එක්තරා හොඳ නිර්මාණයක් කියලා තේරුම් ගියා. ඒ නිසා ටිකක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඉක්මණට ඉවරයක් කළා ඔයාලටත් මේක බලන්න දෙන්න. වෙට්ට්‍රිවේල් නැත්තම් වෙට්ට්‍රි. ගොවිතැනක් කරගෙන යහමින් ජීවත් වුණ පුද්ගලයෙක්. වෙට්ට්‍රිගේ හිත ගිය කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා අතරේ කතා බහක් එහෙමත් තියනවා නමුත් දෙන්නට දෙන්නා ආදරේ ප්‍රකාශ කරලා නැහැ. වෙට්ට්‍රිගේ මල්ලි සරවනා කොලේජ් ශිෂ්‍යෙයක්. සරවනාගේ පෙම්වතිය සුභා. ඔහොම ඉද්දි සුභාට ගෙදරින් වෙනත් කටයුත්තක් බලනවා කියලා ආරංචියක් එනවා. ඉතින් කතා කරලා බැරිම තැන වෙට්ට්‍රි තීරණය කරනවා මල්ලිට උදවු කරන්න.
මල්ලිට උදවු කරන්න කියලා ගියාට මොකද වෙන්නේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ වැඩක්. එක්තරා වැරදීමකින් වෙට්ට්‍රි නිසා එක්තරා තරුණියකට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ කියන්නේ වෙට්ට්‍රිගේ මල්ලිට උදවු කිරීමේ සැලැස්මේ එකතරා අදියරකදී කොහේදෝ හිටපු ඒ අහිංසක තරුණියගේ මුළු ජීවිතයම කඩාකප්පල් වෙනවා. යන එන මං නැති වෙනවා. ඒ සියල්ලටම වගකියන්න ඕන වෙට්ට්‍රි තමයි. නමුත් මේ සිදුවීම පිළිබඳව පොලීසිය කරන විමර්ශණයේදී එම තරුණිය බොරුවක් පවසා වෙට්ට්‍රිව නිදහස් කර හරිනවා. වෙට්ට්‍රි නිදහස් වූ නමුත්, ඉන්පසු ඒ අසරණ තරුණියට යන එන මං නැතිව පාරට වැටෙනවා. මේ තරුණිය දුටු වෙට්ට්‍රි වෙන විකල්පයක් නොමැති නිසා මෙම තරුණියව ගෙදරට එක්කන් යනවා. ඒත් එක්කම ඔහුගේ ජීවිතයට අභියෝග රැසක් පැමිණෙනවා. ප්‍රධානම අභියෝගය තමයි මල්ලිට සුභාව බන්දලා දෙන එක. ඒ වෙනුවෙන් ඔහුට මැර කණ්ඩායම් සමඟ පවා ගැටෙන්න සිදු වෙනවා.
මෙය තමයි සාරාංශය. ඔයාලට දැන් හිතෙයි අයියෝ ඕකත් කතාවක්ද ඔය වගේ කතා කොච්චර තියනවද කියලා. නමුත් මම මෙහි සැබෑ කතාව සඟවා තමයි ඔයාලට විස්තර කරලා තියෙන්නේ. කතාව කීවොත් වැඩක් නෑනේ. ඉඟියක් දෙන්නම්. ඇත්තටම මල්ලිගේ කෙල්ලව පැහැර ගන්න ගිහින් තමයි ඔය කරදර සේරම වෙට්ට්‍රිගේ ඔළුවට වැටෙන්නේ. මොකද ඔහු වැරදීමකින් පැහැරගන්නේ වෙනත් තරුණියක් නිසා. ඉන් එහාට ඉතින් ඔයාලාම බලලා මේ චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා. සැරයක් බැලුවට කිසිම පාඩුවක් නෑ කියලා කියන්න කැමතියි.
ප්‍රධාන නළු සසිකුමාර්, ගරු රඟපෑම ප්‍රභූ සහ විකට නළු තම්බි රාමයියා මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙහි සිද්ධි ගැළපීමත් හරිම ලස්සනට කරලා තියනවා. ඒකට අධ්‍යක්ෂක තුමාට ලකුණක් දෙන්න ඕන. අනිත් එක තමයි මේකේ උපසිරැසිය කරද්දි ගොඩක් අමාරු වුණා මොකද මේ ගැමි-දමිළ භාෂාව නිසා. ඒ නිසා මට උදවු කරපු මගේ දමිළ හා ඉස්ලාම් මිතුරන්ටත් අරුණ්යා මෙනවියටත් ස්තුතියි. හරි එහෙනම් තවත් විස්තර ඕන නෑ. තවත් උපසිරසියකින් හමුවෙන තුරු..ජයවේවා !
700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
6bd85d75aa3c43c6a03e81ee173960a6cc9bf137 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,614 downloadsDownload Vetrivel-2016.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
24 comments
lahirulg
Kulanjana Maduranga
pattai.....danma banawa.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Akila
supiri film eka sub ekata thx bn
අනුර
thnzzz sub ekata jayaweewa.....
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
roshan
link ake pennane wena film akak
mahesh
tnx bro
eagle
Eakenma the saho ohoma degatama yanna labeva keyala wish kola hode
eagle
Thx keyala gahuwe hode
Sasika Konara
jathi aaaaa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kelum
thanks
chamil alankara
ඔන්න එහෙනම් බාගන්නවා . සහෝ බොහොම ස්තුතියි.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!silent$
Thanx bro !
vimu
sub title match wen natho hdrip 1ta
Tharaka
thaks bro...!!
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shan
Mobile divice ekata baganda kramayak naddha
Sanduni
Thank you. Harima lassana film ekak...
Chathu thee
Suppaaaaa sahoooooo
Gihan Nirmala
24 telugu film ekath dnnako sahooo
Gandhaka Indrajith
Thanks for the subtitle
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanx saho....eka a......