Watch Trailer

Vijetha (2018) Sinhala Subtitles | ජීවිත පෙරළිය ! [සිංහල උපසිරසි සමඟ]

ශ්‍රීනිවාස රාඕ, රාම් තාත්තල පුතාල, ශ්‍රීනිවාස රාඕ තමන්ගෙ පුතාට පණ වගේ ආදරෙයි. පොඩි කාලේ ඉදන්ම එයා ආස කරපු දේවල් ඉල්ලුවේ නැතත් අවශ්‍යතාවය මොකද්ද කියල දැනගෙන ඒක අරගෙන දීල එයාව සතුටින් තිබ්බා. ශ්‍රීනිවාස රාඕගෙ ආශාව ජායාරූප ශිල්පය ඒකෙන් ඉහළ තැනකට එන්න තමයි එයා සිහින මැව්වේ. ලැබුණ රස්සාවත් එපා කියල තමන්…

ශ්‍රීනිවාස රාඕ, රාම් තාත්තල පුතාල, ශ්‍රීනිවාස රාඕ තමන්ගෙ පුතාට පණ වගේ ආදරෙයි. පොඩි කාලේ ඉදන්ම එයා ආස කරපු දේවල් ඉල්ලුවේ නැතත් අවශ්‍යතාවය මොකද්ද කියල දැනගෙන ඒක අරගෙන දීල එයාව සතුටින් තිබ්බා. ශ්‍රීනිවාස රාඕගෙ ආශාව ජායාරූප ශිල්පය ඒකෙන් ඉහළ තැනකට එන්න තමයි එයා සිහින මැව්වේ. ලැබුණ රස්සාවත් එපා කියල තමන්ගෙ සිහිනය හඹාගෙන යන්න අදිටන් කරගෙන ඉද්දි දවසක් එයාට වෙන හදිසි අනතුරක් නිසා සේරම හේදිලා ගිහින් යාලුවා ගෙනාපු රස්සාවට යන්න සිද්දවෙනවා. ඒකට හේතුවෙන්නේ සිදුවුණ අනතුරෙන් පුතාගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වෙලා සැත්කමට තම මුලු සේසතම යටකරල ණය වෙන්න සිද්දවුණ නිසා. ඔහොම කාලය ගෙවීගෙන ගිහින් රාම් ලොකු වෙලා යාලුවෝ විස්ඩම් කොලේජයට ඇතුළත් වෙන නිසා කොලේජයට ඇතුලත් කරන්නත් ශ්‍රීනිවාස රාඕ ණය වෙලා හරි කටයුතු කරනවා. රාමුත් ඉගෙන ගත්ත එකෙන් රස්සාවක් කරන්න හෙව්වට ගැලපෙන රස්සාවක් හම්බවෙන්නෙ නැහැ. ඔය අතරෙම ශ්‍රීනිවාස රාඕගෙ දුවට කසාදයන් හෙව්වට ඒව හරියන්නෙ නැත්තෙ දෑවැදි ප්‍රශ්න නිසා. ඔය අතරෙම රාම්ගෙ ඉස්සරහ ගෙදර කෙල්ලට ලයින් දාන්නත් රාම් පටන් ගන්නවා. ඔය අතරෙ දවසක් ඉස්සරහ ගෙදර කෙල්ලගෙ අම්මගෙ පොඩි කාලෙ සිද්දියක් නිසා රාම් යාලුවන්ට අදහසක් ගේනවා මිනිසුන්ගෙ හිතේ තියෙන පුංචිම ආශාවක් ඉෂ්ට වුණත් එයාල කොයි තරම් සන්තෝෂයට පත් වෙනවද…ඇයි අපි ඒක වෘත්තියක් විදියට කරන්නෙ නැත්තෙ කියල.යාලුවෝ කට්ටියම කතාවෙලා “සප්‍රයිස් ප්ලෑනර්ස්” කියල සමාගමකුත් පටන් ගෙන වැඩ කීපයක්ම අරගෙන කළත් ඒවා සාර්ථක වෙන්නෙ නෑ. පස්සෙ කට්ටියම කල්පනා කරගෙන ඉද්දි ඉස්සරහ ගෙදර ගෑණු ළමයා ඇවිත් රාම්ට පැහැදිළි කරල දීල අලුත් වැඩකුත් භාර දෙනවා.

ඔන්න එතනින් පටන් ගන්න මෙයාලගෙ ජීවිතේ වෙනස් වෙන ආකාරය රාම්ගෙ බලාපොරොත්තු, ශ්‍රීනිවාස රාඕගේ  සිහිනය, ශ්‍රීනිවාස රාඕගේ දියණියගේ විවාහය මේ දේවල් එකිනෙකට ගලාගෙන ආකාරය Drama ගණයට අයත් IMDb අගය 6.6 අරගෙන තියෙන 2018 ජූලි 11 වෙනිදා තිරගතවීම ඇරැඹූ මෙය පැය 2 කුත් විනාඩි 11ක් පුරා දිවෙන මෙම තෙලුගු ෆිලුමෙන් ලස්සනට විස්තර වෙනවා. Kalyaan Dhev,Murli Sharma,Malavika Nair ප්‍රධාන වශයෙන් දායක වෙන මෙම ෆිලුම මගේ 32 වන උපසිරැසි නිර්මාණය විදියට ඔයාලට තිළිණ කරනවා. එහෙනම් ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper True HDRip පිටපත සඳහා අදාළ වේ.

7,433 downloadsDownload Vijetha-2018.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

7,433 downloadsDownload Subtitles67 KB

20 comments

  1. කවිනු වීරක්කොඩි

    Thnkq!

  2. ඔෂද ධනංජය

    category එක තෙලුගු එකට මාරු කරන්න සහෝ

  3. basura indrachapa

    ස්තූතියි උපසිරැසියට සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. malithmadhushan45

    බොහොම ස්තුතියි ඔසංධ සහෝ උපසිරසට

  6. superlahiru5678

    tanx sub ekata bro.............

  7. D.Chamara

    bohoma sthuthi sahooo ...

  8. Ayesh Prashan

    Thank You

  9. nish47

    Thanks machn

  10. Max krishan

    ස්තුතිය ❤

  11. 93

    thanks saho

  12. KASUN7703

    Thank you.

  13. 1997avishka

    Thanks bro

  14. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  17. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  18. [email protected]

    thanks bn,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa

  19. sublove

    me sub eka apita genawata bohoma sthuthi

  20. Aravinda sampath

    Thanksss