Watch Trailer

Miss Bala (2019) Sinhala Subtitle | මිතුරිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නත්, තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පහුවුණු සිංහල අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුබ පතනවා. (මොකද මේ සබ් එකක් දෙන්නේ පෙබරවාරි වලින් පස්සේ) ඒ වගේම සමාව ඉල්ලනවා මේක ටිකක්…

මුලින්ම පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නත්, තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පහුවුණු සිංහල අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුබ පතනවා. (මොකද මේ සබ් එකක් දෙන්නේ පෙබරවාරි වලින් පස්සේ)

ඒ වගේම සමාව ඉල්ලනවා මේක ටිකක් ප්‍රමාද වුණු එකට. ෆිල්ම් එක ගත්තේ අප්‍රේල් 10. ඒත් සබ් එකේ ස්පාඤ්ඤ භාෂාවෙනුත් ගොඩක් තැන් තිබුණු නිසා ටිකක් හෙමින් තමයි වැඩේ කෙරුණේ. ඒ අතරේ අවුරුද්ද, ට්‍රිප් එකක් සහ ඉන් පස්සේ වෙච්ච සිදුවීම් නිසාත් වැඩේට අත නොගහ නිකම් හිටපු දවසුත් තිබුණා.

හැබැයි පරක්කු වෙච්ච එකෙන් හොඳකුත් වුණා. මං ෆිල්ම් එක ගනිද්දී නම් තිබුණේ බාල තත්වයේ කැමරා කොපියක් විතරයි. මේක පරක්කු වෙන අතරේ හොඳ කොපියක් ඇවිල්ලා. මං සබ් එක හදල එව්වට පස්සේ තිසර නියෝ සහෝ තමයි ඒක කිව්වේ. ඒකට ස්තුති කරන්නත් ඕන. ඒ පාර ඔන්න ආපහු ඒ හොඳ එකට හරියන්න සබ් එක හැදුවා එහෙනම්.

ඉතින් මගේ 22 වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා තිරගත වුණු Miss Bala කියන ෆිල්ම් එක. මේක මේ නමින්ම 2011 වසරේ නිර්මාණය වුණු මෙක්සිකානු චිත්‍රපටියක් ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. Catherine Hardwicke ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේකෙ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ Gina Rodriguez. Action, Drama, Thriller කියන කාණ්ඩ වලට අයත් මේකට දැනට IMDB අගය 5.3ක් ලැබිල තියනවා.

Miss Sri Lanka, Miss World වගේ රූප රැජිණියක් නම් නෙවෙයි Miss Bala කියන්නේ. Bala කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් “උණ්ඩ” කියන එක. ඒ වගේම මෙක්සිකෝව කිව්ව ගමන් ඕන කෙනෙකුට මතකෙට එන දෙයක් තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි. එතකොට මොන වගේ කතාවක්ද කියල හිතාගන්න පුළුවන් නේ.

ග්ලෝරියා කියන්නේ මෙක්සිකෝවේ කාලයක් හැදුණු වැඩුණු ඇමරිකානු තරුණියක්. ඇය රූපලාවන්‍ය ශිල්පිණියක්. ඇගේ මෙක්සිකෝවේ මිතුරියක් ඒ පළාතේ රූ රැජිණ තරඟයකට ඉදිරිපත් වෙන නිසා ඒකෙ වැඩකටයුතු වෙනුවෙන් ඇය ඒ මිතුරියගේ නිවසට එනවා. දවසක් මේ දෙන්න රාත්‍රී සමාජ ශාලාවකට ගිය අතරේ එතනට පාතාල කල්ලියක ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් පස්සේ බලද්දී ග්ලෝරියාගේ මිතුරිය වුණු සුසු අතුරුදහන් වෙලා. ඒ ගැන පොලීසියට කියන්න යන අතරෙදි මෙයාත් පාතාල කල්ලියට අහුවෙනවා. ඉතින් මිතුරිය හොයල දෙන්න නම් ඔවුන් කියන විදියට වැඩ කරන්න ඇයට සිදුවෙනවා.

ඉතින් පාතාල කල්ලියක් එක්ක වැඩ කරද්දී මුහුණ දෙන්න වෙන්නේ මොනවටද, යාළුවා හොයාගන්න පුළුවන් වේවිද කියන එක ෆිල්ම් එක අරගෙන බලන්න.

එහෙමනම් ආයේ සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල ඇතුළු සහෝදර උපසිරැසි කරුවන්ටත්, සබ් ගන්න එන හැමෝටමත් සුබ දවසක් වේවා

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

6,981 downloadsDownload Miss-Bala-2019.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

6,981 downloadsDownload Subtitles35 KB

29 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooosub ekata...

  2. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata...
    Jaya wewa.!

  3. ravindu_1987

    Thank you

  4. dsdkavishka

    Thenks for sub

  5. malithmadhushan45

    බොහොම ස්තුතියි සහො උපසිරසට දෙනකන් හිටියේ

  6. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  7. aks

    Thanks...

  8. rangika Kariyawasam

    බෝම තුති සහෝ.ජයවේවා

  9. gihan perera

    ස්තුතියි සහෝ....මග බලන් හිටිය ෆිලුමක් මේක....ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  10. thilz

    thank youu

  11. Suranjan

    Thanks machan.....jayawewa.....!

  12. subodha

    Thanks

  13. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Chamindalakruwan

    Tnz sub ekata bro

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. RavindraRishantha

    ජය වෙිවා නියමයිි

  18. dskumara

    Thank u

  19. nish47

    Thanks bro
    Jaya Wewa !!!

  20. ishan1653

    tks

  21. gayanmagee

    thanks

  22. suranuwan

    thanks...

  23. Rukshan37

    Ela ela

  24. Dilshan rajitha

    Thanks bro

  25. MAALnath

    Thanks ...............good luck ..................

  26. MadusankaMunasinghe

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  28. Namal_Sandaruwan

    Good job bro.. congrats 2020...

  29. madusanka0000

    thankss