Watch Trailer

Village Rockstars (2017) with Sinhala Subtitles | පුංචි හිතක පුංචි හීනය… [සිංහල උපසිරසි සමඟ]

ධුනු! ඉන්දියාවෙ ඈතින්ම තියෙන ඇසෑමයෙ කොනක හැමදාම ගංවතුරෙන් යට වෙන පුංචි ගමක ඉන්න අවුරුදු දහයක කෙල්ලෙක්. ගංවතුර නිසා මේ ධුනුගෙ තාත්තා ධුනු පුංචි කාලෙම මිය යන නිසා අම්මයි අයියයි එක්ක තමයි ජීවත් වෙන්නෙ. මේ ධුනු සංගීතයට හරි කැමති. චිත්‍ර කතා පොතක තිබුනු බෑන්ඩ් එකක පින්තූරයක් දැකලා ධුනුයි එයාගෙ අයියයි අය…

ධුනු! ඉන්දියාවෙ ඈතින්ම තියෙන ඇසෑමයෙ කොනක හැමදාම ගංවතුරෙන් යට වෙන පුංචි ගමක ඉන්න අවුරුදු දහයක කෙල්ලෙක්. ගංවතුර නිසා මේ ධුනුගෙ තාත්තා ධුනු පුංචි කාලෙම මිය යන නිසා අම්මයි අයියයි එක්ක තමයි ජීවත් වෙන්නෙ.

මේ ධුනු සංගීතයට හරි කැමති. චිත්‍ර කතා පොතක තිබුනු බෑන්ඩ් එකක පින්තූරයක් දැකලා ධුනුයි එයාගෙ අයියයි අයියගෙ යාලුවො ටිකයි එක්ක එකතු වෙලා රොක්ස්ටාර් කියල බෑන්ඩ් එකක් හදනවා. හැබැයි ඇත්ත සංගීත භාණ්ඩ මුකුත්ම නෑ. ඔක්කොම තියෙන්නෙ රිජිෆෝම් වලින් හදල ලස්සනට පාට කරපු සංගීත භාණ්ඩ. ඉන්දියාවෙ ඈත කොනක දුශ්කරම ගම්මානයක ජීවත් වෙන මේ ළමයින්ට ඇත්තම සංගීත භාණ්ඩ මිලදී ගන්න තරම් වත්කමක් තිබුනෙත් නැහැ.

දවසක් ඉස්කෝලෙදි සංගීත වාදනයක් බලා සිටි ධුනු ට ඇත්තම ගිටාරයක් ඕනෙ වෙනවා. ඒත් ගිටාර් එකක ගාන ඇහුවම තමයි ධුනුට තරු පේන්නෙ. ඒත් ධුනු අධෛර්‍යමත් වෙන්නෙ නෑ. කොහොම හරි ඒකට සල්ලි එකතු කරගන්නයි හදන්නෙ. එයා හුරතලේට හදන එලු පැටියව විකුනන්න හදනවා. කොල්ලෙක් වගේ පුවක් ගහක මුදුනටම නැගලා පුවක් කඩනවා. ඉතින් අන්තිමේදි බලමු ධුනුගෙ හීනෙ හැබෑ වෙයිද කියල.

මේ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය වෙන්නෙ 2017 සැප්තැම්බර් 9 වෙනිදා Toronto International Film Festival හිදී. 2018 සැප්තැම්බර් 28 වෙනිද සිට ඉන්දියාවේද ප්‍රදර්ශනය ආරම්බ කරනවා. අධ්‍යක්ශනය කරන්නෙ Rima Das. රංගනයෙන් දායක වෙන්නෙ Bhanita Das, Basanti Das, Manabendra Das, Boloram Das, Rinku Das සමගින් Bishnu Kalita. මේ චරිත කිසිවක්ම පුහුනු කරගෙන නෙවෙයි රංගනයේ යෙදෙන්නේ. ඔවුන්ගේ ස්වාභාවික ජීවන රටාව තමයි මේ චිත්‍රපටියෙ යොදාගෙන තියෙන්නෙ.

මේ චිත්‍රපටියට සම්මාන රැසක් හිමි වෙනවා. 91 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ ඉන්දියානු නියෝජනය වෙන්නෙත් මේ චිත්‍රපටිය. එහෙත් චිත්‍රපට 87 ක් අතරින් තෝරා ගන්නා චිත්‍රපට 9 අතරට ඒමට අසමත් වෙනවා.

National Film Awards –
Best Feature Film
Best Child Artist
Best Location Sound Recordist
Best Editing

Jio MAMI Film Festival 2017 –
Golden Gateway award for best film in India Gold category
Oxfam Best Film for Gender Equality award
Young Critics Choice award

Cork Film Festival –
Gradam Spiorad Na Féile / Spirit of the Festival Award

Cairo International Film Festival –
Best Artistic Contribution from the International Critic’s Week competition

Olympia International Film Festival for Children & Young people –
Best Actress
Best Director
Special Jury prize

Smile International Film Festival for Children & Youth –
Best Children’s Film
Best Actor

Cine Junior Film Festival, France 2018 –
Grand Prix (Best Film)

Muestra de Cine Lanzarote 2017, Spain –
Best Young Film

Indian Film Festival of Los Angeles –
Grand Jury Prize for Best Feature

Buenos Aires Festival Internacional de Cine Independiente, Argentina 2018 –
SIGNIS Prize

Prag Cine Awards 2018 –
Best Film
Best Actor (Female)
Best Editing
Best Sound Designer
Jury’s Special Mention

7th Assam state Film Award and Festival –
Kamal Narayan Choudhry Award for Best Director
Best Sound Design
Best Debut Actress
Nalin Dowerah Award for Best Cinematography

3rd BRICS film festival –
Best Actress
Special Jury Award

ඇතුලු සම්මාන රැසක් දිනා ගනු ලැබුවා.

මේ චිත්‍රපටියෙ ප්‍රසිද්දයි කියන නලු නිලියො, අධ්‍යක්ශකවරු, සංගීත අධ්‍යක්ශකවරු, ලස්සන සිංදු මුකුත්ම නෑ. හැබැයි ඉන්දියාවෙ ජන ජීවිතය බොහොම අපූරුවට පෙන්වන වෙනස්ම ආකාරයේ ලස්සන කතාවක් තියෙනවා. ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා ගැළපේ.

1,683 downloadsDownload Village-Rockstars-2018.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,683 downloadsDownload Subtitles21 KB

13 comments

  1. benukanimsena

    කාලෙකට කලින් දැකලා ඩවුන්ලෝඩ් කරගෙන බලපු කතාවක්
    බොහොම ස්තූතියි අක්කාට මේ වගේ ෆිල්ම් වලට සබ් එක ගේන එකට
    ඉස්සරහටත් මේ වගේම හොඳ ෆිල්ම් වලට සබ් එක දෙන්න

  2. Tharaka

    honda film ekak wage. aniwaryen balanawa. sub ekata godak thanks...............

  3. Chanmatara

    ලස්සන movie එකක් වගෙ, ස්තූතියි sub එකට සහෝදරි,

  4. sudumanikakaushika

    Into the badlands sub eka tama nadd bn

  5. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

  6. malithmadhushan45

    බොහොම ස්තුතියි අක්කේ

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Sonchiriya (2019)
    BADLA (2019)

  8. හසිත මධුෂාන්

    සබ් කට බොහොම ස්තූතියි....!

  9. D.Chamara

    bohoma sthuthi sis .... :D

  10. Thusitha Sampath

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Wicki

    ස්තූතියි

  13. බොබී

    නියම වැඩක්. මේ වගේ කතාවලට සබ් දෙන අය අඩුයි. බොහොම ස්තූතියි උපසිරැසියට.