Watch Trailer

Vinnaithaandi Varuvaayaa (2010) Sinhala Subtitles | නූතන ප්‍රේම කාව්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්! මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒක නිසා සමහර විට වැරදි ඇති. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි නිර්මාණය විදිහට මම තෝර ගත්තේ මම ආසම කරන දෙමළ චිත්‍රපටිය වන vinnaithandi varuvayaa කියන චිත්‍රපටිය. මම මේ චිත්‍රපටිය බලලා ටිකක් කල්. හැබැයි මේ චිත්‍රපටියේ සිද්ධවෙන දේට ගොඩක් සමාන දෙයක් මටත් පෞද්ග…

ආයුබොවන්! මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒක නිසා සමහර විට වැරදි ඇති. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. පළවෙනි නිර්මාණය විදිහට මම තෝර ගත්තේ මම ආසම කරන දෙමළ චිත්‍රපටිය වන vinnaithandi varuvayaa කියන චිත්‍රපටිය. මම මේ චිත්‍රපටිය බලලා ටිකක් කල්. හැබැයි මේ චිත්‍රපටියේ සිද්ධවෙන දේට ගොඩක් සමාන දෙයක් මටත් පෞද්ගලිකව සිද්ධවුන නිසා මට හිතුනා මේ චිත්‍රපටිය බලලා නැති අය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න.

මේ චිත්‍රපටිය ඔයාව අන්තිමේදි ආදරය කියන දේ ගැන ගොඩක් හිතන්න පොළඹවන චිත්‍රපටියක්.  IMDB වල 7.4 ක් වැනි අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gautham Menon කියන ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයා විසින්. මේ අධ්‍යක්ෂකවරයාගේ කලින් චිත්‍රපට වන Minnale, Kakka Kakka, Vettiyadu Villayadu, Vaaranam Aayiram කියන චිත්‍රපටි නරඹලා තියෙනවා නම් මේ කොහොම අධ්‍යක්ෂකවරයෙක්ද කියලා ඔයාලට තේරෙයි. ඒ වගේම මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ඔස්කාර් සම්මානලාභී A.R. Rahman. ඒකෙන්ම මේ චිත්‍රපටිය කොච්චර සුපිරි එකක්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒ වගේම චිත්‍රපටිය කොච්චර ජනප්‍රිය වුනාද කියනවානම් තෙළිඟු භාෂාවෙනුත්, මෑතකදී හින්දි භෂාවෙනුත් මෙම චිත්‍රපටිය ප්‍රති නිර්මාණය කෙරුණා. හැබැයි ඒ චිත්‍රපටි දෙකටම වඩා මේ චිත්‍රපටියේ අවසානය වෙනස්… දමිළ සිනමාවේ ජනප්‍රිය Trisha සහ Silambarasu (Simbu) කියන දෙන්නා තමයි ප්‍රධාන චරිත දෙක කරන්නේ..

කතාව මේකයි. කාර්තික් කියලා එක යාන්ත්‍රික ඉන්ජිනේරුවරයෙක් ඉන්නවා. හැබැයි මෙයා කැමති චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඔය අතරේ මෙයාගේ ගෙදර කට්ටිය අලුතින් ගෙයක් කුලියට ගන්නවා. ඒ ගෙදර අයිතිකාරයාගේ දුව තමයි ජෙසී.  ජෙසීව දැක්ක ගමන් කාර්තික් එයාට ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි ජෙසී ක්‍රිස්තියානි, කාර්තික් හින්දු. ඒ වගේම ජෙසීලගේ ආගමට අනුව චිත්‍රපටි කියන දේ එයාලට තහනම්. තව එකක්, ජෙසී කාර්තික්ට වඩා අවුරුද්දක් වැඩිමහල්. ඒක නිසා ජෙසීලගේ ගෙදරින් කාර්තික්ට කැමති වෙන්නේ නෑ. ඒත් ඒ දෙන්නා ගෙවල් වලට හොරෙන්. ආදරේ කරන්න පටන් ගන්නවා. දවසක් කාර්තික් චිත්‍රපටියක වැඩකට දවස් 45ක් දුර පළාතකට යනවා….  මෙතනින් එහාට චිත්‍රපටිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.  ඒක දැනගන්න නම් චිත්‍රපටිය බාගෙනම බලන්න.

මේ චිත්‍රපටිය ගොඩක් සම්මාන දිනාගත්ත එකක්.. විශේෂයෙන්ම ඒ අවුරුද්දේ සංගීතය සඳහා වන සම්මාන සියල්ලම හිමිවන්නේ මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කරපු A.R.Rahman ට. ඔයාලත් බාගෙනම බලන්න. ආදරේ ගැන, තමන්ගේ ආදරය වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරන්න පුලුවන්ද කියන දේ ගැන මේ චිත්‍රපටිය අලුත් විදිහට ඔයාලට කියලා දෙයි. 

෴මීට පෙර පළකල ලිපිය෴

ආදරය.. මොකක්ද මේ? කාටද පුළුවන් ආදරයට හරි හමන් අර්ථකතනයක් දෙන්න? ආදරය කල නොකල හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නය. මිනිසා තනිව ඉපදෙයි, තනිව මැරෙයි. ඒ අතරතුර කාලයේදී කිසිදිනක නොසිතූ පරිදි තවත් මනුෂ්‍යයෙකුට සීමා රහිතව ලං වෙයි, ආලය කරයි. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ආදරය හොයන්න පුළුවන්ද? සැලසුම් කරන්න පුළුවන්ද? හිතන්න, ආදරය සුන්දරද? තර්කය, සංකෘතිය, සමාජය, ආගම පරදා ආදරය ඇතිවෙයි, පවතියි, ඉදිරියට ගමන් කරයි.

ඇති වගේ නේද? 🙂 අද අරගෙන එන්නෙ ලස්සන වෙනස් විදියෙ ආල කතාවක්. Gautham Menon අධ්‍යක්ෂණය කල, A R Rahman සංගීතවත් කල සුරූපී Trisha හා නවක නළු Silambarasan රඟන මේ චිත්‍රපටිය අනිවා බාන්න. මම කතාවේ පසුබිම කෙටියෙන් කියන්නම්. Karthik කියන්නෙ ඉංජිනේරු උපාධියක් තියෙන ඒත් චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් වෙන්න හීන මවන හින්දු කොල්ලෙක්. Jessie කියන්නෙ IT කොම්පැණියක සේවය කරන ක්‍රිස්තියානි කෙල්ලෙක්. Karthik, Jessieව දුටු දවසෙම ආදරයක් හට ගන්නවා. දින කිහිපයකින් ඔහු  ඒ දේ ඇයට පවසනවා. මුලින් ඇගේ විරුද්ධතාවය  තිබුනත් කාලයා සමඟ ඇය Karthikව පිළිගන්නවා. ඒත් ආගම් වෙනස මේ ආලයේ හතුරා වෙනව. නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙනවා. ආදරය ඉදිරියට ඇදෙනවා. මොනව වෙයිද? වෙනස් විදියෙ කතාවක්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

5,789 downloadsDownload Vinnaithaandi.Varuvaayaa.2010.SinhalaSubs.Baiscopelk.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනීෂ-පතිරේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ (Leesbrue)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/20

Subtitles by

දිනීෂ පතිරේ

Subtitles

5,789 downloadsDownload Subtitles45 KB

91 comments

  1. super tom cat.

    tamil wage nada.ath lasana ati.banna danawa.ada kattiya niwadu wge.

  2. ෂෙලින්ක - කටාර්

    හ්ම්... දෙමළ වුණාට මොකෝ... එල එව්ව බලන්ඩම එපායැ...
    කාමරේ ඉන්න යාළුවාගේ පිහිට තමයි තේරුම දැන ගන්ඩ...
    නෝ ප්‍රොබ්ලම්.. ඔන්න බෑවා..

  3. ashan kandy

    baamida? nobamida?.... ???? ...?? hita ganna ba ne..... :(

  4. ඉදුනිල්

    mokawat nemei sound track eka hindama onna demma

  5. KoK(මංගල)

    balamu bala tamil vala vijaya enna filmuth maru adra kathawak nisa bami.

  6. සෑම්

    මම නම් එචචර Tamil බලලා නැ..බලමු

  7. Suvin

    Tamil ne??? Hmmmmmmm....
    Sinhala Sub damma nam thawath maru! maath baanawa onna....

  8. සයිL3න්ටි[කිL3ර්]

    එළම කිරි පටේ පට්ට film එකක්. first ලව් එක කෙල වෙච්ච අය ඉන්නවනම් අනිවා බලන්න ඕනි බයිස්කෝප් එකක්. first විතරක් නෙවෙයි second third උනත් කමක් නෑ love කරන හැමෝටම බලන්න හො‍‍ඳ පිචෑර් එකක්. මේ බයිස්කෝප් එකේ story එක මගේ ජීවිතේට ගොඩාක්ම සමීපයි. ඒ නිසාම මම මේකට සිංහල subs දදා හිටියේ. ඒත් වැඩ ඉවරවෙන්නත් කලින් film එක බයිස්කොප් අඩවියට ආවා. මොනව උනත් film එක ගැනනම් කියල වැඩක් නැහැ. මේක පෝස්ට් කලාට ගෝලයා සහෝදරයට තෑන්ක්ස් වේවා.

  9. ®RaසිYa®

    නියමම නියමයි කියල වැඩක් නැ...කැම්රාකරනය, සංගීතය සිම්බු හා ‍ට්‍රීශාගේ අතිවිශිෂ්ඨ රංගනය සුපරිම අධ්‍යකෂනය මේ ඔක්කොම එකට තියෙන ලොවෙත් නැති බයිස්කෝප් එකක්..දෙමල පිච්චර් බලපු නැති අයත් අරගෙන බලන්න බොහෝම තාත්වික විදියට ලස්සන ආදර කතාවක් මැක්සා විදියට එකතු කරල තියෙනවා...සයිL3න්ටි[කිL3ර්] ගෙ අදහස හරියටම හරි...හැමොටම අනිවා බලන්න කියල ආරාධනා කරනවා..ස්තූතියි ගෝල සහෝ...

  10. mewi

    banna damma.. sinhala sub thibbanam thama wada honda.. english eka hari athi neda? api wadiya baluwe nathi unata mata hithenne tamil ewaye hindi ewata wada lassana katha thiyenawa kiyala..

  11. වාසල

    mewiගේ අදහසට මාත් එකහෙලාම එකඟ වෙනවා...හින්දි ඒවට වඩා දෙමල ඒවා වෙනස්...බලන්න ආසා හිතෙනවා....
    මේකත් ඒවගේ එකක් තමයි...අනිවා බලන්න....

  12. Akalanka

    පුලුවන්නම් සිංහල උපසිරැසි දෙන්නකෝ
    ලොකු උදව්වක්.....

  13. වාසල

    @සයිL3න්ටි[කිL3ර්,
    අය්යෝ මචෝ...අපරාධයක්නේ වෙලා තියෙන්නේ...එහෙම සබ් දානවනම් අපට ඒක දැනුම් දෙන්න...නැත්තම් අපි දන්නේ නෑනේ...කමක් නෑ...තවත් එකක් පටන් ගමු...ලඟදීම එකක් බලාපොරොත්තුවෙනවා...

  14. අනුරාධ

    අප්පා, මෙහෙමත් බයිස්කෝප් ගහනවද.....ඔයලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් තේරෙයි, මේකෙ අධ්‍යක්ෂණය කල Gautham Menon ගේ personal experience එකක් වගේ වෙන්න ඇති කියලා, මොකද එයත් Mechanical Engineering degree eka අරගෙන Film Director කෙනෙක් වෙලා තියෙන්නෙ.....හ්ම්ම්ම්ම්ම්..........මේ බ්යිස්කෝප් එක දුන්නට ගොඩක් පින් අපේ කස්ටියට

  15. bandula WIthanage

    Thank you very much

  16. shiwantha

    thanx machan

  17. Asitha

    I dnt care abt languagez....
    I m jst consider abt site...
    Itz Baiscopelk.com.... Soo...
    No thinking..., jst dwnloading...

    thnx Machan

  18. susantha

    THNXXXXXXXXXXXXXXXXXXXXXX

  19. පොඩි මෑන්

    තැන්කූ.... කාලෙකට පස්සේ දෙමල චිත්‍රපටියක් බලන්නේ. :)

  20. Ruwan

    thanks macho,api mara asay tamil film balana,thawa thi yanwa nam thapan.

  21. nishantha

    Tamil films warjanaya karannai thiyenne.eth lassana ekak nisa balamu.mokadda me sound track eka.

  22. නිෂූ

    සයිL3න්ටි[කිL3ර්] වෙත

    සබි එක දාන්න එතකොට ආයෙත් සැරයක් බලන්න පුලුවන් හොදට තේරැමි අරන්

  23. සයිL3න්ටි[කිL3ර්]

    @®RaසිYa®,
    ගින්දර මචං......

  24. සයිL3න්ටි[කිL3ර්]

    @වාසල,
    අවුලක් නැහැ මචෝ...
    ආපහු sub දානකොට අනිවා කියන්නම්...
    :-)

  25. සයිL3න්ටි[කිL3ර්]

    @නිෂූ,
    sub දැමිල්ල ඉවරවෙලා කියන්නම්....
    :-)

  26. සයිL3න්ටි[කිL3ර්]

    මේ බයිස්කෝප් එකේ hindi remake එක ළඟදිම එනව කියල ආරංචියක් ආවා...

    :-0 ?????

  27. h

    අනේ ගොඩක් ස්තූතියි. මම මේ දවස් වල දෙමළ චිත්තරපටි ම තමයි හොයන්නේ... තව තියේ නම් දෙමළ ඒව දෙන්න. ටිකක් ඉගෙනගන්න ඕන වෙලා තියෙන්නේ...

  28. rohan

    TNKS KOLLA
    MENNA BAANAWOO

  29. Muzain

    Niyama film Eka

    MAra Story Eka

  30. uthmaxer

    නියමයි මරු ෆිල්ම් එක....ඔන්න බෑවා..

  31. prami

    අදයි බලන්න පුලුවන් වුනේ.හොද බයිස්කෝප් එකක්.තැන්කු වෙිවා මෙි ව‍ගේ බයි‍ස්කේප් 1ක් දැමිමට.

  32. pasiya

    baannath hithenawaaaa..... onna ohe baamu :D

  33. lasantha

    ela ela

  34. Shanaka

    Niyamai/ lassanai...........ela ela. bagathte ada.....thawa damu me wage ewa hodeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeee.................

  35. Ishara

    Niyana film eka... ada (ජූලි 25th, 2010) mee film eka shakthi tv eke giya... මරු ෆිල්ම් එක ... aayeth balanna thithuna hinda download karanawa..

  36. FBIJax

    maru film 1k......niyamayi saho..

  37. Ramraj

    meka mama video center ekin genihin beluwa. lassanai.

  38. teddy

    please give more Tamil and English love stories like note book

  39. prasad

    thanks a lot saho...

  40. samith

    maxxa thxxxxx

  41. අමීර

    Thanks....

  42. sam

    the hindi version is better dan this... in the hindi movie actress doing jessi is an american "Ekk Deewana Tha"...

  43. Thilina

    meka denakan balagena hitiye. thanks macho..

  44. uda

    වෙනත් භාෂාවල චිත්‍රපටි වැඩිය බැලෙන්නෙ නෑ මටත්! මටනම් බැරිකමමයි, නැතිව ආසා නැතිව නෙමේ. අනික ඉතිං පොඩි සයිස්ම හොයන මම වගේ එකෙකුට දඩෝරි ඒවා අකමැත්තෙන් වුණත් අතාරින්නම වෙනවා. මොනව කරන්නද? බලමු බලන්න පුළුවන් වෙයිද කියලා.

    මට බලන්න බැරි වුණත් අනිත් අය වෙනුවෙන් වෙහෙසක් වෙලා මෙහෙම සබ් එකක් දීපු එකට දිනීෂ සහෝට බොහොම තුති! හැකිනම් තව තවත් මෙවන් වෙනස් භාෂාවන්ගෙන් වන් කතාම ගෙන එන්න. ඒක බොහොම වටීවි ඒ අය වෙනුවෙන්. ඒ වගේම සයිට් එකටත් සමබරතාවයක් ගෙන ඒවි ඒකෙන්.
    ඉක්මනින්ම තවත් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාගෙන්!
    සහෝට ජය!

  45. kalana

    Pattai saho maxxxama akaney

  46. රාම් රාජ්

    thanks for sub

  47. eranga

    Superma film akak thx for sub

  48. shalana

    බලලම විස්තර කියන්නම් ..........

  49. darshana

    Loweth na thx so much

  50. වෙනුර

    පළමු සබ් එකට ජය වේවා,,,මේක පට්ටම ෆිල්ම් එකක් කියලා අහලා තිබුනා

Load more comments