අද මම ඔයාලට මේ අරන් ආපු චිත්‍රපටය කා අතරත් මේ දිනවල බොහොම කතා බහට ලක්වුන චිත්‍රපටයක්. හුඟ දෙනෙක් විවේචනය කරපු, වාරණ නියෝග පවා පනවනු ලැබූ චිත්‍රපටයක්. ජාති වාදී හැඟීම් ඇති කරවන සුළු දර්ශන ඇතුලත් වීම මෙය තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුනා. ඒත් මම අද ඔයාලට මේ චිත්‍රපටය සිංහලෙන් අරන් ආවෙ තවත් එක් චිත්‍රපට…

අද මම ඔයාලට මේ අරන් ආපු චිත්‍රපටය කා අතරත් මේ දිනවල බොහොම කතා බහට ලක්වුන චිත්‍රපටයක්. හුඟ දෙනෙක් විවේචනය කරපු, වාරණ නියෝග පවා පනවනු ලැබූ චිත්‍රපටයක්. ජාති වාදී හැඟීම් ඇති කරවන සුළු දර්ශන ඇතුලත් වීම මෙය තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුනා. ඒත් මම අද ඔයාලට මේ චිත්‍රපටය සිංහලෙන් අරන් ආවෙ තවත් එක් චිත්‍රපටයක් ලෙස රසවිඳින්න. මේ විදියේ චිත්‍රපටි බැලීමෙන් යමෙකුට ජාති වාදී හැඟීමක් ඇති වෙනව නම් ඒක තමන්ගෙ වරදක්. මොකද ටීවී එකේ පෙන්නපු පලියට, කවුරුත් කිව්ව පලියට තමන්ගෙ පුද්ගලික හැඟීම් වෙනස් වෙන එක තමන් තුල තියන අඩු පාඩුවක්. ඊලඟ කාරණාව තමයි මේ දිනවල ලංකාවෙ සමහරු ඉන්දියානු සිනමාව වර්ජනය කිරීම. කලින් වතාවෙත් මට මතකයි Thuppakki චිත්‍රපටිය දීපු එකටත් සමහරු බැනල තිබ්බ. මගේ අදහස නම් ඉන්දියාවෙන් අපිට වෙන අකටයුතුකම් නවත්තන්න කියල චිත්‍රපටි බලන එක නැවැත්තුව කියල කිසිම වැඩක් වෙන්නෑ. එක එක අය විවිධ මත දරන්න පුලුවන්. නමුත් මේ චිත්‍රපටය සිනමා ලෝලීන්ගේ රසවින්ඳනය සඳහා පමණක් බවත් හුදෙක් පටු දේශපාලනික, සමාජයීය, අන්තවාදී අරමුණු සඳහා නොවන බවත් හැමෝම සිහියෙ තබා ගෙන මේ චිත්‍රපටය බලන්න ගන්න.
කමල් හසන්ට මේ චිත්‍රපටය හදන්න කෝටි 100ක් විතර වියදම් වෙලා තියනව. ප්‍රධාන චරිතය රඟපාන්නෙත් එයාම තමයි. ලොකු වියදමක් දරල කරපු මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 9.4ක ඇගයීමක් ලැබිල තියනව. චිත්‍රපටය පටන් ගන්නෙ විශ්වනාත්ගේ (කමල් හසන්) බිරිඳ වෛද්‍යවරියක් එක්ක සාකච්ඡාවක යෙදිල ඉන්න දර්ශනයකින්. විශ්වනාත් කියන්නෙ නිව්යෝක් වල නැටුම් ගුරුතුමෙක්. එයාගෙ බිරිඳ නිරූපමා Nuclear Oncology (න්‍යෂ්ටික ක්‍රමවේද මගින් පිළිකා සුව කිරීමේ විද්‍යාව) පිළිබඳ ආචාර්‍ය උපාධියක් තියන කෙනෙක්. විශ්වනාත් තමන්ගෙ නියම අනන්‍යතාව ලෝකෙන් හංගගෙන ජීවත් වෙන කෙනෙක්. අපි කතාවට කියන්නෙ හරියට නිකං ‘ළඳක්’ වගේ කියල. අන්න ඒ වගේ තමයි මෙයත් ඉන්නෙ. (ළඳ වගේ හිටියට වැඩ දැක්කම පිස්සු කොරවෙයි). මෙයාගෙ බිරිඳ මෙයාව බැඳල තියෙන්නෙ තමන්ගෙ වාසියට. දැන් මෙයාට සැමියගෙන් වෙන් වෙන්න ඕනෙ. මේකට හේතුවක් හොයා ගන්න නිරූපමා විශ්වනාත්ගෙ පස්සෙන් ඔත්තුකාරයෙක්ව දානව. මේ ඔත්තු කාරය හොයාගන්නව මෙයා හිංදු නමකින් හිටියට ඇත්තටම මුස්ලිම් කෙනෙක් කියල. මේ අතරෙ ත්‍රස්තවාදී කණ්ඩායමක් සීසියම් 137 සමස්ථානිකය යොදාගෙන බෝම්බයක් නිෂ්පාදනය කරල ඒක පුපුරවන්න සැලසුම් කරනව. කොහොම හරි දවසක් විශ්වනාත්වයි එයාගෙ බිරිඳ නිරූපමාව මේ කණ්ඩායම විසින් පැහැරගන්නව.. එතනින් පස්සෙ කතාවෙ ඔයාල නොදුටු පැත්තක තොරතුරු හෙලි වෙන්න පටන් ගන්නව..
කවුද මේ විශ්වනාත්.. ඇයි එයා එයාගෙ සැබෑ ස්වරූපය හංගන් ජීවත් වෙන්නෙ, කවුද මේ විශ්වනාත්ව පැහැර ගන්න කණ්ඩායම, මේ අයත් එක්ක විශ්වනාත්ට තියන සම්බන්ධය මොකද්ද, අන්තිමේදි නිව්යෝක් නගරය පරමාණු බෝම්බය පිපිරී සුනු විසුනු වෙයිද, විශ්වනාත්ගෙයි නිරූපමාගෙයි අසංතෘප්ත පවුල් ජීවිතයට අන්තිමේදි මොනව වෙයිද, බෝම්බය පිපිරවීමට ත්‍රස්තවාදීන්ගේ සැලැස්ම මොන වගේ එකක් වෙයිද… මේ හැමදේම ඔයාලට බලාගන්න පුලුවන්.. ඒවගේම මේකෙ දෙවනි කොටසකුත් එන්න තියන බවට ඉඟි චිත්‍රපටය අවසානයේදි පළ වෙනව.
ආයෙත් සුපිරි සිනමා සිතුවමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
12,345 downloadsDownload Vishwaroopam-2013-Blu-Ray.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
118 comments
nalaka
lasidu
පට්ට පට්ට මචං ජය
Isuru
thanks meyka denakam unne :D aniwa jathiwade wadak na apita film akak widiyata meyka balanawa
f_live
ජය වේවා පට්ට
kapila
thanks u lot
rusuru | රුසිරු
නියමයි සහෝ... මාත් බාන්න දැම්ම. අනිවා මමත් එකගයි දිදුල කිවුව කතාවට.
Dilan-
thanks didula aye wadata bahala wage... uba nathuwa paluwen unne
zumo man
elazzz thnxzzzz
උදාර
ලොවෙත් මේක එනකම් බලන් උන්නේ . ආව ගමන් මෙහෙන් සබ් , ජය
lanka
බොහොම පින් සහෝ..
මමත් ගන්නවා.
devinda
gr8 film
wow
wow... maru :D
quik
thanks
geeth
elakiri wadak saho.aniwa,api nma balanwa :D
amilatk
jaya wewa!!!!!
MXX
එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්, බොහොම තුති සහෝ,
shann
එල මචං ඔහොම දිගටම සබ් දෙමු
එරංග
එලස්... බාන්න දැම්මා එහෙනම් ඔන්න
chandana
niyamai saho. sinamwata jathi beda na . aniwa
Sidath
maxxxaama thama saho
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxx
elakiri
එළකිරි හොදේ.මේක නම් බලන්නම ඕනේ
hh
jaya wewa...gal mul mada asse nosali idiriyatama yamu :P
venura
thanks saho
නලියා
දිදුල පෙන්න හිටියේ නැත්තේ මොකද මේ ටිකේ.
ස්තුතියි වේවා දිදුලේ
ඔන්න බෑවෙන්න දැම්මා
ජය වේවා
ganidu
තෑන්ක්ස් වේවා සහෝට
tharanga
ලොවෙත් නෑ පට්ට තාමා සහෝ. ජයම වේවා
Bandula
loweth na ne..redda apey un film nobaluwa kiyala un film gahana aka nawathwawi... moda kamane
naleen
අනිවා බලන්න ඕනේ මේක txz
was
අඩේ මේක දීලා නේ.බොහොම තුති
Ashan ravihansa
pattama ekak thama mama meka kalin baluva habai meke dila thiyena copy th samahara kali ain karalada nathnam full move ekama thiyenavada
ranga
niyami bro
eraNga
jaya wewa sahota unu unu films geyna akata
jana
jayama wewa saholata apita subs dennna kana kattaata
kalinga
බලන්න ඕනේ මේක. ජය
ccnp
Thanks
සිංහලයා
මේකේ විචාර අනුව බලන්න උන්නු එකක්. සබ් එකට තුති
lk
elakiri
thusitha
paharak wage. :D thnxxxxxxxxxxx
mihin ලංකා
ආයේ දිදුල ආව එකනම් පට්ට.. දිගටම හොද ෆිල්ම්ස් ටික දියන් හොදේ.මේකත් අරන් බලනවා. ජය
nalin
thanks
upali
ela ela ela ela machan
waruna
down wenna damma.thxxxx didula
අසංක
කතාබහට ලක්වුණ ෆිල්ම් එකක්.ඔන්න බලන්න ඕනේ ඒ නිසාම. ජය
JANITH
marru :D
menaka
elaaaaaaaaaaaaa machannnnnnnnnnnnnnn thanxxxxxxxxxxxxxxxxxxxxx
Amila
එල එල හම්බයන්ගේ නිරුවත, මේක කෑලි අඩු කරපු එක නෙවෙයි නේද?
dev
මචන්ලා........... ඩිරෙක්ට් ලින්ක් වලිනුත් ඩවුන් කරන්න පුළුවන් විදිහට දෙන්න පුලුවනිද?
prasanna
pattaa pattaa macho
lakshitha viraj
මෙන්න film කියන එව්වා...
මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට දෙන්න.......!!!!!!!!!!!Maxxxxa!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vishwaroopam (2013) Sinhala Subtitles | දේශප්‍රේමියා…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/Vishwaroopam-2013.jpg)

patta meyka deelane ude awa gaman dakkka thxxxxxx