Watch Trailer

Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) Sinhala Subtitle | මිනිස් හාවාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය – හිරන්ත සිල්වා කථාව පටන් ගන්නෙ පුංචි ලස්සන ටවුමක, ඒ ටවුමේ හැමෝම සූදානම් වෙනව තරඟෙකට. ඔව්! අවුරුද්දෙ තියෙන ලොකුම එළවළු තරඟෙ! තෑග්ග රත්තරන් කැරට් අලයක්! ඒත් හරි කරදර… කාගෙන්ද? හාවන්ගෙන්! ඔය කරදරේට විසඳුම් දෙන්න ටවුමෙ ඉන්නෙ එකම එක්කෙනයි! ඒ තමා වොලස්! ඇයි එයාගේ බලු යාළුව ගෘමිට්! අලුත් විදියට හාව…

ලිපිය – හිරන්ත සිල්වා

කථාව පටන් ගන්නෙ පුංචි ලස්සන ටවුමක,

ඒ ටවුමේ හැමෝම සූදානම් වෙනව තරඟෙකට.

ඔව්!

අවුරුද්දෙ තියෙන ලොකුම එළවළු තරඟෙ!

තෑග්ග රත්තරන් කැරට් අලයක්!

ඒත් හරි කරදර…

කාගෙන්ද?

හාවන්ගෙන්!

ඔය කරදරේට විසඳුම් දෙන්න ටවුමෙ ඉන්නෙ එකම එක්කෙනයි!

ඒ තමා වොලස්!

ඇයි එයාගේ බලු යාළුව ගෘමිට්!

අලුත් විදියට හාවො අල්ලන්න ඒ අය දස්සයි!

දවසක්!

ඔව් දවසක්,

 වොලස්ට අදහසක් එනව,

“හාවන්ගෙ එළවළු කන්න තියෙන කෑදරකම නැති කළොත්?”

“හා පුනරුත්ථාපනය!”

ඒකට යන්ත්‍ර සූත්‍ර අපේ වොලස් ගාව තියෙනවා!

වැඩේ වෙනව!

 ඒත් පොඩි අත්වැරැද්දක් වෙලා වැඩේ ගැස්සෙනවා……

ඊට පස්සෙ මොකද දන්නවද වෙන්නෙ??

ඒක නං කියන්න බෑ!

එසේනම් බයිස්කෝප්වාසී හිතවතුනී…

මෙන්න 2005 වර්ෂයේ හොඳම සජීවිකරණ චිත්‍රපටයට හිමි Academy සම්මානය දිනූ,

IMDb අගය? ඔව් ඔව් 7.4 යි!

අපේ බයිස්කෝප් රසිකයෙකුගේ (rockz2020) ඉල්ලීමට කරපු මේ සලරුව, තනියම නෙමෙයි, ගෙදර අයත් එක්කම බලන්න කියලා ආරාධනා කරනවා!

නිකං හිතන්න,

හොඳට හඳ පායල තියෙන දවසක, එළවළු වත්තක්ම කන්න පුළුවන් තඩි හාවෙක් ඔයා ඉස්සරහට ආවොත් ඔයා මොකද කරන්නෙ? මං නං දුවනවා!

 

“Every dog has his day.”

“හැමෝටම හොඳ දවසක් එනවා.”

😉

ලිපිය – ඩිල්ෂාන් මලිත්

මේ තමා මම බයිස්කෝප් අඩවිය වෙත ගේන දෙවැනි උපසිරස නිර්මාණය. 2005 වසරේදී තිරගත උන Wallace & Gromit: The Curse of the Were-Rabbit චිත්‍රපටිය Stop-Motion animation තාක්ෂනය ඔස්සේ නිර්මාණය කරනු ලැබූ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටය Stop-Motion animation තාක්ෂනය ඔස්සේ කරනු ලැබූ වඩාත් සාර්ථක නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. මෙම තාක්ෂනය පිලිබදව කතා කරද්දී , සාමානය animation චිත්‍රපටි සකස්කරන්නේ පරිඝනක භාවිතයෙන් පමණක් වුවත් Stop-Motion animation මගින් සිදු කරන්නේ කතාවේ ඇති චරිත හා පසුබිම්, භෞතිකව ප්‍රතිනිර්මාණය කිරීම මගින් චිත්‍රපටය තැනීමයි. මේ සදහා නිර්මාණකරුවන් අතින් සැකසු චරිත ආකෘති යොදා ගන්නවා මේ නිසා  සාමානය animation චිත්‍රපටි වලට වඩා ඉහල  සජීවී බවක් මේ චිත්‍රපටි නිර්මාණය කිරීමේ තාක්ෂනය නිසා හිමිවෙනවා. මේ චරිත නිර්මාණය කිරීම සදහා විශේෂ Plastic හෝ මැටි වර්ගයක් යොදා ගන්නවා . ආකෘති නිර්මාණ කරුවන්ගේ කැපවීම මත චිත්‍රපටියේ සාර්ථකත්වය තීරණය වේ. නිර්මාණය කරනු ලැබූ ආකෘති වලට චලනය මුසු  කරනු ලබන්නේ ආකෘතිය තත්පරයෙන් තත්පරය ඡායාරූප ගැනීම මගිනි. 

මෑතකාලයේ වඩාත් ප්‍රසිද්දියට පත් වුනු Shaun the sheep කතා මාලාව හා Chicken Run චිත්‍රපටිය Stop-Motion animation තාක්ෂනය ඔස්සේ කරනු ලැබූ තවත් සාර්ථක නිර්මාණ කිහිපයකි. මුල්කාලයේ පරිඝනක පැමිණීමට පෙර යොදාගනුනේ මෙම Stop-Motion animation තාක්ෂනයි. චිත්‍රපටිය නිෂ්පාදනය සදහා වැය වී තිබෙන මුළු මුදල 30 million USD වන අතර  මෙය  සාමානය animation චිත්‍රපටි වලට වඩා අඩු වන අතර අවම වියදමකින් යුක්තව චිත්‍රපටි නිපදවිය හැකි වීම Stop-Motion animation තාක්ෂණයේ විශේෂත්වයකි.

Fantasy / Mystery ගණයට අයත් වෙන Wallace & Gromit: The Curse of the Were-Rabbit චිත්‍රපටියේ කතාවට පාදක වන්නේ එංගලන්තයේ ප්‍රසිද්දියට පත් Nick Park විසින් නිර්මාණය කල Wallace and Gromit කෙටි චිත්‍රපටි වන අතර එහි කතාවේ දිගහැරීමක් ලෙස පැය එකයි විනාඩි 35 ක චිත්‍රපටියක්  ලෙස The Curse of the Were-Rabbit නිර්මාණය විය . නව නිර්මාණකරුවෙකු හා වගාවන්ට හානි කරන සතුන් මර්ධනය කරන පුද්ගලයෙකු ලෙස සේවය කරන Wallace හා  ඔහුගේ බුද්ධිමත් සුනඛයා Gromit මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වේ. ඔවුන් වාසය කරන ගමේ වාර්ෂිකව පැවැත්වීමට නියමිතව තිබෙන හොදම එළවලු තේරීමේ උත්සවය සදහා වවන එළවලු පලිභෝදකයින්ගෙන් ආරක්ෂා කිරීම ඔහුට ලැබී තිබෙන ප්‍රධනතම කාර්යයි. ාවුන්ගෙන් වගාවන්ට එල්ල වන හානිය අවම කිරමට පරීක්ෂණයක් අත්හදා බලන Wallace එම පරීක්ෂණයෙන් අසාර්ථක වන්නේ අතුරු අබාධත් සමගයි. හිටිහැටියේම වගාවන් විනාශ කරන රක්ෂයෙකු එන්නේ මේ කාලයේයි. එළවලු තරගය සංවිධානය කරන Lady Tottington මේ තරගය අතහැර දැමීමට තීරණය කරන්නේ Wallace ට ඔහුගේ කාර්ය කිරීමට නොහැකි වීම නිසයි. රාක්ෂයා අල්ලාගැනීමට Wallace හා  Lady Tottington විවාහ වීමට සිටින Lord Victor Quartermaine අතර ගැටුමක් ඇති වන අතර Lord Victor Quartermaine හිතන්නේ Wallace රාක්ෂයා නිරුපද්‍රිතව අල්ල ගත්තොත් Wallace විසින් Lady Tottington ගේ හිත දින ගනු ඇතැයි කියයි. Wallace ගේ සහයට නිතරම බුද්ධිමත් Gromit සිටින නිසා සෑමවිටම ඔවුන් දෙදෙනා, Lord Victor Quartermaine වඩා ඉදිරියෙන් රාක්ෂයා අල්ලාගැනීමේ මෙහෙයුමෙන් සිටි.

Wallace ට හඩකැවීමට දායක වෙන්නේ Peter Sallis වන අතර 2006 වසරේ ඔහු හොදම හඩකැවීමට හිමි සම්මානය දිනාගන්නේ මේ චිත්‍රපටිය හරහාය. එමෙන්ම Harry Potter චිත්‍රපටි මාලාවේ Voldemort හා Bellatrix Lestrange ට රංගනයේ යෙදෙන Ralph Fiennes හා Helena Bonham Carter මෙම චිත්‍රපටියේ අනෙකුත් ප්‍රධාන චරිත වලට හඩකැවීමට දායක වෙනවා.  

IMDB චිත්‍රපටි දර්ශකයේ 7.4  ද, 95% ක Rotten Tomatoes අගයක් ලබා ගැනීමට මේ චිත්‍රපටිය සමත් වී තිබෙනවා. 2006  වසරේ හොදම සජීවිකරණ චිත්‍රපටියට හිමි සම්මානය දින ගැනීමට මෙහි අධ්‍යක්ෂකවරුන් දෙදෙනා වන Nick Park හා Steve Box අවස්ථාව ලැබෙනවා. 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,499 downloadsDownload Wallace-Gromit-The-Curse-of-the-Were-Rabbit-2005-1.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට සහ “ඩිල්ෂාන් මලිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-07
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,499 downloadsDownload Subtitles50 KB

23 comments

  1. rockz2020

    හම්මෝ සහෝ දීලා නේද ✊ Chicken Run වගේම සුපිරියක් තමයි.
    මෙච්චර කල් සබ් නොතිබුන එකත් ලොකු අඩුවක් ✊
    මේකට සබ් කරපු එකනම් ලොකු දෙයක් සහෝ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් ✌❤
    මේකෙ තව short flim පහක් තියෙනවා මං හිතන්නෙ :)
    බයිස්කෝප් එකට කරන දෙවෙනි සබ් එක නේද, මේ post එකෙන් තමයි දැන ගත්තේ ;)
    පළවෙනි සබ් එකට සහ දෙවෙනි සබ් එක වෙනුවෙන් වගේම, සාර්ථකව උපසිරැසි කරණයේ යෙදෙන්න සහ සහෝගෙ සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න සුබ පතනවා සහෝ ජය වේවා! ❤

    1. rockz2020

      උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.පුළුවන්නම් මේවටත් සබ් දෙන්න සහෝ
    Speed Racer (2008),Redline (2009).ජය වේවා!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං

  4. tharidu16

    thanks machiiiiiiiii

  5. Ishirajanith

    A shaun the sheep 2019 sub dennko thanks

    1. thilina

      mokatada bn ekata sub,,,, eke dhebas nahanee

  6. indika75

    thanks..

  7. rockz2020

    හම්මෝ සහෝ දීලා නේද ☆ Chicken Run වගේම සුපිරියක් තමයි.
    මෙච්චර කල් සබ් නොතිබුන එකත් ලොකු අඩුවක් ☆
    මේකට සබ් කරපු එකනම් ලොකු දෙයක් සහෝ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් ✌
    මේකෙ තව short flim පහක් තියෙනවා මං හිතන්නෙ :)
    බයිස්කෝප් එකට කරන දෙවෙනි සබ් එක නේද, මේ post එකෙන් තමයි දැන ගත්තේ ;)
    පළවෙනි සබ් එකට සහ දෙවෙනි සබ් එක වෙනුවෙන් වගේම, සාර්ථකව උපසිරැසි කරණයේ යෙදෙන්න සහ සහෝගෙ සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න සුබ පතනවා උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි ජය වේවා සහෝ! ❤

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  9. thilina

    thanxx

  10. rockz2020

    හම්මෝ සහෝ දීලා නේද චිකන් රන් වගේම සුපිරියක් තමයි.
    මෙච්චර කල් සබ් නොතිබුන එකත් ලොකු අඩුවක්
    මේකට සබ් කරපු එකනම් ලොකු දෙයක් සහෝ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් ♡
    මේකෙ තව සෝර්ට් ෆිල්ම් පහක් තියෙනවා මං හිතන්නෙ
    බයිස්කෝප් එකට කරන දෙවෙනි සබ් එක නේද, පළවෙනි සහ දෙවෙනි සබ් එක වෙනුවෙන් වගේම, සාර්ථකව උපසිරැසි කරණයේ යෙදෙන්න සහ සහෝගෙ සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න සුබ පතනවා සහෝ ජය වේවා!
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!♡

  11. sashan

    එල එල ජය වේවා බ්‍රෝ...

  12. Dewadithya

    Thanks for Sub!

  13. Shehan putha

    Thanks bro

    1. Nishanpradeep95

      Tnx

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. rockz2020

    මුලින්ම sorry .awaiting moderation. එක නිසා එක වගේ කමේන්ට් දෙක තුනන් වැටිලා ඇති :)
    මං කලින් ගත්ත සබ් එක p.a.h.e එකේ බ්ලූරේ කොපියට ගැලපුනේ නැති නිසායි ආයම මේ post එක පැත්තට ආවෙ :)
    හිරන්ත සහෝගෙ ලිපිය දැක්කෙ දැන්, සබ් එක්කුත් දීලා තියෙනවා දැක්කම post එක පැත්තේ ආපු එකත් සාර්ථක උනා ;)
    ඉල්ලීමකට සබ් එක ලැබෙයි කියලා හිතුවේ නෑ..සතුටුයි වගේම වෙන මහන්සිය වෙනුවෙන් ස්තූතියි!
    සහෝලා දෙන්නා සබ් එක කරනකන් බයිස්කෝප් එක දැනුවත් වෙලා නෑ වගේ මං හිතන්නෙ නෙහ්?
    දෙන්නටම ස්තූතියි වගේම ජය වේවා! ආදරෙයි ඈ ❤ ✌ ;)

  16. Wajiraweerasinghe

    Thank for sub

  17. podda

    thanks

  18. Anonymous

    sub hariyatama hari [THANKS]

  19. Amalka

    Thanks

  20. Sumindu Maduranga

    Wallace & Gromit: Vengeance Most Fowl (2024) Movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුළුවන් ද...