West Is West (2012) Sinhala Subtitles 2010 අවුරුද්දේ එංගලන්තෙන් නිකුත් වුණ විහිළු සහ හැඟීම්බර චිත්‍රපටියක් තමයි අද ගෙනත් තියෙන්නේ. මේක හින්දි චිත්‍රපටියක් නෙමෙයි. මේක අධ්‍යක්ෂණය කළේ ඇන්ඩි ඩිඑමෝනි. ප්‍රධාන චරිත වලට බොලිවුඩයේ ඕම් පූරි, ලින්ඩා බැසට්, අකිබ් ඛාන්, ඉලා අරුන් සහ ජිමි මිස්ත්‍රි රංගනයෙන් දා…
West Is West (2012) Sinhala Subtitles
2010 අවුරුද්දේ එංගලන්තෙන් නිකුත් වුණ විහිළු සහ හැඟීම්බර චිත්‍රපටියක් තමයි අද ගෙනත් තියෙන්නේ. මේක හින්දි චිත්‍රපටියක් නෙමෙයි. මේක අධ්‍යක්ෂණය කළේ ඇන්ඩි ඩිඑමෝනි. ප්‍රධාන චරිත වලට බොලිවුඩයේ ඕම් පූරි, ලින්ඩා බැසට්, අකිබ් ඛාන්, ඉලා අරුන් සහ ජිමි මිස්ත්‍රි රංගනයෙන් දායක වෙලා ඉන්නවා. මේක 1999 දී නිකුත් වුණ “East is East” චිත්‍රපටියේ දෙවන කොටස. චිත්‍රපටිය ලිව්වේ අයුබ් ඛාන්-දින්. නිෂ්පාදනය කළේ ලෙස්ලි උද්වින්. ඇසැසින් ෆිල්ම්ස් සහ බීබීසී ෆිල්ම්ස් ආයතන දෙකම මේකට සම්බන්ධ වෙලා තියනවා.
චිත්‍රපටිය මුලින්ම තිරගත වුණේ 2010 සැප්තැම්බර් 12 වෙනිදා ටොරොන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී. ඊටපස්සේ 2010 ඔක්තෝබර් 19 වෙනිදා ලන්ඩන් BFI චිත්‍රපට උළෙලේදී තමයි එංගලන්තයේ ප්‍රථම වතාවට පෙන්නුවේ. ඊට පස්සේ 2011 පෙබරවාරි 25 වෙනිදා එංගලන්තයේ සහ අයර්ලන්තයේ තිරගත කිරීම් පටන් ගත්තා. ඇමරිකාවේ මුලින්ම පෙන්නුවේ 2010 නොවැම්බර් 2 වෙනිදා දකුණු ආසියානු අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී. ඊට පස්සේ තවත් චිත්‍රපට උළෙල් කිහිපයකම පෙන්නුවා. 2011 මාර්තු 25 වෙනිදා කැනඩාවේ තිරගත කළත්, ඇමරිකාවේ නම් සාමාන්‍ය තිරගත කිරීමක් කවදාවත් සිද්ද වුණේ නෑ.
ඔන්න එහෙනම් මේකේ කතාව මේකයි,
මේක පවුලක් ගැන කියවෙන කතාවක්. ජෝර්ජ් ඛාන් කියන පාකිස්තාන ජාතික පියෙක් සහ එලා කියන එංගලන්ත ජාතික මවක් ඉන්නවා. මෙයාලගේ පුතා සජිද් තමයි කතාවේ ප්‍රධාන චරිතය. සජිද්ට තමන්ගේ පාකිස්තාන පසුබිම ගැන ලැජ්ජයි. ඒ නිසා ඉස්කෝලෙදි ගොඩක් ගැටළුවලට කොල්ලා මුහුණ දෙනවා.
දවසක් සජිද් සාප්පුවකින් හොරකම් කරලා අහුවෙනවා. මේකෙන් තාත්තට හොඳටම තරහ ගිහිල්ලා සජිද්ව පාකිස්තානයට එක්කන් යනවා එහෙ ඉන්න නෑදෑයන් එක්ක ටික දවසක් ගත කරන්න. මෙතනින් තමයි කතාව පටන් ගන්නේ.
පාකිස්තානයේදී සජිද්ට මුණගැහෙන මිනිස්සු එක්ක කොල්ලට අලුත් අත්දැකීම් ලැබෙනවා. විශේෂයෙන්ම සයිද් කියන පාකිස්තාන කොල්ලත් එක්ක යාළු වෙනවා. ඒ වගේම පීර් නසීම් කියන ආගමික ගුරුවරයෙක් එක්කත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා.
මේ ජෝර්ජ් ඛාන් කියන්නේ පාකිස්තානයේ ඉඳලා එංගලන්තයට ගිය මිනිහෙක්. මිනිහට ගැනියෙක් පාකිස්තානයෙත් ඉන්නවා බෂීරා කියලා. මිනිහගේ ලොකු පුතා නසීර්, ඊළඟට තාරික්. සුදු ජාතික කාන්තාවට දාව පුත්තු තමා මනීර් සහ පොඩිම පුතා සජිද් කියන්නේ. මේ මනීර් කියන පුතා පාකිස්තානයේ ඉන්නේ. මිනිහා කසාද බඳින්න කෙල්ලෙක් හොයනවා.
කතාව වැඩිපුර යන්නේ පවුලේ අයට තමන්ගේ පාකිස්තාන උරුමයත් එක්ක තියෙන සම්බන්ධය ගැනයි. අන්තිමට ජෝර්ජ්ට සිද්ධ වෙනවා තමන්ගේ අතීතයත් එක්ක මුහුණට මුහුණ දෙන්න. ඒ වගේම පරණ බිරිඳ බෂීරා එක්ක තිබුණු සම්බන්ධයත් යළි මතක් කරන්න.
මේක අතීතයේ සිද්ධ වුණු දේවල් එක්ක සමාජය වෙනස් වෙන හැටි, සහ පරම්පරා දෙකක් අතර තියෙන පරතරය ගැන කියවෙන සුන්දර කතාවක්.
එහෙනම් කතාව බලන්න.
තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළවේ.
747 downloadsDownload West-Is-West-2010.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
West Is West (2012) Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට