Watch Trailer

Sitaare Zameen Par (2025) Sinhala Subtitles | මහපොළොව මත දිදුලන තරු [සිංහල උපසිරසි]

Sitaare Zameen Par (2025) Sinhala Subtitles මට විශ්වාසයි ඔයාල හැමෝම ආමීර් ඛාන්ගේ “තාරේ සමීන් පර්” (Taare Zameen Par) බලලා ඇති. මේ චිත්‍රපටය 2007 නිකුත් වුනාට පස්සේ ඒකෙ දෙවෙනි කොටසම වගේ කියන්න පුළුවන් චිත්‍රපටයක් මේ අවුරුද්දේ රිලීස් වුනා. ඒ තමයි මේ “සිතාරේ සමීන් පර්” (Sitaare Zameen Par) මේකේ අධ්‍යක…

Sitaare Zameen Par (2025) Sinhala Subtitles

මට විශ්වාසයි ඔයාල හැමෝම ආමීර් ඛාන්ගේ “තාරේ සමීන් පර්” (Taare Zameen Par) බලලා ඇති. මේ චිත්‍රපටය 2007 නිකුත් වුනාට පස්සේ ඒකෙ  දෙවෙනි කොටසම වගේ කියන්න පුළුවන් චිත්‍රපටයක් මේ අවුරුද්දේ රිලීස් වුනා. ඒ තමයි මේ “සිතාරේ සමීන් පර්” (Sitaare Zameen Par) මේකේ අධ්‍යක්ෂණය R.S. Prasanna විසින් සිදුකරලා තියෙනව. ඒ වගේම ප්‍රධාන වශයෙන් අමීර් ඛාන්ට අමතරව Genelia Deshmukh මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. මේ සිනමාපටය Champions කියන ස්පැනිෂ් සිනමාපටයේ ප්‍රති නිර්මාණයක් වශයෙන් තමා බිහි වෙන්නේ. ඒ වගේම කාලෙකට පස්සේ අමීර් ඛාන් මුල්‍යමය අතින් සාර්ථක නිර්මාණයකට දායක වෙනවා. මේ සිනමාපටය සඳහා imdb web අඩවියේ 6.9ක අගයක් වගේම RT web අඩවියේ 76%ක නැවුම් විචාරක අගයකුත් ලබාගන්න සමත්කම් දක්වලා තියෙනව. සිනමාපටයේ කතාව දිහාවට හැරෙමු ඊළඟට.

ඔයාලට මතක නම් “තාරේ සමීන් පර්” චිත්‍රපටය.. පුංචි කොලු පැටියෙක් වටේ ගෙතුණු හරිම සංවේදී කතාවක්. මේ කතාව “සිතාරේ සමීන් පර්”  ගැන නම් මම ඔයාලට ලොකුවට විස්තර කරලා එකේ රසය පළුදු කරන්න කැමති නැහැ. හැබැයි ආමීර් ඛාන්ගේ සුපුරුදු නළු ගුණය බින්දුවක් වත් නොඅඩු, විනෝද ජනක, සංවේදී චිත්‍රපටයක් කියල නම් මට කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සමාජයේ මන්ද මානසික විදියට වැරදි වචනයකින් හඳුන්වන අහිංසක මිනිස්සු කොටසකගේ නොදුටු පැත්තක් අපිට මේ කතාව පෙන්වලා දෙනවා.. ඒ අය සම්බන්දව අපේ සමාජයේ තියෙන ප්‍රකට අප්‍රකට මති මතාන්තර, දැක්ම සහ අදහස්, මේ චිත්‍රපයට නැරඹුවට පස්සේ සැලකියයුතු ප්‍රමානෙකින් වෙනස් වේවි කියලයි මම විශ්වාස කරන්නේ..

ඊට අමතරව පුංචි කාලේ මිනිස්සු ලබන වේදනාකාරී, Toxic අත්දැකීම් එයාලගේ වැඩිහිටි වියේදී බලපාන විදිය, එක එයාලගෙ වටේ ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත් කරන ආකාරය ගැනත් ඔයාලට අවබෝධ වේවි.

අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු.. ඒත් සමහරුන්ගේ සාමාන්‍යකම, අපිට වඩා චූට්ටක් වෙනස්.. හැබැයි එකෙන් එයාලා අපිට වඩා වෙනස් වෙන්නෙවත්, පහත් වෙන්නෙවත් නැහැ..!

එහෙනම් ආයෙත් තව සිනමාපටයකින් හමුවෙමු!

Sitaare Zameen Par (2025) Sinhala Subtitles


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,507 downloadsDownload Sitaare-Zameen-Par-2025.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්පනා කෞෂල්‍යා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sitaare Zameen Par (2025) Sinhala Subtitles

Subtitles by

කල්පනා කෞෂල්‍යා

Subtitles

4,507 downloadsDownload Subtitles61 KB

8 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූථියි සිස් උපසිරැසියට

  2. Kevin D...

    Thank You !

  3. Asanga Basooriya

    bohoma sthuthi sub ekata..

  4. L. Sanjana Fernando

    meke upasirasi adala video file ekath ekka synchronize wenne nh, eka puluwn nm hadanna, anika meke thiyena songs walata subtitile update wela nh, me wage supiri film ekkt me sub eke quality eka nm madiyi, please re process this, give subtitles including all the songs. appreciate your kind work. but please improve more on this film. cause this is one of the best film.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  6. Lochana Srijaya

    thank you :D

  7. Viraj

    Thanks

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤