මම මේ සැරේ අරන් ආවේ නෝවේජියන් චිත්‍රපටියකට උපසිරසියක්. හැබැයි මේකෙ ඉන්දියානු නළු නිළියෝ තමයි වැඩි පුර ඉන්නෙ. මේකේ භාෂාව ගත්තොත් නෝවේ භාෂාව සහ උර්දු භාෂාව යන දෙකම මේ චිත්‍රපටියට අන්තර්ගතවෙලා තියෙනවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා H…

මම මේ සැරේ අරන් ආවේ නෝවේජියන් චිත්‍රපටියකට උපසිරසියක්. හැබැයි මේකෙ ඉන්දියානු නළු නිළියෝ තමයි වැඩි පුර ඉන්නෙ. මේකේ භාෂාව ගත්තොත් නෝවේ භාෂාව සහ උර්දු භාෂාව යන දෙකම මේ චිත්‍රපටියට අන්තර්ගතවෙලා තියෙනවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත් උපසිරසියක් ගෙනාවා. ඒත් මේ වතාවේ නම් ගෙනාවේ වෙනස්ම තාලේ චිත්‍රපටියකට උපසිරසියක්. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැනත් දන්නෙ නෑ. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ කාන්ත සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් විවිධ චිත්‍රපටිවලට sub කරන්න කියලා ඉල්ලලා තිබුණා. ඒවා හැම එකකටම බැරි උනත්, ටිකකට හරි sub කරන්න උපරිමයෙන් උත්සාහ ගන්නවා. පරක්කු වුනත් දෙන්න බලනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු හසන්ත වික්‍රමරත්න සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හයවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ What Will People Say හෙවත් Hva vil folk si කියන චිත්‍රපටියයි. 13 July 2018 (USAවල) වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.
1h 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 7.5ක් ගත්, Rotten Tomatoes හි reviews 21කින් 81% ක ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් What Will People Say හෙවත් Hva vil folk si සිනමා පටය Drama ඛාණ්ඩයට වර්ග කොට ඇත. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ කතාව Iram Haq ගෙනි. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Maria Mozhdah, Adil Hussain, Ekavali Khanna, Rohit Saraf යන අයයි. මෙය සම්මාන කිහිපයක්ද, ලබා ගැනීමට සමත්වෙලා තියෙනවා.
91 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා නිර්දේශය
නෝර්වීජියානු සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය
අවුරුදු 16 ක් වයසැති නිෂා ද්විත්ව ජීවිතයක් ගත කරයි. ඇගේ පවුල සමඟ නිවසේදී ඇය පරිපූර්ණ පකිස්තානු දියණියකි. නමුත් ඇය නිවසින් පිටතදී සාමාන්‍ය නව යොවුන් තරුණියකි. ඇය නිදහසේ කාලය ගත කරයි. මේකේ නිදහස විදියට මට නම් හිතෙන්නෙ මෙයා වැඩි කාලයක් පිටරටක හැදුණු නිසා ඒ සංස්කෘතියට ඇබ්බැහි වීමක් තමයි. දවසක් ඇගේ පියා ඇය පෙම්වතා සමඟ කාමරයේ සිටිද්දී අල්ලා ගන්නවා. ඉන් පසු නිෂාගේ දෙමව්පියන් ඇයව බලෙන් රැගෙන ගොස් පාකිස්තානයේ ඥාතීන් සමඟ තැබීමට තීරණය කරයි. ඇය මීට පෙර කවරදාකවත් ජීවත් නොවූ රටක, ඇගේ දෙමාපියන්ගේ සංස්කෘතියට අනුගත වීමට නිශා තැත් කරයි. මම වැඩිය කියන්නේ නෑ. ඉතුරු හරිය ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්න. මේක මම (18+) කාණ්ඩයට දාලා තියෙන්නෙ මේකෙ අසභ්‍ය දර්ශන තියෙන නිසාම නෙවෙයි. මේකේ එහෙමම දර්ශන ඇතුලත් වෙන්නෙ නෑ. ඒත් මේකෙ දෙබස්වල අසභ්‍ය වචන ඇතුළත් වෙනවා. sub 1 හදද්දී ඒ වචන වෙනස් කරෙත් නෑ චිත්‍රපටියේ රසයට බාධාවක් වෙන නිසා. ඒ නිසා ඒ ගැනත් හිතලා බැලුවොත් හොඳයි. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,812 downloadsDownload What.Will_.People.Say_.2017.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
16 comments
Kantha_DLA
thiwanka1992
Thanks api wenuwen me karana deta
Hashan M. Priyadarshana
Thank you machan sub ekata
Nuwandika Dil
Tnks good luck bro
Kulanjana Maduranga
subata thanks
gihan perera
ජය වෙිවා සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Tharaka
THANKS........
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිDILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Sanjeewa2010
Thnxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath n perera
thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Emi
Thank you
RavindraRishantha
පුබුදු මල්ලිට මගේ ස්තුතිය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........