Watch Trailer

Nazi Overlord (2018) Sinhala Subtitles | නිමා නොවන යුධ වසංගතය! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාවම, ඉතින් වැඩි විස්තර නැතිව, චිත්‍රපටයට පාදක වෙලා තියෙන ඉතිහාස කතාව පැත්තට මම හැරෙන්නම්, D-Day හෙවත් දෙවන ලෝක යුද්ධය ගැන, අපි කවුරුත් මේ වෙනකොට බොහොම හොදින් දන්නා කෲර ඉතිහාසයක් තියෙන, අහිමි වූ ජීවිත ප්‍රමාණය ගණන් කරන්න බැරි, කවදාවත් අමතක වෙන්නේ නැ…

 

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාවම, ඉතින් වැඩි විස්තර නැතිව, චිත්‍රපටයට පාදක වෙලා තියෙන ඉතිහාස කතාව පැත්තට මම හැරෙන්නම්,

D-Day හෙවත් දෙවන ලෝක යුද්ධය ගැන, අපි කවුරුත් මේ වෙනකොට බොහොම හොදින් දන්නා කෲර ඉතිහාසයක් තියෙන, අහිමි වූ ජීවිත ප්‍රමාණය ගණන් කරන්න බැරි, කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. දෙවන ලෝක යුද්ධය ආරම්භය සහ ව්‍යාප්ත වෙන්න හේතු වෙලා තියෙන්නේ,

➡️ හිට්ලර්ගේ නැඟීම හා ක්‍රියාකලාපය (හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම ආසන්න ම හේතුවයි.)
➡️ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය.
➡️ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය.
➡️ජාතීන්ගේ සංගමයේ දුර්‍වලතා.

මේ හේතුවලින් ප්‍රධානම හේතුව තමයි, ඇඩෝල්ෆ් හිට්ලර්ගේ ක්‍රියාකලාපය හා නැගීසිටීම,

දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වෙලා තියෙන්නේ 1939 සැප්තැම්බර් 01 දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක‍්‍රමණය කිරීමත් සමගයි. සැප්තැම්බර් 03 දින වන විට බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය ද යුද ප‍්‍රකාශ කරලා තියෙනවා. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග‍්‍රාමයට එකතු වී නැති නමුත්, පසු ව ඔවුහු ද ඊට එක් වෙලා තියෙනවා. බි‍්‍රතාන්‍ය ප‍්‍රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් ලුවී මවුන්ට් බැට්න් සාමි ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති‍්‍රකුණාමලය ට 1942 අපේල් 07 දා ද සහ අප්‍රේල් 05 දා කොළඹ වරායට ද බෝම්බ හෙළා ඇත. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඉන්නවා කියලා තමයි සදහන් වෙන්නේ. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීම යි.

ධන බලයෙන්, පිරිස් බලයෙන් හා යුද බලයෙන් ද පරිපූර්ණ ව සිටි ඇමරිකානු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යයට ද අවශ්‍ය අහස් යානා, නැව් සහ යුද අවි සපයා දී මේ සංග‍්‍රාමයට එක සේ මුහුණ දීලා තියෙනවා. මේ වන විට බි‍්‍රතාන්‍ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුද්ධය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු මිස, අතර මඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රටපුරා ගොඩනැංවලා තියෙනවා. බි‍්‍රතාන්‍ය රටවැසි සියලුදෙන එකහෙළා ඒ මතයට සහාය දැක්වීමට කැමැත්‍ත ප්‍රකාශ කරලා තියෙනවා. ඉංගී‍්‍රසින් කිසි ම විටෙක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතු ය යන මතයෙහි මුළු රටේම අදහස වෙලා තියෙනවා.

1944 වන විට බුරුමයේ රැඳී සිටි ජපන් හමුදාවෝ ඉන්දියාව ද ආක‍්‍රමණය කිරීම ඇරැඹී ය. බි‍්‍රතාන්‍ය හා ඉන්දීය හමුදාවන් එක් ව බුරුම රට ජපන් ආක‍්‍රමණයෙන් ගලවා ගැනීමට සමත් විය. මේ සංග‍්‍රාමය බි‍්‍රතාන්‍යයට ජයගැනීමට හැකි වූ තීරණාත්මක සාධකය වූනේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් බළඇණි මූලස්ථානය SEAC දුම්බර බිමෙහි පිහිටුවීමට ගත් තීරණය යි. එදා බි‍්‍රතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසින් 1941 ඔක්තෝබර් 27 වන දා නැඟෙනහිර ආසියා බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් ලුවී මවුන්ට් බැට්න් නාවික හමුදා ජෙනරාල්වරයා පත් කරන ලදී.

මවුන්ට් බැට්න් යනු ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර උපන්, මුල දී බැට්න්බර්ග් නමින් හැඳින් වූ වික්ටෝරියා මහ රැජින ගේ මුණුබුරකු මෙන් ම පස්වන ජෝර්ජ් රජු ගේ දෙවැනි ඥාති සොහොයුරු රාජකීයයෙකි. යුද්ධය ජයගත් පසු 1947 දී ඔහු එවකට සිටි බි‍්‍රතාන්‍ය අගමැති ක්ලෙම්න්ට් ඇට්ලී විසින් ඉන්දියාවේ වයිස්රෝයිවරයා වශයෙන් පත්කරන ලදී. අද පවතින පකිස්තානය වශයෙන් ඉන්දියාව දෙකඩ කිරීම ද ඔහු ගේ අධීක්ෂණය යටතේ 1947 අගෝස්තු මස 14, 15 දිනවල සිදුවුණු ලුවී මවුන්ට් බැට්න් සාමි යුවළ ගාන්ධිතුමා සමඟ පකිස්තානය බෙදා වෙන් කිරීමේ දී බෙදා වෙන්කර පාලනය කිරීමේ සූක්ෂ්ම න්‍යායයේ ප‍්‍රතිඵලයකි. විශ‍්‍රාමික ජීවිතයක් ගතකරන අවස්ථාවක 1979 අගෝස්තු 27 දින අයර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් ස්ලීගෝ මුහුදු වෙරලෙහි දී ඔහු මරා දැමිණි. එදා SEAC නමින් හැඳින්වූ දුම්බර පිහිටි ආසියාවේ මේ යුද මූලස්ථානය භාර ව සිටියේ ලුවී මවුන්ට් බැට්න් යුද සෙනෙවියා ය. ඔහු දුම්බර බිමේ මෙකී මූලස්ථානයේ සිට ජයග‍්‍රහණය දක්වා ම යුද මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙළේ ය.

මීට වඩා ඉතිහාස කතාවක් තියෙනවා. ඒත් ඉතින් අපේ බයිස්කෝප් යාලුවන්ගෙන්, මේ ඉතිහාස කතා කියවන්නේ ටික දෙනෙක් නිසා, මම හිට්ලර්ගේ ක්‍රියා කලාපයෙන් ටිකක් තමයි, ඔයාලට කිව්වේ, මීට වඩා දිග ඉතිහාස කතාවක් දෙවන ලෝක යුද්ධය ගැන තියෙනවා, ඔයාලට ඕන නම් අන්තර්ජාලයේ ඒ ගැන ඕන තරම් තොරතුරු තියෙනවා, ඉතින් මම චිත්‍රපටියේ කතාව ගැන කියන්න යන්නේ නෑ. ඔයාලා මේ ඉතිහාස කතාවෙන් ඒ ගැන පොඩි අදහසක් ගනීවි කියලා මම හිතනවා. එහෙනම්, ආයෙත් චිත්‍රපටයකට උපසිරැසි අරන් ඉක්මනින්ම ගේන බලාපොරොත්තුවෙන්, මම ගිහින් එන්නම්, ඔයාලට,

දළදා සමිදු පිහිටයි!

සැ.යු:- (මෙහි ඇතුලත් සමහර තොරතුරු අන්තර්ජාලය භාවිතයෙන් උපුටා ගන්නා ලද තොරතුරු වේ).

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

8,140 downloadsDownload Nazi-Overlord-2018.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,140 downloadsDownload Subtitles33 KB

32 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Haritha245

    Thank you ... all the best

  3. thushan3

    Nazi.Overlord..2018..[WEBRip].[720p].[YTS.AM]
    machan me cpoy ekata update karoth hodayi neda???

  4. Hiranhiru

    විස්තරය සේරම කියෙවුවා..
    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    නිදුක් නිරෝගී වේවා...!
    තෙරුවන් සරණයි....!

  5. ishara92-96

    thank you mcn

  6. Kulanjana Maduranga

    subata thanks

  7. gihan perera

    ජය වෙිවා...බලන් හිටපු ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි....

  8. suranuwan

    thanks...

  9. prasanna.sampath

    Thanx bro

  10. darshana100

    super yalu

  11. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. harshani11112

    ස්තුති සහො

  13. R-TJ

    thnx bro

  14. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Davindu reshan

    thank u.........

  17. danushka-bandara

    සබ් එක දුන්නටThanks සහෝ වැඩේ දිගටම කරගෙන යන්න අපෙම් සුභ පැතුම්....

  18. DPiyumantha

    බොහොම ස්තූතියි

  19. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  20. harris

    බොහොම ස්තුතිය සහො.....

  21. sandharu

    Thanks broo

  22. H_anuru

    thank you bro

  23. janitha Sri

    thank you brother

  24. arrowsl

    sub ekatai pahadili kirimatai thanks bro...niyama wadak..

    1. Supun_boy

      Tnx bn

  25. dula2001

    tnx brother..good luck

  26. panagama

    බුදු සරණයි........!!!

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. Hell Hound

    D Day is not the WW 2. The final campaign of the WW2 commenced with D Day, That's mean the Normandy landing. The day elite forces landed in France for the final approach march is known as D-Day.... Just to correct your post for future application. good luck and some military jargons to be corrected in your sub..BTW thanks brother.

  29. shenal stefan

    තෑන්ක්ස් බ්‍රෝ

  30. tdsk

    බොහොම ස්තුතියි උපසිරසි හා ලිපියට

  31. මිලින්ද

    සිංහල උපසිරයට බොහෝම ස්තුතිය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.