Watch Trailer

Where the Crawdads Sing (2022) Sinhala Subtitles | වගුරු බිමක තනි වූ ඈ.. [සිංහල උපසිරසි]

ලොව අතිශය ජනප්‍රිය නවකතාවක් වූ Delia Owens විසින් රචිත Where The Crawdads Sing නවකතාව ඇසුරින් නිර්මානය කරන ලද Where The Crawdads Sing සිනෙමා සිත්තම නවකතාව මෙන්ම අතිශය ජනාදරයට පත් වූවකි. Daisy Edgar-Jones “කායා” ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන අතර Olivia Newman විසින් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබයි.…

ලොව අතිශය ජනප්‍රිය නවකතාවක් වූ Delia Owens විසින් රචිත Where The Crawdads Sing නවකතාව ඇසුරින් නිර්මානය කරන ලද Where The Crawdads Sing සිනෙමා සිත්තම නවකතාව මෙන්ම අතිශය ජනාදරයට පත් වූවකි.

Daisy Edgar-Jones “කායා” ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන අතර Olivia Newman විසින් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබයි. IMDB 7.2 අගයක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටියේ අඩංගු Taylor Swift විසින් ගායනා කරන “Carolina” ගීතය මහත් රසික ආකර්ශනයකට මෙන්ම සම්මාන වලටද භාජනය වූවකි.

කුඩා කාලයේ සිටම පියාගෙ දැඩි තාඩන පීඩන මත වගුරු පරිසරයක වාසය කරන “කායා” , මවගේ හා පියාගේ අඩදබර නිසාවෙන් මුළු පවුලම අහිමි වී තනිවම නිවසේ වාසය කරන්නීය. සමාජය විසින්ද දැඩිව ප්‍රතික්ෂේප කිරීමකට ලක්වන ඈ පාසල් ගමනද පටන් ගත් තැනම අවසන් කර
දමයි. තරුණ කාලය ලගා වනවාත් සමග තනිකම මකා ගැනීමට ආදරය සොයා යන ඈ චේස් ඇන්ඩෲස් නම් තරුණයකු සමග හාද වෙයි. ඔහුත් සමග හැල හැප්පීම් මැද ජීවත් වන අතර හදිස්සියේම චේස් ගේ මල සිරුර වගුරු බිමේ කනුවක් අසලින් සොයා ගැනීමට පොලීසිය සමත් වෙයි. එයට වැරදිකරු ලෙස පොලීසිය විසින් “කායා” අත්අඩංගුවට ගනු ලබන අතර ඇයට මරන දණ්ඩනය ලබා දීම සදහා උසාවියට යොමු කරයි.

ඇත්තම මිනීමරුවා කවුරුන්ද..? කායාව මරන දන්ඩනයෙන් බේරාගැනීමට හැකිවේද ? ඇයව බේරාගැනීමට ඉදිරිපත්වන තැනැත්තා කවුද ? එතකොට කවුද ටේට්..? මේ සියල්ලන්ටම උත්තරය Where The Crawdads Sing චිත්‍රපටය නැරඹීමෙන් ඔබට දැනගත හැක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Cinematography චිත්‍රපටයක් වන මෙම සලරුව ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියකි. එම නිසා මෙය ඉතා හොදින් රසවිදීමට ඉහල ගුණාත්මක භාවයකින් යුත් පිටපතක් තෝරාගන්නා ලෙස ඉල්ලා සිටිමි.

එලෙසම වැඩිහිටියන්ට පමනක් සුදුසු 16+ දර්ශන කිහිපයක් අඩංගු වන අතර ඒ පිලිබදවත් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් නැවතත් අලුත් රසබර සලරුවක් ඔබ හමුවේ තැබීමේ අරමුණින් සමුගනිමි.

ඔබට සුභ දවසක්..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත් සඳහා ලබා දි ඇත.

5,236 downloadsDownload Where-the-Crawdads-Sing-2022.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

5,236 downloadsDownload Subtitles48 KB

21 comments

  1. Kushan

    Sub akta thanks

  2. Niro

    thanks mcho sub ekata

  3. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. බලන්න ඕනෙ ෆිල්ම් එක. ජයවේවා!

  4. Naveen Mbr

    බොහෝම ස්තූතියි!

  5. මයුර

    අම්මෝ ඉෂූඌඌ කාලෙකට පස්සේ මේක බලන්නම හිටිය එකක් බොරු නෙමේ.. දැන් අනිවා බලනවා

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  7. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Nadun Prasad

    Thanks bro, Great job

  9. Anonymous

    බොහොම ස්තුතියි .

  10. Emi

    Thank you

  11. Anonymous

    kalekin balapu supirima film ekak thank you...

  12. ප්‍රදීප්

    කාලෙකින් බලපු සුපිරියක්..පට්ට ලස්සන කතාවක්
    ස්තුතියි සහෝ උපසිරසිය
    ජය වේවා..

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  14. ප්‍රභාෂ් ජයවීර

    පාන්දර දෙකහමාරයි මචං, දැන් තමයි ෆිල්ම් එක බලලා ඉවර කළේ. මේ වගේ ෆිල්ම් එකක් බාරගෙන සබ් කරපු එකට බොහොම ස්තුතියි. පෝස් නොකර කාලෙකින් එක දිගට ෆිල්ම් එකක් බැලුවෙ. මාරම ලස්සන ෆිල්ම් එකක්. සබ් එක සුපිරියටම තියෙනවා. පට්ට කට්ටක් කාලා සබ් එක කරපු බවත් දන්නවා. මේ වගේ එකක් ආයෙ කරමු ඉඩ තියෙන වෙලාවක. මේ ෆිල්ම් එක මිස් කරගත්තා නම් හෙනම අපරාදෙ. නැවතත් ස්තුතියි.

  15. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම තුති සහෝ

  16. sao so se

    we want more this type darama

  17. Anonymous

    What a great movie.....
    Thank you saho...

  18. Anura L

    විශ්ව සිනමා සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණ බොහෝමයක් ගැන අපට දැනුවත් වෙන්න වගේම රසවිඳින්නත් අවස්ථාව ලැබුණේ බයිස්කෝප් වෙබ් අඩවිය නිසා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට හෘදයාංගම ස්තූතිය සහ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම ඉෂාන් මධුශංක සහෝදරයාගේ උපසිරැසි ගැන්වීමත් ඉතා විශිෂ්ටයි. අපේම නිර්මාණයක් රස විඳිනවා වගේ හැඟීමක් ඇති වෙන්නේ. යම් යම් තැන් වල තව ටිකක් අදහස පැහැදිලි වන පරිදි ඉදිරිපත් වුණා නම් හොඳයි කියලත් හිතෙනවා.

    ඉදිරියටත් මේ විශිෂ්ට සේවය කරගෙන යන්න හැකි වේවා යයි බයිස්කෝප් වෙබ් අඩවියටත් ඉෂාන් සොයුරාටත් ශුභාශිංශන පළ කරනවා.

    1. ISHAN

      bohoma sthuthi obage adhas dekweemata.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Mano

    Godak sthuthi..Jaya wewa!