ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම 2023 වසරේ අති සාර්ථක තෙලුඟු චිත්‍රපටයක් අරගෙනයි අද කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න බලාපොරොත්තු වෙන්නේ. පෙරේදා Netfllix වෙත හොඳ පිටපත් නිකුත් වුනු Dasara චිත්‍රපටය මේ වනවිට තිරගත වී දින 25ක් පමණ ගතවෙලා තියෙද්දී ඉන්දියාවේ මේ මොහොතේත් අති සාර්ථක ගමනක මෙය නිරත…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම 2023 වසරේ අති සාර්ථක තෙලුඟු චිත්‍රපටයක් අරගෙනයි අද කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න බලාපොරොත්තු වෙන්නේ. පෙරේදා Netfllix වෙත හොඳ පිටපත් නිකුත් වුනු Dasara චිත්‍රපටය මේ වනවිට තිරගත වී දින 25ක් පමණ ගතවෙලා තියෙද්දී ඉන්දියාවේ මේ මොහොතේත් අති සාර්ථක ගමනක මෙය නිරත වෙමින් සිටිනවා.ඉතින් ඉක්මනටම චිත්‍රපටය පැත්තට යනවනම්..
Dasara අධ්‍යක්ෂනය කරන්නේ නවක අධ්‍යක්ෂකවරයෙක් වන Srikanth Odela විසින් වන අතර ඔහු Pushpa, Rangastalam වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල සුකුමාර්ගේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් මුල සිටම කටයුතු කල දක්ෂයෙක් ලෙස හැඳින්විය හැකියි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සන්තෝෂ් නාරායන් විසින් සිදු කර තිබෙන අතර කැමරාකරණය සත්‍යම් සූර්යම් විසින් සිදු කර තිබෙනවා. සරලව චිත්‍රපටය ගැන එක වාක්‍යයකින් කියනවා නම්. Pure Raw, Rustic, and Adrenaline-rush චිත්‍රපටයක් ලෙසිනුයි මෙම චිත්‍රපටය සිනමා විචාරකයින් විසින් හඳුන්වන්නේ. ඒ මෙම චිත්‍රපටය ග්‍රාමීය පරිසරය මූලික කරගෙන තැනුවක් නිසාවෙන්.
චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ තෙලුඟු සිනමාවේ නැචුරල් ස්ටාර් වගේම රංගනය අතින් අතිදක්ෂයෙක් වන නානි සමගින් ජාතික සම්මාන ලාභී කීර්ති සුරේෂ් විසින්. ඔවුන් දෙදෙනාගේ රංගනය වෙනුවෙන් දැඩි විචාරක පැසසුම් මෙම චිත්‍රපටය වෙනුවෙන් මහත් ලෙස ලැබුණු අතර නානිගේ සිනමා දිවියේ සන්ධිස්ථානයක් ලෙස මෙම චිත්‍රපටය නම් කරන්න පුළුවන්. ඔවුන් දෙදෙනාට අමතරව. Dheekshith Shetty, Samuthirakani එහෙමත් මෙම චිත්‍රපටයේ සහය චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වනවා.


ඉන්දියානු රුපියල් කෝටි 65ක වියදමකින් නිපදවුණු මිනිත්තු 156 ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය පසුගිය මාර්තු 30 වනදා සිතිඅ ලොවපුරා තිරගත කිරීම ආරම්භ කල අතර පළමු දිනයේ සිටම දැඩි විචාරක පැසසුම් සමගින් චිත්‍රපටය සාර්ථක ගමනක් ආරම්භ කරනු ලැබුවා. පළමු දිනයේ තිරගත වීමෙන් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 38ක ආදායමක් ඉපයූ අතර දින කිහිපයක් තුල චිත්‍රපටය ඉන්දියානු රුපියල් 100 කඩයිම පසු කරන්නට සමත් වූයේ නිරායාසයෙන්මයි. මෙය නානිගේ සිනමා දිවියේ කෝටි 100 ආදායම ඉපයූ පළමු චිත්‍රපටය වන අතර මේ චිත්‍රපටය හරහා අධ්‍යක්ෂක ශ්‍රීකාන්ත් පළමු චිත්‍රපටයෙන් එවන් වාර්තාවක් පිහිටවූ අධ්‍යක්ෂකවරුන් අතලොස්ස අතරට එක්වූවා.

චිත්‍රපටය සිංගරේනි ගල් අඟුරු පතල් ප්‍රදේශය පසුබිම් කරගෙන නිර්මාණය වූ කතාවක් වටා ගෙතී තිබෙන අතර ධරණි ලෙසින් නානි රංගනයේ යෙදෙන අතිශය ග්‍රාමීය පරිසරය තරුණයෙක්ගේ චරිතය ඔබේ සිත්ඇදගන්නා සුළු තිරකාලයක් වනු ඇති. චිත්‍රපටයේ කතාව මිත්‍රත්වය, ආදරය, කුල බේදය, වෛරය, පලිගැනීම වැනි තවත් බොහෝ හැඟීම් අතර දෝලනය වන ආකර්ශනීය තිර රචනයක් වන අතර ඔබට අනිවාරෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා වගේම කලකට පසු පැමිණි සුපිරිම චිත්‍රපටයක් ලෙස මෙය අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහි ග්‍රාමීය පරිසරය සහ එම සිද්ධි රූගත කර තිබෙන ආකාරය මෙන්ම චිත්‍රපටයේ මූලක හරය රැගත් කතාව ඔබව මිනිත්තු 156ක් පුරා චිත්‍රපටය සමගම තබා ගනීවි.
ඉතින් අනිවාරෙන්ම නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. කාර්යබහුල වෙලාවක පොඩි නිවාඩුවක් ලැබුණු මොහොතේ තමයි මේ දිගහැරුම ඔබ වෙත අරගෙන ආවේ. වැඩි විස්තර හොයල ලිපියක් සකස් කරන්නවත් වෙලාවක් තිබුණු නැහැ. මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. චිත්‍රපටය ගැන නං එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් අනිවාරෙන්ම අරගෙන නරඹන්න කියලා ඉල්ලා සිටිනවා. මිනිත්තු 156ක සුන්දර සිනමානාත්මක අද්දැකීම මෙතැන් සිට ඔබට බාර කරනවා එහෙනම්. යන්න අවසරයි. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා බයිස්කෝප්ඩවුන්ලෝඩ් අඩවිය වෙත පිවිසිලා මේ උපසිරැසි වලට ගැලපෙනම වීඩියෝ කොපිය අරගෙන උපසිරැසියත් ඩවුන්ලෝඩ් කරගෙන හරිම සරල විදිහට හොඳම චිත්‍රපටි හොඳම විදිහට නරඹන්න කියල ඔබට මතක් කර සිටිනවා. හදිසිය නිසාවත්, කම්මැලිකම නිසාවත් ෆේස්බුක් ගෘප්වලයි ටෙලිග්‍රෑම් ගෘප් වලයි අපගේ වෙබ් අඩවි වලින් අනවසරයෙන් අරගෙන බාල විදිහට ඒවගේ නම් වෙනස් කරලා බාල විදිහට ඔබට පෙන්නලා ඔබේ රසවින්දනයත් බාල කරවන දක්ෂ උපසිරැසි කරුවන්ගේ මහන්සිය කුණු කොල්ලයට දමන හොරුන්ව දිරිමත් කරන්න එපා කියල පාඨක සැමගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.
බයිස්කෝප් එකේ උපසිරැසි අපි පල කරන්නේ බයිස්කෝප් වෙබ් අඩවියේ පමණයි. එසේනම් ඔබත් එය වෙබ් අඩවියෙන්ම ලබාගන්නට කාරුණික වන්න කියලා ඉල්ලා සිටිනවා. උපසිරැසිකරුවා සැබෑවටම දිරිමත් වන්නේ එවිට පමණක් බවත් වෙනත් තැන් වලින් අපගේ උපසිරැසි ලබාගැනීමෙන් දිරිමත් වන්නේ අපගේ උපසිරැසි සොරාගෙන පලකරන්නා පමණක් බවත්, උපසිරැසිකරුවාට එයින් ඇතිවන්නේ කල කිරීමක් බවත් මතක් කරන්නට කැමතියි. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා.
අදහසක් පලකරගෙන එතන පාලු නොකර යන්න කියලත් සහෝදරත්වයෙන් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා.
ඔබට ජයෙන් ජය…!!!
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Telugu TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
16,772 downloadsDownload Dasara-2023-Telugu.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
- #Dasara (2023) Sinhala Sub
- #Dasara (2023) Sinhala Subtitles
- #Dasara Sinhala Sub
- #Editor's Pick
- #Indian Box Office Hits
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #www.1TamilMV.help - Dasara (2023) Telugu TRUE WEB-DL - ESub
- #උපසිරැසි
- #තාරක නුවන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Naveen
Anonymous
Patta
Ravindra
Thanks
Naveen Mbr
බොහෝම ස්තූතියි අයියේ!
rukshan
සුපිරි බන්. සබ එකට තැන්ක්ස්...
කවුරු කොහෙන් දුන්නත් උඹල දෙනකම් ඉන්නේ රහ දන්න නිසා.උඹ කියපු කතාව ඇත්ත. මමත් දකිනවා ෆේස්බුක් එකෙන් ෆිල්ම බලන්න අහන උන්ව. සිරාවටම මට උන් ගැන හිතාගන්න බැහැ. ෆිල් HD බලන්න ඕන ඒව කොහොම බලනවද කියල. කවුරු මොනා කිව්වත් අපි උඹල එක්ක ඉන්නවා එදා ඉඳලම.
Thasitha Nilanka
සුපිරියක්ම තමයි
Kushan
Sub akta thanks
Anonymous
Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Sk
නානිගේ ඇක්ටින් පට්ට
Sanjeewa Malith
Thank u subtitles akata
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Niro
debut ekama mehema nm me director gen supiri film balagnna puluwn wei issarahata
thanks mcho sub ekataBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Jevan
රොම්බ නන්‍රි නන්බා
Kawwa
Elakiri Ayye
Samith
Thanks brother
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Pathum Nishan
sabata thankz bro
Anonymous
Good movie ...thanks
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට තුති සහෝ
හරේන්ද්‍ර
අන්තිම සීන් එක වෙනකන්ම හිතුවේ part 2 එකක් එයි කියලා,අපරාදේ නැත්නම් තව සුපිරියක් බලන්න තිබ්බා pushpa වගේ
dulan
ස්තුතියි !
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Chama
Vishwak sen ge aluth telugu eka dennko
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..podi
thanks bro
dilruwan nilaksha
thanks bro....
Harshana Atapattu
Thanks for sub brother. Keep it up
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Dasara (2023) Sinhala Subtitles | ධරණිගේ වීරලපල්ලි ග්‍රාමය…! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Dasara-2023-1.jpg)
උපසිරසියට තුති