Watch Trailer

Who Killed Cock Robin? (2017) AKA Mu ji zhe With sinhala subtitles | යටගිය අතීතයක වැළලුනු අමිහිරි මතකයන්[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මම ආයෙත් ඉක්මනටම ආවා තවත් ෆිලුමක් අරගෙන. හරි එහෙමනම් මේක ගැන කෙටියෙන් විස්තර කිරීමක් කරන්නම්කො. මේක තායිවාන සිනමාපටයක්.චිත්‍රපටය විකාශය ආරම්භ කරලා තියෙන්නේ 2017 මාර්තු මාසයේ සිංගප්පූරුවෙන්.තායිවාන ඩොලර් මිලියන 52.4ක ආදායමක් ලබා ඇති අභිරහස්/ත්‍රාසජනක වර්ගීකරණයනට අයත් වන…

කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මම ආයෙත් ඉක්මනටම ආවා තවත් ෆිලුමක් අරගෙන. හරි එහෙමනම් මේක ගැන කෙටියෙන් විස්තර කිරීමක් කරන්නම්කො.

මේක තායිවාන සිනමාපටයක්.චිත්‍රපටය විකාශය ආරම්භ කරලා තියෙන්නේ 2017 මාර්තු මාසයේ සිංගප්පූරුවෙන්.තායිවාන ඩොලර් මිලියන 52.4ක ආදායමක් ලබා ඇති අභිරහස්/ත්‍රාසජනක වර්ගීකරණයනට අයත් වන මෙම සිනමාපටය IMDB දර්ශකයේ 7.4ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා.

චී කියන්නේ ඉතාමත් කෙටි කලකින් සිය දක්ෂතාවයේ උපයෝගිතාවයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණි මාධ්‍යවේදියෙක්. දිනක් සෙනෙට් සභිකයෙක් සිය මිළ අධික වාහනය අනතුරකට භාජනය කර ගන්නවා. මෙම සිදුවීම අරුමපුදුම ලෙස පුවත් මවන්නක් බවට පත්වන්නේ එම අවස්ථාවේ ඔහු සමග නිරූපිකාවක් ද රථයේ සිටීම හේතුවෙනි. මෙම සිදුවීම වාර්තා කරන චී හුවා දක්වන්නේ සෙනෙට් සභිකයා අනියම් සබදතාවයක් ගොඩ නගා ගෙන ඇති බවයි. කෙසේ වෙතත් සිය වෘත්තීය දිවිය නම් ඉනිමගේ ඉහළටම යමින් සිටින චීට සිය රැකියාව අහිමිව යන්නේ සෙනෙට් සභිකවරයා සමග සිටි කාන්තාව ඔහුගේ නිත්‍යානුකූල බිරිය බව ප්‍රකට වීමත් සමගයි.

රැකියාව අහිමි වෙන චීට හදිසියේම වාගේ මෙම සිදුවීම හේතුවෙන් වසර නවයකට පෙර ඔහු සියසින් දුටු අනතුරක් ගැන යළි මතකයට එනවා. ඉතින් රැකියාවත් අහිමිව සිටින චී වසර නවයකට පෙර වැළලී ගිය අතීතයක සුන්බුන් ගොඩ ගැනීමට පටන් ගන්නවා. ඒ අනුව ඔහු එදා අනතුරට ලක්වුණ කාන්තාවක සොයා සිය විමර්ශන ආරම්භ කරනවා. චී එම කාන්තාව හමුවීමත් සමග ඇතිවෙන සිදුවීම් සමගින් වාතාවරණය මුළුමනින්ම උඩු යටිකුරු වෙනවා.එම කාන්තාව අතුරුදහන් වීමත් සමගින් චීව ඝාතනයට යම් පුද්ගලයෙක් උත්සහ කරනවා. කෙසේ වෙතත් අමිහිරි යටගියාවක මළමිනී ගොඩ ගමින් යන චීගේ ගමන ලේසිපාසු එකක් වන්නේ නෑ. ඔහුට සිය මිත්‍රයෙක් පවා අහිමි වෙනවා.

විවිධ බාධාවීම්,රැවටීම් සහ මුලා කිරීම් හමුවේ චී මෙම සිදුවීම පසුපස දිගටම හඹා යාවිද? සැබවින්ම වසර නවයකට පෙර කුමක් වන්නට ඇත්ද? චී හට මෙම සිද්ධිය සෘජුවම ඔහුගේ ජිවිතයට බලපාන්නේ ඇයිදැයි යන කරුණු ඔයාල බලලම දැනගන්න.එහෙමනම් මං මෙතනින් නවත්තනවා. තව කිව්වොත් කතාවම කිව්වා. කට්ටිය බාගෙනම බලන්නකෝ එහෙමනම්. යළිත් ඉක්මනින් උපසිරසියක් රැගෙන එන අපේක්ෂාවෙන් මම සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

Bridge of Spies (2015)

Who Killed Cock Robin? (2017) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාල  වේ.

4,599 downloadsDownload Who-Killed-Cock-Robin-2017.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,599 downloadsDownload Subtitles38 KB

25 comments

  1. Madhu

    බොහොම ස්තුතියි බ්‍රෝ.

  2. sumed

    සබ් එකට ස්තූතියි සහෝ....

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. kumara

    පට්ට පහරක් වගේ. එල එල. ගොඩාක් ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං. ජයවේවා.

  5. Mithun

    පිස්සු කොර .. සුපිරියක් වගේ..
    නියමයි සහෝ , -රත්‍රන් මංකොල්ලය-
    එක නම් පට්ට . කියන්න තිබුන දෙයක් එදාම කිව්ව ජය වෙවා

  6. C. R. ජයලත්

    Niyamai Nilupul Aiya Jaya Wewa!!!!!

  7. prabodha

    Thank u bro sub ekata....

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Praneeth priyadarshana

    Tks saho

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. අසිත

    elama saho thanks

  12. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  13. tharangani

    thanx

  14. Sanuthi Ekanayaka

    Thanx

  15. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  16. Shanthani

    Korean tv seiries akakata sub dennako yalau.. tnx ...jayawewa

  17. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  18. Chamara

    thanks bro.......!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. dil

    කැපවීම අගය කොට සලකමි.ස්තූතියි ඔබටත් කාර්ය මණ්ඩලයටත්.

  21. oshanda

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…

  22. Noyel Ranasinghe

    ස්තූතියි. මේක තායිවාන එකක්. භාෂාව චීන. තායි භාෂාව තායි ලන්ත. භාෂා දෙකක්. තායි කියල වර්ග කිරීම චීන ලෙස නිවැරදි වුනා නම් හොඳ යැයි සිතමි.

  23. sampath n perera

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  24. චාමර

    ඩවුන්ලෝඩ් කරන් බෑ එක

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කරලා තියෙන්නේ..නැවත උත්සාහ කරන්න