Watch Trailer

The Prison (2017) with Sinhala Subtitles | ගිණිබත් වෙන්නට පෙර ”හිරගෙදර” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 මාර්තු 31 ඉස්සරලම ඇමරිකාවෙදි තිරගත කිරීම ආරම්භ කරපු ඇ.ඩොලර් මිලියන 21 ක ආදයමක් ලැබීමට සමත් වුණු crime/action ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්. ඒ වගේම තමයි ගූගල් පරිශීලකයින්ගෙ 96% ක පිරිසක් මේ චිත්‍රපටියට කැමැත්ත දක්වලා තියෙනවා.නමේම තියෙන හැටි…

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 මාර්තු 31 ඉස්සරලම ඇමරිකාවෙදි තිරගත කිරීම ආරම්භ කරපු ඇ.ඩොලර් මිලියන 21 ක ආදයමක් ලැබීමට සමත් වුණු crime/action ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්. ඒ වගේම තමයි ගූගල් පරිශීලකයින්ගෙ 96% ක පිරිසක් මේ චිත්‍රපටියට කැමැත්ත දක්වලා තියෙනවා.නමේම තියෙන හැටියට මේ චිත්‍රපටිය හිරගෙයක් තුල සහ පිටත සිද්ධ වෙන අපරාද සම්බන්ධව ක්‍රියාදාම පෙළක් තමයි ගෙනහැර දක්වන්නෙ.කිසි කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක.වැඩි අටුවා ටීකා නැතුව මම කෙළින්ම චිත්‍රපටියෙ සාරාංශෙට බහින්නම්..

සන්ග්-අන් හිරගෙදර කියන්නෙත් අනික් හිරගෙවල් වල වගේම සුළු සහ දරුණු අපරාදකාරයින්ගෙන් පිරුණු හිර ගෙයක්.මේක ඇතුලෙ කල්ලි කීපයක් තියෙනවා.මේ අතරින් ඉහළින්ම ඉන්නෙ ඉක්හෝ කියන හිරකාරයා.මෙයා තමයි මේ හිරගෙදර රජ්ජුරුවො.කොටින්ම කිව්වොත් මෙයාට ඕනෙ වෙලාවක එළියට යන්න එන්නත් පුළුවන්.ඕනෙම දෙයක් කරන්නත් පුළුවන්.අනික මේ හිරගෙදර සුළු නිලදාරින්ගෙ ඉඳන් ඉහළම ප්‍රධානියට යනකම්ම මෙයාට බයයි.මේ හිරේ වෙන ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඒවා විසඳන්නෙත් මේ ඉක්හෝ. ඒ වගේම තමයි මේ ඉක්හොට ඇතුලෙ වගේම එළියෙත් කණ්ඩායමක් ඉන්නවා.එළියෙ ඉන්න අය ලොකු ලොකු වැඩ හොයාගෙන හිරගෙදර ඉන්න ඉක්හොට දැනුම් දෙනවා.මිනී මැරුම් වගේ දේවල් තමයි.ඇතුලට එහෙම පණිවිඩයක් ආවම ඉක්හෝ ඇතුලෙන් කට්ටියක් අරගෙන එළියට ගිහින් වැඩේ ඉවරයක් කරල ආයෙම ඇතුලට එනවා.එතකොට දැනටමත් හිරේ ඉන්න උන් එළියෙ අපරාද කරන්නෙ කොහොමද කියල කවුරුත් සැක කරන්නෙ නෑ.අනික තමයි හිරේ ඉන්න අනිත් හිරකාරයොත් බලන්නෙ මේ ඉක්හෝ ලගට රිංගගන්න.ඒ මොකද කියනවනම් ඉක්හෝ ලග ඉන්නව කියන්නෙ ජීවිතේ ගොඩ තමයි කියල හැමෝම විශ්වාස කරන නිසා.

එතකොට සොන්ග් යූ ගොන් කියන්නෙ අළුතෙන් හිරේට යන පොලිස් නිලදාරියෙක්.මෙයාට තියෙන චෝදනා තමයි මිනිහෙක් හප්පලා පැනල ගිහින්, සාක්ෂි විනාශ කරලා,අල්ලස් අරගෙන වගේ අපරාද කීපයක්ම තියෙනවා.අනික තමයි මෙයා මිනිස්සු හොයන්නත් දක්ෂයි.අළුත හිරේ යන මෙයා ඇතුලෙ වෙන කිසිම දෙයක් දන් නෑ.හෙණ ලොකු සීන් එක දාගෙන තමයි ඉන්න හදන්නෙ.ඒත් පළවෙනි දවසෙම හිරේ ඉන්න උන්ගෙන් හොඳට ගුටි කනවා.ඊට පස්සෙ ඉක්හෝ මැදිහත් වෙලා මූව ආම්බාන් කරනවා. ඊට පස්සෙ හිරේ හැමෝම මේ ඉක්හො ලගට යන්න දගලන විත්තිය දැනගෙන මූත් එයාගෙ ගෝලයෙක් වෙන්න ට්‍රයි කරනවා.

ඒකෙ ප්‍රතිපලයක් විදියට ඉක්හොගෙන් පැනල ගියපු මිනිහෙක්ව අල්ලලා දෙන්න කියල මේ යූ ගොන්ට කියනවා.ඒ මිනිහව මූ අල්ලලා ආපහු හිරේට අරගෙන එනවා.ඒත් ඌව අරගෙන ආවට පස්සෙ ඒ මිනිහට කරපු දේ දැකලා මෙයා ගැස්සෙනවා.ඒත් දැන් මෙයා ඉක්හොගෙ ගෝලයෙක් වෙලා ඉවරයි.ඒ නිසා එයාටත් එක එක අපරාද වලට හවුල් වෙන්න වෙනවා.

ඒත් මේ හිරේට අළුතින් ආපු දූෂිත පොලිස් කාරයා ඇත්තටම හිරේට එන්නෙ මොන හේතුවකටද?මෙයා ඇත්තම අපරාදකාරයෙක්ද?නැත්තන් මෙයාට හිරේට එන්න වෙන හේතුවක් තියෙනවද?එහෙනම් මෙයා හිරේට ආපු ඇත්තම පරමාර්ථෙ මොකක්ද? ඔයාල හිතන දේම වෙයිද? නැත්තන් අවසානය කුමක් වේවිද? කියන එක චිත්‍රපටිය බලලම දැනගන්න.එහෙනම් මං අදට ගිහින් එන්නම්. බුදුසරණයි!

 

The Prison (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Prison 2017 720p HDRip H264-747mb mkv

The Prison 2017 720p 1080p BluRay x264 DTS-CHD

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

8,776 downloadsDownload The-Prison-2017.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,776 downloadsDownload Subtitles81 KB

40 comments

  1. kumara

    බොබොහෝම ස්තුතියි සහෝ සබ් එකට. නියම පිලුමක් වගේ. එල එල. ගොඩාක් පිං. ජයවේවා!!

    1. chamalkalum

      ජය !

  2. Bobby

    Thank you Very much

    1. chamalkalum

      එල

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  4. C. R. ජයලත්

    Niyamama Niyamai Chamal Aiya Jayama Jayama Wewa!!!!!!

    1. chamalkalum

      නියමයි!

  5. tharangani

    thanx

  6. ishan + piumi

    patta bro tnx

  7. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. wiki

    Thanks

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. SithiJa PraDeepa

    සබට බොහොම ස්තුතියි සහෝ !
    ජයෙන් ජය !!

  11. Kasun Widusha

    Tnx mchoo

  12. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  13. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  14. rasanga

    නියමයි යාලු…. ඔහොම කරගෙන යමු ඉදිරියටත් …

  15. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට.
    ජයෙන් ජය.

  16. sumed

    උපසිරැසියට ස්තූතියි.තව තවත් උපසිරැසි කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා...!!!!

  17. අසිත

    elama saho thanks

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. chamalkalum

      ජය!

  19. Chamara

    Well done...... Thanks bro for your great work..........

  20. gayan

    tnx malli....superb

    1. chamalkalum

      නියමයි..

  21. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Udaya Fernando

    Thanks bro

  24. දිලා

    සුපිරිම ෆිල්ම් එකක්. උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තූතියි සහෝ

    1. chamalkalum

      your welcome brother

  25. vimukthi

    thank you bro

  26. Hashan

    supiri filumak bro elaaaaa

  27. upali bandara

    Thank You.

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. madushangamage

    ela thankes

  30. Nidi

    හොඳයි, සබ්ස් ටික හොඳටම හොඳයි.
    චාමල්,
    ගොඩක් ස්තුතියි.
    දිගටම, මෙහෙමම යමු.
    (අපේ වාසියට!), හොඳද?

  31. R-TJ

    Thnx

  32. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති me film walath sub denna puluwanda

    The unjust (2010)
    Blind (2011)
    The five (2013)
    The gifted hands (2013)
    The keys to the heart (2018)

  33. Anonymous

    thanks chama

  34. Supun

    Thanks for sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.