2013 ජූනි 12. කාලයක් සයිට් එකත් එක්ක හිටියත් එදා තමයි මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පල වුනේ. ඒ Starship Troopers Invasion (2012). එදා ඉඳන් හැකි විට උපසිරසි ලබාදුන්නා. පේන හැටියට මම තමා දැනට උපසිරසි 50 ලබාදෙන්න වැඩිම කාලයක් අරගත්තේ. අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ගියා. :p මේ ආපු ගමෙනේදී ගො…

2013 ජූනි 12. කාලයක් සයිට් එකත් එක්ක හිටියත් එදා තමයි මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පල වුනේ. ඒ Starship Troopers Invasion (2012). එදා ඉඳන් හැකි විට උපසිරසි ලබාදුන්නා. පේන හැටියට මම තමා දැනට උපසිරසි 50 ලබාදෙන්න වැඩිම කාලයක් අරගත්තේ. අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ගියා. :p මේ ආපු ගමෙනේදී ගොඩක් දෙනෙක් අඳුනගන්න ලැබුනා. ඒ අතරින් උදව් වෙච්චි අය මතක් කරන්නත් ඕනිනේ. මුලින්ම ස්තූති කරන්නේ ගෙදර අම්මටයි, තාත්තටයි. ඊට පස්සේ සයිට් එක ගැන දැනුවත් කරපු මගේ ඥාති සහෝදරයෙක් වන ශ්‍රීනාත් ලහිරු මල්ලිව මතක් කරනවා. ආපු දවස්වලම සයිට් එකේ අහු උනේ විකියට. කරපුවගෙන් විස්සක්ම විකිගෙන් බේරෙන්න බැරුව කරපුවා. 50 සබ් ඒක උනත් උදේ ඉඳන් msg කරා ඉක්මනට කරලා එවන්න එවන්න කියල. :p කාලයක් යනකල් වැඩිය කට්ටියව අඳුනගත්තෙ නැහැ. පස්සේ තමයි කට්ටියව හෙමීට අඳුන ගත්තේ. මුලින්ම මතකෙට එන්නේ පූසෙක් වෙලා ඉඳල දැන් නංගි බබෙක් වෙලා ඉන්න සමන් ප්‍රසාද්. එයා කර කර හිටපු වොල්වෙරින් ඔරිජින් සබ් එක එයාට කලින් කරන්න කරපු නිසා තමා මිනිහව හම්බුනේ. ශීල්ඩ් එකත් එක්ක තමා ශාන් විමුක්ති හෙවත් වීමව හම්බුනේ. මම හිතන්නේ තවමත් විමා මට බැන බැන ඇති මේ සබ් එක ඉස්සුවට. ඊට පස්සේ අපි ඉපදෙනන්ත් කලින් කොමික් බලල ඉන්න කොමික් වලි වලදී ඉදිරිපෙළ ඉන්න හසා මාමි. මංසල එක්ක තමා සමීර කරුණාරත්න හම්බුනේ. 50 ගහන්න මේ ෆිල්ම් එක හොයල දුන්නේ වගේම ඉක්මනට මේක දෙන්න ඕනි නිසා ෆිල්ම් එක ගැන විස්තරේ ලියල දුන්නේ ඉතින් සමීර තමා. දැන් වැඩිය පේන්න එන්නේ නැති මට tv සීරියස් බලන්න හුරු කරපු රොයිලි අයියා, වාසල අයියා, බයිස්කෝප් යූ ටියුබ් චැනල් එක නිසා අඳුනගත්තු ඩොකා හෙවත් සමීර චතුරංග, තවමත් මූණවත් දැකල නැතත් ඕනි වෙලාවක නෑ බෑ නොකියා ඉදිරිපත් වෙන මහසෝනා හෙවත් ප්‍රනීත් චින්තක, කොන්දෙ අමාරුව හැදිලා ඉන්න දසන්, තීන්ත ගාන්න ඉල්ලන ඩිල්ශාන් කාලිංග, ඒ වගේම නලින් අයියා, වරුණ අයියා, සිරාජ් මල්ලි, අචින්ත මල්ලි, යස්මික මල්ලි, ඇරෝ මල්ලි කවිඳුවා. ඒ වගේම මොනා උනත් බැන බැන හරි එවන එවන සිංදුවල උපසිරසි කරලා දෙන මේ දවස්වල අහිංසකයා වෙලා ඉන්න හින්දි හේවා මතක් කරන්න ඕනි. ඒ වගේම ටියුබ් ලයිට් නිලුපුල්, කැලුම් අයියා, චූටි මල්ලි සමීර, යශෝධ, දෙක වසරේ කෙල්ල නිර්මාණි අක්කා, ෂෙරින් අක්කා, වලි වලදී ඉදිරි පෙළ ඉන්න දැන් කෙල්ලෙක් සම්බන්ධ විහිලුවක්වත් අහන්නේ නැති සඳුන් අයියා, ලඟදි අඳුනගත්තු කසුන් උපේක්ෂ, පරණ tv සීරියස් එකක් මතක් වෙච්චි ගමන් මන්තක් වෙන චන්දිම අයියා, බයිස්කෝප් DC අංශයේ ඉඳන් මාර්වල් වලට ඉදිරිපෙළ ඉඳන් මඩ ගහන සුපර්නැචුරල් එක්ක හමුවුනු චාමර, හින්දි සින්දු එක්ක හමුවුණු තාරක මලයා, 50 රීලෝඩ් ඉල්ලන ගයාන් රූකාන්ත, වගේම මේ වගේ සයිට් එකක් අරඹපු ඉසිර අයියව මතක් කරනවා.. නිදිමතේ මේ ලිපිය කිව්වේ. ඉතින් මෙතැන් නොකියවුණු අය ඉන්නවනම් සමාවෙන්න ඕනා. එදා පලවෙනි ගෙට් එකේදී මෙතන කියපු නොකියපු ගොඩක් අය හමුවුනා. ඇත්තටම සතුටුයි කවදාවත් හිතපු නැති විදිහේ ලංකාව වටේම අපූරු යාලුවෝ සෙට් එකක් සයිට් එක නිසා හමුවෙච්චි එක ගැන. ඒ වගේම මතක් කරන්න ඕනි බයිස්කෝප් ප්‍රේක්ශකයක් පිරිස. එයාල නැත්නම් අපි මෙහෙම සබ් කරන එක නතරකරන්න තිබුනා. දැන්නම් කියන්න දේවලුත් මතක් වෙන්නේ නැහැ. හැමෝටම ස්තූතියි කියන ගමන් 50 විදියට ගෙනාපු ෆිල්ම් එක රසවිඳින්නකෝ.
#Hail_Hydra

හොංකොන් වල පාඩුවේ ජිවත් වෙන මනුස්සයෙකුගේත් තමයි මෙදා සරේ කතාව ආරම්භ වෙන්න, ඒ නිහඬ මිනිසා වෙන කවුරුවත් නෙමෙයි මෙතෙක් චිත්‍රපටි දෙකක් පුරා අපිව පුදුම කල Ip Man. ආරම්භය සනිටුහන් වෙන්නේ ඔහු ලී සැකිල්ලක් එකක් පුහුණු වෙන හැටි අපිට බලන්න දීලා. නමුත් ටිකක් වෙයා යනකොට කතාවේ එනවා අපි හැමෝම දන්නා බොහොම ආදරය කරන චරිතයක් ගුරුහරුකම් ලබාගන්න බලාගෙන…..
ඔහුට හා කියන්නෙත් නෑ, හැබැයි බෑ කියන්නෙත් නැහැ පස්සේ එන්න කියන එක තමයි ලැබෙන පිළිතුර… ඔහු කවුද කියල හිතන්නකෝ ඉතුරු ටික කියවන අතරේ… ඒ වගේම මේ වෙනකොට Ip Man ලොකු පුතා ඉගෙන ගන්න ගිහින්, බාලයා හා බිරිද තමයි ඔහු එකක් ඉන්නේ. මේ පොඩි කොලුවා පැටලෙනවා සටනකට පාසලේ දී, දෙන්නම හොඳට ඇනකොටා ගන්නවා…. දෙදෙනාටමටම තුවාල වෙනවා… ඉතින් Ip Man කැදවනවා පාසල වෙත, දන්නවනේ ඉතින් ළමයින් ගහගත්තම, කොහොම කොහොම හරි මේ සිද්ධිය අවසන් වෙන්නේ Ip Man තමුන්ගේ පුතාගේ ප්‍රතිවාදියාගේ වැඩත් බලාගෙන…
මේ ඔක්කොම වෙන අතරේ විදේශික දේපල වෙළෙදාම් කරන්නෙක්ට ඕනේ වෙලා තියනවා Ip පොඩි පුතා ඉගෙන ගන්නා පාසලේ ඉඩම ලබා ගන්න. ඔහු ඒ සඳහා යොදා ගන්නේ පළාතේ නීති විරෝදී ලෙස ඔට්ටු වෙනුවෙන් සටන් මෙහෙයවන පුද්ගලයෙක් ඔහුට ලැබෙන කාලය මාසයයි…. ඉතින් මාසයක් පුරාවට Ip Man හා මේ සටන් කල්ලිය අතිශය ද්වන්ද සටන්වල නිරත වෙන හැටි බලාගන්න ඔබට හැකි වේවි. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව මේකේ තියන සටන් ගැන එකපාර 50 ක් වට කලත් අවසානයේ හිටන් ඉන්නේ එක්කෙනයි….
ඒ තමයි කතාව සැකවින්. දැන් කියන්නම් අනික් විස්තර මෙවර අධ්‍යක්ෂණය කරන්නෙත් කලින් දෙකම කල Wilson Yip විසින්මයි. පිටපත කිහිප දෙනෙක්ම එක්කාසු වෙලාතමයි නිර්මාණය කරන්නේ. නළු නිලියන් ගැන කියනවා නම් ඉතින් Donnie Yen මේ වතාවෙත් එක්කාසු වෙනවා අති විශිෂ්ඨ ලෙස මේ චරිතයට පණ දෙන්නට. ඔහුගේ ප්‍රතිවා දී ඇමරිකානු දේපල වෙළෙදාම්කරුවා වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි සුපිරි බොක්සින් ශුර Mike Tyson මේ වතාවේ දී නම් නියම දෙන්නා හැප්පෙන්නේ… wink emoticon තව පිරිසක් නම් ඉන්නවා මම හිතන්නේ මුල් නම් දෙකම ඇති මේක බලන්න, ආ IMDB මිටරයත් බොහොම කාරුණිකයි මේ සලරුව වෙනුවෙන්, ඒ 7.9 ක් වගේ අතිශය ඉහල අගයක්. ඉතින් එහෙනම් මේ පැය 1 මිනිත්තු 45 ක් පුරා දිවෙන ක්‍රියාදාම වෘතාන්තය බලන්නකෝ…..
ප.ලි.
විශේෂයෙන් ශාන් විමුක්ති සහෝට ස්තුතිවන්ත වෙන්න ඕනේ එයා තමයි මේක අරගෙන හිටියේ. මොනා උනත් බැන බැන හරි මගේ 50 වැන්න ලෙස දෙන්න මට ඉඩ දුන්න එක ගැන ස්තූතියි. අර අනිත් එක කරන්න බැරි උනාට සොරි හොදේ..
#Hail_Hydra
590 MB (720p HEVC BRrip) කොපිය මෙතනින් බාගන්න
33FDAE013D54C2425C830BA54416DA5D71955B55700 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න
470D35E8C69F1B3B31203B8F1F5C416845C737C71.40 GB (1080p BRrip) කොපිය මෙතනින් බාගන්න
E8BE5707EDBFD215A22344FE1E2747E6BC11BC78 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,042 downloadsDownload Yip-Man-3-2015-New.zip192 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo-e1457720168501.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
107 comments
elakolla
Snake RaJ
අනේ අප්පේ නියෝ අයිය උපසිරැසි 50 කොරල.. :D
ඔන්න දැන් තමයි දැනගත්තෙ..
උපසිරැසි 50 මගෙන් උණුසුම් සුභ පැතුම්! :D
Nalaka
One of the best film s ever... tx
asanka
Thanks Bro. meke 1,2 sub nadda?
daminda
enakan hitiye thanx subata
මධුකප්‍රිය පෙරේරා
තිසර සහොත් එහෙනම් 50 ගැහුවා..
අපිවත් මතක් කරලා තියෙන්නේ..කවුද යකූ ටියුබ් ලයිට්..
මූ මෙතන මතක් කරලද මඩ ගහලද???
සිරාවටම බන් උබගේ උපසිරසි බලලා තියේද නැද්ද කියලවත් මට දැන් මතක නැහැ.
ගොඩ කාලයක් ගියත් කරපු උපසිරසි ප්‍රමාණය අඩුවුනත් මොකද
ඔයා මංසල ඇදගෙන යනවා නොවෑ.දැන්වත් පොඩ්ඩක් වේගේ වැඩි කරලා
ඉක්මනට 100ට ලංවෙන්න බලපන්.එහෙනම් 50ට උණුසුම් සුබපැතුම් තිසර සහෝ.
ඒවගේම සබට තැන්කු වේවා.වැඩිපුර උපසිරසි කිරීමට අවශ්‍ය කාලය සහ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Amila Kaushalya
තිසර නියෝ Thanx Bro
Chämàrá Sâmpáth
හම්මේ එහෙනම් කොහොමෙන් කොහොම හරි 50 වෙනි කඩයිම්ට ආවා.
" 50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් තිසර "
උබ මොනා නැතත් මාව හරියට නාමකරණය කළා ඒ වෙනුවෙන් මගේ හද පිරි මෙව්වා එක.
එහෙනම් මේක අනිවා බලනවා උපසිරැසියට ගොඩක් ස්තුතියි.
හම්මේ මේ ඉක්මණට 100 ලගා වෙන්න පුලුවන් එව්වා යයි ප්‍රර්ථනා කරනවා..!!!
ජයෙන් ජය..#Hail_Hydra :3
Chamila
Thank you
සජීවී
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.....
Pramudaya Lal
බලාගෙන හිටියේ සහො ගොඩක් පිං
එවගේම 50 වෙනි උපසිරැසියට උණූසුම් සුභ පැතුම් !!!!Kalum Gunasekara
50 උණුසුම් සුභපැතුම් සහෝ. බොහොම ස්තුතියි උඵසිරැසිය. 100 කඩඉමත් ඉක්මණින් ම පසුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මාවත් මතක් කලාට.
mithun
ස්තුතියි බ්‍රො සබ් එකට හොද රෙටින් එකක් තියෙන ෆිලුමක් වගෙ අනිවාර්යයෙන් බලනව.. 50වෙනි උපසිරැසියට සුභපැතුම් යලුව
නියමයිwiduranga
ela ela 100th gahamu ikmanata....
thanx bro sub ekataSIRAJ (සිරාජ් ප්‍රියන්ත )
වාව්, නියමයි නියමයි තිසර අයියේ
සුපිරි වැඩක්
ගොඩ කාලයක් අරන් තියෙනවා වගේ
කොහොම හරි මේ ආපු ගමන සුපිරි
ඔයිට වඩා කාලයක් ගන්න අයත් ඉන්නවා....තමාගේ වටින කාලය , ධනය , ශ්‍රමය වැය කරලා අපගේ සතුට වෙනුවෙන් , සිනමා වින්දනය වෙනුවෙන් කරන මේ සේවයට මාගේ හද පිරි ගෞරවය පුදනවා අයියේ (සැර වැඩියි වගෙ වාක්‍ය )
ඒ වගේම 50 වෙනි උපසිරැසි නිර්මාණයට හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් අයියේ !!!
දිගටම මේ කාර්යය කරගෙන යන්නට හා තවත් කඩයිම් පසු කරන්න ලැබේවා කියලා පතමි!අපිවත් මතක් කලාට ගොඩාක් ස්තූතියි අයියේ !
එහෙනම් දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!
#හෙයිල් හයිඩ්‍රා!DDSameera
Unusum Subaptahum machanla !!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
Aditha Praween
සුභ පතනවා තිසර අයියා 50 වෙනි උපසිරසියට !
ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය කාලය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
#hail hydra
:DThisal
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..
නලින් පෙරේරා
ගතවන කාලය ගැන නෙවෙයි අපි කරදර වෙන්න ඕනේ... ඒ කාලය ඇතුලට අපි මොනවද කලේ කියන දේ ගැනයි... කියලා තමයි මට හිතෙන්නේ... තිසර මල්ලි ඔය කියන කාල පරාසය තුල අපි වෙනුවෙන් කරලා තියන නිහඩ සේවය මෙතෙකැයි කියන්න බැහැ...බයිස්කොපේ මංසල වෙනුවෙන් වෙන මහන්සිය අපි නොවැ දන්නේ... ඉතින් මලේ 50 ගැහුවා වගේ ඉතිරි ටිකත් මෙහෙමම යමු, හදිසියක් නම් නැහැ...ඒවගේම ඉගෙනුම් කටයුතුත් ඇති සාර්ථක වෙන්න ඕනේ කියලා හදවතින්ම පතනවා.. ජය වේවා!
kavinda
සුබපැතුම් සහෝ
Jerome Valeska
හම්මේ...
එහෙනම් අපේ Hydra ත් 50ක් ගැහුවා එහෙනම්...
මං උඹට කිවුවා අනිත් එක කොරහං කියලා, කෝ ඉතින් උඹමනේ මේක ගත්තෙ...
ෂුවර් විමා උඹට දැන් දෙහි කපනවා ඇති. ආයෙ දෙකක් නෑ... :3
එහෙනම් උඹේ 50 ට හදවතින්ම අවංකවම සුභ පතනවා....
මට උඹේ හුඟක් ෆිල්ම් නම් බලන්න හම්බෙලා නෑ. හැබැයි පෙරේදා නම් උඹේ Star Trek බැලුවා.
ඊට කළින් Wolverine සහ Daredevil බැලුවා. තව ඉස්සරහට ෆිල්ම් දාහන්කො. බලන්න වෙලාව හදාගන්නම්...
කොච්චර උනත් අර හසා අයියයි රොයිලි අයියයි කියන්නා වගේ උඹ කතා කරන්නෙ කීබෝඩ් එකෙන් විතරයි...
මූණට හම්බුනාම මීක් සද්දයක් නෑ... :v
මේ දවස් වල නම් ලව් සික් එකේ ඉන්න කියලා හොඳට තේරෙනවා... :3
එහෙනම් මෙහෙම හිමින් ගමන් නැතුව 100 ඉක්මණටම ගේන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
මාවත් මතක් කොලාට ස්තූතියි ආ... :P
එහෙනම් සබට තුති...!!! ජය වේවා...!!!Amila Kaushalya
Bro Donnie yen ga thava films tiyenava avatath sub dennaaaa u fatta vaddek broooo
Sudesh
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්...
නියමයි. ගොඩක් ස්තූතියි සහෝදරයි...
එල්.සී. දමැල්
සුභ පතනවා 50 වෙනි උපසිරස ගැන්වීමට, නියෝජිත තිසර සහෝ... :)
ඔයාගේ උපසිරසවලින් මට මතක හිටියේ ටෝයි ස්ටෝරි චිත්‍රපටය...
මංසලේ කටයුතු කරගෙන යන අතරතුර මෙහෙමවත් උපසිරස 50ක් කරපු එක ගැන මටනම් සහෝගෙ තියෙන වේගවත්බවක් මිසක් මන්දගාමීබවක්නම් දකින්නේ නැහැ...
මංසලේ කටයුතුත් සාර්ථකව කරන ගමන්ම, උපසිරස අංශයේ 100 කඩඉමටනම් මීටත් ඉක්මනින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
හැබැයි ඉතින් මම තමයි හෙමීටම වැඩිම කාලෙක 50 ගහන ඔයාගේ රෙකෝඩ් එක කඩන්නේ ඔන්න :DAmalka Himeshan
50වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ 100වෙනි උපසිරැසියත් ඉක්මනට දෙමු
#hail hydraKasun Buddhika
මේක එනකම් හිටියේ. බොහොම ස්තුතියි... ජය වේවා...!
Tharindu Athukorala
patta patta..bohoma thanx
Sajith Anthony
50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම්!
ජය වේවා…!!!sanka
ela ela meka awa kiyalawath danan hitiye na sub denakan thanks
කේ.යූ.ජී. උදාර
හෙමින් වුණත් මේ තරම් දුර ආපු ගමනයි වටින්නෙ. ඉස්සරහටත් මේ ගමන මෙහෙම ම යමු. 50 ට මගෙනුත් සුබ පැතුම් තිසර. සිංහල සබට බොහොම ස්තූතියි.
kelum
thanks
dilshan
thanks saho,onna bewa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බීච් ප්ලීස්, වැඩිම කාලයක් අරං පනහ ගහපු කෙනාලු, අපි එතකොට මේකේ පොල් ගෑවද මෙච්චර කල්...
ඒ වාර්තාව කඩන්න දෙන්නේ නෑ නියෝ මෙයා.හරි...
මිස්ටර් නියෝ මහතා...
කොහොම කියන්නද මේකා ගැන..
අප්පේ, මට උදව් කරපු තරමක්, මම මේකාට දීපු වදයක්, රාජකාරි වැඩ වලදී පවා මට උදව් කළා. මට මතක විදියට ගෙට් එකේදී මමද කොහෙද මෙකාත් එක්ක වැඩිපුරම කතා කළේ.
එදායින් පස්සේ තමා පිට් වුනේ. ලගැදි ඉදන් තමා හොදටම පිට් වුනේ. අපි සෙට් වෙලා කට්ටියට හොද පෝරියල් එහෙමත් දීලා තියේ, නැද්ද?
එහෙනම් නියෝ, පනස් වෙනි උපසිරසියට උණුසුම්ම සුභ පැතුම් මගෙනුත්..
100 කරද්දීවත් මාව පරද්දන්න ට්‍රයි එකක් දෙමු නේ..
එහෙනම් ජය වේවා!!Jack
පට්ටයි මචන්.....
50 වෙනි උපසිරැසි කඩයිමට සුබ පැතුම් සහෝ....
දිගටම සබ් දෙමු....
සියලු වැඩ කටයුතු සාර්තක වේවා...
ජයෙන් ජය....Kåsüñ Galagedara
ස්තූතියි සහො :D
නිර්මාණි
ආහ් අපේ Hydra මලයත් 50 ක් සම්පූර්ණ කරලා තියෙන්නෙ. සංතෝසයි මලේ. මංසලත් කරන ගමන් උපසිරසිත් 50ක් කරන එක ලේසි නෑනෙ. කොහොමින් කොහොම හරි නම් පටබදින වැඩේ මෙතනදිත් අතෑරලා නෑ නේ. කට්ටියටම මඬ ටික ගහලා තියෙන්නෙ. හෙ හේ. කොහොම වුනත් සුභ පැතුම් 50 වෙනි උපසිරසිය වෙනුවෙන්. 100ක් 150ක් ඉක්මනින්ම කරමු. ජය වේවා...
Saketha Pulasthi
:D .....50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් ..... :D
ප්‍රණීත් චින්තක
හම්මේ...
කමෙන්ට් එකක් නොදා කොහොමෙයි?!? :D
හයිඩ්‍රා වුනත් මාවල් වලට මඩ ගහන්න ආවොත් අපිත් එක්ක එකට එකතු වෙලා DC වලට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න එකතු වෙන, ඇඟෙන් වගේම වචනෙනුත් සද්ධන්ත පොරක් තමා තිසර කියන්නේ. :)සයිට් එකට කැපවුනු ගාන මනින්නේ ගහපු සබ් ගණනින් විතරක් නෙමෙයි. 50 ගහන්න ගොඩක් කාලයක් ගත වුනත් තිසර‘ගේ කමෙන්ට් එකක් නැති පෝස්ට් එකක් මේ සයිට් එකේ හොයාගන්නවා කියන්නේ, බොහෝම අමාරු වැඩක්. උපසිරැසි කරන්න වැඩිය අවස්ථාවක් නොලැබුණත් පුළුවන් හැම වෙලාවකම අපේ අනෙකුත් සහෝදර උපසිරැසිකරුවෝ දිරිගන්වන්න අමතක කලේ නෑ කියලා සයිට් එකට එන අපි හැමෝම දන්න කාරණාවක්.
කොහොම වුනත් තවත් මේ විදියටම දිගින් දිගට අපිත් එක්ක එකතු වෙලා ඉඳගෙන, උපසිරැසි විතරක් නෙමෙයි. මංසලෙත් වැඩ කටයුතු අති සාර්ථකව කරගෙන යන්න කාලය, අවකාශය, අවස්ථාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
Max
උබ නම් එල කොල්ලෙක් මචං, YIP MAN අලුත් ෆිල්ම් එක එනකං අපි බලන් උන්නෙ. නියම වෙලාවට සබ් එක හම්බ උනේ.
Thanks ඈ.......
ජය වේවා!Naveen Randika
50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් !
ජයවේවා !indunil
hammeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee.enakan balan idala epa una.thnx kolloooo
Amila Mudalige
50 වෙනි සබ් එකට සුභ පැතුම්! ඉක්මනින්ම 100ත් කරමු. ජය වේවා!!
roshan
super brooooo.100 fast ghamu.good luck.......................
Buddila Nilaksha
සුභ පැතුම් සහෝ... සබට තෑන්ක්ස්
Prasad Kandamulla
සුබ පැතුම්.....අපෙන්........
සබ් එකට බොහොම ස්තුතියි,,,සහෝ..........Naveendra Dhanushan
Congratz 4 this victory!!!!!!!
Tharaka
50 වන උපසිරැසියට සුභ පැතුම් සහෝ!
Kasun Upeksha
50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් තිසර සහෝ
D'O'N
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴විකියා
50 වෙනි සබ් එකට සුභ පැතුම්!
ජයෙන් ජය!!!!!!
asiri
kalekin lokka ayya dakke :)
Sadun Danushka
අම්මප නියෝ මොකදද මේ කලේ කාඩ් සේරම කුඩු නේද ?
කමක් නැහැ අපිටත් දවසක් එයිනේ
අපිත් තාම 50 ගහලා නැහැ එදාට අල්ලා ගන්නම්.බොහොම ස්තුතිි උපසිරැසියට.
ඒ වගේම 50 දුන්නා වගේම 100 දෙන්න හැකියාව ශක්තිය ලැබේවා
කියා මා පාර්ථනා කරනවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Cngrz
.. ptttaaa film akak meyka