MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධක්‍රියාදාමරවින්ද්‍ර හසංකවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Ninja Assassin (2009) with Sinhala Subtitles | මාරාන්තික පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 62 votes.
Please wait...

මම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා. ඒත් හොඳ කොපියක් ආවට පස්සෙ හිතුනා එහෙම හිටපු එක අපරාධයක් දෝ කියලා. එහෙම හිතුනේ මොකවත් නිසා නෙවෙයි මම අසාමාන්‍ය ලෙස ලේ පෙන්නන චිත්‍රපට වලට අකමැති නිසයි. හැබැයි මේ කතාව මම නොබලා නොසිට පමණක් නොවේ ඔබ සමඟ බෙදාගන්නත් හිතුවෙ එක් කාරණයක් නිසයි. අනික් මේ වර්ගයේ චිත්‍රපට මෙන් නොව මේකේ කතාවක් තිබීමයි.

මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.

මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා.

නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා. ඒ වගේම මේක බාගන්න නොහිතන ඔබ දන්නෙත් නෑ ඔබ අතහරින්න යන්නේ මොන වගේ චිත්‍රපටියක්ද කියලා.

කොහොම වුනත් මගේ අවවාදය නම් ඔබට ලේ දැකීමට අපහසුනම් මෙය බාන්නේ නැතිව ඉන්න එක හොඳයි. මොකද මම පෞද්ගලිකව සිතනවා මෙහි එන ලේ පෙන්වන දර්ශන ඕනාවට වැඩියි කියලා. හැබැයි ලේ දැකීම ප්‍රශ්නයක් නොමැති සටන් බලන්න කැමති අයට මෙන්න එලම චිත්‍රපටියක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24591 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/රවින්ද්‍ර-හසංක.jpg [/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/03/02

113 thoughts on “Ninja Assassin (2009) with Sinhala Subtitles | මාරාන්තික පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]