Pareeksha (2020) Sinhala Subtitles | රික්ෂෝකාරයාගේ සිහිනය [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2020 අගෝස්තු 06 වෙනි දින සී05 ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඔස්සේ මුදා හැරුණු පරීක්ෂා හින්දි සිනමා නිර්මාණයටයි.
Prakash Jha විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ නිර්මාණයේ Adil Hussain, Priyanka Bose, Sanjay Suri, Shourya Deep සහ Shubham Jha ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය ලබා දෙනවා. මේ වෙනකොට 2430 දෙනෙකුගේ මනාපයෙක් IMDb දර්ශකයේ 8.1/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ නිර්මාණය Naxal බලපෑමට ලක්වූ බිහාර් ප්‍රාන්තයේ දරුවන්ට IIT-JEE විභාගය සමත් වෙන්න සහය දුන් IPS නිලධාරි අභයානන්ද්ගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බව සඳහන් වෙනවා.
කතාව ගැන කියනවා නම් බුච්චි කියන්නේ රික්ෂෝ පදවන කෙනෙක්. ඔහුගේ බිරිඳ රාධිකා එක්ක ජිවත් වෙන්නේ අම්බෙද්කාර් නගර් මුඩුක්කුවෙ. එතකොට බුච්චිට බුල්බුල් කුමාර් කියල නම තියෙන පුතෙක් ඉන්නවා. දක්ෂ දරුවෙක් උන බුල්බුල් කුමාර් ඉගෙන ගන්නේ රජයේ පාසලක. බුච්චිගේ රාජකාරියේ කොටසක් තමයි Sapphire ජාත්‍යන්තර පාසලට ළමයි ඇරලවන එක. මේ ගමන් අතරතුරේදී බුච්චි දැන ගන්නවා තමන්ගේ දරුවට නොලැබෙන අවස්ථා මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පෞද්ගලික පාසලේ ළමයින්ට ලැබෙනවා කියල. ඉතින් මේ රික්ෂෝ කාරයා තමන්ගේ පුතා, බුල්බුල් කුමාර්ව මේ Sapphire පාසලට ඇතුලත් කරන්න පිස්සු හීනයක් දකිනවා. එදා වේල හොයාගෙන ජිවත් වෙන මේ අයට මේක ඇත්තටම හීනයක් උනාට, අකුරක් ලියන්න නොදන්නා බුච්චි මේ වැඩේට අත ගහනවා. ප්‍රාතිහාර්යයක් වගේ බුච්චිගේ උත්සාහේ සාර්ථක වෙනවා. බුල්බුල් කුමාර්ව Sapphire වලට ඇතුලත් කරන්න අවසථාවක් බුච්චිට ලැබුණත් ඒ වැඩ කටයුතු පවත්වාගෙන යන්න මේ අම්මටයි තාත්තටයි බැරි වෙනවා. බුල්බුල් කුමාර්ට Sapphire වල දිගටම ඉගෙන ගන්න ලැබෙයිද? බුච්චි ඒ වෙනුවෙන් මොනවා කරයිද?
ඕනෙම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෝ ගැන ලොකු හීන දකිනවා. තමන්ට නොලැබුන අවස්ථා තමන්ගේ දරුවන්ට උදා කරලා දෙන්න දෙමව්පියන් ඕනේ දෙයක් කරනවා. ඕනේ දුකක් විදිනවා. ඒ වෙනුවෙන් තමන්ගේ ජිවිතේ ගැන නොහිතා කැප වෙනවා. මේකත් ඒ වගේ තාත්ත කෙනෙක්ගේ කතාවක්. මේ තාත්තගේ කතාව බලන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන් කොවිඩ් – 19 වසංගතය නැවතත් හිස ඔසවල තියෙන මේ වෙලාවේ සෞඛ්‍යය ආරක්ෂිත අනුගමනය කරල නිරෝගීව ඉන්න කියල මතක් කරනව. නැවත මේ වගේම උපසිරැසියකින් හම්බ වෙමු. සුභ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4992 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
scam 1992 sub dennako
Thanks Renuka
Scam 1992 one
owwww
dila thiyana link walin downlod karanna ba ne film eka
Scam 1992 සිංහල සබ් දෙන්නකෝ
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සුපිරිම film එකක් බලපු ….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංංහල උපසිරසට බොහොම ස්තූතියි
machan thankx sub ekata. film eke nama sinhale danakota downloads ekatath sinhalenma dhaana. naththam api pariksha, pareeksha oni widihak enna puluwanne. search karanna ba.
කොපි රයිට්ස් ප්‍රශ්නයක් හින්දයි නම සිංහලෙන් දාල තියෙන්නේ මල්ලි
බොහොම ස්තූතියි …. !
Thanks for the subtitle. Keep it up the good work.
thanks niyama film ekak sub dunnata newathath sthuthii. idiriyatath mewage film walata sub denna. jaya wewa.
Thank U Soo Much 🙂
Thanks..
Thank you so much
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thank you dear.
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
උපසිරසි බොහොම ස්තුති . ෆිල්ම් එකේ නම english වලින්ම්ම
දැම්මා නම් ගොඩක් හොදයි. කලින් තිබුනා වගේ.
කට්ටියටම ජයවේවා . පරිස්සමෙන් ඉන්න.❤️
thanks for the sub. issarahatath hindi films walata sub denna
ස්තුතියි ස්තුතියි නංගී… හොඳ අර්ථවත් කතාවක්… දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..,ජය වේවා…..
Sub ekata thanx
බොහොම ස්තූතියි අක්කේ උපසිරසියට.. සිනමාවේ එතරම් ඇස නොගැටෙන.. ලස්සන සිනමාපටයන් අපි අතරට ගේනවටත් විශේෂයෙන් ස්තූතියි
SCAM 1992: The Harshad Mehta Story (2020– )
මේ අලුත් ටිවි සීරිස්. මෙකට සබ් දෙන්නකො. තෑන්ක්ස්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තුති ඔබට…
ස්තූතියි. එත් ෆිල්ම් එකෙ නම් සිංහලෙන් දාන්න එපා. පොදුවේ හැමෝම සර්ච් රකන්නේ ඉංග්‍රිසියෙන් නිසා. පස්සේ කාලේක ෆිල්ම් එක සර්ච් කරද්දි මේක තියෙනවා නොදැක ඉන්න පුළුවන්.
සිංහලෙන් නම දාන්න හේතුව මොකද කොපිරයිට් හේතු නිසා. සයිට් එකේ ඔක්කම වගේ ඉන්ග්ලිස් නමෙන් තමයි දෙන්නෙ. නමුත් යම් යම් ෆිල්ම් සිරීස් වලට කොපිරයිට් ප්‍රශ්න හුඟක් එනවා.. ඒ හේතුව මග ඇරගන්න තමා ඔය සිංහලෙන් නම දාන්නේ..