හොඳ කෙනෙක් වෙන්න හැබැයි ගොඩක් හොඳ කෙනෙක් වෙන්න එපා..! ඒයි..! කාටම හරි ගෙදර ගෑණි දරුවො ගැන කැක්කුමක් එහෙම තියෙනව නම්! ඔහොම්ම පැනලා යන එකයි ඇත්තේ..! මරන්න තරහින් ඉන්නේ පුතෝ.! අම්මප එකෙක්වත් මරන්නේ නැතුවනම් අතඅරින්නේ නෑ..! දෙදාස් දහනවයේ ජනවාරි මාසේ නවවෙනිදා ලෝක වාසී හිංදු ආගමික ජනතාවට සහ දමිළ සිනමා…

හොඳ කෙනෙක් වෙන්න හැබැයි ගොඩක් හොඳ කෙනෙක් වෙන්න එපා..!
ඒයි..! කාටම හරි ගෙදර ගෑණි දරුවො ගැන කැක්කුමක් එහෙම තියෙනව නම්! ඔහොම්ම පැනලා යන එකයි ඇත්තේ..!
මරන්න තරහින් ඉන්නේ පුතෝ.! අම්මප එකෙක්වත් මරන්නේ නැතුවනම් අතඅරින්නේ නෑ..!
දෙදාස් දහනවයේ ජනවාරි මාසේ නවවෙනිදා ලෝක වාසී හිංදු ආගමික ජනතාවට සහ දමිළ සිනමා රසිකයින්ට වගේ්ම Super Star රජිණි ගේ රසිකයන්ටද විශේෂ දවසක් උනා. තෛයි පොංගල් දිනය සමරන සතිය තුල එක සමාඟාමිව තිරගත කරන්න යෙදුන දමිළ සිනමාවේ දැවැන්තයන් දෙනෙකුගේ චිත්‍රපට දෙකක්ම නව වෙනිදා හා දහවෙනිදා යන දින දෙකෙ සිට තිරගතකිරීම ආරම්භ කරපු නිසා! ඇත්තටම මේ වගේ අවස්ථාවක් උනොත් රසිකයෝ විදියට අපි මොකද කරන්නේ කාගේ චිත්‍රපටියද ඉස්සෙල්ලා බලන්නේ? පොඩ්ඩක් ඉන්න මට දෙයක් අමතක උනා දැවැන්තයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ගැන කිව්වට අනිත් කෙනා ගැන කිව්වේ නෑනේ! ඒ කවුරුවත් නෙවෙයි දමිළ සිනමාවේ පතාක යෝධයකු වන අජිත් කුමාර් නොහොත් තල අජිත්! ඒ නම් දෙක කිව්වම කට්ටිය දන්නව ඇතිනෙ කවුද කියලා! ඉතින් මමත් අර ඉස්සෙල්ලා කිව්ව ගැටලුවට මුහුණ දුන්නා දෙන්නම හොඳයි අවුලක් නෑ ඒත් ඉස්සෙල්ලා බලන්නේ කාගේ එකද.? කොහොමින් හරි චිත්‍රපටි දෙකටම උපසිරැසි කරන්න භාරගෙන තිබුන නිසා අවසානෙදි සිනමා ශාලාවේ 10.30 දර්ශණ වාරයේ අජිත්ගේ චිත්‍රපටයත් එම සිනමා ශාලාවේම 2.30 ට පෙන්නපු මේ චිත්‍රපටියත් බලලම තමයි ආවේ.!
රජිනිකාන්ත් කිව්වම නොදන්න කවුරුවත් නැති තරම් ඒ තරම්ම ප්‍රසිද්දයි පෞරානිකයි දැනට ලෝකයෙන්ම මාදිලි හතරක සිනමා පටවලට රඟපාලා තියෙන එකම නළුවා රජිණි කාන්ත් ඒ කිව්වේ හතර වර්ගයකම කළුසුදු, වර්ණ, ඇනිමේෂන්, හා 3D යන ප්‍රභේද හතරේම චිත්‍රපට සඳහා තම රංඟනය ලබාදී ඇති සමස්ත ලෝකයේම එකම නළුවා රජිණ කාන්ත්ය!

වයසට ගියත් හවසට ගෙදර කියනවා වගේ කොච්චර කාර්ය්‍ය බහුල වුනත් හැටනව හැවිරිදි රජිනි තම රසිකයින්ව නම් කවදාවත් අමතක කරේ නෑ. ඒ තමන්ගෙ රසිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ද කරමින් ඔවුන් බලාපොරොත්තුවන ආකාරයේ සිනමා නිර්මාණ හරහා නිරන්තරයෙන්ම නැතත් කලින් කලට හෝ ඔවුන්ගේ අතරට පැමිනෙමින්.! තමන්ටම ආවේනිකවු රංඟන ශෛලයකින් හෙබි ඔහු රසිකයින්ගේ සිත් සොරාගෙන එක්තැන් කරගන්නට උපන්හපන් වු රංගධරයෙක්.! දමිළ සිනමාවේ පමණක් නොව සමස්ථ ඉන්දියාවේම භේදයකින් තොරව ගෞරවාදාරයට නිරතුරුවම පාත්‍රවන්නා වු රජිණි ඉන්දීය රජය විසින් ඉන්දීය පුරවැසියකුට පිරිනමන්නාවූ ඉහලම සම්මානයන්ගෙන් පිදුම් ලද පුද්ගලයෙක්.! ඒ 2000 වසරේ දී පද්ම භූෂණ සම්මානය, 2016 වසරේ පද්ම විභූෂණ යන සම්මානයන්ද ලබා ගනිමින්.!
ඉතින් Petta 2019 කියන්නේ රජිනිගේ තවත් සුවිශේෂි සිනමා පටයක් මේ චිත්‍රපටයේ ඔහු හා රංගනයෙන් තවත් දමිළ සිනමාවේ පෙරලියක් කල දක්ෂතම නළුවෙක් හා දමිළ සිනමාවේ නිලි රැජිණන් ලෙසින් අභිෂේක ලැබු නිලියන් යුගලයක් ද එක්ව සිටිනවා. ඒ පිලිවෙලින් අප කවුරුත් දන්නා චරිතාංග නළුවකු වන Vijay Sethupathi සමඟින් Simran හා Trisha Krishnan යන රංගන ශිල්පිීන් ත්‍රිත්වයයි.! මෙම චිත්‍රපටයේ රඟපෑම නිසා තම සිහිනයක් සැබෑවු බව Trisha විසින් පවසා තිබෙනවා ඒ තම ජිවිතයේ ප්‍රථම වරට රජිණි කාන්ත් සමඟින් රංගනයේ යෙදුන නිසා වෙන් බව ඇය වැඩිදුරටත් පවසා සිටියා .ඒ වගේම හින්දි සිනමාවේද චරිතාංග නළුවකු වන Nawazuddin Siddiqui ද මෙහි රංගනයේ යෙදීම විශේෂ කරුණක්.! ඔහුගේ ප්‍රථම දමිළ සිනමා ආගමනයද මෙයයි..! දැනට පවතින තොරතුරු අනුව මෙම චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 250 කි. මේ සඳහා imdb හි මනාප 4521 කින් 7.9/10 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ඉහල ධනාත්මක සමාලෝචන මධ්‍යයේ තිරගතවු මේ සිනමාපටය මගින් රජිණි කාන්ත්ගේ ඔහුටම ආවේනිකවු ඒ කතා ශෛයිලය,නර්ථන ශෛයිලය,සටන් ජවනිකා රඟ දැක්වීමේ ශෛලයන් මනා ලෙසින් දැක ගන්නට පුලුවන්..! ඒ වහෙම M. Sasikumar ගැනත් විශේෂයෙන් සඳහන් කල යුතුයි. Naadodigal (2009), Sundarapandian (2012), Kutti Puli (2013) and Tharai Thappattai (2016) සිනමාපට හරහා ඔබ හමුවට පැමිණි ඔහු මේ චිත්‍රපටයේ රජිනිකාන්ත්ගේ හොඳම මිතුරා ලෙසින් රංගනයේ නිරත වනවා. චිත්‍රපට නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ නිෂ්පාදකවරයෙක් විදිහට සසිකුමාර් දමිල සිනමාවට කල සේවය කියා නිම කරන්නට බැරි තරම්.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය- Karthik Subbaraj
නිෂ්පාදනය – Kalanithi Maran
කතාව – Karthik Subbaraj
බොක්ස් ඔෆීස් ආදායම -ඉන්දීය රුපියල් කෝටි 250 කි.
(දැනට ඇති තොරතුරු අනුව) චිත්‍රපටය සඳහා ධනාත්මක විචාරක ප්‍රතිචාරයන් මෙසේය.
අවසාන වශයෙන් බයිස්කෝප් සිංහලෙන් හා එක්ව සිටින දමිළ සිනමා රසික රසිකාවියන් හට මේ සිනමා පටය නරඹන ලෙසට ආරාධනා කරමින් අදට මා සමුගන්නවා. (අද නම් චිත්‍රපටියේ කතාවනම් කියන්නේ නෑ) සමුගන්නට පෙරාතුව මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කිරීමට අවස්ථාව සකසා දුන්, වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන අශාන් විමුක්ති සොයුරාට (විමා) ස්තුති කරන අතරම මාගේ සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිට විශේෂ ස්තුතිය පිරිනමනවා. මාගේ රාජකාරි කරන ස්ථානයේ විදුලි බලය දුරකථන ග්‍රාහක සංඥා නැති නිසා අසාලිවීමක් ලෙසින් උපසිරැසි නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු විගස තාරක නුවන් දිල්හාර සොයුරා විසින් ඔබ හමුවට මෙය ඉතා ඉක්මණින් ගෙන එනවා ඇති. එසෙනම් 2.0 (2018) සිනමාපටය සමඟින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.!
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB HD/Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
23,507 downloadsDownload Petta-2019-Proper-HDRip.zip140 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
114 comments
Cavil
Adeeshakariya
enakan hitye.. thanx
sathyajith
Thanks for the sub
Lalith12345555555555
Meke sub eka paraki wedi.. kohom unath thanks.
Udaya Saman
තරිදු අයිය එක ලගම දීල නොවැ ෆිලුම් දෙකම, නියමයි නියමයි..උපසිරසියට බොහොම තුති..
Pravidu Fdo
Most awaited 2 films... Thnx M.T.R aiye Good luck for future subtitiles
Pravidu Fdo
ඔබට ගොඩාක් ස්තූතියි Viswasam සහ Petta 2019 කියන Film 2කටම අද දවස ඇතුලත සබ් එක ගෙන ඒම ගැන..
ඔබට ජයින් ජයම වේවා!! Thank u bro again... God Bless You!!තාරක නුවන් දිල්හාර ©T
2nd gear
ඔන්න එහෙනම් වැඩේ අහවරයි තරිඳු අයියේ..
මාස ගානක් තිස්සේ බලාගෙන හිටියනේ මේක කරගන්න
දැන් ඉතින් වැටෙන කමෙන්ට් ටික බල බල ඉන්නයි තියෙන්නේ...
එහෙනම් ආයේ ඊලඟ ප්‍රොජෙට් එකේදී සෙට් වෙමු!
ජයෙන් ජය!!
දිගු ගමනකට ආසිරි!!!Kulanjana Maduranga
subata thanks
Sameer M Ross
Thnx Bro....Good job
ashokcharles
film eka anith web pituwe dala nane. link ekak wath denna.
ඔෂද ධනංජය
tamilrockerss eke balanna
ඔෂද ධනංජය
thanx saho
Shan-madu
Thanks saho...viswasham ada aran awelema baluwa..meka gaththata sub nathuwa hitiye...hithuwe na adama akath labei kiyala..good luck ....
RK
rombba nannriiii brooooooooooo............
Eranga Sandaruwan
අරක ආවාම මේක එනකල් බලන් හිටියේ.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාNaleen
පට්ට සහෝ...
Iroshan Kumar
excellent Brother...... Thank you very much...
Ishara125
Thanks
Imeshamadu
Thenks brothers
h222
tanx bro
barthelotp
ස්තූතියි මහන්සියට,
සුපිරිම වැඩක්thilina8821
Ela patta hode
Sanjeewa Ruwan
jaya wewa saho,, ela
දමිත් රත්නායක
බොහොම ස්තුතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට.
මෙච්චර ඉක්මනින් උපසිරැසිය දෙයි කියලා හිතුවේ නෑ.
ජයෙන් ජය.subodha
Thanks
Ayesh Prashan
Thank You
vas0303
Thank you
gihan perera
M.T.R. උඹ නම් පට්ට කොල්ලෙක්....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....2.0 ත් ඉක්මනින් ලැබෙයි වගේ එහෙනමි....ජය වෙිවා....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයEranda Malith 2.0
බොහොම ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
kelumchathuranga
thanks
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
deliya
thanks sahodaraya.2.o ikmanin denda.obata jaya.budusaranai
Devinda nayanajith
ජය
Indrajithbandara
2 point 0 27 වෙනිදා එනවා. අපිට එහෙම උනොත් 28 subtitle එක ලැබෙයි නේද?
Amila Roshan
Sub ekata thanks saho
Tawath wishishta naluwekge filumaka
Jaya wewamaikee
අම්බො එල සබ් එකට තැන්ක්ස්. හොද මහන්සියක් අරන් තියෙනවා. අසා ලිවිමක් කරන්න. එලම ජයවෙවා
Ishara Janith
සබ් එකට බොහොම ුතියි අපි වෙනුවෙන් කරන මේ දේට ගොඩක් පින් සහෝදරයා
C.R.Jayalath
සුපිරියි තරිඳු අයියෙ. තෑන්ක්ස් සබ් එකට. ඔයා මේව කරන්න වෙන මහන්සිය අපිනෙ දන්නෙ. ආයෙත් පාරක් තෑන්ක්ස්. ජයවේවා..... ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම්වලට සබ් කරන්න ලැබේවා
රොෂාන් අබේවීර
Tharindu Rukshan Bro, Sub akata godak Thanks.. Siyalu Denatama Jayen Jaya.....
Malshan12
බොහොම ස්තුති සහෝ සබ් එකට☺️
Udaya Tharanga
thank you
sk kanishka
thanks brooo
Deshani
thank you
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
හැබැයි දවස් ගානකින් මලයාලමක් බැලුවෙ නෑ...Madura Lakshan
Thanks sub ekata
Ypnr
Sub ekata thanks ruk
Prabashjayawardane
thanks Brooo sub ekata.meaka enkam godak dawas balan hitiya.
ශසිත් සඳරුවන්
එක දවසේ සුපිරිම ෆිල්ම් දෙකක් ආවා
දවසක් යන්නත් කලින් සබ් දෙකත් දුන්නා.
හැබැයි උපසිරැසිගැන්වීම එක්කෙනෙක්.
කැමරා කොපියක් ආපු දවස් වල ඉඳලා මේ උපසිරැසි වෙනුවෙන් වෙන මහන්සියට කියන්න වචන නෑ අයියේ.
තවත් මේ වගේ උපසිරැසි අරන් එමු.
ඔබට ජය!Pathum Aroshana
රජිනි නිසා
ඊටත් වඩා විජේ සේතුපති නිසා මේ ෆිල්ම් එක එනකම් බලන් හිටියෙ.ස්තූතියි මචන් ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1st comment. Nice work. Sub ekata thanks