Watch Trailer

Pluribus [S01 : E06] Sinhala Subtitles | ප්‍රෝටීන් ප්‍රභවයන්… [සිංහල උපසිරසි]

Pluribus Sinhala Subtitles මේ පළවෙන්නේ පසුගිය දෙසැම්බර් 05 වැනිදා විකාශය වුණු Pluribus කතා මාලාවේ හයවැනි කතාංගයයි. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග හයක් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිර…

Pluribus Sinhala Subtitles

මේ පළවෙන්නේ පසුගිය දෙසැම්බර් 05 වැනිදා විකාශය වුණු Pluribus කතා මාලාවේ හයවැනි කතාංගයයි. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග හයක් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ වනවිට IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු.  අද පළ වන කතාංගය ගැන:
  • හයවැනි කොටස –  “HDP” – “ප්‍රෝටීන් ප්‍රභවයන්…” 
  • අධ්‍යක්ෂක – Gandja Monteiro 
  • තිරරචනය – Vera Blasi   
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2025 දෙසැම්බර් 05
  • IMDb Ratings – 8.2/10
අද කොටසේ මොකද වෙන්නේ? පසුගිය කොටසේ අන්තිමට වෙළඳසැල් ගබඩාවට ගිය කැරොල් ඒ තුළ යම් දෙයක් දැකලා දැඩි ලෙස තැතිගැන්මකට ලක් වුණු බව ඔබට මතක ඇති. අද කතාව පටන් ගන්නේ එතැනින්. ඇය මේ ශීත කළ ගබඩාව තුල දුටු දේ ගැන තවත් වීඩියෝවක් පළ කරන්නේ මේ පිළිබඳව ලෝකයේ අනෙක් ප්‍රතිශක්තිය ඇති පුද්ගලයන්  දොළොස්  දෙනාට දැනුම්වත් කරන්නයි. මුලින් ඇය මේ වීඩියෝව ඔවුන්ට යැවීමට අදහස් කලත් පස්සේ ඇය තීරණය කරනවා, ලාස් වේගාස් වෙත තමන්ගේ මෝටර් රථයෙන් ගමන් කරන්න.  එහි වෙස්ට්ගේට් වල සුඛෝපභෝගී මහල් නිවාසයක දැඩි කාමභෝගී දිවියක් ගෙවමින් ජීවත්වෙන ඩියාබාටේ නම් පුද්ගලයා හමුවෙන්නයි කැරොල් මේ යන්නේ. තමන් දැකපු දේ ගැන ඩියාබාටේව දැනුම්වත් කරන්න යද්දි කැරොල් දැනගන්නා අබිරහස මොකක්ද? මේ අතර මේ පිටසක්වල වෛරසයට ඇති ප්‍රතිශක්තිය විනාශ කරන ක්‍රමයක් මී වද මානසිකත්වයට ගොදුරු වුනු පුද්ගලයන් විසින් සොයාගෙන ඇති බව මේ අතර ඩියාබාටේ කැරොල්ට දන්වනවා. මෙයින් ගැලවෙන්න කැරොල්ටයි ඩියාබාටේ ටයි හැකිවෙයිද? මේ අතර කැරොල්ගේ පළමු වීඩියෝව දකින පැරගුවේ හි මනුසෝස් තමන් රැඳී සිටින වාසස්ථානයෙන් පිටවී යන්නේ කා හමුවන්නද? මී වද මානසිකත්වයට ගොදුරු වූවන් ඉන් මුදවා ගන්නට කැරොල් දරණ ප්‍රයත්නයට අනෙක් ප්‍රතිශක්තිය ඇති දොළොස් දෙනාගෙන් සහය ලබාගන්නට හැකිවෙයිද? මුල සිට අගටම කුතුහලය වෑහෙන මේ කතාව නරඹලා මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්…. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,840 downloadsDownload Pluribus-S01E06.zip19 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pluribus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,840 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Tharka

    Apu gamn sub eka dena ekata pattama thanks . :)

  2. Malla

    Supiri

  3. Buddhika laKMal

    උපසිරැසියට ස්තූථියි ප්‍රබුද්ධ කේසර සහෝ

  4. Sahan Gayantha

    thanks a lot Prabudda saho sub ekata

  5. Anonymous

    Thanks Bro