Watch Trailer

Pluribus [S01 : E07] Sinhala Subtitles | හුදෙකලාව… [සිංහල උපසිරසි]

Pluribus Sinhala Subtitles මේ පළවෙන්නේ දෙසැම්බර් 12 වැනිදා විකාශය වුණු Pluribus කතා මාලාවේ හත්වැනි කතාංගයයි. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 19 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග හතක් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී…

Pluribus Sinhala Subtitles

මේ පළවෙන්නේ දෙසැම්බර් 12 වැනිදා විකාශය වුණු Pluribus කතා මාලාවේ හත්වැනි කතාංගයයි. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 19 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග හතක් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු.

අද පළ වන කතාංගය ගැන:

  • හත්වැනි කොටස – “The Gap” – “හුදෙකලාව…”
  • අධ්‍යක්ෂක – Adam Bernstein
  • තිරරචනය – Jenn Carroll
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 දෙසැම්බර් 12
  • IMDb Ratings – 7.5/10

අද කොටසේ මොකද වෙන්නේ? පසුගිය කොටසේ අන්තිමට කැරොල් ඩියාබාටේගෙ නවාතැනින් පිටවෙලා ආව බව ඔබට මතක ඇති. අද කතාව පටන් ගන්නේ එතැනින්. කැරොල් නැවත ඇල්බකර්කි වෙතට ආපහු එනවා. ඇය එතනදි මී වද මනසෙන් විවිධ සුඛෝපභෝගී දේවල් ඉල්ලගෙන භුක්ති විඳිනවා. ඇයගේ විවිධ ආශාවන් භුක්ති විඳින අතර ඇය හුදෙකලාව කාලය ගත කරනවා. මේ අතර මනුසෝස් දකුණු ඇමරිකාව ඔස්සේ තමන්ගේ මෝටර් රථයෙන් එනවා කැරොල් හොයාගෙන. ඔහුගේ ආහාර, ඉන්ධන, වතුර ක්ෂය වෙවී ගියත් ඔහු අනෙක් අයගෙන් උපකාර ලබාගන්න කැමති නැහැ. තමන්ගේ මෝටර් රථය අතහැර දාන මනුසෝස්, උතුරු ඇමරිකාවත් දකුණු ඇමරිකාවත් අතර ගොඩබිම් පාලම ලෙස තිබෙන ‘ඩැරියන් කපොල්ල’ ලෙස හඳුන්වන අනතුරුදායක වනාන්තර ප්‍රදේශයට ඇතුළු වෙනවා. මේ වනාන්තරයෙදි මනුසෝස් මුහුණ දෙන අන්තරායන් මොනවාද? ඔහුට දිවි ගළවා ගන්නට ලැබෙයිද? හුදෙකලාවෙන් දැඩිව පීඩා විඳින කැරොල්ට මොකක් වෙයිද? මුළු ලෝකයම තමන්ව අතහැරලා දාපු වෙලාවක එන හැඟීම ඔයාලට මේ කතාංගයෙන් විඳින්න පුළුවන්! මුල සිට අගටම කුතුහලය වෑහෙන මේ කතාව නරඹලා මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්….

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,323 downloadsDownload Pluribus-S01E07.zip11 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pluribus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,323 downloadsDownload Subtitles11 KB

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ සබට

  2. Anonymous

    Thanks Brother

  3. Sahan Gayantha

    thanks a lot Prabudda saho sub ekata