Poseidon (2006) | උඩි යටිකුරු…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මන් තවත් බයිස්කෝප් ඒකක් අරන් ආවා.මේ මගේ 4 වෙනි උපසිරැසිය. මේකත් කලින් ඒක වගේම නැවකට සම්බන්ධ සලරුවක්.මන් බලපු තවත් සුපිරිම බයිස්කෝප් ඒකක් කිව්වොත් නිවැරදියි. මන් බලලානම් ගොඩක් කල්. ඒත් මේකට SITE ඒකෙ සබ් ඒක තිබ්බෙ නැති හින්දා ඔන්න මන් සබ් එකත් ඒක්කම ගෙනාවා. බලපු අයටයි බලපු නැති කට්ටියටයි ආයෙම පාරක් මෙක නරබන්න. ඔයාලගේ චිත්‍රපටි,
එකතුව සඳහා අනිවාරෙන් ඒකතු කරගත යුතු සලරුවක් කිව්වොත් වඩාත් නිවැරදියි. අපේ විකියා සහො මේකට නියම ලිපියක් දිලා තියෙනවා.ඒක පහළින් ඇති.
මේක නිකුත් වෙලා තියෙන්නෙනම් 2006 වසරේ.මෙකේ IMDB අගය 5.6 ක්. මෙකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Kurt Russell විසින්.Director තමයි Wolfgang Petersen. මොහුගේ තවත් ජනප්‍රිය නිර්මාණ 2 ක් තමයි Troy (2004) සහ Air Force One (1997) කියන චිත්‍රපටි දෙක. 2006 වසරේ ජනප්‍රිය වුණු සහ දැනටත් ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තමයි මේ.
මේකේ කතාව ගැන කිව්වොත් ඉතාමත් සැප පහසුවට හදපු poseidon කියන විශාල නැව මුහුදේ යත්‍රා කරමින් තියෙද්දි අන්තුරට පත් වෙනවා. මේ නැව සදා තියෙන්නේ අනතුරක් උණොත් ගිලින්නෙ නැති වෙන්න. ඉතින් මෙක විශාල රළ පහරකට අහුවෙලා නැව උඩු යටි කුරු වෙනවා. මෙම අනතුරෙන් නැවෙ ගමන් ගන්නා මගීන් සහ කාර්ය මණ්ඩලය තව ගොඩක් දෙනෙක් මිය යනවා. කිහිප දෙනෙක් කණ්ඩායමක් ලෙස එකතු වෙලා තම ජිවිතය ගලවාගන්න කරන සටනක් තමයි සලරුවෙන් විදහා දක්වන්නේ. මොවුනට නොසිතු මොහතක මෙ වුණු කරදරයෙන් මොවුන් කෙසේ තම ජිවිත ගලවා ගනීද? තවත් කිදෙනෙක්ට මැරෙන්න වෙයිද? මේ කිව්වෙ කථාවේ පුංචි සරාංශයක් විතරයි. මෙක පට්ටම film ඒකක්. හැමොම බලන්න. ඔයාලට අමතක නොවන චිත්‍රපටියක් වෙවි. එහෙනම් තවත් මේ වගේ පට්ටම film එකකින් ලගදිම හමු වෙමු. ජයවේවා!!!!!!
මීට කලින් පළකල ලිපිය.
ඔන්න කාලෙකට පස්සේ මම ලඟදි බලපු නියමම නියම ෆිල්ම් එකක් ගැන ලිපියක් ලියන්න හිතුනා. කතාවේ ආරම්භයට යන්න කලින් මේකේ චරිත ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.. කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Kurt Russell විසින්. මොහුගේ නියම ෆිල්ම් ටිකක් තියෙනවා. ඒවාත් මම ඉස්සරහට දෙන්නම්.. ඒ වගේම Jacinda Barrett සහ Josh Lucas අනෙක් සෙසු චරිත වලින් රඟපෑමෙහි නියුක්ත වෙනවා.
ඔන්න මෙහෙමයි කතාව ආරම්භය…ඉතාම සැප පහසු විදියට හදපු නැවක් වටා තමා කතාව ගලාගෙන යන්නේ. මම මේ කලින් කිවුව කට්ටිය අතුලු විශාල පිරිසක් මේ නැවෙහි විනෝදකාමී ලෙස ගමන් කරනවා.. මේක නැවක් කිවුවට විශාල හෝටලයක් වගේ සැප පහසුවට තමා හදලා තියෙන්නේ.. ඉතින් මෙලෙස කතාව ගලා යන අතරතුර මොවුන් කිසි දිනක නොසිතු දෙයක් සිදුවෙනවා. .ඒ හිතාගන්නවත් බැරි තරම් විශාල මුහුදු රලකින් මේ නැව අනතුරට පත්වෙනවා. ඕනෑම අනතුරකින් ගැලවෙන්න පුළුවන් විදියට හදලා තිබ්බත් එම අනතුරෙන් නැව උඩි යටිකුරු වෙනවා… ඒ කියන්නේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා..ඉතින් මෙම නැව සාදා තියෙන ක්‍රමය නිසා ලේසියෙන් ගිලෙන්නේ නෑ…කට්ටිය හුගාක් මේ අනතුරෙන් මිය යන අතර කිහිප දෙනෙකු ඉතුරු වෙනවා.. ඔන්න ඔතන ඉදන් තමා කතාව ආරම්භ වෙන්නේ. දැන් මේකෙන් බේරෙන්න ඕනේ නම් යන්න තියෙන්නේ ලේසි ගමනක් නොවේ.. මොකද සේරම උඩි යටිකුරු වී තියෙන්නේ.. වෙනදා ගමන් කරන පඩි පෙළවල්, ලිෆ්ට් මේ සේරම අනිත් පැත්තට… තේරෙනවා නේද කොච්චර දුෂ්කර ගමනක්ද කියලා..
එළබෙන සෑම මොහොතකම ජීවිතය මරණය බිය උපදවන ඔස්කාර් සම්මානයට නිර්දේශ වුන මෙම බයිස්කෝප් එක අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුමය…
ජයෙන් ජය~!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "විකියා" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
4527 downloads
මගඇරුනු ෆිල්ම් එකක් අහම්බෙන් වගෙ දැකල ගත්තෙ.. සුපිරිම සුපිරියක්.. අපරාදයක් මග ඇරුනනන්.. තැන්ස් සබට ගොඩක් පිං.. ජය වේවා..!!!
Me film eka download karanna bha ne plz koshomada karanna keyala dennko
උපසිරසියට බොහොම ස්තූතියි…ජය වේවා….
උපසිරිසියට බොහොම ස්තුති
ස්තුතියි
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
බලලම තත්ත්වෙ කියන්නම්කෝ…
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ…!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
පට්ට පිලුමක්න් මචන් ,,,,,,,,සුපිරි ඈ ,,,,,,ස්තූතියි සබ් වලට
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සුපිරි ෆිල්ම් එකක් නෙ සහෝ ,හැකිනම් මෙන්න මේකටත් සබ් දෙනවාද?
TITANIC – II (2010)ජයවේවා.
aniva dennam sahoo……
විකිය දුන්න දවස් වලම බැලුව මේක.දැන් නම් කතාව මතකත් නෑ වගේ.
ආයෙත් බලන්න පුළුවන්.
නියමයි තරිඳු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
thanks sahoooo……ayeth blnna,,,,,,
thnk you very much
ස්තූතියි සිංහල උපසිරැසියට.
තවත් එකක් දෙමු!
ජයවේවා! 😀
Thankss sahooo…..
Sry venna one thankss sahoo…
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankss roili sahoooo…..
thnkzzzzzzz sub ekata 😀
thankss sahooo…
Tnakas Sahoo…
thankss sahoo…
බොහොම ස්තුතියි තරිදු සහෝ උපසිරසට
ජය
ඔයා කියන නිසාම බලමුකෝ ඔන්න 😀
thanksss sahoooo
ඔය කාලෙම මමත් ඔය මුවි එක බැලුවා
දැන් ඉතිං සිංහලත් එක්ක ආයි සැරයක් බලන්න පුළුවන්
ස්තුතියි සහෝ
ජය වේවා!
thankss sahoooo…
එල එල තරිදු
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය……….
thankss sahoo…
Saho,
suda nawa wasarak wewa!
. Sahoo niyama wadak neyama ta sub karala thiyana wa.digata ma sub denna. Sahoo puluwannam 24 tv series eka ta sub denna. 5 weni sub eka th eka hamuwemu.
thanks sahooo…..
ස්තුතියි සහො 😛 ජය
thankss sahooo…
supirima film ekek bro…. ane victory hindi film ekata sub dala dennakoooo thama ekata sub watila naha plz
Thanks sahoo..ok sahoo dennam anivarenn…
මාත් බලන්න හිටපු එකක් ඔන්න ගන්නවා තැන්ක්ස් සහෝ
Thankss sahooo….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thankss sahooo…….
thanks subs walata
Thankss sahoo…
ජය වේවා සහෝ
Thankss sahooo…
bohoma pi lipi witharak deepu parana awata subs dena akata
Thankss sahooo…
wow, maru 😀
Thankss sahooo…
thanks saho
Thankss machann…
එළකිරි දැන් සබ් එක්කම බලනවා
ජය!
thankss sahoooo….
බොහොම තුති!
thankss sahoo…
මාත් බැලුවා.. පස්ටයි හොඳේ…!!! තැන්කූ..!!
Thanks…..
පිස්සු හැදෙන කතාවක් වගේ. මට මේක කලින් සෙට් වුනේ නෑනෙ. ඔන්න මම බානවා. බොහොම ස්තුතියි සහෝ…………..
mekanam man balapu sirama movie ekak kiyala wadak na uparimai,thank u very much machan film eka dunnata..
Thanks
Ela ela.. Thanks Vikiya…!!!
elama Thama ………………… \m/
😀 😀 😀
thanQ weeewaaaaaaaaaaaaaaaaa !!!
ela fatta qulity…
දුකේ බැහැ සබ් නැතුව බලන්න වෙන එක ගැන.. කමක් නෑ ඔන්න ඔහේ බලනව. තෑන්ක්ස් විකි මලයා
හාඩ් එකේ ඉඩ නෑ බන් මේක අනිවා බලන්න ඕනේ The Walhking Dead බලලා ඉවර උන හැටියේ…තැන්ක්ස් මචන් 🙂
vikiya dunnoth elama tama.
thanks ayyeeee
සුපිරි වගේ .බලන ගමන් ….ජය වේවා විකී…… ජයවේ බයිස්කොප්
mama ahala thiyena widiyata nam muhudata adipathi greeka dewi kenek thama Poseidon kiyanne. eyage putha idala thiyanne manushya lokelu…
bagena balanta oneeee
අපිටත් ෆිල්ම් ගැන කියල දෙන විකිය අයියා දාන ලිපියක ෆිල්ම් එකක්නම් කිසිම හේතුවකට බලන්න වරද්දන්නෙ නැහැ.. මම Download වෙන්න දැම්මා.. අනිවා පට්ටම ඇති..
කතාව හොඳයි වගේ බාලම බලමු…ස්තූතියි.. ජයවේවා..
පට්ට බයිස්කෝප් එකක් වගෙයි.
හැබැයි පුතෝ ඊළඟ එව්වට නම් සිංහල ඕනෙ.
ජයවේවා…..
එල එල ……
Meka kalin balapu film ekak. maxxama movie ekak. thank’s yaluwa. nobalapu ayata me wage ekak dunna eka loku deyak.
ඇයි බන් sub dane nathuwa nikan film danne anika paranama parana ewa owa baluwe koi kaleda ban
මේ ෆිල්ම් එක මන බලලා හුගක් කල්.. තාමත් මටකයි මේ ෆිල්ම් එක. මොකද මේක පට්ට ෆිල්ම් එකක්. කට්ටිය බය නැතුව බාගෙන බලන්න. නියමයි.
It seems b a good one. thanks..
මේ ෆිල්ම් එක ගොඩක් කල ඉඳං මන් ගාව තියෙනවා එත් බැලුවේ නැ වැඩක නැති එකක් කියලයි හිතුවේ . විකියා සහෝගේ පොස්ට් එක දක්කම් දැන්නම් බලන්නම හිතෙනවා
විකී නේ කිය්න්නෙ.එහෙනම් ගිනි තමයි..෴෴෴
ela ela loku wiyadamak gihilla thiyenawa film eka hadanna….
ela ela thnx machan… jeyen jaya
elama thamai.hemadama beluwoth balanne horr film.me vage evatath godak asai.tnx machang.digatama karagena yamu.jaya veva.
මෙහෙම ෆිල්ම් වලට මං කොහොමත් කැමතියි.දැම්ම බාන්ඩ දානව.විකියා දුන්නොක් ඉතිං ගොඩම තමයි.journey 2, agneepath,the lorax 3D ෆිල්ම් එක සිංහල සබ් එක්කම බයිස්කෝප් සිංහලෙන් එකෙන් දෙන්න ඕනි.වෙන ඒවගෙන් දුන්නට වැඩක් නෑ.අපි මේකෙන් දෙනකම්ම බලාගෙන ඉන්නව.හැබැයි ඉතිං එහෙම බලං ඉඳල සබ් නැතුව දුන්නම අපිට හුලං තමයි.කොහොම හරි මේ කරන සමාජ සත්කාරයට බොහෝ………….ම ස්තූතියි…!
එළ එළ විකී.මමත් බාන්න දානවා.
පට්ට තැන්ක්ස් ඈ……..
බොහොමත්ම ස්තුතියි ‘විකියා’ සහෝ. අනිවාර්යයෙන්ම බානවා. ආවට ගියාට නැතුව හොඳ ෆිල්ම් එකක් ගෙන ඒමයි වැදගත්.
ජය වේවා!
එල කිරි විකිය අයිය…….පට්ට…:)
ela ela sira ekkka wage balama balamu
jaya sri.
Mamath meka sehena kalekata kalin Balala thiyanawa
ada apahu mathakaya aluth una meka read kalama
thanks onna Mamath hemita ba Gannawa
Jaya wewaaa
කියන විදියට එලට ඇති. තුති.
අද මම එක වගේ.
මේ වගේ චිත්‍රපටි නම් නියමයි.කුතුහලෙකින් යුතුව බලන්න පුලුවන් නේ.අනික ගොඩක් අය කැමතියි මේ වගේ කතාවලට.
මේ වගේ තව එවා තියනවා නම් කියන්න.උපසිරැසි දාන්න වටින්නේ මේ වගේ චිත්‍රපටි තමයි 🙂 බලමු මේකත් බලලා සබ් දාන්න වටින එකක්ද කියලා.
මේකේ නම ගැනත් යමක් කියන්න වෙනවා…
Poseidon කියන්නේ ග්‍රීක ජාතිකයන්ට අනුව මුහුදට සහ භූකම්පනයන්ටත් අශ්වයන්ටත් අධිපති දෙවියා. එනිසා මෙහි මුහුදෙන් වන බලපෑමක් ගැන කියැවෙන කතාවට මේ නම භාවිත කරල තියෙන්නේ මුහුදේ බලගතු බවත් හුවා දැක්වීම සඳහා විය හැකියි.
ඒ නැතත් මුහුදේ ශක්තියත් බලයත් එක්ක හැප්පෙන්න මිනිසුන්ට කිසි සේත් බැරි බවත් ඒ ශක්තිය අභිමුවදී අසරණ වන බවත් මේ නමින් දක්වනවා.
balala tiyenawa … hoda film akak…
thanx. math download wenna damma.
onna mamath dwnld karanawooo…..
මං මේක ගොඩාක් කාලෙකට ඉස්සර බලලා තියෙනවා.
කතාව සුනාමියක් වගේ අවස්ථාවක් ගැනයි තියෙන්නේ.
හැම කෙනෙක්ම මේක බලන්න!
කිසි සැකයක් නෑ, විකියා කිව්වත් වගේ සැකය, බිය, අවදානම, ත්‍රාසය හැම එකම කැටි වෙලා තියෙනවා මේකේ. මේක හැමකෙනෙක්ම බලනවා නම් හොඳයි කියලා මම කියන්නේ මේ වගේ තත්ත්වයකදී මිනිසුන් හැටියට පත්වෙන තත්ත්වය අත්විඳගන්න බැරි එකේ දැක බලාගන්නවත් මේකෙන් ඉඩ කඩක් ලැබෙන නිසා.
Maru film eka….. maxxa
shaaaa niyama film ekak wage…mama 1st da koheda