Watch Trailer

Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) Sinhala Subtitles | තවත් එක් සුපිරි වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis”…

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis” චිත්‍රපටිය එහි සෙවනැල්ලක් බවට පත් වුණා.නමුත් මෙම සාම්ප්‍රදායික කොරියානු සුපිරි වීර චිත්‍රපටිය මගින් පෙන්නුම් කරනවා සුපිරි වීර චිත්‍රපටියකින් හැමදාම ලෝකය බේරාගැනීමවත්, නැතිනම් මන්දාකිණිය ආරක්ෂා කිරීමවත් එසේත් නැතිනම් මිනිස් සංහතිය නැති කිරීමට පිටසක්වලින් පැමිණියෙකු නවතා දැමීමවත් විය යුතුම නැති බව. Netflix සහ ‘Train to Busan’ හි අධ්‍යක්ෂක Yeon Sang-ho එකතු වෙලා නිෂ්පාදනය කල මෙම වෙනස්ම ආකාරයේ සුපිරි වීර චිත්‍රපටියෙන් එය මනාව තහවුරු වෙනවා.

ශින් රුමීට (Shim Eun-kyung) තමයි සෝල් නම්ප්යොන්ග් දිස්ත්‍රික්කයේ තියෙන හොඳම කුකුල් මස් අවන්හල තියෙන්නෙ.මේකෙ සෑහෙන වර්ග වල කුකුල් මස් තියෙන නිසා හොඳටම ප්‍රසිද්දයි.ඒ වුණාට මේ රුමීගෙ ව්‍යාපාරයට කණකොකා හඬන්න ගන්නෙ ඉදිකිරීම් ආයතනයක් විසින් මේ පළාතම බුල්ඩෝසර් කරන්න ගන්න පටන් ගත්තමයි.මේ අවට තියෙන සේරම සුද්ද කරල ෂොපින් මෝල් එකක් දාන්න තමයි මේ අයගෙ එහෙමත් නැතිනම් ටෙසන් ඉදිකිරීම් ආයතනේ සැලැස්ම.නමුත් මේ පළාතේ වෙලදාම් කරන අය හරිහමන් වන්දියක් ලැබෙනකල් එතනින් යන්න බැහැයි කියනවා.මේ හේතුවෙන් ටෙසන් ආයතනය විසින් මැරයින්ව කුලියට අරගෙන එවනවා.මේ මැරයො අතින් අනතුරක් වෙලා රුමීගෙ අම්මා නැතිවෙනවා.. මේ නිසා අම්මගෙන් සහ රුමීගෙන් ඈත් වෙලා හිටපු තාත්තට රුමී කෝල් එකක් දීල අවමගුලට එන්න කියනවා.ශින් සොක් හොන් (Ryu Seung-ryong) කියන මෙයාගෙ තාත්තා සාමාන්‍ය බැංකුවක සිකියුරිටි කෙනෙක්.

ඒත් රුමී පොඩි කාලේ එයාව සහ එයාගෙ අම්මව තනි කලාට, එයාලට උදව් කරන්න බැරි වුණාට, මේක ඒ වෙනුවෙන් සොක් හොන්ට වන්දි ගෙවන්න පුළුවන් අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා.මොකද මෙයා ලගදි බීපු උල්පත් වතුර නිසා ලැබුණු අමුතු බලයෙන් මෙයාට මනසින් දේවල් පා කිරීමේ හැකියාවක් තියෙනවා.ඒ බලෙන් ලෝක සාමය ගේන්න බැරි වුණත්, රුමීට සහ ඒ අවට අයට මොනව හරි උදව්වක් කරන්න පුළුවන් වේවි. සොක් හොන් කියන්නෙ මිලියනපතියෙක්වත් මොළ කාරයෙක්වත් නැතිනම් අඩු කාලෙකදි සික්ස් පැක් ලැබුණු සුපිරි ඇඟක්වත් තියෙන කෙනෙක් නෙමෙයි.එයා ටිකක් ගොන් වැඩ කරන හරි වෙලාවෙ හරිම තැන හිටපු සාමාන්‍ය මැදි වයසෙ පුද්ගලයෙක්.(මං කියන්නෙ මේ මැජික් බලේ ලැබුණු උල්පත ලග හිටපු එක ගැන).ඉතින් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ බලයක් ලැබුනම මොකද ඉස්සරලම කරන්නෙ?අන්න ඒ දේ තමයි මෙයාටත් හිතෙන්නෙ.ඒ තමයි මේකෙන් කොහොමද සල්ලි හම්බ කරන්නෙ?මෙයාට කොහොම හරි කිසිම අවුලක් නැතුව කාඩ් පා කරන්න නෙක් ටයි නටවන්න එහෙම පුළුවන්.ඒත් ඊට වඩා වැඩි දෙයක් කරන්න නම් ටිකක් දත කාගෙන ඇඟිලි මිරිකගෙන කකුල් පූට්ටු කරගෙන අත් අබරගෙන හෙණ වලියක් කන්න වෙනවා.තාම හුරුවක් නෑනේ ඉතින් ඕවට.

Fantasy/Action යන ගණයට වැටිල තියෙන මේ චිත්‍රපටියට imdb අගය 5.8 කුත් Rotten Tomatoes අගය 88% කුත් ලැබිල තියෙනවා.කලින් කිව්වත් වගේ Netflix සහ ‘Train to Busan’ හි අධ්‍යක්ෂක එකතු වෙලා තමයි පැයකුත් විනාඩි 41 කුත් දාවනය වෙන මෙම සුපිරි වීර චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ.සිංහල උපසිරැසියනම් ඉතින් මගෙන් තමයි.හිහිහී.. අදට ගිහින් එන්නම් ඉතින්.

බුදුසරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

64 comments

  1. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  2. diyashan

    Lost 1 ta dagatta..wenas filumak wge..thanks machan sub 1ta

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Sanath Indika

    thx bro

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  6. Bandaramudiyansi

    Thanks you chamal ..... .
    Aniwaryan gannawa koriyan nam....
    Ewa supiri film ...
    Ayemat ganna hoda ekak..
    Jayawawa ❤ ❤ ❤

  7. roshanst

    thank you

  8. THE NEW FOLDER

    බයිස්කෝප්

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  10. sudeshsuma

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. chandima0

    thanks bro

  12. krishantha1995

    Fatta

  13. kelumchathuranga

    thanks

  14. GTRZ

    Lipiya kiyapuwama download karanna hithuna. Balamu machan.
    Thanks sub ekata.

  15. krishanthakumara

    elaaaaa

  16. thuglife

    ආන්න එකයි මහත්තයෝ අපි බොලාට ආදරේ.....බුදු සරනයි වගේම තෑන්ක්ස් කිවුව හොදේ....

  17. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ අනිවාර්යයෙන්ම බලනවා.

  18. Gihan0717

    Thanks santhanamge thamannage movies walata sinhala sub oone broo

  19. Prabodha Madhusankha Hettiarachchi

    Thanka brooooo....

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. thearrow

    Thanks Bro.

  22. AsithaDilruwan

    ela ela thanks

  23. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  24. Praniya 2

    උපසිරැසිම ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ.
    "403 :( සොයා ගත නොහැක "
    කියල Error Message එකක් එනවා...

    මේක පුළුවන් ඉක්මණින් නිවැරදි කරන්න..

    ස්තූතියි..
    Praniya 2000

    1. Udara Damith Dissanayaka

      matanam ehema awulak awe naa

  25. Chami.S

    Thanks..
    Good Luck..

  26. geeganagamage

    බොහොම ස්තුතියි

  27. Udara Damith Dissanayaka

    ..................බොහොම ස්තුතියි........................

  28. ranga11112

    Thanks Saho…..
    Sub akata Bohoma Pin

  29. Milinduprabash

    Thnks.......

  30. futureomega

    thanks for sub

  31. pradeep darshana

    Tanks sub ekata

  32. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  33. ptcjine

    supiri wadak bro jayawewa

  34. Praniya 2

    Udara Damith Dissanayaka දැන් නං ඒ අවුල හරි රිප්ලයි එකට ස්තූතියි...

  35. malith

    Ela ela

  36. Sanjeewa2010

    thnxxxxxxxxxxx

  37. saduhiru1

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....................

  38. Lahiru123

    Thanks a lot

  39. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  40. saduhiru1

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. D.Chamara

    bohoma sthuthi sahooo

  43. N_R

    Thanks.

  44. Athula

    Thanks ...

  45. Deepani

    චාමල් කැලුම් අතපත්තු සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය
    Biscope එකට ජයෙන් ජය

  46. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  47. Pesh

    Download karanna bene error ekak enawa

  48. hiruni

    Thankzzzz bro

  49. M.D.P.Fernando

    Thanks***

  50. tharidu sagara

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජය වේවා

Load more comments