Revolutionary Road (2008) with Sinhala Subtitles | පවුල් ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ] (18+)
මුලින්ම මං ස්තුති කරනවා, මගේ පළවෙනි උපසිරැසියට ලබා දුන් ප්‍රතිචාර වලට. දැන් වෙලාව පාන්දර 00.27යි. අද 2017-04-30. දැන් බලද්දි 845 දෙනෙක් මං කරපු මුල්ම sub එක download කරලා තියනවා. ඒ ඉලක්කම වැඩි වෙද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. දැන් තමයි මේ සබ් එක කරලා ඉවර උනේ. සමාන්‍යයෙන් මං වැඩ කරන්නේ ටිකක් හෙමින්.
හැමෝටම මතක ඇති සමුදුරේ ආදර අන්දරය, එහෙම නැත්නම් Titanic, ඒකේ හිටපු කපල් එක, Kate Winslet සහ Leonardo DiCaprio කියන්නේ තමං කරන චරිතෙට උපරිම සාධාරණයක් කරණ නළු නිළි යුවලක් කිව්වොත් මං හරි. මං බලපු The Reader (Kate Winslet), Blood Diamond, Inception, Shutter Island(Leonardo DiCaprio) වගේ ෆිල්ම් වල ඒ දෙන්නගේ රංගනයන් අති සාර්තකයි කියලා මං හිතනවා. මේ ජෝඩුව ආයේ හමුවෙනවා 2008 දී, Revolutionary Road එකේ. මේක සුන්දර ආදර කථාවක් නෙවෙයි. ඇත්තටම පවුලක ජීවත් වෙද්දි ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන යථාර්තවාදීව හදපු කථාවක්. සැමියගෙ වගේම බිරිඳගේ අසම්මත ආදරයන්, එකිනෙකාව නුරුස්නා ගතිය, එකිනෙකාව නිවැරදිව තේරුම් නොගැනීම වගේ ගොඩක් පවුල් ප්‍රශ්න මේ කථාව ඇතුලේ සාකච්ඡා කරනවා.
දරුවෙක් කියන්නේ පවුලක වාසනාවට ලැබෙන දෙයක්, කියලා පරණ කාලේ මිනිස්සු කියනවා. ඒ දරුවව ආදරෙන් ඇති දැඩි කරන එක දෙමව්පියන්ගේ වගකීම. ඒ වගේම, ඒ දරුව මේ ලෝකෙට එන්නේ ඒ දරුවගේ ඕන කමට නෙවෙයි. අම්මගෙයි තාත්තගෙයි උවමනාවට. ඒ නිසා දරුවෙක් කියන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. ඒ දේ විනාස කරන්න තරම් හිතක් හයිය වෙන්නේ කොහොම ද කියලා මට හිතා ගන්න බෑ. ඒ තමන්ගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේ ලෝකේ එළිය දැක්කා හෝ නො දැක්කා, ගබ්සාවක් කියන්නේ මිනීමැරුමක් කියලයි මට හිතෙන්නේ. ඒ මගේ පුද්ගලික මතය. මං මොකද මේ ගබ්සාවක් ගැන කියන්නේ කියලා තේරෙයි, මේ චිත්‍රපටිය බැලුවම. ඊට වඩා මං මේ චිත්‍රපටිය ගැන කියන්න යන්නේ නෑ.
මේ ෆිල්ම් එක IMDB එකේ 7.3ක් වගේ අගයක් තමයි අරන් තියෙන්නේ. ෆිල්ම් එකේ හැටියට ඒ මදිත් නෑ කියල මට හිතෙනවා. අනිත් අයගේ ප්‍රශ්න තමන්ගේ පවුල ඇතුලට නොගෙන, තම තමන්ගේ පවුල් ජීවිත ලස්සන කරගන්න හැමෝටම වාසනාව වගේම ආත්ම විශ්වාසයත් ඇති වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Revolutionary.Road.2008.BRRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7954 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/my-photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක දුලන්ත රණතුංග” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you machan
උපසිරිසියට බොහොම ස්තුති
Thanks bro
Sub ekata thanks ..!
thnaks bro !
ජය වේවා, චින්තක!
ෆිල්ම් එක බලද්දී මට ආවා පිස්සු සිතිවිල්ලක්.
Titanic නැව නොගිලී
ජැක් රෝස් දෙන්නා විවාහ වුණා නම්?
ඇත්තටම කතන්දරය පටන් ගන්නේ
එයිට පස්සේ නේද?
කේට් ඩිකැප්‍රියෝ දෙන්නාම මේ ෆිල්ම්ස් දෙකේම
ඉන්න නිසා වෙන්නැති මට එහෙම හිතුනේ.
කොහොම වුණත් ෆිල්ම් ඒකට සබ්ස් දෙන එක සැහෙන්න
අමාරු වෙන්නැති කියල හිතෙනවා.
ඒ දුෂ්කර කාර්යය අතිසාර්ථකව කළාට
චින්තකට ගොඩක් ස්තුතියි!
ස්තුතියි මිත්රයා…
බොහොම ස්තූතියි සහෝ…
Thanks
ඇත්තටම හොඳ ෆිල්ම් එකක්… උපසිරැසියත් අපූරුයි… අර සිංහල තේරෙන්නේ නැද්ද සහ නෙල්ලි කැලේ සීන් එහෙම… 😀
ස්තුතියි මිත්රයා
ස්තුතියි! දිරිමත් කිරීම් වලට…
Thanks
ලස්සනයි හොදේ.. අපිට මේක සමරන්නත් බැරි උනා තාම
ඇපල් එක්ක සමරමු…
Thanks! bro
සබට තැන්ක්ස් මචන්.පුලුවන්නම් Little Children (2006) එකෙත් සබ් දාපන්කො.IMDb 7.6ක් තියනව.
අප්පද බොලේ, ලැප් එකේ බර කාලයක් තිස්සේ තිබ්බ ෆිලුමක්. තාම බලන්න උනේ නෑ.
18+ කියල දැනගත්තේ දැන් නොව.
දැන් නම් හෙට අනිද්දම බලන්න වෙයි වගේ.
අනික දීකප්‍රියෝ ඉන්නවා නම් ෆිලුම මොකද්ද අදාල නා.
සබට තැන්ක්ස් මචෝ.
දිගටම සබ ගේමු.
ජය වේවා!!
බොහොම ස්තූතියි සහෝ…
මේකේ සබ් එක තියනවද කියලා මම කලිනුත් ඇවිත් බලල තියනවා. කවුරුවත් කලේ නැත්නම් මම හරි කරන්නම් කියලයි හිතන් හිටියේ…
දිගටම මේ වගේ ටිකක් පරන උනාට හොද ෆිල්ම් වලට සබ් දෙන්න….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Good Work Friend, Thanks!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි සහෝ
Thanks machan……jayawewa………!
උපසිරැසියට බොහෝම ස්තුතියි
supiri
ස්තුතියි
හරිම ලස්සනයි
tnk bro sub ekta…Leonardo DiCaprioge ewa nm atha arinne ne mn…good luck
thanks bro sub ekata the aviator film ekatath sub eka denna balanna ekath pattama film ekk
thnx bro…
මම බලපු ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්
තාමත් මතකයි කතාව
එල
Thanks
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිගු ගමනක ඇරඹුමට සුභ පැතුම්..!