Watch Trailer

Saving Private Ryan (1998) with Sinhala Subtitles | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත [සිංහල උපසිරැසි සමගින්]

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා.. මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා ඇති මේ බලපු මගුලට මොකට…

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා..

  මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා ඇති මේ බලපු මගුලට මොකට උපසිරැසි දැම්මද කියලා,ටිකක් ප‍රණත් එක්කනෙ..?  ඒත් ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂනය කළ  නිසත් මෙහි රූපරාමු වල ඇති සිත් සසල කරවන දර්ශන නිසාත් මට මේක අතාරින්න ලෝබ හිතුනා. මේ ෆිල්ම් එකේ එන දර්ශන අතුරෙන් මගේ සිත බොහොම සසල කරන දර්ශන අතරට ඇතුලත් වන දර්ශන කීපයක් මම සදහන් කරන්නම්. යුද්ධයේ එක් උච්චතම අවස්ථාවක එක් භටයෙක් ගේ හෙල්මටයට වෙඩි වැදුන  බව ඔහුට තේරී ඔහු එය ගලවා බලනවා ඔහු කොතරම් වාසනාවන්තද කියා. නමුත් ඊලඟ උණ්ඩය ඔහුගේ හිස පසාරු කරගෙන ගමන් කරනවා මොකද ඔහු තම හෙල්මටය නැතිව සිටින නිසා. තවත් තැනක ප්‍රධාන චරිතය රඟපාන ටොම් හෑන්ක්ස් විසින් තම යහලු වෙඩි වැදී සිහිසුන්ව සිටින සෙබලෙක්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යමින් වෙරළ දිගේ ඇදගෙන යමින් සිටින විට ඔහු ලඟම මෝටාරයක් පුපුරනවා. තව ටික දුරක් ඇදගෙන ගොස් හැරී බලන විට ඔහු ඇදගෙන ගොස් තිබෙන්නේ මෝටාරයෙන් පසු ඉතිරි වූ කදේ උඩ කොටසයි. මෙවන්මතව අවස්ථාවක තම ගුවන් විදුලි පණිවුඩකරුට පණිවුඩයක් ලබා දී ඊලඟට තවත් වරක් ඔහුට කතා කරම විට ඔහුගේ මූහුණ පසාරු කරගෙන උණ්ඩයක් ගොසින්. මේ මුල්ම කොටසේ දර්ශන කීපයක් පමණයි.  මෙහි කතාව ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි කතාව වන්නේ රයන් නම් පවුලක සහෝදරයන් 4ක් II ලෝක යුද්ධයට ගොස් තිබෙන අතර ඉන් තිදෙනෙක් මිය යනවා. හමුදා නායකයන් තීරණය කරනු ලබනවා අනික් සහෝදරයාව මරණයෙන් බේරා ආපසු මව්‍ රටට ගෙන ඒමට. නමුත් ඔහු මේ වන විට පැරෂුට් මගින් යුද්ධය පවතින ප්‍රංශයට බස්සවා ඇති අතර ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නගා  ගැනීමට අසීරු වී තිබෙන නිසා කුඩා හමුදා කණ්ඩායමක් යවනවා ඔහුව නැවත ගෙන ඒමට….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

139 comments

  1. chamila

    මේක නම් අනිවා බානවා.... රොයිලියාටත් තැන්ක්ස් කිව්වා..... ;0 බයිස්කෝප් අඩවියට මගේ උපරිම සප් එක දෙනවා අනිවාර්යෙන්ම... :D

  2. chamila

    මචං 700mb එකක් නැද්ද..... :(

  3. පොතේ ගුරා

    @chamila ! රොයිලි සහෝට තමයි මචෝ මේකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන! 700mb නෑ මචෝ..මේක තමයි හොදම රිප් එකකට තියෙන්නෙ..අනික් කොපි ෂුවර් නෑ! ඒත් මේක බෑවට පාඩු නෑ මචෝ..ෆිල්ම් එක උපරිමයි!

  4. Suvin

    700 mb ekak thibba nam uparimai! eth nath nam kamak naa! mokada film eka baawata paadu naha ne...! maath hoya hoya hitiye! baamu.....!

  5. පික්චර් පිස්සා

    බය වෙන්න එපා ගුරා .. අපි ඔයාට ෆුල් සප් එක දෙනවා.
    මම මගෙ මුනුපොතට මේ සයිට් එක දැම්මා ..

    මැක්සා ෆිල්ම් එක .. මන් බලලා තියෙනවා .. උපරිම තාත්වික විදියට යුද්දය පෙන්නලා තියෙන ෆිල්ම් එකක් .. හැමොම බලන්න

  6. pancha

    mama balala thiyenawa
    dan hugak kal aa unath kiyanna oone thama mage pc eke meka thiyenawa echcharata lassana film ekak..
    balapu nathi aya balanna paadu naha download karagena baluwata..
    gura baya wenna epa mama full support eka dennam me site eka prasidda karanna

  7. Uraj Deemantha

    හික්ස්.... :D උඹ ඕකට ඉල්ලීම් කරන්න කලින්, අපි ඕවා කරලා තියෙනවෝ .....!! :)

  8. sw7x

    machan man meka kalin dawasaka balanna gaththa eth machan meke minissu duk wida wida marenna gaththa hati nisa man meka balana eka nawaththala
    film eka makala damma
    sinhala subtitle ekath ekka dala tiyana nis aye parak balanna patan ganna ona
    me paranam nawaththanne na

  9. පොතේ ගුරා

    @Suvin !එළම තමයි මචෝ..බලලම කියපන්කො කොහොම්ද කියල.. :)

    @පික්චර් පිස්සා!බොහෝම ස්තූතියි මචෝ..කස්ටියගෙ සහයෝගය ගොඩක් වටිනව මට!

    @pancha !ඔව් බන්..ෆිල්ම් එක උප‍රිමයි!තැන්කූ මචෝ..

    @Uraj Deemantha !සිරාවටම ගොඩක් ස්තූතියි මචන් දෙන සප් එකට.. (දැන් ඉතින් හාඩ් එකක් ඉල්ලන්නෙපා :P )

    @sw7x!ඔව් බන් හිතට දැනෙන චිත‍්රපටියක්..මේ පාර දිගටම බලපන්කො..උබ ආසම ෆිල්ම් වලින් එකක් වෙයි මේක!

  10. දර්ශන4it

    Tom Hanks ‍ඉන්නව කිව්ව‍ නේද? දැන්මම බානව එහෙනම්.

  11. rotiya

    එල එල.. පට්ට
    මේක කියවපු ගමන් බාන්ඩ හිතුනා

    අපි උපරිම සප් එක දෙනව ගුරො
    මන් මේක මගේ බ්ලොග් එකෙත් ලින්ක් කරල තියෙන්නේ

  12. the pathfinder

    මේක නම් ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. මට මතක විදිහට අර හෙල්මට් එක ගලවපු කෙනා හිසට වෙඩි වදින්න පෙර දෙවියන්ට සළකුණකුත් කරනවා.
    අතක් කැඩුණු සොල්දාදුවෙක් කැඩුණු අත බිම හොයන දර්ශනයත් හරියට සිතට වදිනවා

  13. shiwantha

    නියමයි මචන්
    බොහොම ස්තුතියි :D

  14. පොතේ ගුරා

    @දර්ශන4it! ඔව් බන්..වෙන මොනව නැතත් පොර ඉන්න නිසාම උනත් බලන්න පුලුවන් ෆිල්ම් එක!

    @rotiya !අනිවා මචන්..උඹ ආස වෙයි මේකට..රොයිලි බුවාගෙ වැඩ තමයි.. :)
    තැන්කූ මචෝ දෙන සහයෝගයට.. :)

    @the pathfinder !ඔව් බන්..හිතට වදින දේවල් පිරුණු ෆිල්ම් එකක්!

    @shiwantha ! එළම තමයි මචෝ..

  15. රොයිලි

    @ පොතේ ගුරා,

    අනිවා මචං

    @ chamila

    ස්තූතියි මචං

  16. රොයිලි

    @ chamila, suvin

    700 MB ෂුවර් එකක් තිබුනේ නැහැ මචං ඒකයි මේක තෝරගත්තේ :(

    සමාවෙන්න ඕනා කාලය වැඩිපුර යනවට

  17. අනූ

    පිස්සු හැදෙන ෆිල්ම් එකක්. මං දෙපාරක් විතර බැලුවා. මතක් කරපු එකේ ආයෙපාරක් බලන්න ඕනි.

  18. රොයිලි

    @ sw7x

    ඇත්ත මචං අනික් ෆිල්ම් වල යුද්ධ දර්ශන වගේ නෙවෙයි පලවෙනි සටනින්ම පේනවා යුද්ධය කියන්නේ මොන තරම් නිරර්ථක දෙයක් ද කියලා. අන්තිමට බලද්දි දිනපු කවුරුවත් නැහැ.

  19. රොයිලි

    @ දර්ශන4it, rotiya

    ස්තූතියි මචං

  20. රොයිලි

    @ the pathfinder

    ඇත්තටම මම ඒක ලියන්නයි උන්නේ ඒත් අමතක වෙලා.

    තවත් මගේ හිතට වැදුනු දෙයක් තමයි අර ස්නයිපර් වෙඩික්කරුව තම ඉලක්කය නිවැරදි කරන ලෙසත්, තවත් සෙබලෙක් තුවක්කුව පසෙක තබා මරණ භයේ දෙවියන්ට යාච්ඤා කරන එකත්. ඇත්තටම හරිම තාත්විකව රූගත කරන ලද ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

  21. :::රසික:::

    නියමයි ගුරා මේක නම් කියල වැඩක් නැ..මේ Film එක ගැන අහල තිබුනට බලන්න ලැබුනේ නෑ.කාලෙකින් war film එකක් add කරල තියෙන්නේ මම මග බලාගෙන හි‍ටියේ...
    අනිවාර්යෙන් ම මේ site එක promote කරන්න පුල් සප් ‍එක දෙනවා...
    ගුරාට සුභපැතුම්....!

  22. DragonD

    mama nam kalin balala tiyenawa......... eeat sinhala daala aaye balanawa !!

    guraa ayya saha royli buwaa ta niwan sapa labewaa !

  23. prabath

    පරණයි.. නියමයි..

  24. පොතේ ගුරා

    @:::රසික::: !තැන්කූ මචෝ සප් එකට..ෆිල්ම් එක එළ..රොයිලි සහෝගෙ මහන්සියෙන් උපසිරැසත් දීල තියෙනවනෙ..හොදට රසවිදින්න ලැබෙයි ඒ නිසා!

    @DragonD !එළම කිරි මචෝ.. :)

    @prabath !'ඕල්ඩ් ඉස් ගෝල්ඩ්' ලු නෙ බන්! :D

  25. kolla

    ela ela thanks gurata :) royli aiye apita sinhala sub thiyana film ekak dennawada?thanks

  26. kolla

    ohh im very sorry meke sinhala sub thiyanawa ne :P hik hik thanks gura & royli sahoo thanks

  27. Prabath

    මචං Perfume - Story of the Murderer ගැනත් දාන්න. මරු ෆිල්ම් එකක්

  28. පොතේ ගුරා

    @kolla !හික් හික්..ඔන්න මචන් උඹ වැඩිම ප‍්රතිචාර දක්වන්නන් 5 දෙනා ඇතුලට ඇවිත්.. :) වෙල්කම් කිව්ව ඔං!

    @rabath! පට්ට නේන්නම් මචන්,පොඩි අදහසක් තියෙනව උපසිරැස එක්කම දාන්න,තාම ෂුවර් නෑ!;)

  29. Mahesh

    මචන් මේක එක සබ් ෆයිල් එකක් විදියට හදලා දීකො
    මොකද මන් ගාව ෆිල්ම් එක තියේ බට් සබ්ස් නැත්තේ..
    මේක 2 CD වර්ශන් එකක් නෙ, මම බෑවෙ .mkv එකක් HDTV

  30. රොයිලි

    @ DragonD,

    ///guraa ayya saha royli buwaa ta niwan sapa labewaa !/////

    නිවන් සැප ලැබේවා කිව්වා... මලා තමයි :(

  31. තමීර

    පට්ට පිල්ම් එක.
    අනිවා. බයිස්කෝප් ප්‍රොමෝට් කිරීමට අපෙනුත් පුල් සප් එක!

  32. රොයිලි

    @ kolla,

    :)

    @ prabath

    එල ෆිල්ම් එකක් නේද මචං ඒකත්....

  33. රොයිලි

    @ Mahesh

    මචං මට හරියටම ෆයිල් එකේ නම දෙන්න. මොකද මේ දෙකම එකතු කලාට ටයිමින් හරියට තියෙනවද බලන්න ඕනා. මොකද අප්ලෝඩ් කරලා තියෙන කට්ටිය අනුව වෙලාව වෙනස් වෙනවා. 1 තත්පරයක් වෙනසක් කියන්නෙත් අවුලක්නේ.

  34. nelantha herath

    මචන් ගුරා නියම film එක. මගෙ පුල් සපොට් එක දෙනවා.

  35. kolla

    @පොතේ ගුරා!wow machan ela ela

  36. kolla

    mama bokkenma wada!"www.anemanda.com/showthread.php?t=15682"
    meka balanna

  37. chinthaka

    Meka balala thiyenawa
    uparimai

  38. පොතේ ගුරා

    @nelantha herath !එළම තමයි මචෝ..තැන්කූ වෙන්න ඕන..

    @kolla ! පට්ට පතුරු! තෑන්ක්ස් අලොට් මචෝ..

    @chinthaka ! අනිවා මචන්..එළ!

  39. chathurarcrc

    එලම තම.බමි අනිවා වෙන්ට ගුරු ජයා :D

  40. DareDevil

    මේක බලලා තියෙනවෝ...

  41. buddhika

    thanx machan

  42. රන්දිල් hbkrandil7

    ඔන්න මමත් බානවා... :D

  43. smw8890

    meke link ak dannako

  44. රොයිලි

    සබැඳුම යාවත්කාලීන කර ඇත.

  45. Jshan

    මම බලපු හොදම film 10 yata මෙකත් වටෙනව. i love this film

  46. Ravishan

    Thanx machoooo.........
    Film 1 dan man ba gannawa.
    Man me site 1 dakke ahamben. Man full Sup 1 dennam.
    mage freinds lata kiyannam.
    Thanxxxxxxxxx...........!!!!!!!

  47. Lakshan

    Mama meka kalin balala tiyanawa...... patta fil 1k meka ...... dan sinhala sub nisa apahu balanna oni thankz

  48. mark

    mama meka 3 parak balanna try kala eth balanna bari una....me para nam balanawa mai.....i knw dis is a great film....thankz 4 ur sub titels & ur post...good luck...keep it up..

  49. mark

    meke sub titels dwn lrd wenne nha..tikak balanna.

  50. උදාර

    මෙගා බයිට් 805 ක කොපියක් හම්බවුණ හින්ද ඒක බෑව. සිංහල සබ් දුන්නට තෑන්ක්ස්. ඉස්සරහටත් මේ කාර්යය සාර්ථකව කරගෙන යන්න.

Load more comments