Watch Trailer

Shelter (2026) Sinhala Subtitles | අති විශේෂ ප්‍රහාරකයාගේ වික්‍රමය [සිංහල උපසිරැසි] [Bluray Updates]

Shelter (2026) Sinhala Subtitles ආයූබෝවන් යාළුවනේ ටික කාලෙකට පස්සේ ආපහු මේ පැත්තට ගොඩ වදින්න හිතුනා. කාලෙකින් උපසිරසියක් කලේ නැති නිසා ඒ ආසාවට මම තෝරගත්ත්තේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් වෙන ජේසන් ස්ටැතම්ගේ අළුත්ම සිනමාපටය. Jason Statham කිව්වම ක්‍රියාදාම ෆිල්ම් බලන ඕන කෙනෙක් මෙයාව දන්නවා. The Transpor…

Shelter (2026) Sinhala Subtitles

ආයූබෝවන් යාළුවනේ ටික කාලෙකට පස්සේ ආපහු මේ පැත්තට ගොඩ වදින්න හිතුනා. කාලෙකින් උපසිරසියක් කලේ නැති නිසා ඒ ආසාවට මම තෝරගත්ත්තේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් වෙන ජේසන් ස්ටැතම්ගේ අළුත්ම සිනමාපටය. Jason Statham කිව්වම ක්‍රියාදාම ෆිල්ම් බලන ඕන කෙනෙක් මෙයාව දන්නවා. The Transporter ෆිල්ම් සෙට් එකෙන් තමයි මෙයා හැමෝම අඳුරන චරිතයක් උනේ. ඊටපස්සේ The Mechanic, The Meg, Wrath of Man, The Beekeeper වගේම Fast & Furious ෆිල්ම් සෙට් එකටත් මෙයාට සම්බන්ධ වෙන්න පුළුවන් උනා. හැබැයි පහුගිය කාලයනම් ජේසන්ට එච්චර හොඳ කාලයක් උනේ නෑ මෙයාගේ නිකුත් උන ෆිල්ම් බොහෝමයක් එකම අච්චුවේ ඒවා උන නිසා ගොඩක් ෆිල්ම් අසාර්ථක උනා The Meg වගේ ෆිල්ම් ආදායම් අතින් සාර්ථක උනත් ජේසන්ගේ ඉන්දියානු චිත්‍රපට මට්ටමේ ක්‍රියාදාම නිසා ප්‍රේක්ෂකයන්ගේ බොහෝ විවේචන එල්ල උන වගත් කියන්න ඕන.

ඉතිං මේ Shelter චිත්‍රපටයනම් ටිකක් වෙනස් ආකාරයේ එකක් මොකද මේක ක්‍රියදාම උනාට ජේසන්ගේ අනිත් චිත්‍රපට වලට වඩා අඩු ක්‍රියාදාම සහ සාමාන්‍ය මට්ටමේ හොඳ කතාවක් තියෙනවා. මේක මේ වෙද්දි IMDb 6.4ක හොඳ අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ric Roman Waugh විසින් ඒ වගේම Jason Statham, John Friedberg, Brendon Boyea, Jon Berg සහ Greg Silverman යන අය තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ජේසන්ට අමතරව Bill Nighy, Naomi Ackie සහ  Bodhi Rae Breathnach මේකේ ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වනවා.

හුදෙකලා දූපතක ප්‍රදීපාගාරයක ජීවත් වෙන මයිකල් මේසන් කියන්නේ කාවවත් ආශ්‍රයක් නැති තමන්ගේ බලු සුරතලෙක් එක්ක විතරක් ඉන්න කෙනෙක්. සතියකට සැරයක් බෝට්ටුවකින් කළමනා ටිකක් ගෙනත් දෙන වෙලාව හැරෙන්න අනිත් කිසිම වෙලාවකට මෙයාට මිනිස් පුළුටක් දකින්න හම්බෙන්නේ නෑ. හැබැයි හැමදාම මේ බෝට්ටුවේ එන ගෑනු ලමයෙක් නිසා මේසන්ට ලොව ප්‍රබලම සංවිධානයක් වෙන M16 හෙවත් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය එක්ක පැටලෙන්න වෙනවා. ඉතිං තනි මිනිසෙක් සහ ප්‍රබල රහස් ඔත්තු සේවයක් අතර ද්වන්ධ සටනින් කාට මොකක් වෙයිද කියලා දැනගන්න ඕනනම් ඔයාලට මේක බලන්නම වෙනවා.

එහෙනම් මටත් යන්න වෙලාව හරි ඔයාලා මේක බලලා කොමෙන්ටුවක් හලාගෙන යන්න ඒ වගේම මම මේ වෙලාවේ ෆිලුම උපසිරසිගන්වන අවසර දුන්න රවිඳු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා.  වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ආපහු හමුවෙමු. ජයවේවා!

Shelter (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray/WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,462 downloadsDownload Shelter-2026-Bluray-Updates.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Shelter (2026) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

9,462 downloadsDownload Subtitles48 KB

9 comments

  1. Anonymous

    Thank you!!!!!

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Buddhika laKMal

    බෝම ස්තූතියි යුරාන් ධනුක සහෝ කාලෙකට පස්සෙ සුපිරියකටම සබ් ගෙනාවට

  4. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  5. Malith samarawickrama

    Thanks bro sub ekata

  6. Harshana Atapattu

    Thanks for sub brother. Keep it up

  7. damith niwanthaka

    Thanks bro. Jaya wewa...!!!

  8. Anonymous

    Thanks bro

  9. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●