Watch Trailer

Project Y (2026) Sinhala Subtitles | රත්තරන් දඩයම [සිංහල උපසිරැසි]

Project Y (2026) Sinhala Subtitles යේ සූල්, ඩෝ කියුන්ග් සහ මී සන් කියන්නේ හ්වාජූං (Hwajoong) මාර්කට් එකේ අඳුරු ජීවිත ගතකරන තුන්දෙනෙක්. යේ සූල් තමන්ගේ ජීවිත කාලෙම දුක් විඳලා හොයපු සල්ලිවලින් ගෙයක් ගන්න ගිහින් ‘චෝයි’ කියන වංචාකාරයාට අහුවෙලා සල්ලි ඔක්කොම නැති කරගන්නවා. මේ සල්ලි ආපහු හොයන්න හිතාගෙන ඩෝ…

Project Y (2026) Sinhala Subtitles

යේ සූල්, ඩෝ කියුන්ග් සහ මී සන් කියන්නේ හ්වාජූං (Hwajoong) මාර්කට් එකේ අඳුරු ජීවිත ගතකරන තුන්දෙනෙක්. යේ සූල් තමන්ගේ ජීවිත කාලෙම දුක් විඳලා හොයපු සල්ලිවලින් ගෙයක් ගන්න ගිහින් ‘චෝයි’ කියන වංචාකාරයාට අහුවෙලා සල්ලි ඔක්කොම නැති කරගන්නවා. මේ සල්ලි ආපහු හොයන්න හිතාගෙන ඩෝ කියුන්ග් පාතාලයේ ලොක්කෙක් වෙන ‘බ්ලැක්ජැක්’ සම්බන්ධ වුණු රහස් බාස්කට්බෝල් ඔට්ටුවකට සල්ලි දාලා ඒකෙනුත් සම්පූර්ණයෙන්ම නැතිකරගන්නවා.

වෙන කරන්නම දෙයක් නැති තැන, මේ තුන්දෙනා තීරණය කරනවා බ්ලැක්ජැක් කනත්තක හංගලා තියෙන  700,000කට වඩා වටින රත්තරන් සහ සල්ලි ටික හොරකම් කරන්න. ඒත් මේ වැඩේ එයාලා හිතන තරම් ලේසි වෙන්නේ නෑ. තමන්ගේ සල්ලි හොරකම් කරපු උන්ව හොයාගෙන බ්ලැක්ජැක් සහ එයාගේ දරුණුම ගෝලයා වෙන ‘බුල්’ මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා.

ජීවිතේ බේරගන්න සටන් කරන ගමන් මේ තුන්දෙනාට රත්තරන් ටිකත් අරන් පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් බ්ලැක්ජැක්ගෙන් අමානුෂික විදිහට මැරුම් කන්න වෙයිද? පාවාදීම්, කෑදරකම සහ ජීවත් වෙන්න දරන අරගලය ගැන කියවෙන ත්‍රාසය සහ කුතුහලය පිරිච්ච මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

උපසිරසිය ගැන ඔයාලගේ අදහසුත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න. ෆිල්ම් එක බලලා ෆන් එකක් ගන්න. ජය වේවා! මේ උපසිරැසියට අදාල වීඩීයෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්

                                   *-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.

1,321 downloadsDownload Y-Project-Y-2026.zip35 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Project Y (2026) Sinhala Subtitles

Subtitles

1,321 downloadsDownload Subtitles35 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි යසිරු හසරංග සහෝ උපසිරැසියට

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.