Sundown (2021) Sinhala Subtitles | හිරු අවරට…. [සිංහල උපසිරසි] (18+)
එංගලන්තයේ ව්‍යාපාර බොහෝ ප්‍රමාණයක අයිතිකරුවන් මෙන්ම විශාල ධනයකට උරුම කම් කියන සහෝදරයෙක් සහ සහෝදරියක් වන නීල් සහ ඇලිස් නිවාඩුවක් ගත කරන්න මෙක්සිකෝ වල තරු පහේ හෝටලයකට එනව. නීල් තනිකඩ කෙනෙක්. ඒත් ඇලිස් එන්නෙ තමන්ගෙ තරුණ ළමයි දෙන්නත් එක්ක. ඉතින් නීල් කියන්නෙ වැඩිය විනෝදෙට බර නැති තමන්ගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. කොටින්ම කිව්වොත් ටිකක් ජීවිතේ එපා වෙලා වගේ තමා ඉන්නෙ. ඇලිස් හැමවෙලේම තමන්ගෙ ව්‍යාපාර ගැන නිතර හිතන කෙනෙක්. ටික දවසක් නිවාඩුව ගත කරගෙන යද්දි ඇලිස්ට දුක හිතෙන ආරංචියක් එනව ගෙදරින්. ඒ හේතුව නිසා සෙට් එකම නිවාඩුව පැත්තක දාල ගෙදර යන්න ලෑස්ති වෙනව. ඒත් නීල්ට ගෙදර යන්න හිතක් නෑ. ඒ නිසා පොඩි ප්ලෑන් එකක් ගහල නවතින්න හේතුවක් හොයාගන්නව. එතනින් එහාට දැනගන්න ෆිල්ම් එක බලමු නේද.
2022 ජනවාරි 08 නිළ වශයෙන් නිකුත් කරපු මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන්නෙ Michel Franco නම් මෙක්සිකානු අධ්‍යක්ෂවරයා විසින්. Drama කැටගරියට වැටෙන ෆිලුමේ ප්‍රධාන චරිතය වන නීල් ගෙ චරිතයට පණ පොවන්නෙ 1980 දශකයේ ඉඳන් හොලිවුඩයත් එක්ක ඉන්න Tim Roth. ස්ටොරියක් විදියට ගලාගෙන යන නිසා අපේ ස්ටෝරි ටයිප් බලන යාළුවන්ට තමා හොඳටම සෙට් වෙන්නෙ. ලිපිය නම් අවුල් ඇති මොකද හදිසියේ තමා මේක ටයිප් කරන්නෙ. ලිපිය අවුල් කියල ෆිලුම නොබල ඉන්න එපා. වැරදි එහෙම තියනව නම් සමාවෙන ගමන් තව එකක් කියන්න ඕන, මේකෙ අනන් මනං කෑලි ටිකක් එහෙන් මෙහෙන් තියන නිසා තනියම බලනව නම් ගොඩක් හොඳයි. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් මම පහලින් දාගෙන යන්නම්. සබ කරන්න ඉඩ දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ.
Name – Sundown 2021
Category – Drama
IMDB – 6.6/10 (5K+ Vote)
Rotten Tomatoes – 77%
Director – Michel Franco
Starring – Tim Roth , Charlotte Gainsbourg, Henry Goodman
Box office – $1 Million
Running Time – 83m
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2427 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
1
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥