Teen Wolf [S04 : E01] |අමාවක සඳ [සිංහල උපසිරැසි සමඟ]
තවත් කතා මාලාවක් ඔයාලා වෙත අරගෙන එන්නයි මේ සූදානම. අලුත්ම කතා මාලාවක් නම් නෙවෙයි, ටීන් වුල්ෆ් කතා මාලවේ හතරවන අදියරේ පළමු කොටසයි මේ. ඔයාලා හිතනවා ඇති බයිස්කොප් සිංහලෙන් අඩවියෙන් තාම මේ කතා මාලාවේ තුන්වන අදියර නොදී හතරවන අදියර දෙන්නේ ඇයි කියලා. අපේ අඩවියෙන් මේ වනවිට ලබාදෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදියර. ඒත් 2014-ජූනි 23 වනදා මේ කතා මාලාවේ හතරවන කතා සමය ආරම්භ වුනා. ඉතින් ඇඩ්මින් සහෝදරවරුන්ගේ ආරාධනාවක් අනුව මේ කතා මාලාවේ දෙවන අදියර සඳහා සිංහල උපසිරස ලබා දෙන අතරෙම සමගාමී විකාශයක් විදියට, හතරවන අදියරත් ලබාදෙන්නයි මේ සූදානම. ඉක්මනින්ම තුන්වෙනි අදියරත් ලබා දෙනවා හොඳේ.
මේ කතා මාලාවේ තුන්වෙනි අදියර අවසානයේදී ඩෙරෙක්ව පැහැර ගැනීමකට ලක් වෙනවා. ඒ ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ, මොකද තවමත් තුන්වෙනි අදියර බලලා නැති යාළුවන් සිටින නිසා. හතරවන කතා සමය ආරම්භ වන්නේ, මෙසේ අතුරුදන් වී සිටින ඩෙරෙක්ව සොයාගෙන යන ස්කොට් ඇතුලු එයාගේ නවතම රැළේ මෙක්සිකෝ සංචාරයෙනුයි. මෙක්සිකෝවේ සිටින මිනිස්-වෘක දඩයම් කරුවන් කණ්ඩායමක් සොයාගෙන යන ස්කොට් ඇතුලු පිරිසට මුහුණ පාන්න වෙන අකරතැබ්බ රාශියයි. ඇත්තටම ඩෙරෙක්ව පැහැර ගත්තේ කවුද?.. තුන්වෙනි අදියර අවසානයේදී ඩෙරෙක්ව හොයාගෙන පැමිණිය ඒ ගැහැණු වෘකයා කවුරුන්ද?.. ප්‍රශ්න කීපයකටම උත්තර මේ කොටසින් දැනගන්න ලැබේවි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අලුත් කතා මාලාවකට අතගහන්නේ ඒක දිගටම කරගෙන යන විශ්වාසයෙන්. ඉතින් ඒ කාර්ය සාර්ථකව කරන්න නම් ඔයාලගේ දිරිමත් කිරීම් හෝ යෝජනා, චෝදනා හැම දෙයක්ම අවශ්‍යය වෙනවා. ඉතින් ඒ ගැනත් සලකා බලන්න කියලා පොඩි යෝජනාවක් තමයි මේ කරන්නේ. හැමදාම ඉන්න සෙට් එක කොහොමත් ඉන්නවා කියලා දන්නවා. ඒ අයටයි අනික් අයටයි ඔක්කොටම ජයම වේවා…..! වාසල අයියට බොහෝම ස්තූතියි, මේ අදියර සඳහාත් උපසිරසි කරන්න අවස්ථාව ලබා දුන්නට. ගිහින් එන්නම්. එලස්ස්ස්……..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/OsA2″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/olQc” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xmkp” type=”icon” “center” newwindow=”yes”] 1.03 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 23423 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
78 thoughts on “Teen Wolf [S04 : E01] |අමාවක සඳ [සිංහල උපසිරැසි සමඟ]”