Watch Trailer

The Dreadful (2026) Sinhala Subtitles | නිරයේ දෝංකාරය [සිංහල උපසිරැසි]

The Dreadful (2026) Sinhala Subtitles මෙම චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ දරුණු යුධමය වටපිටාවක් සහ අතිශය කටුක ශීත කාලයක් පසුබිම් කරගත් දුෂ්කර වෙරළබඩ ගම්මානයක් තුළයි. මෙය මනෝවිද්‍යාත්මක ත්‍රාසය (Psychological drama/thriller) සහ අඳුරු බව ඉලක්ක කරගෙන ගොඩනැගුනු නිර්මාණයක්. කතාවේ ප්‍රධාන චරිතය වන භක්තිමත් තරුණි…

The Dreadful (2026) Sinhala Subtitles

මෙම චිත්‍රපටය  ගොඩනැගී ඇත්තේ දරුණු යුධමය වටපිටාවක් සහ අතිශය කටුක ශීත කාලයක් පසුබිම් කරගත් දුෂ්කර වෙරළබඩ ගම්මානයක් තුළයි. මෙය මනෝවිද්‍යාත්මක ත්‍රාසය (Psychological drama/thriller) සහ අඳුරු බව ඉලක්ක කරගෙන ගොඩනැගුනු නිර්මාණයක්.

කතාවේ ප්‍රධාන චරිතය වන භක්තිමත් තරුණිය ‘ඈන්’ (Anne) සහ ඇගේ දැඩි හදවතක් ඇති නැන්දම්මා ‘මෝවෙන්’ (Morwen), යුද්ධයට ගිය ඈන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ‘ශේමස්’ නැවත එනතුරු මහත් බලාපොරොත්තුවෙන් පසුවෙයි. නමුත් ඔවුන්ගේ පැරණි මිතුරෙකු වන ‘ජාගෝ’ යුධ භූමියේ සිට ගමට පැමිණීමත් සමඟ ඔවුන්ට අසන්නට ලැබෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමිහිරි පුවතක්.

කිසිදු පිහිටක් හෝ ආදායමක් නොමැතිව තනිවෙන මේ කාන්තාවන් දෙදෙනාට, එළඹෙන දැඩි ශීත කාලයත් සමඟ කුසගින්න සහ මරණය සමඟ දැඩි අරගලයක නිරත වීමට සිදුවේ. මේ අතරතුර ඔවුන්ගේ නිවසට පැමිණෙන ආගන්තුක පූජකවරයෙකු සහ ඈන් කෙරෙහි ජාගෝගේ ඇතිවන අසාමාන්‍ය බලපෑම හේතුවෙන් ඈන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්වෙනවා.

කුසගින්න සහ මරණ භය හමුවේ ජීවත් වීම උදෙසා මිනිසුන් කොතරම් දුරකට යාවිද? මනුෂ්‍යත්වය සහ කෲරත්වය අතර ඇති සියුම් මායිම කොතැනද? ඈන්ට ඇය වටා සිටින සැබෑ “රාක්ශයන්ගෙන්” ගැලවී තමාගේ ජීවිතය බේරාගැනීමට හැකි වේවිද යන්න මෙම කතාවෙන් ඉතා ත්‍රාසජනක ලෙස නිරූපණය කර තියෙනවා. තවත් නිර්මාණයකින් හමුවෙමු.

*-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.

1,233 downloadsDownload THE-DREADFUL-2026.zip24 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

The Dreadful (2026) Sinhala Subtitles

Subtitles by

යසිරු හසරංග

Subtitles

1,233 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි යසිරු සහෝ උපසිරැසියට

  2. Anonymous

    Great

  3. Anonymous

    බොහොම ස්තූතියි