ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන කාල් මාක්ස්ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ The Young Karl Marx රුසියානු සලරුවේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් සතියකට විතර පස්සෙ ඔන්න අද අරගෙන එන්නේ චීන සිනමා නිර්මාණයක්. පාඩම් වැඩ කටයුතු නිසා හිතුවට වඩා කල් ගියා උපසිරැසිය අවසන් කරන්…

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන කාල් මාක්ස්ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ The Young Karl Marx රුසියානු සලරුවේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් සතියකට විතර පස්සෙ ඔන්න අද අරගෙන එන්නේ චීන සිනමා නිර්මාණයක්. පාඩම් වැඩ කටයුතු නිසා හිතුවට වඩා කල් ගියා උපසිරැසිය අවසන් කරන්න. ඒත් අපේ බයිස්කෝප්වාසී මිතුරන් වෙනුවෙන් කොහොමහරි සතියක් ඇතුළත උපසිරැසිය කරලා ගේන්න සමත් වුණා.
The Thousand Faces of Dunjia නැමැති මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ අපි හොඳට දන්න වැඩකාරයෙක් වුණු Woo-Pin Yuen විසින්. තිර රචනය ලියලා තියන්නේ කියව ගන්න බැරි නමක් තියෙන පොරක් වුණූ Hark Tsui. 🙂 ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි ලොව පුරා තිරගත වීම ආරම්භ වුණේ. පැයයි මිනිත්තු 53ක ධාවන කාලයකින් යුක්තයි. Kung Fu, Martial Arts, කඩු සටන්, මැජික් එක පදමට එක්තැන් වුණු සුපිරි ගණයේ Action Movie එකක් කියලා හඳුන්වන්න පුලුවන්. චීනය සහ හොන්ග්-කොන්ග් ආශ්‍රිතව තමයි රූගත කරලා තියන්නේ. 5.9 IMDb අගයක් වගේම 46% ප්‍රේක්ෂක ප්‍රතිශතයකුත් තමන් සතු කර ගත්තු මේ සලරුව 39% Rotten Tomatoes අගයකටත් හිමිකම් කියනවා. ( පෞද්ගලිකව මට නම් මේ අගය ගැන සෑහීමකට පත් වෙන්න බෑ. ඒ මොකද කියලා චිත්‍රපටය බලපුවහම ම ඔයාලාට තේරේවි ) Actoin, Adventure, fantasy ගනයට අයත් වන මෙය 1982දී තිරගත වුණු The Miracle Fighters සලරුවේ ප්‍රතිනිර්මාණයක් ලෙසත් සැලකිය හැකියි.
ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Arif Rahman. මතකනේ…Kung Fu Yoga, Cold War 1, Cold War 2, Making Family කියන ෆිල්ම්ස්.ඇයි එතකොට Bruce Lee,my brother චිත්‍රපටය. ඔව්, ඔව්, ඒවායේ වැඩ පෙන්නපු හාදයා තමයි මේ. ආයේ අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ මිනිහගේ රඟපෑම!! දන්නෝ දනිති. ඊළඟට Animal World, Soul Mate, Us and Them, Run for Love වැනි චිත්‍රපට හරහා අපිට සමීප වුණු Zhou Dongyu ත් මෙයට රංගනයෙන් දායක වෙනවා. Wu kong, The Flowers of War, Fleeet for Time තුළින් අපිට සමීප වුණු සුරූපිනිය Ni Ni මතකයි නේහ්? ඔන්න එයත් මේකේ ඉන්නවා.
සම්මාන 5කට නිර්දේශ වෙලා තියෙන මේ සිනමා පටය කතාව දිග හැරෙන්නේ පිටසක්වල ප්‍රහාරයකට ගොදුරු වන පෘථිවිය බේරාගන්න උත්සාහ දරන වුයින් වංශයේ සාමාජිකයින් වටා. සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වුවත් රහසේ තම මෙහෙයුම් කටයුතු කරගෙන යන ඔවුන් දක්ෂයින්ගෙනුත් දක්ෂයින් කණ්ඩායමක්. තම කණ්ඩායමට අලුතින් එකතු වෙන පොලිස් කොස්තාපල්වරයාත්, මෝඩ පහේ පෙනුමැති තමන්ගේ අලුත් නායිකාවත් සමඟ මේ විසල් ප්‍රහාරයට මුහුණ දෙන්න ඔවුන්ට හැකි වෙයිද..? ආරාධනා කරනවා අමතක නොවන විනාඩි 113ක් රසවිඳින්න.
මොන තරම් වැඩ අස්සේ හිරවුණත්, පුලුවන් තරම් ඉක්මනින් තවත් උපසිරැසියක් ගේන්න හයියක් එන්නේ ස්තූතියි කියලා ඔයාලා දාන පුංචිම පුංචි comment එකෙන්. සතයක්වත් වියදම් නොවෙන එකේ උපසිරැසිය බාගෙන නිකන් යන්නේ නැතිව තමන්ගේ අදහසත් කොයාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා හැම සහෝදරයාම.. ජය වේවා! Mayhem(2017) උපසිරැසියත් සමඟ ළඟදීම හමුවෙමු!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
5,373 downloadsDownload The-Thousand-Faces-Of-Dunjia-2017-1.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
55 comments
sumedhas
Prabodha Madhusankha Hettiarachchi
Thank brooo sub ekataaa... Jaya wewa...!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sudeepapwijesekara
බොහොම ස්තූතියි උපැසිරැසියට❤
Tharaka
THANKS.................
sachithra
tnx sub ekt
Panther
Thanz saho
PasinduDeshan
උපසිරසියට ස්තූතියි සහෝ!!!!!!
sasala
supiri filmekak vage thanks
Kulanjana Maduranga
subata thanks....
nihalpujitha
thank broo
Prabhasoft
thanks bro.....
dsdkavishka
Thenks for sub bro
Udara_sandanuwan
thanks bro
kolitha
Thanx bro
Hasitha Madush
සබ් එක සුපිරියට කරලා තියෙනවා Good luck බ්‍රෝ
widuranga
elama brooo thanx for sub
buddhi
tnks saho sub ekata
chanaka47
THANKS KOLLO.. TAWA SUB KARAPAN MACHO.. ANUN HINDA TAMANGE WEDA PAADU KARAGANNATH EPA. UBALA ME KARANA DEMA LOKU DEYAK.. GOOD LUCK BAISCOPELK TEAM..
GaminiSenevirathne
Thanks
Dewadithya
Thanks for Sub!
prasanna chamara
Thanks saho
Ishan Madusha
ස්තූතියි සහෝ
wwrs
thanks machan
ranga11112
film balalama thama kiyanna wenne...sub akata bohoma sthuthiy...pin sidu weva...........
waruna
thanks saho
viraj85
thanks bro
Dinindu
Thank you for the sub Bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kelumchathuranga
thanks
lathindu
patta patta thanks mcn
dsdkavishka
Film eka fatta, thenks bro, meke 2 awoth maru
dimuthu lakmal
Thanks mewa thama film.kalekin baluwe na me wage ekak.thanks ban.digatama pulueannam hoyala mewage film tikak karanna.thanks
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
nisalt
Thanks Dude....
Congrats for the sub....podda
thanks bro!!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
sasala
thanks
thilanga_sachintha
thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
Dilshan Kelum
Thanks bro..
Haashan Dhanushka
thnxxxxxxxxx
Ashoka
elatama karagena yamu.thanks
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxxx
Hasidhuanjana
Thanks machan.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!wcr
Thank You!
Amalka Himeshan
Thanks machan sub ekata
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

SUB AKATA THANKS