True Detective [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියෝ.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව එකම එක කොටසක් විතරයි මේ කතා මාලාවේ උපසිරැසි ගන්වන්න තියෙන්නේ.
ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ. ෆ්‍රෑන්ක්ව මරන්න කියලා හිතාගෙන යන වැල්කොරෝ ෆ්‍රෑන්ක්ව මරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු තමන්ට වැරදි තොරතුරක් ලබා දෙන්න කියලා ෆ්‍රෑන්ක්ව නොමග යවපු පුද්ගලයා හෙලි කරන ලෙස ෆ්‍රෑන්ක්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම ඉටු කරන්න නම් අර කැස්පර්ගෙ නිවසේ තිබිලා අතුරුදහන් උන දෘඪ තැටිය තමන්ට හොයලා දෙන්න කියලා ෆ්‍රෑන්ක් කියනවා. වැල්කොරෝ ඒකට එකඟ වෙනවා. ඒ අතරේ ගණිකාවක් විදිහට වෙස් වලාගෙන සාදයට සහභාගී වෙන බෙසිරිඩීස්ට ඇය හොයමින් සිටි අතුරුදහන් උන කෙල්ල – වේරාව මුණගැහෙනවා. ඇය වේරා සමග එතනින් පළා යනවා. එහිදි ඇයට ආරක්ෂකයෙක්ව ඝාතනය කරන්නත් සිදු වෙනවා. ඒ අතරේ බෙසිරිඩීස්ට ආරක්ෂාව සපයන්න ගිය වුඩ්රෆ් විසින් වටිනා ලියකියවිලි තොගයක් හොරකම් කරගන්නවා.
ඉතිං යාළුවනේ. මේක තමයි අවසාන කොටසට කලින් කොටස. අර සාදයට කඩා පැනීම තුලින් කැස්පර්ගේ ඝාතනයට සම්බන්ධ රජයට හා පෞද්ගලික අංශයට සම්බන්ධ ඉහලම මට්ටමේ පුද්ගලයන් රාශියකගේ සම්බන්ධතා සොයාගැනීමට අපේ රහස් පරීක්ෂකයන් තුන් දෙනාට පුළුවන් වෙනවා. ඒත් එම තොරතුරු නීතිපතිවරියට ලබා දීමට යාමේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවුන සිදුවීමකටයි. ඒ අතරේ වැල්කොරෝ ගෙ උදව්වෙන් ෆ්‍රෑන්ක් සිමියොන් තේරුම් ගන්නවා තමන්ගෙ ලඟම ඉඳගෙන තමන්ට ද්‍රෝහි උන පුද්ගලයා කවුද කියලා. ඒ පුද්ගලයා තමයි වැල්කොරෝ ගෙ බිරිඳට අඩත්තේට්ටම් කල පුද්ගලයා ගැන ෆ්‍රෑන්ක් ට තොරතුරු සපයලා තියෙන්නෙත්.
ඉතිං යාළුවනේ… කැස්පර්ගේ ඝාතනයට සම්බන්ධ ඉහල පෙලේ පුද්ගලයන් කවුද? ෆ්‍රෑන්ක් ට වැරදි ඔත්තු සපයන ද්‍රෝහියා කවුද? නීතිපතිවරියත් අර පුද්ගලයන්ට සම්බන්ධයි ද? අපේ රහස්පරීක්ෂකයන්ට මෙවර මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝග වලට ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 3864 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
Godak sthuthi..Jaya wewa!
Thanks ……………good luck ………………..
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි අයියේ තව කොටසයි එහෙනං කතාවේ තියෙන්නේ ඔයාට පුළුවන් වෙලාවකට ඒ කොටසත් ගේන්න 🙂 මෙන්න එහෙනං සබ් එක ගත්තා , ජය වේවා !!
ස්තුතියි දිනිඳු.ජය වේවා !
එල එල තැන්ක්ස් හොදෙ
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි, දිනිදු අයියා!
ජය වේවා!
nimayai මචෝ..
තව එක එපියි නේද?
ඒකත් දීල දාමු, \
මට බයිනවත් ඇති නේ ඔයාව අමාරුවේ දැම්මට..
මොනා කරන්නද මෙයා…
හොදේ එව්වා මෙවුන්ට පොවන්න කියාලය…
සොරි හොඳේ මොනා වුනත්..
ජය වේවා!!
Thank you!
තෑන්ක්ස් වේවා දිනිදු සහෝ!
ඉතුරු කොටහත් ඉක්මනටම ඕනේ,ඒවගේම තමා හැනිබල් එකත්.
ජයවේවා!!!!!!