අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Patrick Melrose

terra nova 2

 

 

 

සාමාන්‍ය ජන ජීවිතයෙන් බැහැරව රදල පැලැන්තියෙ ගැටලු සහා පැටලුම්කාරී වාතාවරනය මැනවින් ඉදිරිපත් කිරීමට දැරූ සාර්ථක උත්සාහයක් ලෙසටත් මෙම කතා මාලාව හැදින්විය හැකී.සාමාන්‍ය ජන ජීවිතයේ පීඩාකාරී වාතාවරනයන් ඇති කිරීමට මුල් පුටුවල හිදිමින් තම පොකැට්ටු තර කරගන්නා රදලයින්ගේ ජීවිත වල කටුක සත්‍යය මෙල්රෝස් පරම්පරාව ආදර්ශයට ගනිමින් පෙන්වා දී ඇත.මුලු ලොව ජනයා දුප්පත් හෝ වේවා පොහොසත් හෝ වේවා සියල්ලෝම මනුෂ්‍යයෝය යන තැනෙහි හිදිමින් ධනවත් පවුල් වලත් ගැටලු ඇති බව පෙන්වා දෙමින් ඔවුන්ගේ සැගවුනු ජීවිත කතාව පැට්‍රික් හරහා මෙසේ ඉදිරිපත් කර ඇත.පැට්‍රික් කියන්නෙත් සාමාන්‍ය පොඩි පිරිමි දරුවෙක්. අරමුණක් නොමැතිව හිසහැරුනු අත කෙලි දෙලෙන් ගෙවතු හරහා දිව යමින් නිදහස් සිසිල් සුලන් පහස විදිමින් ලමාකම විදින්න උත්සහ දරන දරුවෙක්.නමුත් මෙල්රෝස් නිවස තුලින් නැගෙන පියානෝ වාදනය සවන් වැකෙන මේ දරුවාගේ සිතෙහි පැන නැගෙන්නෙ නිවසින් හැකිතාක් දුරකට පලායෑමේ අසහසක්දෝ කියලා විටෙක මටත් සිතුනා.තත් අතර සියුම් ඇගිලි තුඩු යවමින් මිහිරී ගීත රාවයකට උපත දුන් ඒ පුද්ගලයා ‌ඩේවිඩ් මෙල්රොස් විය..පැට්‍රික්ගේ පියානන්.මිහිරි ගීත රාවයක් ඒ් රකුසාගෙන් කෙසේ උපත ලද්දේද කියා සිතන්න නම් අපිටත් අපහසු කාරනාවක්.වසර ගනනක යුධයෙන් බැට කෑ විරුවෙක් ලෙසට ඔහුගෙන් මෘදු පහසක් සෙවීම නම් අපහසු කාරනාවක් වෙන්නට ඇති..නිවසේ තවත් පසෙක කුඩා පැට්‍රික්ගෙ මව එලනෝර් විය..භයින් භිරාන්ත උනු තමන් වෙනුවෙන් වත් වචනයක් කීමට පවා නොහැකි මේ කාන්තාව ගැන විටෙක අනුකම්පාවක් විටෙක කෝපයක් ඇති වන අන්දමේ රංගනයක් ඇයගේ චරිතයෙන් අපට බලාගන්න පුලුවන්..මේ තුන්ගොල්ලන්ගේ ජීවිත අරගලයට පිටින් එකතු වන එම සමාජ පන්තියේම යුවල් අතර දිවයන කතාවක් අපට දැකගන්න පුලුවන්..ව්‍යසනකාරී කුඩා කාලය පැට්‍රික්ගේ මනසට කෙතරම් කාවැදුනේද කියනවනන් තරුණ පැට්‍රික් කියන්නෙ මතට තදින්ම ඇබ්බැහි වුනු පුද්ගලයෙක් වෙලා.මොනම මත්ද්‍රව්‍යයක්වත් නොගෙන තත්පරයක්වත් කෙලින් සිටගැනීමට පවා අපහසු අන්දමට ඔහු කඩා වැටිලා..පැට්‍රික්ට මෙහෙම වෙන්න මොනවද ඔය තරම්ම සිද්ද උනේ කියන එකට පිලිතුර පලමු කොටසෙන්ම ඔබට දැකගන්න පූලුවන්…ඉතින් මේ තත්වය ඔහුට කෙතරම් භාදාවක් වෙනවාද කියනවානම් ඔහු තීරනය කරනවා කෙසේ හෝ මොන වෑයමක් දරලා හෝ මෙම ව්‍යසනකාරී තත්වයෙන් මිදීමට..ඔහු තීරනය කරනවා මතින් තොරවීමට..ඒකනම් හිතන්න බොහොම පහසු උනත් කරන්න ගියාමනම් ගොඩක් අමාරු දෙයක්..කතාමාලාවෙ ප්‍රධාන තේමාව විදියට පැට්‍රික් කෙසේද මෙම අරගලය ඉදිරියට රුගෙන යන්නෙ ඔහුට පුලුවන් වේවිද සාමාන්‍ය ජීවිතයකට පැමිනෙන්න කියන දේ තමයි අපිට ඉවසීමෙන් බලා සිටින්න වෙන්නෙ..ඉතින් අපි බලමු , ඒ වගේම අපේ ජීවිතවලටත් යමක් එකතු කරගනිමු.. එහෙනම් මේ විදියට පටන් ගමු කතාංගයන් පහක් තරම් වූ කුඩා කාලයක් උනත් ඒ චාරිකාවත්……

Creator:

Edward Berger,David Nicholls,Edward St. Aubyn

Stars:

Benedict Cumberbatch, Hugo Weaving, Sebastian Maltz

Genres:

Drama

 

Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05