Watch Trailer

Patrick Melrose [S01 : E01] Sinhala Subtitles | අසුබ පුවතක් …. [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ මාව මතකද ? පෝට් මූරේ හොල්මන් වලින් දිවි බේරන් ආයෙ ඇවිත් මම මේ පාර යාලුවෙකුට හොද මිනිහෙක් වෙන්න උදවු කරනවා..අපි බලමු අපේ මේ යාලුවට කියන්න තියෙන්නෙ මොනවද කියලා අද ඉදන්.. ” බලලෝභී රදලයන්ගේ මහන්තත්ත දෙකකුල් වලට මම පෑගුනා..දෙඅත් අතර හිර උනා.වචන අතරේ මිරිකුනා.මගේම තාත්තා , මාව ජාතක කරපු ඒ…

කොහොමද යාලුවනේ මාව මතකද ? පෝට් මූරේ හොල්මන් වලින් දිවි බේරන් ආයෙ ඇවිත් මම මේ පාර යාලුවෙකුට හොද මිනිහෙක් වෙන්න උදවු කරනවා..අපි බලමු අපේ මේ යාලුවට කියන්න තියෙන්නෙ මොනවද කියලා අද ඉදන්..

” බලලෝභී රදලයන්ගේ මහන්තත්ත දෙකකුල් වලට මම පෑගුනා..දෙඅත් අතර හිර උනා.වචන අතරේ මිරිකුනා.මගේම තාත්තා , මාව ජාතක කරපු ඒ මනුස්සයම තිරිසනෙක්..එතකොට මගෙ අම්මා , ඇය හරිම දුක්මුසු චරිතයක් ,අනුකම්පා කලයුතු චරිතයක් උනත් මගේ ජීවිතේ කාලකන්ණි වෙන්න ඇයත් එක ප්‍රධාන හේතුවක්.. මෝඩ අඥාන කාන්තාවක්…මගෙ ජීවිතේ මම සතුටු වෙනවනන් ඒ දවස් දෙකක් හේතු දෙකක් නිසා.එදාට මම හිනාවෙන්නන් සමරන්නන් නටන්නම් ගයන්නම්..හොදයි , හමු උනාට සතුටුයි මම නමින් පැට්‍රික් , මෙල්රෝස් පරම්පරාවෙ එක් පුරැකක්.නමුත් ගොදුරක්..”

මම ගත්ත මේ ආරම්භය පැහැදිලි කරනවා අපේ මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය ගැන..ඔහු ගොදුරක් , සාක්ෂිකාරයෙක් , බයගුල්ලෙක් , සහා විටෙක මානසික රෝගියෙක්..නමුත් ඔහු පැහැදිලිවම බේබද්දෙක් ,කුඩ්ඩෙක් , සහා දුරාචාරයේ හැසිරෙන්නෙක්..ඇයි මේ කවුද ඔහු මොකක්ද ඔහුගේ ජීවිත කතාව කියලා දීර්ඝ කොටස් ( episodes ) පහකින් සමන්විත patrick melrose කතා මාලාව නරබා දැනගමු..

2017 වසරේ සාකච්ඡාවට බදුන් වී 2018 වසරේ විකාශය උනු මේ කතා මාලාව Edward St. Aubyn මහතාගේ Patrick Melrose නවකතාව ආශ්‍රිතව එම නමින්ම නිර්මානය විය.. semi-autobiographical ගනයට අයත් නවකතාවක් බැවින් බොහෝ දුරට මේ patrick චරිතය edward මහතාගේ ජීවිතයේ එක් පැතිකඩක් හුවා දැක්වීමක් ලෙසත් හැදින්වීමට පුලුවන්…මෙම ගනයේ කතාවල විශේෂය වෙන්නෙ කතාවේ රචකයාගෙ ජීවිතයට අදාල සිදුවීම් සමග මනක්කල්පිත සිදුවීම්ද එකතුව නිර්මානය වෙන නිසාය..නාට්‍යමය ස්වරෑපයක් ගන්නා partick melrose කතා මාලාව එක් කොටසක් පැයක ධාවන කාලයකින් යුතු වේ..IMDB දර්ශකයේ 8.3/10 ක් , කුණු තක්කාලි දර්ශකයේ 89%ක ප්‍රතිශතයකුත් ලබාගැනීමට සමත් උනු මේ අද්විතීය නිර්මානය primetime emmy awards සදහා පස් වතාවක් nominated වි ඇති අතරම Gold Derby Awards (2018) සදහාත් Television Critics Association Awards (2018) සදහාත් දෙවතාවක් nominated වී ඇත.. දයාබර ඔබ Sherlock Holmes ලෙසත් Dr.Strange ලෙසත් ආදරයෙන් වැලදගත් Benedict Cumberbatch ගේ විශිෂ්ට රංගනයෙන් සමන්විත මේ කතා මාලාවේ කතා ව්‍යුහය දෙස අපි මොහොතක් හැරී බලමු…

සාමාන්‍ය ජන ජීවිතයෙන් බැහැරව රදල පැලැන්තියෙ ගැටලු සහා පැටලුම්කාරී වාතාවරනය මැනවින් ඉදිරිපත් කිරීමට දැරූ සාර්ථක උත්සාහයක් ලෙසටත් මෙම කතා මාලාව හැදින්විය හැකී.සාමාන්‍ය ජන ජීවිතයේ පීඩාකාරී වාතාවරනයන් ඇති කිරීමට මුල් පුටුවල හිදිමින් තම පොකැට්ටු තර කරගන්නා රදලයින්ගේ ජීවිත වල කටුක සත්‍යය මෙල්රෝස් පරම්පරාව ආදර්ශයට ගනිමින් පෙන්වා දී ඇත.මුලු ලොව ජනයා දුප්පත් හෝ වේවා පොහොසත් හෝ වේවා සියල්ලෝම මනුෂ්‍යයෝය යන තැනෙහි හිදිමින් ධනවත් පවුල් වලත් ගැටලු ඇති බව පෙන්වා දෙමින් ඔවුන්ගේ සැගවුනු ජීවිත කතාව පැට්‍රික් හරහා මෙසේ ඉදිරිපත් කර ඇත.පැට්‍රික් කියන්නෙත් සාමාන්‍ය පොඩි පිරිමි දරුවෙක්. අරමුණක් නොමැතිව හිසහැරුනු අත කෙලි දෙලෙන් ගෙවතු හරහා දිව යමින් නිදහස් සිසිල් සුලන් පහස විදිමින් ලමාකම විදින්න උත්සහ දරන දරුවෙක්.නමුත් මෙල්රෝස් නිවස තුලින් නැගෙන පියානෝ වාදනය සවන් වැකෙන මේ දරුවාගේ සිතෙහි පැන නැගෙන්නෙ නිවසින් හැකිතාක් දුරකට පලායෑමේ අසහසක්දෝ කියලා විටෙක මටත් සිතුනා.තත් අතර සියුම් ඇගිලි තුඩු යවමින් මිහිරී ගීත රාවයකට උපත දුන් ඒ පුද්ගලයා ‌ඩේවිඩ් මෙල්රොස් විය..පැට්‍රික්ගේ පියානන්.මිහිරි ගීත රාවයක් ඒ් රකුසාගෙන් කෙසේ උපත ලද්දේද කියා සිතන්න නම් අපිටත් අපහසු කාරනාවක්.වසර ගනනක යුධයෙන් බැට කෑ විරුවෙක් ලෙසට ඔහුගෙන් මෘදු පහසක් සෙවීම නම් අපහසු කාරනාවක් වෙන්නට ඇති..නිවසේ තවත් පසෙක කුඩා පැට්‍රික්ගෙ මව එලනෝර් විය..භයින් භිරාන්ත උනු තමන් වෙනුවෙන් වත් වචනයක් කීමට පවා නොහැකි මේ කාන්තාව ගැන විටෙක අනුකම්පාවක් විටෙක කෝපයක් ඇති වන අන්දමේ රංගනයක් ඇයගේ චරිතයෙන් අපට බලාගන්න පුලුවන්..මේ තුන්ගොල්ලන්ගේ ජීවිත අරගලයට පිටින් එකතු වන එම සමාජ පන්තියේම යුවල් අතර දිවයන කතාවක් අපට දැකගන්න පුලුවන්..ව්‍යසනකාරී කුඩා කාලය පැට්‍රික්ගේ මනසට කෙතරම් කාවැදුනේද කියනවනන් තරුණ පැට්‍රික් කියන්නෙ මතට තදින්ම ඇබ්බැහි වුනු පුද්ගලයෙක් වෙලා.මොනම මත්ද්‍රව්‍යයක්වත් නොගෙන තත්පරයක්වත් කෙලින් සිටගැනීමට පවා අපහසු අන්දමට ඔහු කඩා වැටිලා..පැට්‍රික්ට මෙහෙම වෙන්න මොනවද ඔය තරම්ම සිද්ද උනේ කියන එකට පිලිතුර පලමු කොටසෙන්ම ඔබට දැකගන්න පූලුවන්…ඉතින් මේ තත්වය ඔහුට කෙතරම් භාදාවක් වෙනවාද කියනවානම් ඔහු තීරනය කරනවා කෙසේ හෝ මොන වෑයමක් දරලා හෝ මෙම ව්‍යසනකාරී තත්වයෙන් මිදීමට..ඔහු තීරනය කරනවා මතින් තොරවීමට..ඒකනම් හිතන්න බොහොම පහසු උනත් කරන්න ගියාමනම් ගොඩක් අමාරු දෙයක්..කතාමාලාවෙ ප්‍රධාන තේමාව විදියට පැට්‍රික් කෙසේද මෙම අරගලය ඉදිරියට රුගෙන යන්නෙ ඔහුට පුලුවන් වේවිද සාමාන්‍ය ජීවිතයකට පැමිනෙන්න කියන දේ තමයි අපිට ඉවසීමෙන් බලා සිටින්න වෙන්නෙ..ඉතින් අපි බලමු , ඒ වගේම අපේ ජීවිතවලටත් යමක් එකතු කරගනිමු.. එහෙනම් මේ විදියට පටන් ගමු කතාංගයන් පහක් තරම් වූ කුඩා කාලයක් උනත් ඒ චාරිකාවත්…..

අද කතා කොටසින්…..
දුරකතනයේ නාදය දෝංකාර දෙත්දී පැට්‍රික් පැමින රිසිවරය අතට ගෙන අනික් පසින් ඇසෙන කටහඩට සවන් දෙන්න පටන් ගත්තා..ඒ නිකොලස් නම් වූ පුද්ගලයෙක්..ඔහු ගෙන ආවේ නම් සාමාන්‍යයෙන් බැලුවම කණගාටුදායක පුවතක් උනත් පැට්‍රික්ට නම් ඒ පුවත ගොඩක් ප්‍රබෝදමත් එකක්..මතකද පැට්‍රික් කිවුවා ඔහුගෙ ජීවිතේ සැබෑවටම සතුටු වෙන හේතු දෙකක් තියෙයි කියලා..එයින් එක් අවස්තාවක්ද මේ උදා වෙලා තියෙන්නෙ..කොහොම නමුත් කණගාටුවෙන්ම ආරම්බ උනා පලවෙනි කතා කොටසත්..ඉතින් පැට්‍රික්ට සිදුවෙනවා නිවුයෝක් බලා යාමට..ඒ ගියත් ඔහුට මත්ද්‍රව්‍ය වල අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන් ගන්නවා..අතුරු ආබාධ සෑම තත්පරයකම ඔහු තුලින් ඉස්මතුවන නිසා දකින ඔිනම කෙනෙකුට සිතෙන්නෙ මේ මොන ජවුසමක්ද මේ..ඇත්ත ඉතින් ඒ මිනිස්සුත් වැරදි නෑ,..කොහොමින් කොහොම හරි පැට්‍රික් තමන් පැමිනි කර්තව්‍ය ඉටු කරගන්නවා. නමුත් ඔහුගේ කෝපයේනම් නිමාවක් නෑ..මේ හැමදේටම පිලිතුර ඔහුට හැමවෙලේම මත්ද්‍රව්‍ය හෝ යුවතියක් උනා..මේ අතර ඔහුගේ පෙම්වතියන්ගෙ අරගලයත් පියාගේ සන්සදයන්ගේ ගැටලුකාරී වාතාවරනයත් මේ කොටසින් දැකගන්න හැකියාව ලැබෙනවා..කොහොමින් කොහොම හරි අසාර්ථකත්වයටම මුල් තැනක් දුන් පලමු කොටස එතරම් සුබවාදී අදහස්නම් ගෙන එන්නෙ නෑ..මේ දස් කීපය ඉවර වෙද්දි පැට්‍රික් තීරනය කරනවා තව දුරටත් මේ කරුම ජීවිතේ නොගෙවා මතට තිත තියන්න. නිවුයෝක් ගමනින් උනු එකම සෙතේ ඔහුගේ සිතේ පැන නැගු මේ ආලෝකමත් අදහස විතරමයි… ඉතින් කියන්න ඔින මේ කතා මාලවේ සෑම කතාංගයකම පැට්‍රික්ගෙ කුඩා දිවියේ ෆ්ලැෂ්බැක්ස් වගේම කාල පැන්නීමුත් බොහෝමයක් තියෙන බැවින් අවධානයෙන් බලන්න කියලා දයාබර ඔබ සැමටම..හොදයි , මේ ආකාරයට ආරම්බය සනිටුහන් කල පලමු කොටසේ හැදින්වීම මෙසේ නිම කරන්නම්….තවද මේ කාරනාවත් මතක තියාගන්න..දුකෙන් සන්තාපයෙන් මිදීමට තිබෙන එකම මග සුරා සූදුවට ඇබ්බැහි වෙන එක නෙවෙයි.ඒකෙන් සිද්ද වෙන්නෙ තමන් පරිහානියට පත්වෙන අතරම තමන් වටේ සිටින පුද්ගලයින්ටත් දුකක් ඉතුරු කරනෙක පමනයි.ඒ නිසා මනස ශක්තිමත් කරගන්න..හැම විටම අද දවස ගෙවන්න උත්සහ කරන ගමන් අනාගතය සැලසුම් කරන්න ඒවා ක්‍රියාවට නන්වන්න..එවිට ඔබත් සතුටින් අපිත් සතුටින් හැමෝම සතුටින්..ස්තූතියි..ඔබ සැමට ජය !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,364 downloadsDownload Patrick.Melrose.S01E01.20181003858.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

2,364 downloadsDownload Subtitles39 KB

36 comments

  1. SadeepaT

    Supiri kathawaka arambayak wge.Benedict innnw nm aniwa balillak thama...Sub eka denawata thanks

    1. prageeth chamalka

      ඔවු අනිවා .. කතාවනම් ගොඩක්ම භාවාත්මක පැත්තර බරයි‍‍‌..ගොඩක් ලොකු පනිවිඩයක් සමාජෙට දෙන කතාවක්..ආයි ඉතින් සුපිරියක් තමයි..තැන්ක් යූ මිත්‍රයා ..ජය !!!

  2. Subhash13

    පට්ට චාමා

    1. prageeth chamalka

      අලාවියෝ...සුබා සහෝ , තැන්කිවු වේවා..ජය !!!

  3. Sulakshana Thilakarathna

    වේලි වේලි ඉද්දි සුපිරි කතාවක් ගෙනත්!!! බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!!

    1. prageeth chamalka

      දැන් ඉතිම් කොටස් පහක් පුරාවට තෙමෙමු මචෝ..තැන්ක්යු වේවා..ජය !!!

  4. Naveen199857

    ela

    1. prageeth chamalka

      TnQ සහෝ , ජය !!!

  5. Sherlock holmes

    Thanks bro

    1. prageeth chamalka

      anytime සහෝ , ජය !!!

  6. Denis Maneesha

    Thanks bro sub ekata

    1. prageeth chamalka

      anytime සහෝ...ජය !!!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. prageeth chamalka

      anytime සහෝ...අනිවා දිගටම අපි සමග රැදී ඉන්න..ජය !!!

  8. devinday

    Benedict innwa kiyanne aye katha dekak na fatta...Ty malli.....

    1. prageeth chamalka

      ඔවු ඇත්තටම සුපිරියක් මේක..බොහොම ස්තූතියි...ජය !!!

  9. OshankaNW

    එල එල නියමයි
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    ජයවේවා ....

    1. prageeth chamalka

      anytime සහෝ...බයිස්කෝප් එකත් එක්ක දිගටම රැදී සිටිනවාට කෘතඥ වෙනවා..ජය !!!

  10. Kulanjana Maduranga

    subata thanks...

    1. prageeth chamalka

      සහෝ බොහොම ස්තූතියි..අපිත් සමග හැමදාම ඉන්නවට ගොඩක්ම කෘතඥ වෙනවා..ජය !!

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    1. prageeth chamalka

      බුදු සරණයි ඔබටත් සහෝ..ජය !!

  12. බොබී

    මොකක්ද මේ කතාව? බලමුකෝ කොහොමද කියලා. ස්තූතියි සහෝ සබ් එකට.

    1. prageeth chamalka

      ටිකක් අමුතු නාට්‍යමය කතාවක්....බලන්න මේක . වෙනස්ම අත්දැකීමක් වේවි..ජය !!

  13. mindika

    Thanks !!!!!!!!!!!!!

    1. prageeth chamalka

      anytime .... ජය !!!

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක ආපු කාලෙම download කරා..සබ් දෙයි කියලනම් හිතුවේ නැ..
    සබ් එක්කම බලන්න පුළුවන් දැන්..

  16. kavinuweerakkody

    thnkq sho!!ehnm math onna blnna ptn gtta..
    jaya wewa!!

  17. Sulakshana

    Thank for sub

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. kasun@rko

    Thanks bro

  21. Hiranhiru

    රහස් පරීක්ෂක කතා වලට ආස නිසා ගත්තා බලන්න.
    උපසිරැසි වෙනුවෙන් ස්තුතියි ගොඩක්.
    තෙරුවන් සරණයි...!

  22. Yashodha1995

    ස්තූතියි මචන්

  23. Anonymous

    Umbrella acedemy s3 dennekooooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.